අයිශ්වර්යා රායි 44 වැනි වියට පා තබයි.

lead image

අයිශ්වර්යා රායි සිය 44 වැනි උපන්දිනය සමරන්නේ නැත්තේ ඇයි?

එය සම්පුර්ණයෙන්ම පවුලක් ගැනයි.

බොලිවුඩයේ සුන්දරත්වයේ රැජින හා අද්විතීය මවක් වන අයිශ්වර්යා රායි බච්චන් අද 44 වැනි  වියට පා තැබුවා. බච්චන් පවුල  ඔවුන්ගේ ලේලීව පුදුම කිරීමට  ඔවුන්ගේම ක්‍රමයේ සැලැස්මක් තිබු බව අප විශ්වාස කරනවා.

කෙසේ වෙතත්, මෙම රංගන ශිල්පිනියට එය සුළුවෙන් සැමරීමට අවශ්‍ය වු බැවින්  මෙවර අයිශ්වර්යාගේ 44 වැනි උපන් දිනය සැමරීම සිදු නොකරන බව අපි ඔබට කියන්නෙමු. ඔව් ඒක නිවැරදියි.

මේ අවුරුද්දේ මාර්තුවේ දී අයිශ්වර්යා සිය පියා අහිමි වී ඇති බැවින්  පවුල තවමත් අවුරුද්දේ ශෝක  කාලයක් පිළිපදිමින් සිටියි.

අයිශ්වර්යාගේ 44 වන උපන් දිනය සැමරීම සඳහා සමීප පවුල් සාමාජිකයන් සමඟ අවම උත්සවයක් පැවැත්වීමට   හේතුව මෙයයි. වාර්තා වලට අනුව අයිශ්වර්යාගේ පියා උපන් දින සැමරීම ආසා කල නිසා අයිශ්වර්යාගේ මව වන විරින්ද්‍රා රායිට තම දියණියගේ උපන් දිනය සුළුවෙන් හෝ සැමරීම අවශ්‍ය බව පවසයි.

අයිශ්වර්යා ඇගේ පියාට ඉතාම සමීපව සිටි නිසා එය ඇයගේ පෞද්ගලික සම්බන්ධතාවයක්   වනු ඇත. ඇය තම උපන් දිනය සැමරීමට උනන්දුවක් නොදැක්වූ නමුත් ඇයගේ මව එසේ කිරීමට බලපෑම්  කරමින් අවධාරණය කළේ ඇයගේ පියා සැමවිටම එවැනි සුවිශේෂී දිනයන් සැමරීම ප්‍රිය කල බවය. ඇයගේ පවුලේ සාමාජිකයන් හා සමීප මිතුරු මිතුරියන් පමණක්  සහභාගී වන කුඩා ප්‍රමාණයේ සාදයක් ඇය පැවත්වීමට කටයුතු කරන බව සුප්‍රකට රසාස්වාදය සදහා වු වෙබ් අඩවියක් පවසනවා.

"අභිෂේක බච්චන්, ආරාධ්‍යා , අමිතාබ් බච්චන්, ජයා බච්චන්, විරින්ද්‍රා රායි, සහෝදරයා වන ආදිත්‍ය රායි සහ ඔහුගේ පවුලේ අය මේ සාදයට සහභාගී වනු ඇත. අයිශ්වර්යාගේ හොඳම මිතුරා වන මිකි ක්‍රොන්ටැක්ටර් ද සහභාගී වේ. අභිෂේක් විසින් සියලුම දේවල් සංවිධානය කිරීමේ වගකීම ගෙන තිබෙනවා.   පැමිණෙන්නේ පවුලේ අය පමණක් වුවද, සියලුම  දේ  නිසි ලෙස සිදුවීමට ඔහුට අවශ්‍යයි.

සැබවින්ම, දීවාලී අතරතුර  බච්චාන් පවුලේ නායකයා  වන අමිතාබ් බච්චන් විසින් සමාජයීය මාධ්‍ය  මත  තැබු පෝස්ට් එකක එම හේතුව මතම පවුල ආලෝක උලෙල නිරීක්ෂණය නොකරන බව  සදහන්  කරන ලදී.

බොහෝ ඉන්දියානු පවුල්, විශේෂයෙන් උතුරු පෙදෙසේ ඉහල දෙසට වන්නට, පවුලක  එක් අයෙකු මිය ගිය පසු වසරක ශෝක කාලයක් ගත කරන අතර මෙම දිනයේදී  සහ යුගයේදී බච්චන් පවුලේ අය තම සම්ප්‍රදායන්ට අනුව දැඩිව කටයුතු කිරීම  පුදුම සහගතයි. 

ජනප්‍රිය චරිත වල මේ වගේ අපූරු තොරතුරු ඔබ වෙත ගෙන ආවේ The Asianparent Sri Lanka වෙතිනි.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී