theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කුරුලෑ කැළැල් නැතිකරගන්න ගෙදරදීම කළ හැකි ප්‍රතිකාර 7 ක්

3 අවම කියවීම
කුරුලෑ කැළැල් නැතිකරගන්න ගෙදරදීම කළ හැකි ප්‍රතිකාර 7 ක්කුරුලෑ කැළැල් නැතිකරගන්න ගෙදරදීම කළ හැකි ප්‍රතිකාර 7 ක්

සමහර කුරුලෑ ස්වාභාවිකවම සුව වුනත් ඒවායේ කැළැල් අවම කරගන්න නිවසේදීම කරගත හැකි මේ ප්‍රතිකාර try කරලා බලන්න.

මුලින්ම කුරුලෑ ඇතිවී ඒවා වල කුරුලෑ කැළැල් දකිනකොටත් කේන්තියක් එනවා. කුරුලෑ විවිධ වර්ග වලින් දකින්නට ලැබෙනවා. රතු පාටට, නැතිනම් ඉතා තද අසාදිත ආකාරයට, නැතිනම් ගැඹුරු ලෙස ඉඳිමුණු ආකාරයේ ගෙඩි, වෛද්‍ය මයුරි අග්‍රවාල් පවසනවා. ඇය මුම්බායි හි YAVANA Aesthetic Clinic හි වෛද්‍යවරියක්.

සමහර කුරුලෑ ස්වාභාවිකවම සුව වුනත් ඒවායේ කැළැල් අවම කරගන්න නිවසේදීම කරගත හැකි ප්‍රතිකාර තියෙනවා.

කුරුලෑ කැළැල් නැතිකරගන්න ගෙදරදීම කළ හැකි ප්‍රතිකාර 7 ක්

කුරුලෑ කැළැල් නැතිකරගන්න ගෙදරදීම කළ හැකි ප්‍රතිකාර 7 ක්

කුරුලෑ කැළැල් වලට උළුහාල්

උළුහාල් සමට සිනිඳු බවක් ලබාදෙනවා. මෙම ඇට වර්ගය කුරුලෑ ලප අඩු කිරීමට උපකාරී වෙනවා. ඒ වගේම හිරුගෙන් වන හානි වළකන්නත් සුදුසුයි. වෛද්‍ය රශ්මි ශෙට්ටි පවසනවා.

  • උළුහාල් තලපයක් ආකාරයට සාදාගෙන වතුර මිශ්‍ර කර පැල්ලම් වල ආලේප කරන්න. නැතිනම් ඇට තම්බා සාදාගත් තලපයක් ලෙස වුවත් මුහුණේ ආලේප කර වියළුනු පසු සෝදා හරින්න.
  • පෙර දින උළුහාල් ඇට පෙඟෙන්නට තබා එම වතුර පානය කරන්න. ඇතුලතින් ඔබව සිසිල් කරන්න එය ඉතා ගුණදායකයි. වෛද්‍ය ශෙට්ටි පවසනවා.

කුරුලෑ කැළැල් වලට පිපිඤ්ඤා

පිපිඤ්ඤා ඔබේ සම සිසිල් කරනවා වගේම A සහ C වලින් අනූනයි. ඒ නිසා සම පෝෂණය කරනවා. වෛද්‍ය අග්‍රවාල් පවසනවා. පිපිඤ්ඤා යුෂ කැළැල් හා පැල්ලම් වල කෙලින්ම ආලේප කර මිනිත්තු කිහිපයක් තබා සෝදා හරින්න.

රෝස වතුර

කුරුලෑ කැළැල් වලට රෝස වතුර

සම පැහැදිළි කරන්න වගේම නැවුම් බවක් ගෙන දෙන්න රෝස වතුර ඉතා හොඳයි. රෝස වතුර සම සුවපත් කරන්න ඉතාම හොඳයි වෛද්‍ය ශෙට්ටි පවසනවා. ඒ ස්වභාවික ටෝනර් වර්ගයක් වන අතර දවස පුරා වෙහෙසට පත්ව නිවසට එන ඔබේ සමට සෞම්‍ය හා නැවුම් බවක් ලබාගන්නත් රෝස වතුර ඉතා හොඳයි. මුහුණේ හා බෙල්ලේ ආලේප කර ටික වෙලාවක් සිටින්න.

කුරුලෑ

සුදු හඳුන්

සමේ කැළලි ලා වර්ණයට හරවන්න සුදු හඳුන් ඉතා සුදුසුයි. සුදු සඳුන් වලින් සාදාගත් තලපයක් මුහුණේ ආලේප කර වියළුනු පසු සෝදා හරින්න.

රෝස වතුර සමග සුදු හඳුන් මිශ්‍ර කර ආලේප කිරීමත් සමේ රෝග වලට ඉතාම සුදුසුයි. සම මතුපිට මෙම ලේපය ආලේප කර පසුදා උදෑසන සෝදා හරින්න. ඔබට පුදුම හිතෙන තරම් වෙනසක් දකින්න ලැබේවි. මෙම මිශ්‍රණය සමේ අරුණු සිදුරු තද කරන අතර සම සිසිල් කර කුරුලෑ නසනවා. වෛද්‍ය ශෙට්ටි පවසනවා. හැමදාමත් මනමාලියක් වගේ ලස්සනට ඉන්න මේ ලේපය ආලේප කර බලන්න. ඔබ හැමදාමත් මනමාලියක් වගේ හිඳීවි.

කෝමාරිකා

කෝමාරිකා වල සිසිල් ගුණය හා තෙතමනය රඳවන බව වෙහෙසකර සමට ප්‍රතිකර්මයන් කරනවා. සමේ රැළි ඇතිවීම වළකන අතර සමේ සිදුරු වසා දමනවා. කෝමාරිකා මදය ගෙන කෙලින්ම මුහුණේ තවරන්න.

අයිස් කියුබ්

අයිස් වලින් කරදරකාරී කුරුලෑ වලට සහනයක් ගන්න පුළුවන්. අයිස් කියුබ් සමට සුමුදු මෘදු සිසිලසක් ගෙනදෙනවා වගේම සමේ සිදුරු වසා සමේ එල්ලා වැටෙන ස්වභාවය අඩු කරනවා.

  • සෑම රාත්‍රියකම අයිස් කැබැල්ලක් මුහුණේ ආලේප කරන්න. අයිස් කැබැල්ල රෙදි කැබැල්ලක දවටා මුහුණේ තබන්න වෛද්‍ය අග්‍රවාල් කියනවා.
  • වඩාත් ඉහළ ප්‍රතිඵල ලබාගැනීමට රෝස වතුර අයිස් කියුබ් ලෙස සාදාගෙන සවසට මුහුණේ තබා ගැනීමෙන් ඉහළ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

ලෙමන් සහ පැණි

ලෙමන් යුෂ වල විටමින් E බහුල වන අතර ස්වභාවික ලෙස සම බ්ලිච් කර සමට හොඳ ආලෝකයක් ලබාදෙනවා වගේම කුරුලෑ ලප කැළැල් මකා දමනවා.

වියළී නැති කුරුලෑ වල ලෙමන් ඍජුවම ආලේප කිරීමෙන් වේදනාත්මක බව නැසිය හැකියි.

මේ අත්බෙහෙත් වලින් සුවයක් ලබන්න බැරි නම් සම පිළිබඳ විශේෂඥ වෛද්‍ය පිරිසකගෙන් උපදෙස් පතන්න.

ලස්සනට සතුටින් ඉන්න ඔබේ හොඳම මිතුරිය Asianparent Sri Lanka ඔබට හැමදාමත් උදවු කරන්න හුඟක් කැමතියි.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • රූපලාවන්‍ය
  • /
  • කුරුලෑ කැළැල් නැතිකරගන්න ගෙදරදීම කළ හැකි ප්‍රතිකාර 7 ක්
බෙදාගන්න :
  • කුරුලෑ කැළැල් වලින් මිදීමට නිවසේදීම කල හැකි අත්දුටු ප්‍රතිකාර පහක්

    කුරුලෑ කැළැල් වලින් මිදීමට නිවසේදීම කල හැකි අත්දුටු ප්‍රතිකාර පහක්

  • ගෙදරදී හදාගන්න පුළුවන් මේ පහසු අත්බෙහෙතින් කුරුලෑ වලට සමුදෙන්න ඔබට පුළුවන්

    ගෙදරදී හදාගන්න පුළුවන් මේ පහසු අත්බෙහෙතින් කුරුලෑ වලට සමුදෙන්න ඔබට පුළුවන්

  • කුරුලෑ කැළැල් වලින් මිදීමට නිවසේදීම කල හැකි අත්දුටු ප්‍රතිකාර පහක්

    කුරුලෑ කැළැල් වලින් මිදීමට නිවසේදීම කල හැකි අත්දුටු ප්‍රතිකාර පහක්

  • ගෙදරදී හදාගන්න පුළුවන් මේ පහසු අත්බෙහෙතින් කුරුලෑ වලට සමුදෙන්න ඔබට පුළුවන්

    ගෙදරදී හදාගන්න පුළුවන් මේ පහසු අත්බෙහෙතින් කුරුලෑ වලට සමුදෙන්න ඔබට පුළුවන්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it