theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අයිෂ්වර්යා රායි බච්චන් ඇගේ දියණියට ඝන ආහාර පුරුදු කළ හැටි

4 අවම කියවීම
අයිෂ්වර්යා රායි බච්චන් ඇගේ දියණියට ඝන ආහාර පුරුදු කළ හැටිඅයිෂ්වර්යා රායි බච්චන් ඇගේ දියණියට ඝන ආහාර පුරුදු කළ හැටි

මම නිතරම වෙනස් ආහාර පුරුදු කරන්න උත්සාහ කළා. ක්‍රමයෙන් ඇය වෙනස් රස වලට පුරුදු කළා... අයිෂ් ඇගේ විදිහ කිව්වා.

වසර පහකට පෙර ඇගේ මාමණ්ඩිය වන අමිතාබ් බච්චන් ඇය ගැබ්ගෙන ඇති බව මාධ්‍යට නිරාවරණය කළ දා පටන් ලෝකයම ඒ ගැන නොයිවසිල්ලෙන් හා සෙවිල්ලෙන් පසු වුණා.

හැමෝටම දැනගන්න ඕනේ වුණේ ගර්භණි සමය තුළ ඇය මොනවගේ අභියෝගයකට මුහුණ දුන්නද කියලයි. ඇය එය දරාගත් ආකාරය හා ඇය ඇගේ දරුවා හදාවඩා ගන්නට සැලසුම් කරන ආකාරය ගැනත් කවුරුත් උනන්දු වුණා.

වසර හතරක් ගෙවී යද්දී අපිට කියන්න පුළුවන් හුඟක් අම්මලා වගේ ඇය කෙතරම් සාර්ථක මවක් ලෙස ඇගේ මව් භූමිකාව ගෙන යනවද කියන එක. ඒ වගේම ලෝකයේ හුඟක් අම්මලාට ඇය ආදර්ශයට ගත හැකි චරිතයක්.

මවක ලෙස අයිෂ්වර්යා රායිගේ භූමිකාව  

ඇය අනිත් අම්මලා වගේම හරිම කාර්යබහුලයි. වැඩ වලින් අඩුවක් නම් නැහැ. ඇය ස්වාධීනයි. ඒ වගේම නිරන්තරයෙන් වැඩකරන අම්මා කෙනෙක්. වෙනසකට තියෙන්නේ අපිට වඩා ඇය රූපයෙන් හුඟක් ඉදිරියෙන් සිටීමයි. නමුත් සාමාන්‍ය දරුවෙකු හැදෙන වැඩෙන රටාවටම ඇය ඇගේ දරුවා ලොකු මහත් කරනවා.

"DNA සමග කළ සම්මුඛ පරීක්ෂණයකදී මට, මම ප්‍රාර්ථනා කළ විදිහේ අම්මා කෙනෙක් වෙන්න ලැබුණා. රැකියාවක් කරන අම්මා කෙනෙකුට මෙය හුඟක් අභියෝගාත්මකයි. හුඟක් වෙලාවට උදේට වැඩට යන කෙනෙකුට දවස පුරාම එයාගේ බබලාව දකින්න ලැබෙන්නේ නැහැ. ඒක එතරම් ලේසි නැහැ," ඇය කියනවා.

කිසිම අම්මා කෙනෙක් කැමති නැහැ තමන්ගේ දරුවාව දාලා රැකියාවට යන්න. නමුත් අයිෂ් කියන විදිහට ඇය සාමාන්‍ය දරුවෙකු ලෙස ආරධ්‍යාට හැදෙන්න අවශ්‍ය දේවල් ඇයට නිතර කියා දෙනවා.

සාමාන්‍ය දරුවෙකු ලෙස හැකි හැමවිටම ආරධ්‍යා ට වැඩෙන්න ඉඩ දෙනවා

කිසිම කෙනෙකුට තමන්ගේ දරුවාව ගෙදර දාලා රැකියාවට යන්න කැමැත්තක් නැහැ. මට හැකි හැමවිටම ඇයව මාත් එක්ක රැගෙන යන්නත් නැතිනම් ඉතාම සාමාන්‍ය දරුවෙකු ලෙස එයාට හැදෙන්න වැඩෙන්න ඉඩදෙන්නත් මම උපරිමයෙන් උත්සාහ කරනවා.

මේ සාමාන්‍ය හැදී වැඩිම පටන් ගන්නේ දරුවාගේ ජීවිතයේ මුල් කාලයේ ඉඳන්මයි. හතලිස් දෙහැවිරිදි මේ සොඳුරු අම්මාට උවමනා ඇගේ දරුවා හැකි තරම් සාමාන්‍ය ලෙස හැදී වැඩෙන්නත් වගේම නිරන්තරයෙන් වෛද්‍ය උපදෙස් මත කෑම බීම දෙන්න ඇය එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒ නිසාම ඇයත් සාමාන්‍ය අම්මා කෙනෙක් කරන විදිහට ඝන ආහාර ඇයට දීම ආරම්භ කළා.

ආරධ්‍යාට ඝන ආහාර පුරුදු කිරීම

මවක ලෙස "සරබ්ජිත්"  චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයන් වෙත ආ ඇය ගැන ඇත්තම ගෘහණියක් ලෙස ඇගේ මෙහෙය බච්චන් පවුලට එක්වූ පසු කෙසේදැයි දැනගන්නට ප්‍රේක්ෂකයන්ට උවමනා වුණා.  ඒත් ඇය කියන්නේ ඇත්තටම ඇය මුළුතැන්ගෙට ගියත් වැඩ අරඹන්න පටන් ගත්තේ ඇගේ දියණිය ආරධ්‍යා ඉපදුනාට පස්සේ කියලයි.

විවාහයත් එක්කම මම දන්නවා හැමෝටම දැනගන්න ඕනේ මම මුළුතැන්ගෙයි කොයිතරම් කාලයක් ගෙවනවද කියලා. මට මතක මම මගේ සැමියාගේ ගෙදරට ආවහම grihapravesh වලට හල්වා හැදුවා. ඉඳහිට බින්ධි හරි පරාතා හරි හැදුවා. නමුත් සත්‍ය නම් අපේ ගෙදර අපි හැම වෙලාවේම මුළුතැන්ගෙයි ඉන්නේ නැහැ. නමුත් ආරධ්‍යා ඉපදුන පසු ඇගේ කෑම හැදීම වෙනුවෙන් ඇය එම වගකීම වෙනුවෙන් ඝන ආහාර හඳුන්වා දෙන විට මුළුතැන්ගෙට වැඩ කරන්න ගියා.

දැන් අපි කන දේවල්ම කනවා. හැබැයි තරමක් කුළුබඩු අඩුවෙන්

මම වෙනදාට වඩා මුළුතැන්ගෙයි කාලය ගත කරන්න පටන් ගත්තේ ආරධ්‍යා ඉපදුනාට පස්සෙයි. වැඩිපුරම ඇය ඝන ආහාර ගන්න පටන් ගත්ත කාලයේදීයි. මම නිතරම විවිධ කෑම ගැන සොයා බැලුවා.

සෙමින් ඇයට විවිධ රස හඳුන්වා දුන්නා. පෝෂණය ගැන විවිධ ආහාර එකතුවකින් ඔබට අත්හදා බලන්න පුළුවන්. කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන්, එළවළු වලට ඔබට ඔබේම කෑම වට්ටෝරු හදාගන්න පුළුවන්. ඇය අපි කන කෑමට තරමක් කුළුබඩු අඩුවෙන් කනවා. වාසනාවකට ඇයට කෑම දෙන්න එතරම් අමාරුවක් නැහැ. අපෙන් ඉටුවිය යුතු කොටස ඉටු කළ විට ඇය හොඳින් කෑම ගන්නවා. මම දැන් ඇයට හුඟක් කෑම වර්ග එක එක රසයෙන් විවිධ ආකාරයට හඳුන්වලා දීලා තියෙනවා.

අයිෂ් කියන ආකාරයට ඇයට ඇගේ දුවට කෑම දෙන එක එතරම් අමාරු වෙලා නැහැ. හුඟක් දරුවන්ට මාස 6 න් පසු ඝන ආහාර දෙන එක එතරම් අමාරු නැහැ. නමුත් දිගටම මව්කිරි විතරක් දිය යුතු යැයි සිතන අය බබාලාට ඝන ආහාර පුරුදු කරන්නේ කොහොමද?  

දරුවන්ට ඝන ආහාර පුරුදු කරන්නේ කොහොමද?

ඝන ආහාර හඳුන්වා දීමට පෙර මාස 6 ක් ගතවෙන විට දරුවා ඝන ආහාර වලට සූදානම් දැයි සොයා බලන්න. මේ ඉරියවු වලින් ඔබට එය වටහා ගන්න පුළුවන්.

  • දරුවාට හිස හා බෙල්ලේ හොඳ පාලනයක් ඇත්ද?
  • ඔබ කන දේවල් කන්න ඔහු උනන්දු වෙනවද?
  • ඔබේ කෑම පිඟානයෙන් කෑම ගන්න බලනවද?
  • බබාගේ තොල් අතර හැන්දක් තබන විට ඔහු ඊට කැමැත්තක් දක්වමින් මුව විවර කරනවද?

මේ කරුණු ඉටුවෙනවා නම් ඔහු ඝන ආහාර වලට සුදානම් බව කියාපානවා. දැන් ප්‍රශ්නය ඔබ ඝන ආහාර  හඳුන්වා දෙන්නේ කෙසේද කියායි.

  • බබා රුචිකත්වයක් දක්වනවා නම් දිනපතා තම්බා පොඩිකර ගත් එළවළු ස්වල්පය බැගින් දෙන්න. නමුත් සීනි හා ලුණු එක් කිරීම නොකළ යුතුයි. ඊට ක්‍රමයෙන් බත්, මාළු , බිත්තර ආදිය එක් කරමින් වසරක් පමණ වන විට සාමාන්‍ය ආහාර වලට පුරුදු කරන්න.
  • ඔබට ඔබ කැමති ලෙස සාදාගත් ආහාර වට්ටෝරු අනුව දරුවාට කෑම ලබා දෙන්න.

මේවා මූලික කරුණු වුවත් මව්කිරි දීම සමග ඝන ආහාර ලබාදීම ගැන theAsianparent Sri Lanka ඔබේ මිතුරිය සමගින් අපි දිගින් දිගටම කතා කරමු.

theIndusParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

                                                                                                              

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Deepshikha Punj

  • Home
  • /
  • විදේශීය
  • /
  • අයිෂ්වර්යා රායි බච්චන් ඇගේ දියණියට ඝන ආහාර පුරුදු කළ හැටි
බෙදාගන්න :
  • බොලිවුඩ් තරුව අයිෂ්වර්යා රායි ඇගේ මව හා ඇගේ සංවේදී දියණිය ගැන කතාකරයි

    බොලිවුඩ් තරුව අයිෂ්වර්යා රායි ඇගේ මව හා ඇගේ සංවේදී දියණිය ගැන කතාකරයි

  • අයිශ්වර්යා රායි නිතරම ආරධ්‍යා වඩාගෙනම දකින්නේ. ඇයි?

    අයිශ්වර්යා රායි නිතරම ආරධ්‍යා වඩාගෙනම දකින්නේ. ඇයි?

  • බොලිවුඩ් තරුව අයිෂ්වර්යා රායි ඇගේ මව හා ඇගේ සංවේදී දියණිය ගැන කතාකරයි

    බොලිවුඩ් තරුව අයිෂ්වර්යා රායි ඇගේ මව හා ඇගේ සංවේදී දියණිය ගැන කතාකරයි

  • අයිශ්වර්යා රායි නිතරම ආරධ්‍යා වඩාගෙනම දකින්නේ. ඇයි?

    අයිශ්වර්යා රායි නිතරම ආරධ්‍යා වඩාගෙනම දකින්නේ. ඇයි?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it