theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මත්පැන් වලට ඇබ්බැහි වූවෙක් මිනිස් ඝාතන වලට යොමු විය හැක

4 අවම කියවීම
මත්පැන් වලට ඇබ්බැහි වූවෙක් මිනිස් ඝාතන වලට යොමු විය හැකමත්පැන් වලට ඇබ්බැහි වූවෙක් මිනිස් ඝාතන වලට යොමු විය හැක

මත්පැන් බිමේ වියරුවෙන් රුපියල් දෙසීයක් ලබාගැනීමට උසස් පෙළ දැරියක් ගෙල කපා මරලා. මත්පැන් බිමට එරෙහි වන්නට ඔබ සුදානම්ද?

මත්පැන් නිසා මිනිස් ඝාතනය කිරීමක් වුවද කරන්නට හැකි තරමට මිනිසා පිරිහිය හැකියි. මත්පැන් වලට ඇබ්බැහි වීම එතරම්ම රුදුරු වන්නේ ඒ නිසයි.

මත්පැන්මත්ද්‍රව්‍ය වැටලීම් සහ ඊට යොමු වීම් ගැන කියැවෙන පුවතක් නොමැති දවසක් නැති තරම්.

මේ හේතුවෙන් අද සමාජය වැටී ඇති අන්ත පිරිහුණු තත්වය නිසා දූදරුවන්ගේ ආරක්ෂාව ගැන හැකි උපරිමයටත් වඩා සුපරික්ෂාකාරී විය යුතු බව ඔබ තේරුම්ට ගත යුතුයි.

මත්පැන් වලට ඇබ්බැහි වීම නිසා ‘රුපියල් දෙසීයට මිනී මරනවා’ යන ගැමි වහරේ කියමන අත්තක් වන අයුරු අදහාගන්නට බැරි තරම්.

රුපියල්ප දෙසියට මිනී මරපු අවස්ථා ගැමි වහරේ පමණක් නොව සත්‍ය වශයෙන්ම ලංකාවෙන් පවා වාර්තා වී තිබෙන්නේ වැඩි අතක නොව ඉතා මෑත අතිතයෙදියි.

වසර කිහිපයකට පෙර (2017 අගෝස්තු මස 24වනදා) මේ ඛේදජනක සිද්දියට මුහුණ දුන්නේ රක්වාන ප්‍රදේශයේ උසස් පෙළ විභාගයට සුදානම් වෙමින් සිටි 19 හැවිරිදි තරුණියක් බව හිරුfm ගොසිප් පිටුවේ සඳහන් වුනා .

ඇයගේ මව මිට වසරකට පමණ පෙර මියගොස් ඇති අතර ය ජිවත් වුනේ පියා සමග.

සිද්ධිය වන අවස්ථාවේ පියා තේ දළු නෙලීමට ගොස් සිටි අතර ඇය සිටියේ පාඩම් කරමින්.

මේ අවස්ථාවේ නිවසට ඇතුළු වූ සැකකරු තරුණිය ඝාතනය කලේ ඇගේ ගෙල කපා දැමීමෙන්.

සැකකරු කළ පාපොච්චාරණයෙන් පෙනී ගියේ ඔහු තදබල ලෙස බීමට ඇබ්බැහි වුවෙක් බවත්, තරුණිය ඝාතනය කර ඈ ළඟ තිබු රු. 210ක මුදලත් ඇගේ ජංගම දුරකථනයත් හොරකම් කළ බවත්ය.

“රක්වානේ සිසුවිය ඝාතනය කලේ මුදල් ලබාගෙන මත්පැන් බොන්න” කියා සැකකරු පපොච්චරණයේදී කියා සිටි බව හිරු ප්‍රවෘත්ති පිටුවේ සඳහන් වේ.

දරුවන්ගේ ආරක්ෂාව ගැන අපි බොහෝ ලිපි පල කර තිබෙනවා.

මේ පුවතත් සමඟ අප ඔබව දනුවත් කරන්නේ ඔබේ සහකරු හෝ පවුලේ කෙනෙක් මත් පැන් වලට ඇබ්බැහි වී සිටි නම් ඉන් ඔවුන් ගලවා ගැනීමට ඔබට කල හැකි දේවල් කිහිපයක් ගැනයි.

මත්පැන් වලට ඇබ්බැහි වුවෙක් ඉන් මුදවා ගැනීමට ඔබට කල හැකි දෑ කිහිපයක්.

1. මත්පැන් වලට ඇබ්බැහි වීම නිසා පීඩනය වන පුද්ගලයා සමඟ සන්නිවේදනයක් ඇතිකර ගන්න.

ඔබ සුහදව සන්නිවේදනයක් ඇතිකරගන්නා තාක් කල් ඔබ ඔහු ගැන හෝ ඔහුගේ ඇබ්බැහි වීම ගැන සැලකිලිමත් බව ඔහු දැනගන්නේ නැහැ.

එමෙන්ම මෙය ඇබ්බැහි වීමක් ලෙස උහොට දැනෙනවාද, නොහොත් ඔහුට ඉන් මිදීමට අවශ්‍යද යන්න ඔබ දැනගන්නෙත් නැහැ.

ඉතින් සුහදව සන්නිවේදනයක් ඇති කරගැනීම තුළින් එකිනෙකා කෙරෙහි විශ්වාසය ගොඩ නගා ගැනීම මුල්ම පියවරයි.

2. මත්පැන් වලට ඇබ්බැහි වීම ගැටලුසහගත එකක් බව තහවුරු කිරීමට අවශ්‍ය සාධක සැකෙවින් ගොනුකර තබාගන්න.

බොහෝ ඇබ්බැහි වුවන් මෙය අනෙක් යට ප්‍රශ්නයක් කියා පිළිගන්නට මාලි වනවා. ඔව්න්ගේ මුදල් ඔවුනට රිසි සේ පාවිච්චි කරන බවට ඔවුන් තර්ක කරනවා.

ඉතින් ඔබේ දත්ත ගොනුකර තබා ගැනීම ඉතා වැදගත්.

3. ඇබ්බැහි වුවන් ගැන නිගමන වලට එළඹීමෙන් හෝ ඔවුන් පාච්චල් කිරීමෙන් වලකින්න.

ඇබ්බැහි වීම රෝගී තත්වයක්. ඇබ්බැහි වීම නිසා කෙනෙක් පාච්චල් කිරීමෙන් වන කිසිම ප්‍රයෝජනයක් නැහැ.

අනෙක් යට මෙන් ඔවුනටගොරවයෙන් සලකන්න. එවිට ඔවුන් ඔබට විවෘත වනවා. ඔබේ උදව් පතනවා.

4. මත්පැන් වලට ඇබ්බැහි වීම තුළින් මිදුණු පුද්ගලයින්ගෙන් උපදෙස් ගන්න

ඇබ්බැහි වීම් වලින් මිදුණු බොහෝ ය සමාජයේ දක්නට ලැබෙනවා. ඔවුන් හැම කෙනාගෙම කතාව එකිනෙකාට වෙනස්.

නමුත් ඒ හැමෝම තමන්ට ඇබ්බැහි වීමක් ඇති බවත්, ඉන් මිදීම සුදුසු බවත් තේරුම් ගත් අයයි.

මේ අයගේ අත්දැකීම් ආශ්‍රීත උපදෙස් මිල කරන්නට බැහැ.

5. ඇබ්බැහි වුවන් අවට මත්පැන් බිමෙන් හෝ වෙන අයට බීමට අනුබල දෙමෙන් වැලකි සිටිය යුතුයි.  

මෙය ඉතාමත්ම අමාරු නමුත් වැදගත්ම කාර්යයයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මත්පැන් බිම පමණක්  නොව, බෝතලේ අඩිය පෙනන තුරු බිම පුරුද්දක් කරගෙන තිබෙනවා.

මත්පැන් ප්‍රතික්ෂේප කරන යහළු හිත මිතුරන් කොන් කිරීමද සිදු වනවා. මේ නිසා බොහෝ අයට ආශ්‍රය නිසා පමණක් ඇබ්බැහි වීමෙන් මිදීම අභියෝගයක් වනවා. මෙම අභියෝගය ජය ගන්නට උත්සාහ කල යුතුයි.

6. මේ ගමන තුළ ඔහුට සහය දෙමින් නිරතුරුවම ඔහුට දිරිය දෙමින් ඇබ්බැහි වීමෙන් සහමුලින්ම මදෙන්නට ඔහුට උපකාර වන්න.

ඔහුගේ පුංචි උත්සාහ කිරීමක් පවා බොහෝ අගය කරන්න. එම උත්සාහය නිසා ඇති වුන හොඳ ප්‍රතිපල ගැන ඔහු සමඟ සතුටු වෙමින් පෙන්වා දෙන්න.

ඇබ්බැහි වීම් නිසා නොමැරී මැරෙමින් ජිවත් වන පවුල් එමටයි. අද පුවතින් එහි ප්‍රතිපලයක් නැති අන්තය ගැන පෙන්වා දෙනවා.

ඝාතනය වන අහිංසක මල් කැකුළු වලට පන දෙන්නට බැහැ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

නමුත් මත්පැන් රකුසාට අපගේ සරණ සිටින, අපට ශක්තිය හා ආදරය දෙන පියවරුන් බිලිගන්නට දෙන්න බැහැ.

මත්පැන් රකුසාට අසු වූ කෙනෙක් ඔබේ පවුලේත් ඇත්නම්, මේ ක්‍රම ඔස්සේ ඔබට අලුත්  හෙටක් දකින්නට වරම් ප්‍රර්ථනා කරනවා.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • දේශීය පුවත්
  • /
  • මත්පැන් වලට ඇබ්බැහි වූවෙක් මිනිස් ඝාතන වලට යොමු විය හැක
බෙදාගන්න :
  • දරුවා තිර වලට ඇබ්බැහි වීම බරපතල ප්‍රතිවිපාක ගෙන දේවි

    දරුවා තිර වලට ඇබ්බැහි වීම බරපතල ප්‍රතිවිපාක ගෙන දේවි

  • කාටුන් වලට දරුවන් ඇබ්බැහි වීමට පෙර මේ ගැන සිතා බලන්න!

    කාටුන් වලට දරුවන් ඇබ්බැහි වීමට පෙර මේ ගැන සිතා බලන්න!

  • දරුවා තිර වලට ඇබ්බැහි වීම බරපතල ප්‍රතිවිපාක ගෙන දේවි

    දරුවා තිර වලට ඇබ්බැහි වීම බරපතල ප්‍රතිවිපාක ගෙන දේවි

  • කාටුන් වලට දරුවන් ඇබ්බැහි වීමට පෙර මේ ගැන සිතා බලන්න!

    කාටුන් වලට දරුවන් ඇබ්බැහි වීමට පෙර මේ ගැන සිතා බලන්න!

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it