theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අකුරු කියවීම හෙවත් අත්පොත් තැබීම

5 අවම කියවීම
අකුරු කියවීම හෙවත් අත්පොත් තැබීමඅකුරු කියවීම හෙවත් අත්පොත් තැබීම

බබාට අකුරු කියවීම ගැන ඔබට ප්‍රශ්න ගොඩාක් තියෙනවා නේද? ‌මෙන්න එහෙනම් පුංචි මග ප‌ෙන්වීමක්

බබාට අකුරු කියවීම ගැන ඔබට ප්‍රශ්න ගොඩාක් තියෙනවා නේද? ඒවා බොහොමයක් අද අපි නිරාකරණය කරගන්න උත්සාහ කරමු.

උපන් මොහොතේ සිට ජිවිතය ඉගෙන ගන්නා පුංචි පැටියාට අකුරු ලියන්න කියන්න නිසි කාලය එළඹෙනවා.

දරුවා කුස දරා සිටි කාලයට වඩා දරුවා ලොකු මහත් වෙන්න ජිවිතය ඔබට අසීරූ වෙනවා. එයට හේතුව දරුවා දින දින බොහෝ දේවල් ඉගෙන ගැනීමයි.

ඔබේ දරුවා පරිසරයෙන් ඉගෙන ගන්නා දේවල් වලට අමතරව දරුවාට නිසි අධ්‍යාපනයක් ලබා දෙන්න අවශ්‍ය වෙනවා.

අකුරු ඉලක්කම් පිරුණු ලොවට දරුවා තබන පළමු පියවර 

දරුවා නිවැරදිව වචන උච්චාරණය කරනවා නම්, ඔබ කීයන දේවල් දරුවාට තේරූම් ගන්න පුළුවන් නම් ඒ මගින් දරුවා අකුරු කියවීමට තරම් පරිණත වී ඇති බව වටහා ගන්න.

සමාන්‍යයෙන් බොහෝ දෙමාපියන් දරුවාට වයස අවුරුදු 2 ත් 3 ත් අතර මේ සුභ කාර්යය කරනු ලබනවා.

දරුවාට අකුරු කියවීම ඔහුට අවුරුදු තුනක් වීමට මත්තෙන් කරන්න ඕනිලු .

ඒ නිසා පුංචි බබා බහ තෝරලා ඉවර වෙද්දී අම්මලා තාත්තලා ලහි ලහියේ සුභම සුභ නැකතක් හොයන්නේ මේ සුභ කාර්යයටයි.

බොහෝ දෙනා මේ අකුරු කියවීම සදහා චාරිත්‍ර වාරිත්‍ර සහිත පුංචි උත්සවයක් පවත්වනවා.

අකුරු කියවීම හා සබැඳුන මේ චාරිත්‍ර ප්‍රදේශය හා ආගමානුකූල වත් පිළිවෙත් අනුව වෙනස් වෙන්න පුළුවන්.

අපි අද ඔබට පෙන්වා දෙන්නේ ඒ සදහා මුලික මග පෙන්වීම පමණයි. 

අකුරු කියවීම: අවශ්‍ය දේවල් 

  • කෙසෙල් කොල දෙකක් 
  • බෙලි කොල නමයක්
  • බුලත් කොල නමයක්
  • පාට වර්ග පහක මල්
  • පහන් දෙකක් 
  • අඹ ,කෙසෙල් ,ඇතුලුව පළතුරු 5 ක්
  • තල හා මුං මිශ‍්‍ර කැවිලි වර්ග  5 ක්
  • මුඩිඩ සහිත පොල් ගෙඩි දෙකක්
  • කපුරු පෙති
  • සුවඳ දුම්
  • හෝඩිපොත
  • ගල්ලෑල්ල හා ගල් කූර

අකුරු කියවීම සදහා සුදානම් වීම

මුලින්ම දරුවාගේ ජන්ම පත්‍රය අනුව සුභ නැකතක් සකස් කරගන්න. අකුරු කියවන්න සරස්වතී යෝගය ගොඩාක් හොදයිලු.

බෞද්ධ ආගමිකයන් නම් අකුරු කියවීමට ප්‍රථම දින දරුවා පන්සල වෙත රැගෙන ගොස් ආගමික කටයුතු කර දරුවාට ආශිර්වාද ලබාගනු ලබනවා.

ශුභ නැකත උදාවෙන්න කලින් නිවසේ සුදුසු ස්ථානයක් පිරිසුදු කරන්න.

ඉන්පසු  කහ දියර ඉස මේසයක් මත පිරිසිදු සුදු රෙද්දක් එලා දෙපස ගණ දෙවියන්ගේ රූපයත් සරස්වතී දේවියගේ රූප තබන්න. 

ගණ දෙවියන් ගෙන් නුවණත් සරස්වතී දේවිය ගෙන් දැනුමත් ලැබෙනවා කියලා විශ්වාස කරනවා.

එම රූප දෙක ඉදිරියෙන් පිරිසිදු කර ,කහදියර ඉසින ලද කෙසෙල් කොල දෙකක් එලන්න.

ඒ මත බෙලි කොල නමයක්ද බුලත් කොල නමයක්ද  පාට වර්ග පහක මල්ද තබා පහන් දෙකක් දැල්වීමට සුදානමි කරන්න.

අකුරු කියවීම: චාරිත්‍ර වාරිත්‍ර

1

බෞද්ධාගමික අය මල්, පහන්, සුවඳ දුම් සමඟ බුද්ධ පුජාවක් සකස් කර පළමුවෙන්ම බුදුන්ට පූජා කර ආශිර්වාද ලබාගන්නවා.

ඉන් පසු සියලූ දෙවියන්ට පිං අනුමෝදනා කර   දේව ආශිර්වාදයෙන් දරුවාගේ අපල උපද්‍රව දුරුවි අධ්‍යාපන කටයුතු සාර්ථක 

කර ගන්න ලැබේවායැයි ප්‍රාර්ථනා කරනු ලබනවා.

කහ වතුරෙන් සෝදා සකස් කල

පළතුරු පුජාව පිගන් දෙකක අසුරා දේව  රූප ඉදිරියෙන්ම තබන්න.

කැවිලි පිගන් දෙකක්ද සකස් කර ඒ අසලින් තබන්න.

පිරිසිදු කර කහ දියර ඉසින ලද මුඩිඩ සහිත පොල් ගෙඩි දෙකක්ද දේව රූප ඉදිරියෙන් තබාගන්න.

ගණ දෙවියන්ට වෙන්කරන ලද පහන් දල්වා පලතුරු පුජාව දෙවියන්ට පුජා කරන්න.අනතුරුව මුඩිඩ සහිත පොල්ගෙඩිය ගෙන කපුරු පෙත්තක් පොල් ගෙඩිය මත දල්වන්න. 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

”ඕං ගනේෂාය නමඃ ”යනුවෙන්  කියමින් පොල් ගෙඩිය ගණ දෙවි රූපය ඉදිරියේ සත්වරක් කරකවා දරවා ගේ හිස වටාද සත් වරක් කරකවා පළතුරු පිගාන අසල බුලත් ‌කොළයක් මත තබන්න.

ඉන්පසු සරස්වති දෙවියන් ඉදිරියේ වු පහන් දල්වා මල් සුවද පුජා කර පලතුරු වටිටියද පුජා කරන්න.

සරස්වති දෙවියන්ට වෙන් කරන ලද පොල් ගෙඩිය ගෙන ඒ මත කපුරු දල්වා” ඕං සරස්වතී දේවි මේ මුඛ තුල ධාරනේශ්වහඃ” යනුවෙන් සරස්වතී රූපය වටා පොල් ගෙඩිය සත්වරක් කර කවන්න.

දරුවාගේ හිස වටාද තෙවරක් කරකවන්න.එම පොල් ගෙඩියද සරස්වතී මෑණියන් ඉදිරියේ බුලත් ‌කොළයක් මත තබන්න.

අකුරු කියවීම

පෙර දරුවාට අකුරු කියවීමට කලින් "ස්‌වස්‌ථි සිද්ධම්" යන වචනය කියවීම කලා. එහි අර්ථය සියල්ල සිද්ධවේවා යන්නයි.

ඉන්පසු දරුවාට සෙත් පතමින් නියමිත ශුභ නැකතින් නියමිත දිශාව බලා දරුවා අකුරු කිහිපයක් කියවන්න.

දේවාක්‍ෂර මුල්කොට පහත අක්ෂර මුලින්ම කියවීම සුදුසුයි. ස-ත-ද-ව-ට-ඉ-ඹ - උ - ප - ග - හ - බ - ඊ - සා-ඩා - තා - වා - පා - දා - ඌ - ඕ 

ඉන්පසු ඉලක්‌කම් කියවන්න. 

ඊළඟ  අ-ආ-ඇ-ඈ ආදී වශයෙන් හෝඩි පොත කියවන්න.

අවශ්‍ය නම් ඉංග්‍රිසි අකුරු කිහිපයක්ද කියවන්න.

3

ඉන්පසු  අකුරු ලියවීම කරන්න. පුරාණයේ මේ සඳහා භාවිතා කලේ වැලි පීල්ලලු. දැනට නම් දරුවාගේ මුල් අකුරු ලියවන්න භාවිතා කරනු ලබන්නේ ගල්ලෑල්ල හා ගල් කූරයි.

ආදි කාලයේ උගත් පුද්ගලයන් හෝ ආගමික නායකයන් ලවා දරුවන්ට අකුරු කියවීමට දෙමාපියන් වැඩි කැමැත්තක් දැක්වුවා.

නමුත් දැන් කාලය වෙනස් වෙලා.දරුවාට අකුරු කියවීමට මව හෝ පියා වැඩි පෙළඹීමක් දක්වනවා.

අකුරු කියවීම අවසානයේදී දේව පුජාව දරුවාට කන්න දෙන්න.

ඔබේ ආගමානුකූලව හෝ ප්‍රදේශය අනුව මේ හා සම්බන්ධ වෙනත් චාරිත්‍ර වාරිත්‍ර තිබේ නම් අප හා බෙදාගන්න.

නැකතට අකුරු කියවීමෙන් පමණක් දරුවාට හොද අධ්‍යාපනයක් ලැබෙනවාද?

අකුරු කියවීම හෙවත් අත්පොත් තැබීම

ඇත්තෙන්ම නැහැ . දරුවාට සුභ නැකතකින් අකුරු කියවන්න ඔබට තියෙන උනන්දුව හා ආසාව දිගටම පවත්වා ගන්න අවශ්‍ය වෙනවා.

  • දරුවාට අවශ්‍ය අධ්‍යාපනික අමතර අවශ්‍යතා හා සහයෝගය  ලබාදෙන්න.
  • දරුවාට නිවසේදී අකුරු කියාදෙන්න.
  • පොත් පත් පරීක්ෂා කර බලන්න 
  • ගුරුවරයා හමු වී දරුවාගේ ප්‍රගතිය හා අඩුපාඩු සාකච්ඡා කරන්න 
  • දරුවාගේ අඩුපාඩු නියම මට්ටමට ගෙන එන්න අවශ්‍ය කටයුතු කරන්න.

ඔබේ දරුවාට සුභ මොහොතකින් අකුරු කියවන්න. එහි කිසිම වරදක් නැහැ. ඒ වගේම ඔහුට නීසි අධ්‍යාපනය සදහා මග පෙන්විය යුත්තේ ඔබමය. දෙමව්පියන් වශයෙන් දරුවන්‌ගේ වර්ධනයට අවශ්‍ය පෝෂණය මෙන්ම බුද්ධිය වර්ධනයට අවශ්‍ය නිසි අධ්‍යාපනය ලබා දීමද අපගේ වගකීමක් වන්නේය. ඒ වෙනුවෙන් ඇපකැප වෙන්න. ඔබේ දරුවාට වාසනාවන්ත අනාගතයක් අපිද ප්‍රාර්ථනා කරන්නේමු.

මුලාශ්‍ර -  දිවයින හා astrologer

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • උත්සව
  • /
  • අකුරු කියවීම හෙවත් අත්පොත් තැබීම
බෙදාගන්න :
  • දරුවෙකුට අනතුරකදී යථාතත්වයට පත් කර ගැනීම

    දරුවෙකුට අනතුරකදී යථාතත්වයට පත් කර ගැනීම

  • දරුවාගේ පළමු අවුරුද්ද ගතකරන කාලය තුළ ඔබ නොකළ යුතු දේවල්

    දරුවාගේ පළමු අවුරුද්ද ගතකරන කාලය තුළ ඔබ නොකළ යුතු දේවල්

  • දරුවෙකුට අනතුරකදී යථාතත්වයට පත් කර ගැනීම

    දරුවෙකුට අනතුරකදී යථාතත්වයට පත් කර ගැනීම

  • දරුවාගේ පළමු අවුරුද්ද ගතකරන කාලය තුළ ඔබ නොකළ යුතු දේවල්

    දරුවාගේ පළමු අවුරුද්ද ගතකරන කාලය තුළ ඔබ නොකළ යුතු දේවල්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it