theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අලුත් අම්මෙකුගේ ජීවිතයට දෙදරු මවකගෙන් අත්දැකීම් පිරි උපදෙස් ටිකක්.

2 අවම කියවීම
අලුත් අම්මෙකුගේ ජීවිතයට දෙදරු මවකගෙන්  අත්දැකීම් පිරි උපදෙස් ටිකක්.අලුත් අම්මෙකුගේ ජීවිතයට දෙදරු මවකගෙන්  අත්දැකීම් පිරි උපදෙස් ටිකක්.

ඉස්සර වගේ වෙලාවට කෑම කන්න හුඟක් වෙලා ගන්න ඔබට වෙලාව නැතිවෙලා. යමක් කරන්න ගියහම එතකොටම පුංචි පැටියා ඇහැරිලා අඬන්න ගන්නවා. මේ ලිපිය කියවන වෙලාවෙදිත් ඔබට වැඩ කන්දක් තිබෙන්නට පුළුවන්...

අලුත් අම්මා, දැන් ඉස්සර වගේ වෙලාවට කෑම කන්න හුඟක් වෙලා ගන්න ඔබට වෙලාව නැතිවෙලා. යමක් කරන්න ගියහම  එතකොටම පුංචි පැටියා ඇහැරිලා අඬන්න ගන්නවා.

මේ ලිපිය කියවන වෙලාවෙදිත් ඔබට වැඩ කන්දක් තිබෙන්නට පුළුවන්. උදේ පාන්දර වුනත් දැනටමත් දවසම විඩාබර වෙලා. නිදි වරාගෙන පැටියට කිරි දෙමින්, නැපි මාරු කරමින් කාලය ගෙවනවා. පැය 8 ක නින්ද දැන් ඔබට හීනයක් වගේ. නිදහසේ තේ කෝප්පයක් බොන්න, කෑම වේලක් කන්න දැන් හිතන එකත් හීනයක් වගෙයි.

babys foreskin

මේ වගේ වෙලාවකට හොඳම යාළුවෙකුට මේක කියලා හිත සනසවගන්න හිතුනත් ඇය තවමත් මවක් නොවන නිසා ඇයට ඔබේ සිතුවිලි නොතේරෙතැයි සිතෙන්න පුළුවන්. අනෙක් අතට යහළුවෙකුට දුරකථන ඇමතුමක් දීමට පවා කාලය වෙන් කරගැනීම ඔබට දැන් එතරම් පහසු නැහැ.

මගේ පැටියා පැය දෙකක් එක දිගට කවදා නිදාගනිවිද? මගේ ඇඟ ඉස්සර වගේ ලස්සනට ආයේ කවදා දකින්න ලැබේවිද? ඔබේ පියයුරු දැන් ඉස්සර වගේ නෙමෙයි. ඒවා හරියට ඔබේ නෙමෙයි වගේ. මට කියලා කාලයක් මටත් මගේ සැමියාටත් වෙන්වුණ කාලයක් ආයෙත් ලැබේවිද?

මගේ පැටියා මට මේ ලෝකෙටම වඩා වටිනවා වුණත් මම මේ හැමදේම කර ගන්නේ කොහොමද?

අලුත් අම්මා, ඔබව මට වැටහෙනවා. මොකද ඔබේ යන කාලය ඔබ වගේම පහුකළ නිසා. හුඟක් වෙලාවට ෆේස්බුක් නිසා යහළුවන් හරිම සුන්දර ලෝකයක් මවා පාමින් පින්තූර පළකරන කොට ඔබ කළබල වෙන්න පුළුවන්.

අලුත් අම්මෙකුගේ ජීවිතයට දෙදරු මවකගෙන්  අත්දැකීම් පිරි උපදෙස් ටිකක්.

නමුත් ඇයත් ඔබ වගේම අමාරු කාලයක් පහු කරන කෙනෙක් බවට එයට සාක්ෂියක් වන්නට පුළුවන්. ඇය පෙලෙන දුක්ඛිත කොටස මකා දමා ඇය ලෝකයට සතුට පෙන්වන්න පුළුවන්. දරුවා ටික ටික වැඩි කාලයක් නිදියන්නට ක්‍රමයෙන් හුරුවෙනකොට ඔබට දැනෙන පීඩනය අඩුවෙනවා.

දවසක දරුවා අවදිව සිටින කාලය අඩුවෙනවා. එවිට ඔබට ටිකෙන් ටික යහළුවන් සමග කතා කරන්න පුංචි ඉඩක් ලැබෙනවා.

ඒ කියලා ඔබේ පැටියට ඔබ අමතක වෙන්නේ නැහැ. නැවතත් ඔබට ඔබේ පුරුදු පෙනුම ලබාගන්න පුළුවන්. වෙනස් අත්දැකීමක් වුනත් හැමදේම පරණ තත්වයට අරගන්න අමාරු නැහැ. ඔබට එදා ගෙවූ කාලය මතකයට නැගෙන්න පුළුවන්.

අලුත් අම්මෙකුගේ ජීවිතයට දෙදරු මවකගෙන්  අත්දැකීම් පිරි උපදෙස් ටිකක්.

පුංචි පැටියා ඔබේ තනපුඩුවෙන් කිරි උරා බොන කොට හැම දුකක්ම නැති වෙලා යනවා. දරුවා පෙර පාසල් යන වයස එන විට ඔබට ටික ටික නිදහස ලැබෙනවා.

දරුවාගේ ජීවිතේ හැම කාලයක්ම අසමසමයි. ඔබ ඒ කාලය සමග ගණදෙනු කරන්න ඉවසීම පුරුදු විය යුතු වෙනවා. කළකිරීම්, තරහව, අනුකම්පාව ඔබටත් ඉගෙන ගන්න ලැබෙනවා.

දෙමාපිය පදවිය සමග ඔබට ජීවිතයේ මුහුකුරා යන්න පාඩම් උගන්වනවා. මව් පදවිය ඔබට ඉවසීම, කරුණාව කියා දෙනවා. අපිට අසීමිත ආදරය කියා දෙනවා. මේ දේවල් ඉගෙන ගනිමින් ජීවිතයට සතුට ළංවෙනවා. ඉන් ඔබට ජීවිතයේ සතුට සැනසීම ලැබෙන බව සහතිකයි.

මේ, දරුවන් දෙදෙනෙකුගේ ජීවිතයෙන් අත්දැකීම් පුරවා ගන්නා ඔබ වගේම අම්මා කෙනෙක්.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • අලුත් අම්මෙකුගේ ජීවිතයට දෙදරු මවකගෙන් අත්දැකීම් පිරි උපදෙස් ටිකක්.
බෙදාගන්න :
  • A tribute to my Mum-in-law: Happy Mother’s Day!

    A tribute to my Mum-in-law: Happy Mother’s Day!

  • අලුත් අම්මාට තෑගි දෙන්න සුවිශේෂී අදහස් 6ක්

    අලුත් අම්මාට තෑගි දෙන්න සුවිශේෂී අදහස් 6ක්

  • A tribute to my Mum-in-law: Happy Mother’s Day!

    A tribute to my Mum-in-law: Happy Mother’s Day!

  • අලුත් අම්මාට තෑගි දෙන්න සුවිශේෂී අදහස් 6ක්

    අලුත් අම්මාට තෑගි දෙන්න සුවිශේෂී අදහස් 6ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it