theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සැමියාට ඇලජික් වුන 29 හැවිරිදි බිරිදක් නිසා අවාසනාවත්ත වු යුගදිවියක්

5 අවම කියවීම
සැමියාට ඇලජික් වුන 29 හැවිරිදි බිරිදක් නිසා අවාසනාවත්ත වු යුගදිවියක්සැමියාට ඇලජික් වුන 29 හැවිරිදි බිරිදක් නිසා අවාසනාවත්ත වු යුගදිවියක්

ස්පර්ශ කරන්නටවත් ‌නොහැකි ආදරයක කදුලු කථාවක්

එක එක විදියේ ඇලජික් නැත්නම් අසාත්මිකතා ගැන ඔබ අහලා තියෙනවා නේද? මේ අතර ටිකක් අමුතු අසාත්මිකතා තියෙන අයත් ඉන්නවා.

සමහරුන් ලෙදර් සපත්තු වලට ඇලජික් වෙන අතර තවත් සමහරු විදුලියට ආසාත්මිකතා දක්වනවා.

සැමියාට ඇලජික් වුන 29 හැවිරිදි බිරිදක් නිසා අවාසනාවත්ත වු යුගදිවියක්

නමුත් ඔබ ඒ සියල්ල අතරින් තවත් අමුතුම අසාත්මික තාවයක් ගැන වාර්තා වෙනවා. මේ අමුතු අසාත්මිකතාව ගැන ඇහුවාම ඔබ පුදුම වේවි.

ඇමරිකා එක්සත් ජනපදයේ හි 29 හැවිරිදි ජොහානා වොට්කින්ස්, ඇයගේ  ස්වාමිපුරුෂයාගේ සුවඳට දක්වන ආසාත්මිකතාවයක් ඇතුළු බොහෝ අසාත්මිකතාවන්ගෙන් පෙළෙන බව BBC වාර්තා කරනවා.

සැමියාට ඇලජික් වුන බිරිදක් කියන විට ඔබට එය විහිලුවක් සේ හිතෙන්න පුළුවන්.

තරහා ගිය වේලාවට අපි කොයි කාටත් හස්බන්ඩ්ව ඇලජික් වෙන වේලාවල් තියෙනවා නේද?

ඇත්තටම මේ කතා කරන්නේ තරහාට පෙන්වන්න බැරිවෙන අපිට නිතර හැදෙන ඇලජික් එක ගැන නම් නෙමෙයි.

ජොහානා අසාත්මිකතාවය අදාල රෝගයකින් පීඩා විදිනවා. ඒ නිසාම ඇයට ඇයගේ ආදරණිය සැමියා වෙත ලංවෙන්න බැහැ. ගොඩාක් දුක හිතෙන ඇත්ත කථාවක්.

මේ ඇලජික් එක ටිකක් අමුතුයි ‌නේද?

ආදරය කරලා පෙරම්පුරා ගෙන විවාහ වුනාට පස්සේ සිතින් මෙන් ගතින් ලංවෙන්න බැරි වෙනවා නම් ඒ තරම් අවාසනාවක් තවත් තියෙනවාද?

නමුත් ජොහානා හා ස්කොට් යුවලට එහෙම වුනා. ඒ ඇයි?

ජොහානාට මාස්ට් සෛල සක්‍රිය කිරීමේ සින්ඩ්‍රෝමය ඇති බවද BBC වාර්තා කරනවා.

මේ නිසා ඇයට ඇයගේ සැමියා වෙන ස්කොට් සමග එකම කාමරයක සිටීමත් ඔහුට ඇයව ස්පර්ශ කිරීමට ඉඩ දීමත් අපහසු වී තියෙනවා.

 Medical Daily හි විස්තර කරන පරිදි  මෙම දුර්ලභ ප්‍රතිශක්තිකරණය සම්බන්ධ රෝගී තත්වය නිසා හිස්ටමින් අධික ලෙස නිපදවීමට හේතු වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස රසායනික දූව්‍ය අධිකව එකතුවීමක් සිදුවෙනවා.

සිරුරේ ඇති  අනවශ්‍ය මූලද්‍රව්‍ය සමඟ සටන් කිරීම සඳහා හිස්ටමින් නිකුත් කරනු ලබනවා.

නමුත් මෙය අධික ලෙස නිපදවීම නිසා උදර වේදනාව, මස්පිඩු පෙරළීම, පාචනය, කැසීම, හුස්ම හිරවීම, කැස්ස, සම රතු හෝ උණුසුම් වීම, මද හිසරදය සහ මතක ගැටළු වැනි ඇතැම් අතුරු ආබාධ ඇතිවෙනවා.

යමෙකුට අසාත්මිකතාවයක් ඇතිවෙන විට හිස්ටිමින් වැනි රසායනික ද්‍රව්‍යයක් නිකුත් කරමින් සිරුර එයට ප්‍රතිචාර දක්වනවා.

ඇනෆිලැක්ටික් කම්පනය වැනි දරුණු අවස්ථාවල දී අභ්‍යන්තර අවයව අවහිර විය හැකි අතර, කරකැවිල්ල, ක්ලාන්තය, හුස්ම ගැනීමේ අපහසුතා හෝ මරණය පවා සිදුවෙන්න පුළුවන්.

ලංවී ඉන්නට විවාහ වු නමුත් දුරස්ව ඉන්නට සිදු වු යුවලක්

ජොහානාගේ අසාත්මිකතාවන් මතු වූයේ ඇය සහ ස්කොට් විවාහ වූ පසුවයි.

ඇය ඔහුගේ සුවඳට ආසාත්මිකතාවයක් ඇති කර ඇති බවක් පෙනෙන්නට තියෙනවා.

 "අපට ඔහුට කාමරයේ ඉන්න බැහැ. මට ඔහුව ඇලජික් " යනුවෙන් ඇය BBC වෙත පැවසුවා. 

“මීට පෙර මම මගේ දෙමව්පියන්, තවත් බොහෝ දෙනෙකුට ප්‍රතිචාර දක්වා තියෙනවා. නමුත් එය ස්කොට් හා එම තත්වය දරුණු වුනා." ඇය වැඩි දුරටත් පැවසුවා. 

ජොහානා “සෑම දෙයකටම පාහේ ආසාත්මිකතාවයක්” ඇති අතර දැඩි ගන්ධයක් පවා දරුණු, ජීවිතයට තර්ජනයක් විය හැකි තත්වයකට පත්වෙන්න පුළුවන්.

මේ ගැටලු සියල්ලම පසෙකලා මේ යුවල ඔවුන්ට සහයෝගය දැක්වීමට බොහෝ දේ කළ ආදරණීය ප්‍රජාවක් තමන් වටා සිටීම ගැන යුවළ ස්තූතිවන්ත වෙනවා.

 "අප වටා මෙතරම් විශාල ප්‍රජාවක් ඉන්නවා "

ස්කොට් People සමඟ පැවති  සම්මුඛ සාකච්ඡාවකදී පුදුමයෙන් ප්‍රකාශ කළා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

"ජොහානා මේ විදියට රෝගීව සිටියදිත් අපට අපේ ජිවිතය ගෙවාගන්න හැකි වුයේ අප වටා සිටි මිනිසුන්ගේ සහය නිසයි."

වේදනාවක් තිබුනද ඔවුන්ගේ විවාහය වෙන කවරදාටත් වඩා ශක්තිමත් ය.

" එය ඉතා වේදනාකාරීයි, "     

  ”මේ තුළින් මගේ බිරිඳ කෙරෙහි මගේ ආදරය වර්ධනය වී තිබුනත් ඔබට ඔබ ආදරය කරන කෙනා දකින්නටවත් නැති විට හිතාමතා බොහෝ දේවල් කරන්න සිදුවෙනවා."

ස්කොට් People වෙත පැවසුවා.

ඒ ඔවුන්ගේ අවාසනාවන්ත කථාවයි. එකිනෙකා හදවතින් ලංවී ගතින් ලංවෙන්නට බැරිව දුරස්ව ඉන්නට සිදුවේ නම් ඒ දෙදෙනාගේ හැගීම් කෙලෙස සිදුවේද?

නමුත් ස්කොට් හා ජොහානාට අත්වුනේ එම ඛේදනීය ඉරණමයි.

සිය ආදරණීය බිරිදව  ස්පර්ශ කරන්නවත් වරම් නැතිව ස්කොට් අද සුසුම් හෙලනවා. ටිකක් අමුතු වුනත් ඇත්ත කථාවක්.

මේ ලිපිය අතරතුර අපි ඔබ වෙත පුංචි මතක් කිරීමක් කරන්න කැමතියි. 

ඇලජික් එකක ලක්ෂණ හා ඇලජික් එකක් ඇතිවුන වහාම කරන්න අවැසි දේවල් අපි ටිකක් විමසා බලමු

ඇලජික් එකක රෝග ලක්ෂණ

සැමියාට ඇලජික් වුන 29 හැවිරිදි බිරිදක් නිසා අවාසනාවත්ත වු යුගදිවියක්

සුළු අවස්ථාව

  • කැසීම
  • සමේ රතුපැහැ පලු දැමීම
  • මදක් ඉදිමීම
  • නාසයෙන් දියර ගැලීම
  • කිවිසුම් යෑම
  • ඇස් කැසීම සමග කඳුලු ගැලීම
  • සමේ රතු ලප ඇතිවීම

දරුණු අවස්ථාව

  • තොල්, මුඛය, හෝ දිව ඉදිමීම
  • ගිලීමට අපහසුවීම
  • කතා කිරීමට අපහසුවීම
  • ඇදුම හෙවත් හතිය හෝ හුස්ම ගැනීමට අපහසුවීම
  • උදරයේ වේදනාව, ඔක්කාරය, වමනය, හෝ බඩ බුරුල් වී යෑම
  • කරකැවිල්ල හෝ ක්ලාන්තය

අසාත්මිකතාවක් ඇති වු විට නිතර අසාත්මිකතාවයෙන් පෙළෙන්නෙක් නම් ඒ සදහා නියම කල ඖෂධ හෝ ප්‍රතිකාර ලබා දී වහාම රෝහලකට ගෙන යන්න.

සැමියාට ඇලජික් වුන 29 හැවිරිදි බිරිදක් නිසා අවාසනාවත්ත වු යුගදිවියක්

ප්‍රථමවරට අසාත්මිකතාවයක් ඇති වු කෙනෙක් නම් අත්බෙහෙත් කරමින් නොසිට වහාම රෝහලට ගෙන යන්න.

අසාත්මිකතාවයන් සුළුපටුව සිතන්න එපා. එය ඔබේ සමමතු පිට පෙනෙන පුංචි ලප කිහිපයම පමණක් නොවේ.

අසාත්මිකතාවයන් පිටත සමේ මෙන්ම අභ්‍යන්තර සමේද පිටදාන නිසා අවසානය මරණය තරම් භයානක තත්වයක් වෙන්න පුළුවන්.

ඔබ හෝ ඔබේ දරුවා අසාත්මිකතාවයකින් පෙළෙන බව වෛද්‍යවරයෙකු විසින් හදුනා ගෙන ඇති නම් අසාත්මික විය හැකි යැයි වෛද්‍යවරයා නිර්දේශ කරන ආහාර වලින් ඈත්වෙන්න.

ඔබට ‌හෝ දරුවාට වරක් අසාත්මික වු ආහාර ‌හෝ ඖෂධ නැවත ලබා දීමෙන් වළකින්න.

වෛද්‍යවරයා ලබා දෙන කාඩ්පත නිතර ලග තබාගන්න.

ඔබ ඖෂධ ලබා ගැනීමට වෛද්‍යවරයෙකු වෙත යන සෑම විටම එය ඉදිරිපත් කල යුතුයි.

මේ ලිපිය ඔබට වැදගත් ‌වේවි යැයි අපි සිතනවා.

ඔබත් මෙවැනි අමුතු ඇලජික් ගැන අහලා තියෙනවාද? එහෙනම් පහතින් ඇති කමෙන්ට් තීරුව භාවිතා කර ඔබගේ අදහස් අප වෙත ලබා දෙන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

 

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • සැමියාට ඇලජික් වුන 29 හැවිරිදි බිරිදක් නිසා අවාසනාවත්ත වු යුගදිවියක්
බෙදාගන්න :
  • දුහුවිලි වලට ඇති දරුවන්ගේ ආසාත්මිකතාවට මුහුණ දෙන්නේ කෙසේද?

    දුහුවිලි වලට ඇති දරුවන්ගේ ආසාත්මිකතාවට මුහුණ දෙන්නේ කෙසේද?

  • දරුවන්ගේ හානිදායක රෝග ලක්ෂණ 5ක්

    දරුවන්ගේ හානිදායක රෝග ලක්ෂණ 5ක්

  • දුහුවිලි වලට ඇති දරුවන්ගේ ආසාත්මිකතාවට මුහුණ දෙන්නේ කෙසේද?

    දුහුවිලි වලට ඇති දරුවන්ගේ ආසාත්මිකතාවට මුහුණ දෙන්නේ කෙසේද?

  • දරුවන්ගේ හානිදායක රෝග ලක්ෂණ 5ක්

    දරුවන්ගේ හානිදායක රෝග ලක්ෂණ 5ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it