theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අළුහම් නැමති සමේ රෝගය හා එයට ප්‍රතිකාර දැනුවත් වෙමු

5 අවම කියවීම
අළුහම් නැමති සමේ රෝගය හා එයට ප්‍රතිකාර දැනුවත් වෙමුඅළුහම් නැමති සමේ රෝගය හා එයට ප්‍රතිකාර දැනුවත් වෙමු

අලුහම් ‌රෝගය ගැන හා එහි ප්‍රතිකාර ගැන දැනුවත් ‌වෙමුද?

අළුහම් ගැන අපි අද කතා කරමු. ලස්සන දීප්තිමත් සමක් හැමෝගෙම හීනයක් නේද? අපි අපේ සමට කොයිතරම් නම් සත්කාර කරනවාද? ඒත් නොසිතු මොහොතක සමේ අවලස්සන යමක් මතු වුවහොත්?

සමේ දිලීර ආසාදනයක් නිසා ඔබේ සම පුරා විසිරෙන ලා පැහැති පැල්ලම් ගැන ඔබ දැනුවත්ද? ඒවා තමයි අළුහම් කියන්නේ. නැතිනම් පුරාණයේ සමේ පෙති ගෝමර හෝ මල් ගෝමර ඉහිනවා කියන්නේ මේ අළුහම් (Pityriasis Versicolor or Tinea Versicolor) වලටම තමයි. ඒකල එය රුව ඔප්නංවන ලක්ෂණයක් ලෙස සැලකුවද අද වෙන විට එය රෝගී තත්වයක් ලෙස හදුනාගෙන තියෙනවා. ඇත්තටම එය සමේ ඇතිවෙන පුස් වර්ගයක්.

ඉස්සර මෙන් නොව අද සමාජයේ ‌මෙම තත්වය පිළිගන්නේ රෝගී තත්වයක් ලෙසයි. මෙම සමේ රෝගයට Malassezia furfur නම් සමේ වෙසෙන දිලීරය ආසාදනය වීම හේතුවෙනවා. තරබාරු අයට අළුහම් ඇතිවීම ඇති ඉඩකඩ අන් අයට වඩා වැඩියි. මෙය ඕනෑම වයස්‌ පුද්ගලයකුට ඇතිවෙන්න පුළුවන්. ඉතා කුඩා දරුවන්ගේ අළුහම් බොහෝවිට ඇතිවන්නේ  ඇස ප්‍රදේශය ආශ්‍රිතවය. ඊට හේතුවන්නේ ඔවුන්ගේ ඇසින් නිතර කඳුළු ගැලීමයි.

මෙම තත්වය සම මත පැතිර යැම පුද්ගලයන්ගේ සමෙහි පිහිටීම සහ දිලීර වර්ගය අනුව සිදුවනවා. ඔබ ‌‌මේ ‌රෝගය ගැන දැනුවත් වීමෙන් එයින් මිදීමට ‌‌‌හෝ එය වළක්වා ගැනීමට පුළුවන්.

අළුහම් ඇතිවීමට හේතු

  • පරිසරයේ උණුසුම වැඩිවීම
  • පරිසරයේ තෙතමනය හෙවත් ආර්ද්‍රතාවය වැඩිවීම
  • අධිකව දහඩිය දැමීම
  • සිරරේ නිතර තෙත් බවක් රඳා තිබීම
  •  කොට්ට උර, ඇඳ ඇතිරිලි පිරිසුදුව නොතැබීම
  •  කෘත්‍රිම ආහාර පාන වැඩි වශයෙන් ගැනීම
  •  බ්ලීචිං අඩංගු බොඩි ලෝෂන් ගැල්වීම
  • පරම්පරාව තුළ අලුහම් ඇතිවීමට ප්‍රවණතාවයක් පැවතීම
  • ඌණ පෝෂණය විශේෂයෙන් විටමින් C
  • ප්‍රතිශක්තිය දුර්වල වීම
  •  ජානමය හේතුන්
  •  හිරු එළියට නිරාවරණය නොවීම
  • ස්නානයෙන් හෝ ශරීරය සේදීමෙන් පසුව හොඳින් සම පිසදා නොගැනීම
  •  තෙත ඇඳුම් ඇඳීම
  •  රුධිරයේ ඇති උෂ්ණාධික බව 

වෙනත් සමේ රෝගයකින් අළුහම් වෙන් කර හදුනා ගැනීම

  • ඇතැම්විට මෙම අළුහම් , බොහෝවිට දක්‌නට ලැබෙන්නේ කිහිල්ල, බෙල්ල, පපුව, පිට ප්‍රදේශය ආශ්‍රිතවයි. නමුත් සමේ ඕනෑම ස්‌ථානයක අළුහම් පැතිර යා හැකියි.
  • සමේ ආසාදනය වූ ස්ථාන වල ලා පැහැති කුඩු ගැලවෙන ලප ලෙස දිස් වෙනවා
  • මෙම අළුහම් සමේ පැහැයට වඩා තද පැහැයක්‌ ගන්නවා. තවත් අලුහම්, දුඹුරු, කළු ආදී පැහැයන්ගෙන් පැතිරෙනවා.
  • අළුහම් ඇතිවිට වැඩිපුර දහඩිය දැමීම සහ කැසීම ඇතිවෙන්න පුළුවන්.
  • ස්‌නානය කළ පසු සහ දහදිය දැමූවිට අළුහම් සම මතුපිට ඉලිප්පී පවතිනවා.
  • අළුහම් සම මත හට ගන්නාවිට එය රවුම් ලෙස දක්‌නට ලැබෙනවා. ඇතැම් විට මෙය රෝම කූපයක්‌ වටා පැතිර තිබෙනවා.
  • අළුහම් ඇති ස්ථානය අතින් සීරූ විට කුඩු කුඩු මෙන් සුදු පැහැයට ගැළ වී යයි.
  • පොකුරු වශයෙන් දකින්ට ලැබෙන අතර සෙමෙන් වර්ධනය වෙනවා.

4

අළුහම් වලට ප්‍රතිකාර

අළුහම් විටමින් සිරුරේ විටමින් සී අෟණතාවයක් ලෙස සැලකෙන අතර බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලැබීම පෙර සමේ රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවෙන්න.

ප්‍රතිකාර ක්‍රම

  • ප්‍රති-දිළීර (Anti-fungal) ක්‍රීම් වර්ගයක් ආලේප කිරීම
  • ක්ලෙන්සර් භාවිතය
  • උග්‍ර ආසාදන ඇතිවිට මුඛයෙන් ගන්නා ප්‍රති-දිළීර ඖෂධ

ඖෂධ ලබා ගැනීමෙන් අනතුරුව සමෙහි වර්ණය යථා තත්ත්වයට පත්වීමට මාස කිහිපයක් ගත වෙන්න පුළුවන්. නැවත  අළුහම් හට ගැනීමේ අවදානමක් තියෙනවා.

අත්බෙහෙත්

නිවසේ සාමාන්‍යයෙන් සොයා ගත හැකි මෙම ප්‍රතිකාර ක්‍රම ඔබටත් අත්හදා බලන්න පුළුවන්. නමුත් ඔබට අසාත්මිකතා ඇත්නම් මෙම ආලේප භාවිතා කිරිමේදි සැලකිලිමත් වන්න. වැඩි ආරක්ෂාව සදහා ඔබ සකස් කරගන්නා ආලේපනයෙන් ස්වල්පයක් කන් පෙත්ත පිටුපස ආලේප කර මද වේලාවක් තබා ආසාත්මිකතා ඇතිවේදැයි බලන්න.

  • ඇත්තෝර කොළ දෙහි ඇඹුල් යුෂ සමඟ අඹරා අලුහම ඇතිතැන ආලේපකොට එය වියළුණු පසුව සෝදා හරින්න.
  • පෙති තෝර කොළ හා අමු කහ, දෙහි සමඟ මිශ්‍රකොට ආලේපකර එය වියළුණු පසුව සෝදා හරින්න.
  • සුදු හඳුන් දෙහි ඇඹුලෙන් ගලගා අළුහම් වල ගල්වන්න.
  • කළුවා අල ඇඹුලෙන් ගලගා අළුහම් සහිත තැන්වල ගල්වන්න.
  • පේර කොල කොටා ඒ යුෂ අළුහම් වල ගල්වනන.
  • කොහොඹ කොළ,ගන්සූරිය,අමුකහ එකට කොටා අලුහම් මත අතුල්ලන්න
  • ඇත්තෝර, පින්න කොළ , කොහොඹ කොළ , අමුකහ හා දෙහි ඉෂ්ම සමග අඹරා ආලේප කර වියළුණු පසුව සෝදා හරින්න.
  •  පේර දළු දෙහි ඇඹුල් සමඟ අඹරා ආලේප කරන්න.
  • හෙන්දිරික්කා කොළ පොල්තෙල්වලින් අඹරා ආලේප කරන්න.
  • කැකිරි ගෙඩියක ඇස්ස කපා එය අළුහම් ඇති තැන්වල ගලවන්න.
  • තෝර කොළ,අමු කහ එකට අඹරා ගාන්න

මෙම ප්‍රතිකර්ම අවම වශයෙන් සතියකට දින කිහිපය බැගින් මාස තුනක පමණ කාලයක් සිදු කරන්න.

සමේ ආරක්ෂාවට පොදු උපදෙස්

2

සම යනු මිනිසාගේ සිරුරේ ඇති විශාලතම අවයවයයි.පිටත සම  නිරන්තරයෙන් බාහිර පරිසරයට විවෘත වෙනවා. ඒ නිසා බැක්ටියා හා විෂබීජ එහි රෑදි සමේ විවධාකාර රෝග හටගන්න පුළුවන්. ඒ නිසාම ඔබේ සමට වැඩි අවධානයක් මෙන්ම වැඩි රැකවරණයක් ලබා දීම වැදගත් වෙනවා.

ඒ නිසා අපි අද ‌ගෙන එන  සම සුරකීමට වැදගත්හි වන බාහිර හා අභ්‍යන්තර සත්කාර ඔබට වැදගත් ‌වේවි. අළුහම් කියන්නේ එක් සමේ ‌රෝගයක් පමණයි. ‌මෙවැනි ස‌ෙමේ ‌රෝග තව ‌ගොඩාක් තියෙනවා. ඒවායින් ඔබේ සම ආරක්ෂා කරගෙන ලස්සනට ඉන්න.

ඔබට ශරිර අභ්‍යන්තරයට දෙන්න පුලුවන් සත්කාර

  • දිනකට ජලය ලීටර් හතරක් පමණ පානය කරන්න
  • නැවුම් පළතුරු, එළවළුල පලා වර්ග බහුලව  ආහාරයට ගන්න.
  •  කෘතිම සහ ක්ෂණික ආහාර පාන වලින් වළක්න්න
  • මලබද්ධය වලක්වා ගන්න.
  • හිතේ සැනසීමෙන් සිටින්න.
  • ව්‍යයාම ලබාගන්න
  • ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න.

ඔබට බාහිරව කරන්න පුළුවන් සත්කාර

1

  •  දිනකට දෙවරක් සම පිරිසිදු කරන්න
  • හිරු එළියෙන් හා  දූවිලි වලින් සම ආරක්ෂා කර ගන්න
  • දිනපතා ස්නානය කරන්න
  • සමට නිතර පෝෂණය හා සත්කාර ලබා දෙන්න
  • යම් රෝගී ලක්ෂණයක් දුටු විට ප්‍රතිකාර සදහා යොමු වෙන්න.

ඔන්න ඉතින් අළුහම් ගැනත් ඔබේ සමේ ආරක්ෂාව ගැනත් ගොඩාක් දේවල් අපි ඔබට කිව්වා. ඒත් මේ දේවල් ගැන සමහර විට ඔබ ලගත් තොරතුරු තියෙන්න පුළුවන්. පහත කමෙන්ට් තීරුවේ ඔබේ අදහස් අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්න.

මුලාශ්‍ර - lakpedia  suwasewana  niroga

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

 

 

.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • අළුහම් නැමති සමේ රෝගය හා එයට ප්‍රතිකාර දැනුවත් වෙමු
බෙදාගන්න :
  • "Help! My newborn's skin is peeling": What Sri Lankan parents need to know

    "Help! My newborn's skin is peeling": What Sri Lankan parents need to know

  • කොරල සම නැතහොත් වියළි සමට ප්‍රතිකාර

    කොරල සම නැතහොත් වියළි සමට ප්‍රතිකාර

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

  • "Help! My newborn's skin is peeling": What Sri Lankan parents need to know

    "Help! My newborn's skin is peeling": What Sri Lankan parents need to know

  • කොරල සම නැතහොත් වියළි සමට ප්‍රතිකාර

    කොරල සම නැතහොත් වියළි සමට ප්‍රතිකාර

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it