සෑම පියෙකුම දැනගෙන සිටිය යුතු යැයි ළමා රෝග විශේෂඥයන් විශ්වාස කරන කාරණා 5 ක්

lead image

මෙම කාරණා 5 තාත්තා කෙනෙකුට පූර්ණ මාපිය මට්ටම කරා ළඟා වීමට වැදගත් බව විශේෂඥයන් සඳහන් කරනවා.

බොහෝ ළමා රෝග විශේෂඥයන් තාත්තා කෙනෙකුගේ හොඳ ගති දරුවෙකුගේ සෞක්‍යට හා සියලු දේවල් වලට විශාල බලපෑමක් ඇති කරන බවට එකඟ වෙනවා. ඔවුන් අම්මලාට ලොකු සහයක් දෙන අතර දෙමපිය පදවියේ වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.

ඇමරිකාවේ ළමා රෝග විශේෂඥ ඇකඩමිය මගින් දස වසරක් පුරා කරන ලද අධ්‍යනයක ප්‍රතිඵලයක් මගින් තාත්තා කෙනෙකුට පූර්ණ මාපිය තත්වයට ළඟා වෙන්න පුළුවන් කොහොමද යන්න පෙන්වා දෙනවා.

පියාගේ භූමිකාව සහ පිතෘත්වය යන ක්‍රියාවලිය වෙනස් කළ යුතු බව මස්සාචුසෙට්ස් රෝහලේ සායනික මනෝ වෛද්‍යවරියක වූ රේමන්ඩ් ලෙවි Los Angeles Times වෙත පවසා තිබුණා.

පසුගිය වසර දහය තුළ අඛණ්ඩව දකින්න ලැබුන සම්ප්‍රදායික භූමිකාව තමයි හුඟක් තාත්තලා ඔවුන්ගේ දරුවන් සමග ගෙදර ගත කිරීමට තෝරා ගැනීම.

මනෝව්‍යාධි විද්‍යාවට සහ සංවර්ධනය පිළිබඳ 2012 කෙරුණු අධ්‍යනයක් පිළිබඳ ජර්නලයක සහෝදරියන් දෙදෙනෙක් යොදාගෙන ගර්භණි සමයේ පියා සිටීම හා නොසිටීම අතර වෙනස පිළිබඳව අධ්‍යනය කර තිබෙනවා. පියා ළඟ නැති වීම ගර්භණි අවධියට බලපෑම් ඇති කිරීමට සමත් බව සමීක්ෂණයෙන් සොයා ගැනුණා.

වෙනත් අධ්‍යනයක් මගින් දරුවන්ගේ හැසිරීම හා මානසික ගැටළු පියවරුන් සමග සිටීමෙන් අඩු වෙන බව සොයාගෙන තිබෙනවා. මේ දරුවන් ඔවුන්ගේ නිදහස, බුද්ධිය, සහ ගැඹුරු සමාජ දැනුවත් කිරීමක් ප්‍රදර්ශනය කරනවා.

මෙම අධ්‍යනයේදී AAP සඳහන් කරන පරිදි තාත්තා නමට පමණක් සිටීමෙන් ඔහු දරුවන්ට පියෙක් නොවන බව පවසනවා.  ජීව විද්‍යාත්මක තාත්තා, හදාවඩා ගත් තාත්තා, සුළු පියා, සීයා වශයෙන් හැඳින්වෙන කෙනෙකුගෙන් හෝ පියාගේ සෙනෙහස ලැබෙනවා නම් එය දරුවෙකුට වැදගත් වෙනවා.

සෑම පියෙකුම දැනගෙන සිටිය යුතු යැයි ළමා රෝග විශේෂඥයන් විශ්වාස කරන කාරණා 5 ක්

හොඳ ආදර්ශයක් වෙන්න

දරුවන් තම පියවරුන් දිහා බලලා ඔවුන්ව අනුකරණය කිරීමට පෙළඹෙනවා. පියවරුන් ඔවුන් කරන කියන සුළු දේවල් වලින් පවා දරුවන්ට විශාල බලපෑමක් ඇති වේද යන්න ගැන අවධානයෙන් සිටිය යුතුයි. දරුවන්ගේ අධ්‍යාපනය හොඳින් වර්ධනය කිරීමටත් ඔවුන්ව දිරිමත් කිරීමටත් ඔවුන්ව හොඳ පුද්ගලයන් ලෙසා සකස් කිරීමටත් තාත්තා සම්බන්ධ විය යුතුයි.

ඔබේ දරුවන්ට කතා කරන්න

ඔවුන් සමග අදහස් බෙදා ගනිමින් කාලය ගත කිරීම ඔවුන් යහපත් පුරවැසියෙකු කිරීමට හොඳ ආයෝජනයක් වෙනවා. මේ මගින් ඔවුන්ගේ හැඟීම් වචනයෙන් ප්‍රකාශ කිරීම හා සන්නිවේදන හැකියාව වැඩිදියුණු වෙනවා.

මානසික සංවර්ධනය පිළිබඳ 2006 අධ්‍යනයක තොරතුරු සඳහන් කරන ජර්නලයක් මගින් සඳහන් කරන ආකාරයට දරුවාගේ භාෂා ප්‍රවීණතාවය ඔවුන්ගේ පියවරුන්ගේ වාග් මාලාව නිසා ඉක්මනින් වර්ධනය වී තිබෙන බව සොයාගෙන තිබනවා.

හොඳ සෞක්‍යයෙන් ඉන්න

හොඳ සෞක්‍යයෙන් හා සතුටින් ඉන්න තාත්තා කෙනෙකුට නිරෝගී හා සතුටින් ඉන්න දරුවෙක් දායාද කරන්න පුළුවන්. ඒ සඳහා ඔබ අනිවාර්යයෙන්ම ලබාගත යුතු එන්නත් සහ ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබා ගත යුතු අතර නිවැරදි ආහාර පුරුදු ඇති කර ගැනීමත් වැදගත්. ව්‍යායාම හා නිරන්තර පරීක්ෂණ කර ගැනීම පියවරුන්ට ඉතා වැදගත්. 

මානසික අවපීඩනය පිළිබඳ අවධානය

ඔවුන්ගේ ශරීර සෞක්‍ය ගැන පමණක් නෙමෙයි ඔවුන්ගේ මානසිකත්වය ගැනද පියවරුන් අවධානය යොමු කළ යුතුයි.

පසු ප්‍රසව විශාදය පියවරුන්ටත් ඇති විය හැකියි. නමුත් පියවරුන්ගෙන් මෙය වැඩිහිටි දරුවන්ට ඇතිවෙනවා. Archives of Pediatric and Adolescent Medicine මගින් කළ අධ්‍යනයකදී 20% ක් පමණ පියවරුන් මානසික අවපීඩනයෙන් පීඩා විඳින අතර එය ඔවුන්ගේ දරුවන්ට අවුරුදු 12 ක් පමණ වන විට ඇති විය හැකි බව සොයාගෙන තියෙනවා.

දරුවන් සමග සෙල්ලම් කරන්න

ඔබේ දරුවන් සමග කාලය, ශ්‍රමය වැය කරමින් ඔවුන් සමග විනෝදයෙන් සෙල්ලම් කිරීම අනාගතයට විශාල ආයෝජනයක් වෙනවා. තාත්තලාත් සමග සෙල්ලම් කිරීම නිසා ඔවුන්ට ත්‍රාසයජනක බවත්, ගවේෂණාත්මක බව ඉහළ යාමත්, කුතුහලය හා නිදහසත් දැනෙනවා.

වචනයට පමණක් තාත්තා කෙනෙකු නොවී ඔබේ දරුවන්ට සැබෑම පියෙකු වීමට ඔබව දැනුවත් කිරීමට ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka මේ අදහස් ඔබට ගෙන ආවා.

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ