බොලිවුඩ් තරුව අයිෂ්වර්යා රායි ඇගේ මව හා ඇගේ සංවේදී දියණිය ගැන කතාකරයි

Share this article with other mums

"ආරධ්‍යාත් සංවේදී ගැහැණු ළමයෙක්. මට හිතෙන්නේ ඒක හුඟක් හොඳ ගුණයක්", ලොව ලස්සනම කාන්තාව ලෙස කිරුළ දිනූ අයිෂ්වර්යා රායි බච්චන් පවසනවා.

“ආරධ්‍යාත් සංවේදී ගැහැණු ළමයෙක්. මට හිතෙන්නේ ඒක හුඟක් හොඳ ගුණයක්”, ලොව ලස්සනම කාන්තාව ලෙස කිරුළ දිනූ අයිෂ්වර්යා රායි බච්චන් පවසනවා.

19914 දී Miss World කිරුළ දිනූ ඇය එය දිනාගත් මොහොතේ පටන් ඇගේ නිල් පැහැ හා කොළ පැහැය මුසු ඇස් වල කාන්තිය හා අසාමාන්‍ය රූ සොබාව නිසා ප්‍රේක්ෂකයින් වශී කළා.  ඒ රුව සමග ඇය සදාකාලිකව මිනිස් සිත් තුළ ලැගුම් ගත්තා කිව්වොත් නිවැරදියි.

ඉන් වසර 22 ක් ගෙවී ගියත් අයිෂ්වර්යා රායි බච්චන් නැවතත් ලොව ලස්සනම කාන්තාවට හිමි කිරුළ නැවත පළඳවා ගෙන හමාරයි. Jazbaa නම් සඟරාව මගින් අයිෂ්වර්යා හා ඇයගේ ආදරණීය අම්මා හා ඇගේ සංවේදී දියණිය ගැන බොහෝ ආකර්ෂණීය අදහස් කිහිපයක් දක්වා තිබුණා.

මගේ පැවැත්මේ රහස මගේ අම්මායි

අබු ජානි සහ සන්දීප් කොස්ලා ට හිමිවූ මේ අපූරු තෑග්ග අයිෂ් ඇගේ මවගෙන් ඇයට ලැබුණු ශක්තිය හා සුන්දරත්වය ගැන ආදරයෙන් කිව්වා.

ලස්සන කාලයත් සමගින් වෙනස් වෙන දෙයක්. මම මගේ ලැබීමට වඩා එහා ගිහින් ජීවිතය ළඟා කරගත්තා. මම නිරූපිකාවක්, නිළියක් නැත්නම් පදවියක් ලද කෙනෙක් ලෙස නිකම්ම හිටියේ නැහැ. මම මගේ රට ඉන්දියාව වෙනුවෙන් ලෝකයට මගේ රට රැගෙන ගියා.

ඇය දැන් ජීවිතයේ ලබා ඇති දේවල් ගැන බෙහෙවින් සතුටු වන බවත් ඇගේ දියණිය ගැන බෙහෙවින්ම සතුටු වන බවත් කියනවා. ඇයට හුඟක් ස්තූතියි. ඇය හුඟක් සතුටෙන් ඉන්න දරුවෙක්. ඇගේ මුහුණෙන් එය පේනවා.

මගේ මේ සියල්ල පිටුපස ඉන්න ශක්තිය මගේ අම්මා. ඇය අම්මා ගැන කියා සිටියා. ඇය මාව ඉතා මෘදු ලෙස නිර්මාණය කළා. මාව ඔපමට්ටම් කළා. මාව වැටුනහම නැගිට්ටුවා. මම ගැන විශ්වාස කළා. මගේ උපරිමය මා තුළින් ඉටු කරන්න කියා දුන්නා.

ඒ වගේම වයස 40 ක් වෙලත් ඇය මෙතරම් ලස්සනට තවමත් ඉන්නේ කොහොමද කියලත් ඇහුවා.

විශ්වාසයෙන් හිඳිම ගැන මම විශ්වාස කරනවා

සාකච්ඡාව අතරතුර ඇය කියා සිටියේ මම, මම ගන්න කෑම සතුටින් භුක්ති විඳිනවා වගේම මම හුඟක් තද ආහාර පාලනයකට යන්නේ නැහැ. හැමදාම එහෙමයි.

ඒ වගේම මේ දිදුලන ලස්සන ගැන ඇය කතා කළා. මම හිතන්නේ විශ්වාසය හා මා තුළ ඇති යමක් ඇත්නම් එය ඉස්මතු වෙන ලෙස සැරසීම එහි රහස කියලයි.

මගේ දුව සංවේදීයි

හැම ගැහැණු ළමයෙකුටම තිබිය යුතු මේ ගුණාංග මගේ දියණියටත් තිබීම ගැන ඇය හුඟක් සතුටු වෙන බව කිව්වා. මම හිතන්නේ ඒ ගුණය හරිම වැදගත්.

ඇගේ සාකච්ඡාව තුළදී අපි අපේ දියණියන් උස් මහත් කළයුතු ආකාරය ගැන අදහස් දක්වමින් ඇගේ දියණිය මෙන් ගෞරවණීය ලෙස ලොකු මහත් වෙන්න ඉඟි කිහිපයක් කියා සිටියා.

සංවේදී වන්නට අපේ දියණියන්ට කියාදෙන්න කාරණා 3 ක්.

  • අනුකම්පාව – ඔබ සංවේදී නම් විතරක් අනුකම්පාව උපදිනවා. වර්තමානයේ හැමදේම හරිම දරුණු පීඩාකාරී අත්දැකීම්. ඒ නිසා මේවා විඳවන අය ගැන ඔවුන්ගේ පැත්තෙන් හිතන්න අපි ඔවුන්ව පුරුදු කළයුතු යි.
  • සමාජය ගැන දැනුවත් බව – සංවේදී දරුවන් සමාජය ගැන දැනුවත්. මොකද ඔවුන් හැමතිස්සෙම ප්‍රශ්නය ඇති කෙනාගේ පැත්තෙන් බලන්න ඉගෙන ගන්නවා. මෙය අපි දරුවන්ට අවබෝධ කරගන්න ඉඩදිය යුතුයි.
  • අසාධාරණ විනිශ්චයන් දෙන්නේ නැහැ – සංවේදී දරුවන් නිරන්තර අවධානයෙන් ඉන්නවා. එහිදී ප්‍රශ්නයට මැදිහත්වී ඉන්න පුද්ගලයා දෙස නොව, ප්‍රශ්නය විනිශ්චය කරන්න ඔවුන් උත්සාහ කරනවා. මේ වර්තමාන ලෝකය තුළ ඔබ කැමති දේවල් නිසා ඔබේ පෞරුෂය නැතිවී යන්න පුළුවන්.

දරුවන් සංවේදී වීම ඔවුන්ටත් සමාජයටත් යහපතක් බව තවදුරටත් තහවුරු කරන්න Asianparent Sri Lanka මේ පණිවිඩය ගෙන ආවා.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

Bollywood celebs