theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සිසේරියන් සැත්කම පිලිබඳව ඔබ දැනුවත් ද ?

4 අවම කියවීම
සිසේරියන් සැත්කම පිලිබඳව ඔබ දැනුවත් ද ?සිසේරියන් සැත්කම පිලිබඳව ඔබ දැනුවත් ද ?

ඔබ සීසේරියන් සැත්කම ගැන දැනුවත්ව සිටීම වැදගත්

මේ සිසේරියන් සැත්කම ගැන නාරි හා ප්‍රසව වෛද්‍ය  සමන් ‌හේවා මහතා විසිිිින් රචිත ලිපියකි.  ඔබගේ දැනුම ඉහල නැංවීමේ අරමුනින් අප එම ලිපිය ඔබ වෙත ගෙන එනු ලබනවා.

ඔබ සමහර විට සැලසුම් කරන ලද සීසේරියන් සැත්කමකට මුහුණ දෙන්න හිතනවා වෙන්න පුළුවන්.

නැතිනම් ඔබට යම් හේතුවක්  නිසා හදිසි සීසේරියන් සැත්කමකට මුහුණ දෙන්න සිදුවෙන්නත් පුළුවන්.

ඒ නිසා ඔබ ඒ සම්බන්ධව දැනුවත්ව සිටීම වටිනවා.

ආරම්භයේදීම කියන්නට ඕන නූගත් ඉතා ආත්මාර්ථකාමී සුලු පිරිසක් මේ සිසේරියන් සැත්කම මගින් දරුවන් බිහිකරන මවුවරුන් විවේචනයට ලක් කරනවා.

ඒ අයට කියන්නට ඕන තම කුස තුල දසමසක් දරාගෙන දරුවෙක් බිහිකරන මවක් ඒ දරුවා බිහිකරන ක්‍රමය අනුව ඇයගේ මවු සෙනෙහස බිදක් අඩු වෙන්නේ නැහැ.

බොහෝ අවස්තාවලදී මවගේ හා දරුවාගේ යහපත වෙනුවෙන් මේ සැත්කම නිර්දේශ කරනවා.

දරුවෙකු මේ ලොවට බිහිකිරීමට මවක් දරනා දුක වේදනාව වෙහෙස දන්නවානම් කවදාටවත් කිසිවෙක් මවකට නින්දා කරන්නෙ නැහැ.

අපි සියළු දෙනා පිරිසිදු හදවතින් පතමු .

පෙරුම් පුරා තම කුස තුලින් දරුවෙක් බිහිකර මවුපදවිය ලබනා සියළු අම්මා වරුන් මතු බුදුවේවා !

දෙනෙක් අද දරුවකු මෙලොව එලිය දකිනා ස්වාභාවික ක්‍රමය සාමාන්‍ය ප්‍රසූතියයි. නමුත් සමහර අම්මලාට ස්වාභාවික දරු ප්‍රසූතිය පිලිබඳව ගැටලුවක් ඇතිවිට මේ සිසේරියන් සැත්කම නිරිදේශ කිරිම සම්ප්‍රදායයි.

දැනට ලංකාවේ උපදින දරුවන්ගෙන් 3 / 1 ක් බිහිවන්නේ මේ ක්‍රමය තුලින්.

ඒ සදහා පහසුකම් අද බොහෝ රෝහල් වල තිබෙන අතර මේ සැත්කම සදහා ගතවන කාලය පැයකටත් වඩා අඩු කාලයකි.

සිසේරියන් සැත්කම නිතරම සිදුවන නමුත් මෙයින් විවිධ සංකූලතාවයන් ඇතිවෙන්න පුළුවන්.

මේ නිසා මේ සැත්කම නිර්දේශ කරන්නේ සාමාන්‍ය දරු ප්‍රසූතියකට සුදුසු නොවන අවස්තාවකදී පමනයි.

මේ සැත්කම සිදුකරන ප්‍රධාණ ආකාර දෙක පිලිබඳව සොයා බලමු.

සිසේරියන් සැත්කම පිලිබඳව ඔබ දැනුවත් ද ?

සැලසුම් කල සිසේරියන් සැත්කම ගැන

මෙහිදී සිසේරියන් සැත්කම කලයුතු බව වෛද්‍යවරු කලින්ම හදුනාගෙන සුදුසු දිනයදී සැත්කම සදහා සූදානම් කරනවා.

හදිසි සීසේරියන් සැත්කම 

අවදානම් දරු උපත්

සාමාන්‍ය ලෙස දරු ප්‍රසූතියකට හෝ ඉදිරි දිනයක සිසේරියන් සැත්කම සැලසුම් කල මවක් ඊට සූදානම් වන කාලය ඇතුලත යම් සංකූලතාවයක් ඇතිවුවහොත් හදිසියේ මේ සැත්කම කිරීමට සිදුවෙනවා.

එවැනි අවස්තාවකදී සංකූලතාවයෙන් මවට දරුවාට වන හානිය අවම කර දෙදෙනාගේම යහපත වෙනුවෙන් මේ සැත්කම සදහා භාජනය කරන්න පුළුවන්.

බොහෝවිට මෙම සැත්කම කරන්නේ මව පියවි සිහියෙන් සිටියදී. නමුත් ඔබ එයට බියයුතු නැහැ මන්ද එයින් ඔබට වේදනාවක් දැනෙන්නේ නැහැ.

ශල්‍යකර්මයට පෙර ඇයගේ කොදුඇට පෙලට නික්ශේපනය කරන ඖෂධයක් මගින් නාභියෙන් පහල කොටස හිරිවැටීමකට ලක් වෙනවා.

ඉන් පසුවයි සැත්කම කරන්නේ.

ශල්‍යකර්මයකට පෙර මුත්‍රා ඉවත් කිරීමට බටයක් දැමීම හා යටිබඩ ප්‍රදේශයේ රෝම ඉවත් කිරීම සිදුකරනවා.

ඉන් පසු මවගේ උදරය මතුපිටින් පිරිසිදු කර ජීවානුහරිත රෙදිවලින් වසනවා.

ඉන් පසු උදරයේ පහලින් හරස් අතට 10cm පමන කැපුමක් සිදුකරනවා. මෙය bikini line Insision යනුවෙන් හදුන්වන අතර එම කැපුම යොදන්නේ උදරයේ පහලම කොටසේ යට ඇදුමකට වැසෙන ප්‍රදේශයෙනි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ඉන්පසු සමට යටින් ඇති ස්තරයන් විච්චේදනය කටමින් උදර කුහරය තුලට ඇතුල් වෙනවා.

ගර්භාෂයේ පහල කොටසේ තවත් තිරස් කැපුමක් යොදා දරුවා සිටින ස්තාන විවෘත කිරීම ඉන් පසුවයි සිදූ කරන්නේ.

වෛද්‍යවරයා විසින් ප්‍රවේසමෙන් දරුවා එලියට ගැනීමෙන් පසුව පෙකනි වැල කැපීම සිදු කරනවා.

ඒ අවස්ථාවේදීම මවට දරුවා දැකගන්න පුළුවන්. ශල්‍යකර්මය අවසන් කිරීමට පෙරම දරුවාට මවුකිරි දීම ආරම්භ කරන්න පුළුවන්.

ඉන් පසුව වැදෑමහ ඉවත්කර ගර්භාෂය පිරිසිදු කිරීම සිදු කරනවා.
ඉන් පසුවයි කැපූ ස්තර තීබූ ලෙසම මැසීම කරන්නේ.

මෙහිදී ගර්භාෂය , උදර බිත්තියේ හා සමේ මැසීම් කිහිපයක් කිරීම සිදුවෙනවා.

ශල්‍යකර්මයට පසු රුධිර වහනය වීමක් තිබේද යන්න පරීක්ෂා කරනවා.ඉන් පසු මවත් දරුවාත් දෙදෙනාම ශල්‍යාගාරයෙන් ඉවතට ගෙන එනවා.

සිසේරියන් සැත්කම පිලිබඳව ඔබ දැනුවත් ද ?

සැ: යු . මේ අවස්තාවේදී දරුවාගේ පියා තම ආදරනීය බිරිඳ හා දරුවා දැකගන්න පැමිනීම මවගේ සිත තුල ඇති සතුට වැඩිකර ඇගේ මානසිකත්වය ඉහල දැමීමට පිටිවහලක් වේවි.

දෙපා වල හිරිගතිය පහව යාමට පැය 4ක් පමන ගතවෙන්න පුළුවන්.

ඉන් පසුව ශල්‍යකර්මයේ වේදනාව දැනෙන්නට පුළුවන් නිසා වේදනා නාශකයක් ගැනීම අනිවාර්යයෙන් කරන්න.

කෑම ගන්න මවුකිරි දෙන්න වගේ දේ එවිට මවට තනිවම කරන්න පුළුවන්.

ශල්‍යකර්මයකට පැය 12කට පසුව මුත්‍රා බට ඉවත් කරන අතර බොහෝවිට නික්ෂේපන ඖෂධ අවශ්‍ය වන්නෙ නැහැ.

දෙවන දිනය වනවිට ඇදෙන් බැස තරමක් දුරට ඇවිදීමට බොහෝ මවුවරුන් හට පුළුවන්.

වේදනා නාශකය නිසිලෙස ගැනීම වගේම මවුකිරි දීම මේ කාලයේදී අවධානයෙන් කලයුතු දෙයක්.

සංකූලතාවයක් ඇති නොවුනොත් මවට දින 3ත් 5ත් අතර කාලයේදී රෝහලෙන් බැහැරවීම පුළුවන්.

ශල්‍යකර්මයට බොහෝවිට යොදන්නේ දියවීයන මැහුම්. එවිට මැහුම් ඉවත් කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ.

නමුත් දිය නොවන මැහුම් යොදා ඇතිනම් ශල්‍යකර්මයට දින 5කට පසුව ඉවත්කර ගන්න.

සාමාන්‍යයෙන් එදිනෙදා කටයුතු වල නිරතවීම ඉන් පසුව කරන්න පුළුවන් නමුත් සති දෙකක් යනතෙක් බර එසවීම වැනිදේ නොකල යුතු අතර ස්වාමිපුරුෂයා මේ කාලය සදහා මුහුණ දීමට පෙර සිටම සූදානම් වී සිටීමට වග බලාගන්න.

කිසිම විටක මවගේ සිත රිදවීම ඇයට බැනවැදීම පහරදීම නොකලයුතුයි. ඇයට මවක් ලෙස ගරුත්වය ලබාදීමට කාරුණික වන්න.

සුරාවෙන් මත් වී දරුවාගේ ප්‍රීතිය සමරා ඔබේ යුතුකම් පැහැර හැරීම කිසිවිටෙකත් කරන්න එපා.

ඔබ දරුවගේ පියා බවත් මවගේ මේ කාලයේදී අවශ්‍ය නිදහස ආදරය නොඅඩුව ලබාදීම ඔබේ යුතුකමක් ලෙස සිතන්න.

සැ: යු : මාස 6 කට පසුව ඔබ නැවත ගැබ් ගැනීමට පුළුවන් නිසා මෙම කාලයේදී උපත් පාලන ක්‍රමයක් පිලිබඳව වෛද්‍යවරයකුගේ හො පවුල් සෞඛ්‍ය නිලධාරී තුමියගෙ උපදෙස් අනුව සැලකිලිමත් වන්න.

සිසේරියන් සැත්කම ගැන ඔබට අවශ්‍ය තරම් දැනුම ලැබෙන්න ඇතැයි අපි සිතනවා.

වෛද්‍යතුමන්ගේ මුල් සටහනට

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරු ප්‍රසූතිය
  • /
  • සිසේරියන් සැත්කම පිලිබඳව ඔබ දැනුවත් ද ?
බෙදාගන්න :
  • සීසේරියන් සැත්කමකට මුහුණ දුන් අම්මාට සාමාන්‍ය දරුඋපතක් සිදු කල මවක් කියන කථාව

    සීසේරියන් සැත්කමකට මුහුණ දුන් අම්මාට සාමාන්‍ය දරුඋපතක් සිදු කල මවක් කියන කථාව

  • සිසේරියන් සැත්කමේදී අලුත උපන් කිරි කැටියාට මැහුම් හයක් දාන්න සිදුවුන හැටි

    සිසේරියන් සැත්කමේදී අලුත උපන් කිරි කැටියාට මැහුම් හයක් දාන්න සිදුවුන හැටි

  • සීසේරියන් සැත්කමකට මුහුණ දුන් අම්මාට සාමාන්‍ය දරුඋපතක් සිදු කල මවක් කියන කථාව

    සීසේරියන් සැත්කමකට මුහුණ දුන් අම්මාට සාමාන්‍ය දරුඋපතක් සිදු කල මවක් කියන කථාව

  • සිසේරියන් සැත්කමේදී අලුත උපන් කිරි කැටියාට මැහුම් හයක් දාන්න සිදුවුන හැටි

    සිසේරියන් සැත්කමේදී අලුත උපන් කිරි කැටියාට මැහුම් හයක් දාන්න සිදුවුන හැටි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it