අයිෂ්වර්යා රායි බච්චන් ඇගේ දියණියට ඝන ආහාර පුරුදු කළ හැටි

Share this article with other mums

මම නිතරම වෙනස් ආහාර පුරුදු කරන්න උත්සාහ කළා. ක්‍රමයෙන් ඇය වෙනස් රස වලට පුරුදු කළා... අයිෂ් ඇගේ විදිහ කිව්වා.

වසර පහකට පෙර ඇගේ මාමණ්ඩිය වන අමිතාබ් බච්චන් ඇය ගැබ්ගෙන ඇති බව මාධ්‍යට නිරාවරණය කළ දා පටන් ලෝකයම ඒ ගැන නොයිවසිල්ලෙන් හා සෙවිල්ලෙන් පසු වුණා.

හැමෝටම දැනගන්න ඕනේ වුණේ ගර්භණි සමය තුළ ඇය මොනවගේ අභියෝගයකට මුහුණ දුන්නද කියලයි. ඇය එය දරාගත් ආකාරය හා ඇය ඇගේ දරුවා හදාවඩා ගන්නට සැලසුම් කරන ආකාරය ගැනත් කවුරුත් උනන්දු වුණා.

වසර හතරක් ගෙවී යද්දී අපිට කියන්න පුළුවන් හුඟක් අම්මලා වගේ ඇය කෙතරම් සාර්ථක මවක් ලෙස ඇගේ මව් භූමිකාව ගෙන යනවද කියන එක. ඒ වගේම ලෝකයේ හුඟක් අම්මලාට ඇය ආදර්ශයට ගත හැකි චරිතයක්.

මවක ලෙස අයිෂ්වර්යා රායිගේ භූමිකාව  

ඇය අනිත් අම්මලා වගේම හරිම කාර්යබහුලයි. වැඩ වලින් අඩුවක් නම් නැහැ. ඇය ස්වාධීනයි. ඒ වගේම නිරන්තරයෙන් වැඩකරන අම්මා කෙනෙක්. වෙනසකට තියෙන්නේ අපිට වඩා ඇය රූපයෙන් හුඟක් ඉදිරියෙන් සිටීමයි. නමුත් සාමාන්‍ය දරුවෙකු හැදෙන වැඩෙන රටාවටම ඇය ඇගේ දරුවා ලොකු මහත් කරනවා.

“DNA සමග කළ සම්මුඛ පරීක්ෂණයකදී මට, මම ප්‍රාර්ථනා කළ විදිහේ අම්මා කෙනෙක් වෙන්න ලැබුණා. රැකියාවක් කරන අම්මා කෙනෙකුට මෙය හුඟක් අභියෝගාත්මකයි. හුඟක් වෙලාවට උදේට වැඩට යන කෙනෙකුට දවස පුරාම එයාගේ බබලාව දකින්න ලැබෙන්නේ නැහැ. ඒක එතරම් ලේසි නැහැ,” ඇය කියනවා.

කිසිම අම්මා කෙනෙක් කැමති නැහැ තමන්ගේ දරුවාව දාලා රැකියාවට යන්න. නමුත් අයිෂ් කියන විදිහට ඇය සාමාන්‍ය දරුවෙකු ලෙස ආරධ්‍යාට හැදෙන්න අවශ්‍ය දේවල් ඇයට නිතර කියා දෙනවා.

සාමාන්‍ය දරුවෙකු ලෙස හැකි හැමවිටම ආරධ්‍යා ට වැඩෙන්න ඉඩ දෙනවා

කිසිම කෙනෙකුට තමන්ගේ දරුවාව ගෙදර දාලා රැකියාවට යන්න කැමැත්තක් නැහැ. මට හැකි හැමවිටම ඇයව මාත් එක්ක රැගෙන යන්නත් නැතිනම් ඉතාම සාමාන්‍ය දරුවෙකු ලෙස එයාට හැදෙන්න වැඩෙන්න ඉඩදෙන්නත් මම උපරිමයෙන් උත්සාහ කරනවා.

මේ සාමාන්‍ය හැදී වැඩිම පටන් ගන්නේ දරුවාගේ ජීවිතයේ මුල් කාලයේ ඉඳන්මයි. හතලිස් දෙහැවිරිදි මේ සොඳුරු අම්මාට උවමනා ඇගේ දරුවා හැකි තරම් සාමාන්‍ය ලෙස හැදී වැඩෙන්නත් වගේම නිරන්තරයෙන් වෛද්‍ය උපදෙස් මත කෑම බීම දෙන්න ඇය එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒ නිසාම ඇයත් සාමාන්‍ය අම්මා කෙනෙක් කරන විදිහට ඝන ආහාර ඇයට දීම ආරම්භ කළා.

ආරධ්‍යාට ඝන ආහාර පුරුදු කිරීම

මවක ලෙස “සරබ්ජිත්”  චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයන් වෙත ආ ඇය ගැන ඇත්තම ගෘහණියක් ලෙස ඇගේ මෙහෙය බච්චන් පවුලට එක්වූ පසු කෙසේදැයි දැනගන්නට ප්‍රේක්ෂකයන්ට උවමනා වුණා.  ඒත් ඇය කියන්නේ ඇත්තටම ඇය මුළුතැන්ගෙට ගියත් වැඩ අරඹන්න පටන් ගත්තේ ඇගේ දියණිය ආරධ්‍යා ඉපදුනාට පස්සේ කියලයි.

විවාහයත් එක්කම මම දන්නවා හැමෝටම දැනගන්න ඕනේ මම මුළුතැන්ගෙයි කොයිතරම් කාලයක් ගෙවනවද කියලා. මට මතක මම මගේ සැමියාගේ ගෙදරට ආවහම grihapravesh වලට හල්වා හැදුවා. ඉඳහිට බින්ධි හරි පරාතා හරි හැදුවා. නමුත් සත්‍ය නම් අපේ ගෙදර අපි හැම වෙලාවේම මුළුතැන්ගෙයි ඉන්නේ නැහැ. නමුත් ආරධ්‍යා ඉපදුන පසු ඇගේ කෑම හැදීම වෙනුවෙන් ඇය එම වගකීම වෙනුවෙන් ඝන ආහාර හඳුන්වා දෙන විට මුළුතැන්ගෙට වැඩ කරන්න ගියා.

දැන් අපි කන දේවල්ම කනවා. හැබැයි තරමක් කුළුබඩු අඩුවෙන්

මම වෙනදාට වඩා මුළුතැන්ගෙයි කාලය ගත කරන්න පටන් ගත්තේ ආරධ්‍යා ඉපදුනාට පස්සෙයි. වැඩිපුරම ඇය ඝන ආහාර ගන්න පටන් ගත්ත කාලයේදීයි. මම නිතරම විවිධ කෑම ගැන සොයා බැලුවා.

සෙමින් ඇයට විවිධ රස හඳුන්වා දුන්නා. පෝෂණය ගැන විවිධ ආහාර එකතුවකින් ඔබට අත්හදා බලන්න පුළුවන්. කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන්, එළවළු වලට ඔබට ඔබේම කෑම වට්ටෝරු හදාගන්න පුළුවන්. ඇය අපි කන කෑමට තරමක් කුළුබඩු අඩුවෙන් කනවා. වාසනාවකට ඇයට කෑම දෙන්න එතරම් අමාරුවක් නැහැ. අපෙන් ඉටුවිය යුතු කොටස ඉටු කළ විට ඇය හොඳින් කෑම ගන්නවා. මම දැන් ඇයට හුඟක් කෑම වර්ග එක එක රසයෙන් විවිධ ආකාරයට හඳුන්වලා දීලා තියෙනවා.

අයිෂ් කියන ආකාරයට ඇයට ඇගේ දුවට කෑම දෙන එක එතරම් අමාරු වෙලා නැහැ. හුඟක් දරුවන්ට මාස 6 න් පසු ඝන ආහාර දෙන එක එතරම් අමාරු නැහැ. නමුත් දිගටම මව්කිරි විතරක් දිය යුතු යැයි සිතන අය බබාලාට ඝන ආහාර පුරුදු කරන්නේ කොහොමද?  

දරුවන්ට ඝන ආහාර පුරුදු කරන්නේ කොහොමද?

ඝන ආහාර හඳුන්වා දීමට පෙර මාස 6 ක් ගතවෙන විට දරුවා ඝන ආහාර වලට සූදානම් දැයි සොයා බලන්න. මේ ඉරියවු වලින් ඔබට එය වටහා ගන්න පුළුවන්.

  • දරුවාට හිස හා බෙල්ලේ හොඳ පාලනයක් ඇත්ද?
  • ඔබ කන දේවල් කන්න ඔහු උනන්දු වෙනවද?
  • ඔබේ කෑම පිඟානයෙන් කෑම ගන්න බලනවද?
  • බබාගේ තොල් අතර හැන්දක් තබන විට ඔහු ඊට කැමැත්තක් දක්වමින් මුව විවර කරනවද?

මේ කරුණු ඉටුවෙනවා නම් ඔහු ඝන ආහාර වලට සුදානම් බව කියාපානවා. දැන් ප්‍රශ්නය ඔබ ඝන ආහාර  හඳුන්වා දෙන්නේ කෙසේද කියායි.

  • බබා රුචිකත්වයක් දක්වනවා නම් දිනපතා තම්බා පොඩිකර ගත් එළවළු ස්වල්පය බැගින් දෙන්න. නමුත් සීනි හා ලුණු එක් කිරීම නොකළ යුතුයි. ඊට ක්‍රමයෙන් බත්, මාළු , බිත්තර ආදිය එක් කරමින් වසරක් පමණ වන විට සාමාන්‍ය ආහාර වලට පුරුදු කරන්න.
  • ඔබට ඔබ කැමති ලෙස සාදාගත් ආහාර වට්ටෝරු අනුව දරුවාට කෑම ලබා දෙන්න.

මේවා මූලික කරුණු වුවත් මව්කිරි දීම සමග ඝන ආහාර ලබාදීම ගැන theAsianparent Sri Lanka ඔබේ මිතුරිය සමගින් අපි දිගින් දිගටම කතා කරමු.

theIndusParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

                                                                                                              

Bollywood celebs