දරුවන් අතර තිබිය යුතු හොඳම වයස් පරතරයන් මොනවද?

දරුවන් අතර තිබිය යුතු හොඳම වයස් පරතරයන් මොනවද?

දැන් ඔබ තවත් දරුවෙකු ගැන සිතිය යුතු කාලයද? නැතිනම් තවත් අවුරුද්දක් විතර ඉන්නවද? ඔබේ පවුලට හොඳම මේ කොයි වයස් පරතරයන්ද කියලා කියා මෙම ලිපිය කියවා දැනගන්න.

දැන් ඔබ තවත් දරුවෙකු ගැන සිතිය යුතු කාලයද? නැතිනම් තවත් අවුරුද්දක් විතර ඉන්නවද? ඔබේ පවුලට හොඳම දරුවන් අතර වයස් පරතරයන් ගැන දැනගමු.

පවුලේ සාමාජිකයන් වැඩි කර ගත යුතුයි කියලා හිතුවට ඒක කොයි කාලේදී සිදුවිය යුතුද කියලත් හිතනවා නේද? තව ටික කාලයක් එක දරුවෙකුගේ වැඩ කටයුතු එක්ක ඉඳලා විවේකයක් අරගෙනම දෙවනියා ගැන හිතනවද? නැතිනම් එක දිගටම දරුවන් කිහිප දෙනෙක් හදනවද?

එවිට ඔවුන් එක විට එකම අදියරයන් පසු කරමින් වැඩෙනවා කියලා හිතනවද? මේ හැම පැත්තකම හොඳ නරක තියෙන්න පුළුවන්.

දරුවන් අතර තිබිය යුතු හොඳම වයස් පරතරයන් මොනවද?

දරුවන් අතර වයස් පරතරයන්: අවුරුදු 1-2 දක්වා වයස් පරතරය

හොඳ

  • සමීක්ෂණ වලට අනුව අවුරුදු 2 කට අඩු දරුවන් පවුලට අලුත් සාමාජිකයෙකු එකතු වීමට හොඳින් මුහුණ දෙනවා. මන්ද සමහර විටෙක ඔවුන්ට ඒ ගැන හොඳ වැටහීමක් නැති නිසා වෙන්න පුළුවන්.
  • මේ වයසේ දරුවන් සෙල්ලම් කිරීමට සම වයසේ දරුවන්ව සොයන්නේ නැහැ. ඔවුන්ට එකම යහළුවන් හා එකම සෙල්ලම් බඩු ප්‍රමාණවත්.
  • ළඟ ළඟ දරුවන් දෙදෙනෙකු ලැබීම හා අවශ්‍යතාවයන් කල්යත්ම සමාන වීම.
  • එකම වර බොහෝ අපහසුතාවන් දැනීම එකවර අවසන් වීම.

නරක

  • අලුත් බිලිඳා පවුලට එක්වන විට පළමු දරුවා ඔහුගේ රැය පුරා නිදන දරුවෙක් නොවෙයි නම් ඔබට ඊට පිළියමක් සොයාගන්න වෙනවා.
  • එක වයසේ ළඟ දරුවන් අතර රණ්ඩු වැඩිවෙනවා.
  • එකවර එකම වයසේ දරුවන් දෙදෙනෙකුට වියදම් එකම වීම ඔබේ ආර්ථිකයට දරන්නට අමාරු වෙන්න පුළුවන්.

සහෝදර ප්‍රේමය වර්ධනය කිරීම

දරුවන් අතර වයස් පරතරයන්: අවුරුදු 2-3 දක්වා වයස් පරතරය

හොඳ

  • දෙවැනි දරුවා උපදින විට පළවෙනියා හුඟක් ස්වාධීන වෙලා ඉවරයි.
  • ඔබ ප්‍රසුතිය, දරු උපත යන අවිවේකි අවස්ථාවන්ගෙන් තරමක් ඈත්ව නිදහසක් විඳින්න කාලයක් තියෙනවා.

නරක

  • ඔබේ දරුවන්ට එකට සෙල්ලම් කරන්න ඉඩ දෙන්න තවත් කාලයක් යනවා.
  • තවමත් පළවෙනියා අනාරක්ෂිත බවෙන් පෙළෙනවා නම් පළවෙනියව ඔහුට ළං කිරීමට අපහසුයි.
  • ළදරුවෙකුගේ හා බිළිදෙකුගේ අවශ්‍යතා පිරිමැසීම තරමක් වෙනස් නිසා ගැටළු සහගත වෙන්න පුළුවන්.

දරුවන් අතර තිබිය යුතු හොඳම වයස් පරතරයන් මොනවද?

දරුවන් අතර වයස් පරතරයන්: අවුරුදු 3 + වයස

හොඳ

  • මේ වයසේ ඔබට පළවෙනියා පෙරපාසල් යාම වැනි දේවල් අත්දකින්න අවස්ථාව ලැබෙනවා.
  • ඔබට දරුවාව විඳින්න ශක්තිය තියෙනවා.
  • දරුවන් අතර තරගකාරිත්වය අඩු කරනවා.
  • පළවෙනි දරුවා අලුතෙන් එයාට නංගියෙක් හරි මල්ලියෙක් හරි එනවා කියලා මග බලාගෙන ඉන්නවා. ඉතින් ඇයට මල්ලිව බලාගන්න අම්මට උදවු කරනත් පුළුවන්.

නරක

  • දරුවන් වර්ධන අවස්ථාවන් දෙකක හිඳගෙන දරුවන්ගේ උවමනාවන් ඉටු කිරිමට අපහසු වීම.
  • බොහෝ කාලයකට පසු නැවත ගර්භණි තත්වයට මුහුණදීමට අපහසු වීම.
  • ඔබ නැවතත් කාර්යාල කටයුතු අරඹා ඇත්නම් නැවතත් මවක් ලෙස පැවරෙන කටයුතු වලට නැවත හුරු පුරුදු වීමට සිදුවීම.
  • යහළුවන්ට ඉතා වැඩිමල් දරුවන් සිටීම නිසා ඔබේ සාමාජික මිතුරු මිතුරියන් සමග කාලය ගත කිරීමට නොහැකිවීම.

පවුලට ඊළඟ සාමාජිකයා එක්කර ගතයුතු හොඳම කාලය තීරණය කරන්න දැන් ඔබට පහසුවක් වේවි. ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka  ඔබට මේ කරුණු ගෙන ආවේ ඔබේ සිත තැවෙන හිතන ගැටළු අපි හොඳින්ම දන්නා නිසයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.
කතන්දර ලිපි