විවාහයෙන් වෙන්වූ සැමියෙකුගෙන් විවාහක සැමියන්ට ලස්සන ඔවදන් කිහිපයක්

විවාහයෙන් වෙන්වූ පිරිමියෙකුගෙන් මොනවා දැනගන්නද? හුඟක් අය හිතන්න පුළුවන්. නමුත් මේ ලිපිය කියවූ පසු ඔබට එය වැරදි මතයක් බව සිතේවි.

ජෙරල්ඩ් රොජර් ඉතා කටුක දික්කසාදයකින් අත්දැකීම් ලද මනෝවිද්‍යා විශේෂඥයෙක්. වසර කිහිපයකට පෙර ඔහු ඔහුගේ අත්දැකීම් හා ඔහු උගත් දේ පළකර තිබුණා. ඔහුගේ අදහස් මගින් ඉතා වැදගත් අවවාද කිහිපයක් විවාහක සැමියන්ට ලබාගන්න පුළුවන්.

මං ආදරය කළ ගැහැණිය හා වසර 16ක මගේ යුගදිවිය නිමවී යන්නට පෙර මටත් මේ ඔවදන් දෙන්නට කෙනෙක් හිටියා නම් යැයි සිතෙනවා යැයි ඔහු පවසා තිබුණා.

ඔහුට ලැබුණා නම් හොඳ යැයි සිතුණු අවවාද මොනවද?

ඔබටත් මේ ඔවදන් ඔබේ විවාහ දිවිය නැවුම් කරගන්න උදවු වේදැයි බලන්න.

  1. විවතව අදහස් කියන්න බය වෙන්න එපා

ඔබට ඔබේ බිරිඳ හදපත්ලෙන්ම ආදරය කරනවා. නමුත් හදවතින් ඔබ හඬා වැටෙන විටත් ඔබ එය නොපෙන්වා හිඳිම නොකළ යුතුයි. රොජර් කියන්නේ හැමවිටම ඔබේ අදහස් ඇයට කියන්න පසුබට වෙන්න එපා කියලයි. මේ ක්‍රමය ඔබේ විවාහයට හොඳක් මිස නරකක් නොකරන බව ඔහු පවසනවා.

  1. සල්ලි ගැන නිතර වාද කරගන්න එපා

මේ ලෝකයේ මුදල් නැතිව ජීවත් වෙන්න බැහැ. සත්‍ය එය වුනත් මුදල් අඩුපාඩු ගැන නිතර බහින්බස් වීම හොඳ නැහැ. රොජර් කියන්නේ තම බිරිඳ සමග මේ අභියෝගය ජයගන්න එකට එක්වී වැඩකරන්න කියලයි. ඔබ දෙදෙනාගේම ශක්තීන් යොදාගෙන ජයග්‍රහණය කරා යන්න.

  1. එකට දියුණුව ලබාගන්න

දෙදෙනාට දෙදෙනා පොදු අරමුණක් මත එකට එක්වී වැඩකරන්න. එවිට අරමුණු කරා ළඟා වීම පහසුයි. සාර්ථකයි.

  1. පරණ මතක ළඟ තබා ගන්න එපා

ඔබ දෙදෙනාට දෙදෙනා තුළ ඇති විශ්වාසය වැදගත්. ඒ වෙනුවෙන් නිතර ඔබේ තොරතුරු සිතුවිලි ඇයට කියන්න. ඔබ ඇය කැමති දැයි හෝ අකමැති දැයි නොදන්නවා වුනත් ඇයට ඔබේ අදහස් විවර කිරීම වැදගත්. ඔබේ අඳුරු ජීවිතයේ පැතිකඩ ආලෝකමත් කරන්න ඇයට ඉඩක් දෙන්න.                       

  1. වෙනදා වගේ ආදරයෙන් ඉන්න

දැන් විවාහ වෙලා වසර 10 කට වඩා ගෙවී ගොස් දරුවන් ලැබී කාලය ගෙවී ගොස් ඇතත් තවමත් එදා මෙන් ඇයට ආදරය අවශ්‍යයි. එදා පළමුවෙන් දුටු දින වගේම ඇයට සැලකිල්ල, ආදරය දක්වන්න. ඔබේ වස්තුව ඇයයි. පුංචි දේවල් වලින් ඇයව ඔබට වටිනා බව පෙන්වන්න.

  1. හැමදාමත් ආදරය බෙදාගන්න. පුංචි පුංචි දේවල් කරන්න

ඔබ හැමදාම වෙනස් වෙනවා. විවාහ වු මුල් කාලයේ වගේ නෙමෙයි. දැන් ඔබ වෙනස් වෙලා. තවත් වසර 5 කින් එය තවත් වෙනස් වෙනවා. වෙනස්කම් සිදුවුනත් ඔබ ඇයට වෙනස්කම් නොකළ යුතුයි. වෙනස්කම් ඇතත් ඔබ නැවත වෙනස්වීම් ගැන හිතන්න. නැතිනම් ඇගේ හදවතින් ඔබ ඉක්මනින් ඈත්ව යාවි. ඇගේ හදවතේ වෙනත් කෙනෙකුට ඉඩක් ලැබෙන්න පුළුවන්. එදා වගේම හැමදාම ඇගේ හදවත දිනාගන්න කටයුතු කරන්න. 

  1. අවසාන වශයෙන් ආදරය තෝරා ගන්න

මේ පියවර ඔබට මැජික් එකක් වගේ දැනේවි. බිය වැද්දීම, තර්ජනය තුළින් යුගදිවියේ ආදරය සතුට රඳා පවතින්නේ නැහැ. හරි ආදරය තෝරා ගන්න.

දිගුකල් පරණ වෙන පුංචි වෙනසක් සමහර විට දික්කසාදයක් තරම් දුරදිග යාමට පෙර මේ කරුණු ගැන සිතා බලන්න theAsianparent Sri Lanka ඔබට කරන මතක් කිරීමක්.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ