theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන් දෙදෙනෙකු සිටින මවක ගෙන් අලුත් පියෙකුට විවෘත ලිපියක්

5 අවම කියවීම
දරුවන් දෙදෙනෙකු සිටින මවක ගෙන් අලුත් පියෙකුට විවෘත ලිපියක්දරුවන් දෙදෙනෙකු සිටින මවක ගෙන් අලුත් පියෙකුට විවෘත ලිපියක්

අලුත් පියවරුනි, ඔබේ ජීවිතය බෙදා ගන්නා ගොඩාක් වටිනා දෙදෙනෙකු සමග සමීප සම්බන්ධතාවය ඔබට කොතරම් දුරට ගලපාගත හැකි වේද?

අලුත් තාත්තාට උපදෙස් ඇතුලත් කර දෙදරු මවක් ඉදිරිපත් කල විවෘත ලිපිය මෙන්න,

අලුත් පියවරුනි, ඔබේ ජීවිතය බෙදා ගන්නා ගොඩාක් වටිනා දෙදෙනෙකු සමග සමීප සම්බන්ධතාවය ඔබට කොතරම් දුරට ගලපාගත හැකි වේද?

ඔබ කොතරම් දුරට ඔවුන්ගේ පුංචි ලෝකයට ගැලපේද?මේ විවෘත ලිපිය කියවන්න. එය විශේෂයෙන්ම ඔබටමයි.

අලුත් තාත්තාට උපදෙස්

අලුත් පිය පදවියෙන් පිදුම් ලැබු ඔබට,

පිය පුතු සෙනෙහස

පිය පදවියෙන් පිදුම් ලැබු ඔබට සුභ පැතුම්, පුංචි පැටියා දිහා බලාගෙන ඇතිවෙන විශ්මය ජනක හැගීම ඔබත් ඔබේ සහකරුත් නිර්මාණය කරන ලද පරිපුර්ණ ජීවිතය ගැන ඇතිවන්නක් නොවේද?

සති කිහිපයකට පෙර ඔබේ සියලු දෙය වුන ඔබේ බිරිද දැන් සම්පුර්ණයෙන්ම ඔබේ සුරතල් පොඩිත්තාට අයිතිවෙලා ( නැත්තම් ඒ වගේ පේනවා).

ඔබ හදවත පැලී යන තරම් ආඩම්බරයකින් ඇය දෙස බලන්න. ඇය මාතෘත්වයට කරුණාව  හා ඵලදායීතාව සමග පත් වෙනවා.

ඔබේ බිරිද මවක්  බවට පත් වෙලා.

විශ්මයේ මුලික අවධිය බොහෝ දුරට දැන් අවසන්,  දවස් කිහිපයක් ගතවන විට දරුවා වටා මතුවෙමින් ඇති සත්‍ය ජීවිතය නිසා ඔබ අතරමං වුවා සේ දැනෙන්නට පුලුවන්.

ඔබේ ජීවිතය බෙදා ගන්නා ගොඩාක් වටිනා දෙදෙනෙකු සමග සමීප සම්බන්ධතාවය ඔබට කොතරම් දුරට ගලපාගත හැකි වේද?

ඔබ කොතරම් දුරට ඔවුන්ගේ පුංචි ලෝකයට ගැලපේද?

ඔබගේ නව තත්වය ගැන හැගීමක් ඇති කරන හා ඔබගේ යහපැවැත්ම පවත්වා ගන්න.

නමුත් ඒ අතර ඔබේ සහකාරියට සහයක් දැක්වීමට ඔබට වැදගත් වන බව මම සිතෙන රහස් තුනක් දරුවන් දෙදෙනෙකුගේ මවක් වශයෙන් ඔබ හා බෙදා ගන්න මට අවශ්‍යයි.

1. අලුත් තාත්තාට උපදෙස් : පළමුවරට අත්දකින දරුවන් රැක ගැනීමේ ගැටලු විසදා ගැනීමට එක්ව කටයුතු කරන්න

ගර්භණිත්වය ,ප්‍රසුතිය හා මාතෘත්වය ඔබේ බිරිද අත්විදින ජීවිතය වෙනස්වන විශේෂ සංධිස්ථාන තුනක් වෙනවා.

ඇය සැමවිටම නොපෙන්නුවාට ඇයට ආඩම්බරයක් දැනීම සාමාන්‍යයි.

මට මේ දේ ලැබිලා තියෙනවා කියන හැගීම සමග සංසුන්ව ඔබ මෙහි අනෙක් පැත්තද  දැනගත යුතුය.

ඇය අනිවාර්යයෙන්ම අලුත් බබා සම්බන්ධ බොහෝ දේවල් වෙනුවෙන් කනස්සලු වේවි.

මේ අතරින් දැනට ඇති ප්‍රධාන ගැටලු වන්නේ මව්කිරි දීම, අලුත උපන් දරුවාගේ සෞඛ්‍ය හා යහපැවැත්ම වැනි දේවල් වේ.

( සත්‍ය ලෙසම පසුව මව්වරුන් මේ ගැන කණගාටුවට පත්වීම කවදාවත්ම නවත්වන්නේ නැහැ).

දරුවා මව්කිරි ලබාදීමට ඇය වෙත ගෙන යෑම, ඇයට කිරිදීමේ ගැටලු ඇත්නම් ඒ සම්බන්ධ වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීම මගින්  (මේ මගින් විශාල වෙනසක් සිදුවේවි).ඔබට  ඔබේ බිරිදට මව්කිරි දීමේ කාර්යයට උදව් කරන්න පුලුවන්.

ඊට පසුව ආරක්ෂාකාරි හැගීමක් ලෙස ඇය පිටිකිරි වලට මාරුවෙන්න තීරණය කලවිට එයටද  සහය දක්වන්න.

ඇය අලුත උපන් දරුවාගේ සෞඛ්‍ය හා යහපැවැත්ම ගැන කණගාටු වෙන බව පෙනෙනවා නම් ඒ ගැටලු එක්ව නිරාකරණය කරගන්න.

උදාහරණයක් ලෙස ඔබේ දරුවාගේ පෙකණියේ ආරක්ෂාව ගැන ඇය  කනස්සල්ලට පත් වෙනවා නම් මේ ගැන පරීක්ෂා කර වෛද්‍යවරයකු කැදවා එකතු කරගත් තොරතුරු ඇයට ඉදිරිපත් කරන්න.

මේ හැම දෙයක්ම ඇයගේ මනසට පහසුවක් වන අතර වැදගත්ම දේ වන්නේ ගැටලුවට විසදුමක් සොයා ගැනීමට උදව් කිරීමයි.

2. ඔබේ බිරිද ඔබේ දරුවා  වෙනුවෙන්  කරන දේ ඔබටත් කරන්න පුලුවන් ( ඔබට පියයුරු නැහැ තමයි. නමුත් ඒකට ක්‍රම තියෙනවා) 

දරුවන් දෙදෙනෙකු සිටින මවක ගෙන් අලුත් පියෙකුට විවෘත ලිපියක්

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

මේ වනවිට ඔබේ බිරිදගේ ලෝකය ඔබේ දරුවා වෙනවා. ඔබට ටිකක් ආගන්තුක බවක් දැනෙන බව මට තේරුම් ගන්න පුලුවන්.

ඒවගේම ඔබටත් ඔබේ බිරිද මෙන් ඔබේ පැටියාගේ ලෝකයට ඇතුල් වෙන්න පුලුවන් බව මට කියන්න ඉඩ දෙන්න.

ඒ වගේම ඔබේ දරුවාට ඔබේ බිරිද මෙන්ම ඔබගේ පැමිණීමද අවශ්‍ය වෙනවා.

ඔබට පියයුරු නැති නිසා ඔබේ දරුවාට මව්කිරි දෙන්න බැහැ. නමුත් ඔබේ බිරිද ඔබේ දරුවා වෙනුවෙන් කරන අනෙක් සෑම දෙයක්ම කරන්න පුලුවන්.

ඔබට ශක්තිමත් දෑතක් තිබෙන නිසා ඔබේ පැටියා නින්දට යනකම් නලවන්න පුලුවන්. ඔබේ බිරිදගේ කොන්ද අත ගාන්න පුලුවන්.

ඒ වගේම ඩයිපර් එක මාරු කරන්න. කිරි අඩුවීමට විසදුමක් සේ දෙන කිරි බෝතලය අල්ලා ගෙන සිටින්න.

ඔබගේ බිරිදට මව්කිරි ලබාදීම සදහා දරුවා ගෙන ගොස් දෙන්න. නැත්තම් දරුවා නාවන්න.

ඔබේ දරුවා ඔබේ  හඩ හදුනනවා. ඇය ඔබව හදුනනවා. ඒ නිසා ඇය ඔබේ අතේ සිටියදී සංසුන් වේවි.

එම නිසා ඔබට ඔබේ පුංචි දරුවා අඩනවා ඇසුන විට බලන්න.

දරුවා නලවා ගත නොහැකි වෙහෙසට ඔබේ බිරිද  දරුවා දීමට කෙනෙක් නොමැතිව හඩනවා විය හැකිය.

එසේ නම් වහා ඇතුලට ගොස් දරුවා ගන්න.

ඔබේ හඩට හා ස්පර්ශයට ඔබේ දරුවා කොතරම් ප්‍රතිචාර දක්වනවා දැයි ඔබට පුදුම හිතෙන්න පුලුවන්.

මේ දේවල් කිරීම තුලින් ඔබ හා දරුවා තුල ජීවිත කාලයම පවත්නා නොබිදිය හැකි සම්බන්ධයක් ගොඩනගනවා.

ඒ වගේම මේ තුලින් ඔබට පුදුම හිතෙන ආදර හැගීමක්  බලාපොරොත්තු ඉටුවීමක් දැනෙනවා.

3. ඔබ හා බිරිද අතර සජීවී සම්බන්ධතාවයක් පවත්වා ගන්න

කසාද බැඳීම

ගර්භණිත්වය හා මාතෘත්වය  කාන්තාවකගේ සිරුර අන්කිසිවකට සිදු කල නොහැකි තරම් වෙනස් කරනවා.

ඔබේ බිරිද එකවරම ඇගේ ආකර්ෂණීයත්වය හා පෙනුම ගැන සැක කරමින් සිටිනවා ඔබ දුටුවහොත් පුදුම වෙන්න එපා.

ඇය තමන් ගැනම ලතවෙන මේ කාලය ගෙවීමට උදව් කරන්න ඔබට පුලුවන්.

ඇය කොච්චර ලස්සනද යන්න ඔබ ඇයට කොතරම් ආදරේද යන්න ඇය කොතරම් ආකර්ෂණීයද යන්න  පැවසීම නවත්වන්න එපා.

ඔබට ඔබේ දරුවා සදහා විශ්වාසවත්ත රැකබලා ගන්නෙක් සොයා ගන්න පුලුවන් නම් ඔබත් ඔබේ බිරිදත් රාත්‍රී කෑම වේලට නිවසෙන් පිටට යන්න.

චිත්‍රපටයක් බලන්න යන්න. නැතිනම් එක්ව කෝපී කෝප්පයක් රසවිදින්න.

මේ මගින් ඔබේ සම්බන්ධතාවය තුල පුදුමයක් ඇති කරන්න පුලුවන්.

මේ වන විට ඔබේ දරුවා ඔබේ ජීවිතයෙන් විශාල අවකාශයක් අත්පත් කරගෙන ඇති.

බොහෝ දෙමාපියන්ට කාලෙන් කාලෙට  නව ජිවයක් අවශ්‍ය වෙන නිසා ඔබ දෙදෙනා වෙනුවෙන් කාලයක් වෙන් කර ගන්න ඔබට පුලුවන්.

දෙමාපියන් බවට පත්වීම ඔබේ බිරිදට මෙන්ම ඔබටත් කනස්සල්ලක් ඇති කරන්න පුලුවන් නිසා මේ හැම අතර ඔබ ඔබවත් බලාගන්න අමතක කරන්න එපා.

පියවරුන් වන ඔබගේ මිතුරන් වෙත ගොස් මොහොතක් ඔවුන් සමග කථා කරන්න.

නැතිනම් යම් දෙයක් ගැන වෙනත් පියෙක්ගේ අදහස් ලබා ගන්න.

මෙය මතක තබා ගන්න:  ඔබට මේ ලෝකයේ වැඩියෙන්ම වටිනා දෙදෙනා සමග ඔබ පුදුම හිතෙන අලුත් ත්‍රාසජනක ගමනක් යමින් සිටිනවා.

ඔබට දැනෙන්නත් පෙර මේ ගමනේ සෑම මොහොතකම සතුට විදගන්න.

දරුවාගේ ජීවිතයේ ඊලග දවස් වෙනුවෙන් ඉවසිල්ලක් නැති හොද පියෙක් වෙන්න ඔබට පුලුවන්.

නමුත් ඔබ දැන් ආදරයෙන් රැක බලා ගන්නා ඔබේ පුංචි පවුලත් එක්ක ගත කරන ප්‍රීතිමත් කාලය ලෝකයේ තිබෙන සියලුම රත්තරන් වලට මිලදී ගත නොහැකි වේවි.

අලුත් තාත්තාට උපදෙස් සදහා ඔබ ලග ඇති අදහස් මොනවාද? පහතින් සටහනක් යොදා අපටත් කියන්න.

පළමුවරට පියෙක් වෙනවා කියන්නේ හරි අපූරු අත්දැකීමක්, එම අත්දැකීමත් එක්ක ඉදිරි ගමන යන්න ඔබට මේ වටිනා උපදෙස් ගෙන ආවේ The Asianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

මුල් රචනය - Nalika Unantenne

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • දරුවන් දෙදෙනෙකු සිටින මවක ගෙන් අලුත් පියෙකුට විවෘත ලිපියක්
බෙදාගන්න :
  • සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

    සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

  • දරුවන් හදාවඩා ගැනීමේ කටයුතුවලදී පියවරුන් දායක වන්නේ කෙසේද?

    දරුවන් හදාවඩා ගැනීමේ කටයුතුවලදී පියවරුන් දායක වන්නේ කෙසේද?

  • සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

    සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

  • දරුවන් හදාවඩා ගැනීමේ කටයුතුවලදී පියවරුන් දායක වන්නේ කෙසේද?

    දරුවන් හදාවඩා ගැනීමේ කටයුතුවලදී පියවරුන් දායක වන්නේ කෙසේද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it