ඇල්ජීරියාවේ පිරිමියෙකු දරුවෙකු ඉහළ ජනේලයක සිට එල්ලයි

මේ පුද්ගලයා විසින් සිදුකරන දේ දුටු විට ඇඟ කිලිපොලා යන බව අමුතුවෙන් කිවයුතු නැහැ.

මේ පුද්ගලයා විසින් සිදුකරන දේ දුටු විට ඇඟ කිලිපොලා යන බව අමුතුවෙන් කිවයුතු නැහැ.

මෙය දකින දෙමාපියන්ගේ ඇඟේ ලේ රත්වෙන බව අමුතුවෙන් නැවතත් කිවයුතු නොවන්නේ එය එතරම්ම භයානක දර්ශනයක් නිසයි. දරුවෙකුගේ ටී ෂර්ට් එකෙන් අල්ලා ගත් වැඩිහිටි අතක් මහල් ගණනක් උස ගොඩනැගිල්ලේ පහත සිට බලන කාටත් පෙනුනා. දරුවා ජනේලයෙන් පහතට එල්ලෙමින් සිටියා. එක මොහොතකින් දරුවා අතින් ගිලිහුනොත් පහළට වැටි දරුවා මියයාම ස්ථිරයි.

මෙවැනි දෙයක් කරන්න ඉදිරිපත් වන කෙනා කිනම් මානසික මට්ටමක පසුවෙනවා ඇතිද? මේ සිදුවීමට සම්බන්ධ වැඩිහිටියා දරුවාගේ ඥාතියෙකු වන අතර ඔහුගේ අපේක්ෂාව ෆේස්බුක් හරහා 1000 ක් දෙනෙකුගේ අවධානය කැමැත්ත ඊට ලබාගැනීමයි.

BBC යට අනුව මෙය ඇල්ජීරියාවෙන් වාර්තාවන අතර මේ පුද්ගලයා දරුවාගේ මාමා කෙනෙකු ලෙසද පවසා තිබුණා. ඔහු දරුවා 15 වන මහලේ සිට මෙලෙස එල්වා පෙන්වා තිබුණු අතර “මට මෙයට likes 1000 ක් හෝ නැතිනම් ඔහුව බිමට” යනුවෙන් දක්වා තිබී තිබුණා.

අනෙකුත් සමාජ ජාල මගින් මේ පුද්ගලයා කරන ළමා අපචාරය හෙලා දක්වමින් ඔහුව අත්අඩංගුවට ගැනීමට යෝජනා කර තිබුණා. ඉන් පසුව ජුනි 18 වන ඉරිදා දරුවෙකුගේ ජීවිතය අනතුරේ හෙලීමේ වරදට ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහු චෝදනාව ප්‍රතික්ෂේප කරමින් මාධ්‍ය හරහා මෙය විකෘති කර සංශෝධනය කර ඇති බවත් තමා දරුවා බැල්කනිය මත ඔසවාගෙන ආරක්‍ෂිත පියවර සහිතව එය කළ බව සඳහන් කර තිබුණත් විනිසුරුවන් එය පිළිගෙන තිබුනේ නැහැ.

දරුවාගේ පියාද ඉතාම වගකීම් රහිත ලෙස ඔහුට සමාව දෙන ලෙසත් ඔහු විසින් සෙල්ලමට කර ඇති දෙයක් ලෙසත් සඳහන් කර තිබුණා. ඇල්ජිරියානු ප්‍රවෘත්ති නාලිකාවක් වන අල් අරාබියා විසින් දරුවා බොහෝ බිරාන්තව එම ඡායාරූපයේ දක්නට ලැබුණු බව සඳහන් කෙරුනා. ඒ වගේම ළමා අපචාරය සම්බන්ධයෙන් චූදිතයාට සිර දඬුවම් ලබාදුන් බවද පවසා තිබුණා.

පුංචි පැටියා තවමත් ආරක්ෂිතව ජීවතුන් අතර සිටීම ගැන අපිට සතුටක්. නමුත් මේ අසරණ දරුවාට කොයිතරම් බියක් ඒ මොහොතේ දැනෙන්නට ඇතිද? ඔහු විඳි මානසික වේදනාව ඔහුගේ ජීවිතයට බලපෑමක් නොවේවායි අපි ප්‍රර්ථනා කරමු.  

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ