theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

උඳුගොව්වෝ කෑම නිසා ඔබේ හිසකෙස් අවලස්සන වෙලාද?

5 අවම කියවීම
උඳුගොව්වෝ කෑම නිසා ඔබේ හිසකෙස් අවලස්සන වෙලාද?උඳුගොව්වෝ කෑම නිසා ඔබේ හිසකෙස් අවලස්සන වෙලාද?

උඳුගොව්වෝ කෑම නිසා මානසිකව පීඩා විදින ඔබ කියවිය යුතුම ලිපියකි.

උඳුගොව්වෝ කෑම යනු ඔබේ හිසේ තැනින් තැන හිස කෙස් ගැලවී ගොස්  පැල්ලම් වැනි කැපී පෙනෙන තට්ටය කොටස් ඇති කරනු ලැබීමයි.

එය ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගී තත්වයකි. 

ඔබත් මෙලෙස හිසේ තැනින් තැන හිස කෙස් අහිමි වී පැල්ලම් ලෙස තට්ටය මතු වු පුද්ගලයන් දැක ඇති.

එය ටිකක් අමිහිරි දසුනක් නේද?

මෙම තත්වය ඕනෑම වයසකදි ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව වැළදෙන්න පුළුවන්.

නමුත් බොහෝ විට වයස අවුරුදු 30 ට පෙර එය වැළදේ.

මෙම තත්වය එකවර එනම්  දින කිහිපයක් තුල ඇති වෙනවා. එය ඒ තරම් වේගවත්.

මේ තත්වය ආතතිය නිසා ඇති වෙන බවට සාක්ෂි ඇත්තේ ස්වල්ප ප්‍රමාණයකි.

උඳුගොව්වෝ කෑම සදහා ප්‍රතිකාර නොමැත. බොහෝ විට එය ඉබේ සුව වෙනවා.

මෙහිදි සමහර අයගේ පැල්ලම් කිහිපයක් සේ හිසකෙස් හැලී නතර වෙන අතර සමහර අයගේ තත්වය ඊට වඩා දරුණු වෙනවා.

එහිදි මුළු හිස් කබලේම හිසකෙස් ගැල වී යාම හෝ ඉද හිට අවස්ථාවල මේ තත්වය මුළු සිරුර පුරා පැතිරීම දකින්න පුළුවන්.   

මෙම ලිපිය මගින් උඳුගොව්වෝ කෑමේ තත්වය , එයට හේතු , රෝග ලක්ෂණ හා ප්‍රතිකාර ගැන වැඩිදුරටත් සොයා බලමු.

ඔබත් ලස්සන හිසකෙස් කළඹක් සිහින දකිනවා වෙන්න පුළුවන්.

එවන් පසුබිමක මෙවන් රෝගි තත්වයක් ඇති වුනොත් ඔබ මානසිකව කඩා වැටීමක් වෙන්නේ නියතිනි.

ඒ නිසා මෙම රෝගය ගැන යම් අවබෝධයක් ලබා ගැනීමෙන් ඔබගේ මානසික පීඩනය සමනය කරගන්න පුළුවන්.

උඳුගොව්වෝ කෑම සදහා ප්‍රතිකාර 

උඳුගොව්වෝ කෑම නිසා ඔබේ හිසකෙස් අවලස්සන වෙලාද?

කෙස් නැවත වර්ධනය වීම සදහා වෛද්‍යවරුන් ඖෂධ නිර්දේශ කලද මෙම රෝග තත්වය සදහා ප්‍රතිකාර නොමැත.

නමුත් මෙම තට්ට පැල්ලම් ඇතිවීම වැළැක්වීම හා හිස කෙස් වැවීම වැනි දේ සදහා වෛද්‍යවරුන් විවිධ ඖෂධ යොදා ගනු ලබනවා. එබැවින් ඔබට මෙවැනි තත්වයක් ඇති නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

උඳුගොව්වෝ කෑමෙන් පීඩා විදින අයට හිසකෙස් ආරක්ෂා කිරීමට ගත හැකි පියවර

  • හිරු එළියට යන විට හිරු රැසින් ආරක්ෂා විය හැකි ආලේපන භාවිතා කරන්න.
  • ඇහි බැම සහ ඇහි  පිහාටු  ආරක්ෂා වන හිරු රශ්මියෙන්  ඇස් ආරක්ෂා කරන ආවරණ කණ්නාඩි පළඳින්න.
  • හිස හිරු රැසින් රැක ගැනීමට  තොප්පි, විග් සහ ස්කාෆ් වැනි හිස් ආවරණ භාවිතා කරන්න.

මෙම රෝගි තත්වය නිකරුනේ වැළදෙන්නේ හෝ බෝවන්නේ නැහැ.

නමුත් හිසකෙස් හැලීයාම නිසා මානසිකව පීඩනයට ලක්වෙන්න පුළුවන්.

එවන් අවස්ථාවකදි මිනිසුන්ට හිස කෙස් වැඩීමේ ප්‍රතිකාර මෙන්ම මානසිකත්වය ඉහළ නැංවීමේ ප්‍රතිකාරද අවශ්‍ය වෙනවා.

ඒ සදහා උපදේශන සේවයක සහය ගන්න පුළුවන්.

උඳුගොව්වෝ කෑම ඇති වීමට හේතු

උඳුගොව්වෝ කෑම නිසා ඔබේ හිසකෙස් අවලස්සන වෙලාද?

සුදු රුධිරාණු හිසකෙස් වල ඇති සෛල වලට පහර දෙන විට එම සෛල හැකිලී කෙස් නිෂ්පාදන වේගය අඩු වෙනවා. 

ඇත්තටම සුදු රුධිරාණු මෙලෙස හිස කෙස් සෛල වලට පහර දීමට හේතුව නිශ්චිතවම පවසන්න බැහැ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඒ වගේම මෙම රෝගී තත්වය ඇති අයෙක් පවුලේ සිටි නම් එම තත්වයට ගොදුරු වීමට වැඩි ඉඩක් තියෙනවා.

මෙම තතවය ඇති වන්නේ ජානමය හේතු නිසාද නැතිනම් මානසීක පීඩනය නිසාද යන්න තවම නිශ්චිතවම කියන්න බැහැ.

අත් බෙහෙත්

ඔබට අසාත්මිකතාවයක් හෝ වෙනත් රෝගි තත්වයක් ඇති නම් අත් බෙහෙත් වුවත් වෛද්‍ය උපදෙස් මත භාවිතා කිරීම සුදුසු වෙනවා.

ළූණු හෝ සුදුළූණු යුෂ, සිසිල් කළ ග්‍රීන් ටී, ආමන්ඩ් ඔයිල් , රෝස්මරී ඔයිල්, මී පැණි හෝ පොල් කිරි හිස්කබලට ආලේප කිරීම සමහරුන් නිර්දේශ කරනවා.

මේ කිසිවක් හානිදායක නොවන නමුත් ඒවායේ කාර්යක්ෂමතාවයට පර්යේෂණ මගින් සනාථ කර නැහැ.

සමහර අය කටු චිකිත්සාව සහ ඇරෝමා තෙරපි  වැනි විකල්ප ප්‍රතිකාර ක්‍රම වෙත යොමුවෙනවා මෙම ප්‍රතිකාර සඳහාද ප්‍රමාණවත් සාක්ෂි ලැබී නැහැ.

රෝග ලක්ෂණ

  • මෙහි ප්‍රධාන  රෝග ලක්ෂණය වන්නේ කෙස් වැටීමයි. එහිදි  හිස්කබලේ කාසි ප්‍රමාණයේ පැල්ලම් සහිත වෙන විදියට කෙස් හැලීමට පටන් ගන්නවා.
  • රැවුල සහ ඇහි බැම ඇතුළුව හිසකෙස් වර්ධනය වන ඕනෑම තැනක මෙම තත්වය ඇති වෙන්න පුළුවන්.
  • හිසකෙස් එකවර හැලෙන අතර දින කිහිපයකින් හෝ සති කිහිපයකින් ඒවා වර්ධනය වෙනවා. 
  • හිසේ කෙස් හැලීමට පෙර එම ප්‍රදේශයේ කැසීම හෝ දැවිල්ලක් ඇතිවීම සිදුවෙන්න පුළුවන්. 
  • හිසකෙස් මුල විනාශ නොවන අතර එම නිසා කෙස්වල දැවිල්ල අඩු වුවහොත් හිසකෙස් නැවත වර්ධනය වෙනවා.
  • හිසකෙස් ගැලවී ‌‌ගොස් තට්ටය පැල්ලම් කිහිපයක් පමණක් ඇති අයට ප්‍රතිකාර වලින් තොරව සුවය ලැබෙනවා.

මෙම රෝගි තත්වය ඇති අයගෙන් අඩක් පමණ පළමු වසර තුල සුවය ලබන අතර සමහරුන්ට ඒ තත්වය වර්ධනය වෙන්න පුළුවන්.

එහිදි වෛද්‍ය උපදෙස් කරා යොමු වී හිසකෙස් වර්ධනය කර ගත හැකි ක්‍රම ගැන අවධානය යොමු කරන්න.

මෙම තත්වය අත් පා වල නියපොතු වලටද බලපෑම් ඇති කරන්න පුළුවන්.

නියපොතු වලින් මතුවෙන ලක්ෂණ

මෙම රෝගය නිසා යම් යම් ලක්ෂණ ඔබේ නියපොතු වලින් දිස් වෙන්න පුළුවන්. පහත දක්වා ඇති ලක්ෂණ ඔබේ නියපොතු වලින් දිස්වන්නේ නම් සැලකිලිමත් වෙන්න.

උඳුගොව්වෝ කෑම නිසා ඔබේ හිසකෙස් අවලස්සන වෙලාද?

  • ඇගිලි වල පැල්ලම් ඇති වීම
  • සුදු ලප සහ රේඛා දිස්වීම
  • නියපොතු රළු වීම
  • ඔබගේ නියපොතු වල දීප්තිය නැති වීම
  • නියපොතු තුනී වී බෙදී යෑම

රෝග විනිශ්චය

වෛද්‍යාවරයා නිරීක්ෂණය කර රෝගය හදුනා ගනියි.

මූලික සායනික පරීක්ෂණයකින් පසුව, රෝග විනිශ්චය කිරීමට වෛද්‍යවරයාට නොහැකි නම්, ඔවුන්ට සමේ බයොප්සි පරීක්‍ෂණයක් කරන්න පුළුවන්.

නැතිනම් රුධිර පරික්ෂණයක් කරන්න පුළුවන්.

මෙම රෝගයේ ලක්ෂණ හදුනා ගැනීම එතරම් අපහසු නැති නිසා වෛද්‍යවරුන් එය පහසුවෙන් හදුනාගනු ලබනවා.

මේ ලිපියේ අඩංගු කාරණා ඔබට වැදගත් වේවි යැයි අපි හිතනවා.

ඔබත් මෙම උදුගොව්වන් කෑම නිසා හිසකෙස් අහිමිව මානසික පීඩනයකින් ඉන්න අයෙක් නම් ඔබේ හිතට සැහැල්ලුවක් ගෙන දෙන බොහෝ කාරණා මෙම ලිපියේ අඩංගු වෙනවා.

ඔබත් මෙම රෝගි තත්වයෙන් පීඩා විද තියෙනවාද?

නැතිනම් ඒ සදහා වෙනත් අත්බෙහෙත් වර්ගයක් භාවිතා කර සාර්ථක වී තියෙනවාද? ඔබේ අදහස් අපි හා බෙදා ගන්න.

මුලාශ්‍ර - www.medicalnewstoday.com/articles

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • උඳුගොව්වෝ කෑම නිසා ඔබේ හිසකෙස් අවලස්සන වෙලාද?
බෙදාගන්න :
  • දරු ප්‍රසූතියෙන් පසු කෙස් හැලීම වැළැක්වීමට නිවසේදීම කල හැකි අපූරු සත්කාර 6ක්

    දරු ප්‍රසූතියෙන් පසු කෙස් හැලීම වැළැක්වීමට නිවසේදීම කල හැකි අපූරු සත්කාර 6ක්

  • Try These 6 Time-Tested Home Remedies To Beat The Post Pregnancy Hair Fall

    Try These 6 Time-Tested Home Remedies To Beat The Post Pregnancy Hair Fall

  • දරු ප්‍රසූතියෙන් පසු කෙස් හැලීම වැළැක්වීමට නිවසේදීම කල හැකි අපූරු සත්කාර 6ක්

    දරු ප්‍රසූතියෙන් පසු කෙස් හැලීම වැළැක්වීමට නිවසේදීම කල හැකි අපූරු සත්කාර 6ක්

  • Try These 6 Time-Tested Home Remedies To Beat The Post Pregnancy Hair Fall

    Try These 6 Time-Tested Home Remedies To Beat The Post Pregnancy Hair Fall

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it