ගැබිණි මවකට රසම රස අච්චාරු වර්ග හතක්

ඔන්න ඔබේ කටට කෙල උනන්නයි යන්නේ.. ගැබිණි මවට රසට කන්න මේ අච්චාරු හදමුද?
ගැබිනි මවට කටට කෙළ වුනන රසම රසඅච්චාරුහතක් අරගෙනයි අද මං ආවේ.
මේවා ඉතාම පහසුවෙන් ගැබිනි මවටම හෝ ඇයගේ සැමියාට වුවත් හදන්න පුළුවන්. මේ සදහා අවශ්‍ය වන්නේද අප නිවසේ නිතර ගැවසෙන අමුද්‍රව්‍ය වීම නිසා සකස් කිරීම ඉතා පහසුයි.
ගැබිනි මවටඅච්චාරුහතක්
1.දිවුල්
අවශ්‍ය ද්‍රව්‍ය
1. භාගෙට ඉදුන දිවුල් ගෙඩියක්
2. ලුණු ටිකක්
3. සීනී ටිකක්
4. මිරිස් කුඩු
5. ගම්මිරිස් කුඩු ටිකක්
සාදන විදිය
• භාගෙට ඉදුන දිවුල් ගෙඩිය සූරා පීරිසියකට දමන්න.
• එයට ඔබ කැමති රස අනුව ලුණු, සීනී, මිරිස් කුඩු හා ගම්මිරිස් කුඩු එකතු කර හොදින් මිශ්‍ර කරන්න.

අච්චාරු
2. අඹ
අවශ්‍ය ද්‍රව්‍ය
1. භාගෙට පැසුනු අඹ ගෙඩියක්
2. ලුණු ටිකක්
3. සීනී ටිකක්
4. මිරිස් කුඩු
5. ගම්මිරිස් කුඩු ටිකක්
6. කෑලි මිරිස්
සාදන විදිය
• අඹ ගෙඩිය කෑලි කපා පීරිසියකට දමන්න.
• ඔබ කැමති රස අනුව ලුණු, මිරිස් කුඩු, කැලී මිරිස් හා ගම්මිරිස් කුඩු වංගෙඩියට දමා එය හොදින් කොටන්න.
• දැන් එම මිශ්‍රණයට අඹ කෑලිද යොද හොදින් කොටා ගන්න. දැන් එයට රස අනුව සිනී එකතු කරන්න
3. ඇඹරැල්ලා
අවශ්‍ය ද්‍රව්‍ය
1. භාගෙට පැසුනු ඇඹරැල්ලා ගෙඩි කිහිපයක්
2. ලුණු ටිකක්
3. සීනී ටිකක්
4. මිරිස් කුඩු
5. ගම්මිරිස් කුඩු ටිකක්
සාදන විදිය
• ඇඹරැල්ලා ගෙඩි ඉතා කුඩා කෑලි වලට කපා පීරිසියකට දමන්න.
• ඔබ කැමති රස අනුව ලුණු, මිරිස් කුඩු හා ගම්මිරිස් කුඩු එයට දමා හොදින් මිශ්‍ර කරන්න .
• දැන් එම මිශ්‍රණයට රස අනුව සිනීද එකතු කරන්න
4. වෙරළු අච්චාරු
අමු වෙරළු හා ඉදුණු වෙරළු දෙවර්ගයෙන්ම රසවත්අච්චාරුසදා ගත හැකිය.
අවශ්‍ය ද්‍රව්‍ය
1. ඉදුණු වෙරළු හෝ අමු වෙරළු
2. ලුණු ටිකක්
3. සීනී ටිකක්
4. මිරිස් කුඩු
5. ගම්මිරිස් කුඩු ටිකක්
6. කෑලි මිරිස්
සාදන විදිය
• ඉදුණු වෙරළු ගන්න හෝ ඔබ ගන්නේ අමු වෙරළු නම් හොදින් තම්බාගන්න .
• ඔබ කැමති රස අනුව ලුණු, මිරිස් කුඩු, කැලී මිරිස් හා ගම්මිරිස් කුඩු වංගෙඩියට දමා එය හොදින් කොටන්න.
• දැන් එම මිශ්‍රණයට වෙරළුද යොද හොදින් කොටා ගන්න. රස අනුව සිනීද එකතු කරන්න.
5. ලොවි අච්චාරු
අවශ්‍ය ද්‍රව්‍ය
1. ඉදුණු ලොවි
2. ලුණු ටිකක්
3. සීනී ටිකක්
4. මිරිස් කුඩු
5. ගම්මිරිස් කුඩු ටිකක්
සාදන විදිය
• ලොවි ටික සෝදා පීරිසියකට දමන්න.
• ඔබ කැමති රස අනුව ලුණු, මිරිස් කුඩු, කැලී මිරිස් හා ගම්මිරිස් කුඩු වංගෙඩියට දමා එය හොදින් කොටන්න.
• දැන් එම මිශ්‍රණයට ලොවිද යොද හොදින් කොටා ගන්න.එයට සිනී ටිකක් එකතු කර ගන්න.
6. පේර අච්චාරු
අවශ්‍ය ද්‍රව්‍ය
1. පැසුනු පේර ගෙඩියක්
2. ලුණු ටිකක්
3. සීනී ටිකක්
4. මිරිස් කුඩු
5. ගම්මිරිස් කුඩු ටිකක්
සාදන විදිය
• පැසුනු පේර ගෙඩිය කැබලි කපා පීරිසියකට දමන්න.
• එයට ඔබ කැමති රස අනුව ලුණු, සීනී, මිරිස් කුඩු හා ගම්මිරිස් කුඩු එකතු කර හොදින් මිශ්‍ර කරන්න.
7. ඇපල් අච්චාරු
අවශ්‍ය ද්‍රව්‍ය
1. කොළ පාට ඇඹුල් ඇපල් ගෙඩියක්
2. ලුණු ටිකක්
3. සීනී ටිකක්
4. ගම්මිරිස් කුඩු ටිකක්
සාදන විදිය
• ඇපල් ගෙඩිය පෙති කපා පීරිසියකට දමන්න.
• එයට ඔබ කැමති රස අනුව ලුණු, සීනී, හා ගම්මිරිස් කුඩු එකතු කර හොදින් මිශ්‍ර කරන්න.