theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කරදර අතරින් උදාවෙන ‌මෙදා අලුත් අවුරුද්ද සමරන්නේ කොහොමද?

5 අවම කියවීම
කරදර අතරින් උදාවෙන ‌මෙදා අලුත් අවුරුද්ද සමරන්නේ කොහොමද?කරදර අතරින් උදාවෙන ‌මෙදා අලුත් අවුරුද්ද සමරන්නේ කොහොමද?

අපිට සමරන්න බැරි අලුත් අවුරුද්දේ අ‌පේ දරුවන්ටවත් සතුටක් ලබා ‌දෙමු.

ඇත්තටම මේ 2020 අලුත් අවුරුදු ලබන්නේ සතුටුදායක කාලයක නම් නොවේ.

ලොව පුරා රෝ බිය, මරණ බිය පැතිර යද්දි ලෝකයේ රටවල් බොහොමයක ආර්ථිකය කඩා වැටිලා.

අපි ඔක්කොම නිවෙස් ඇතුලට හිරවෙලා. අලුත් ඇදුම් නැහැ. රසකැවිලි පිරුනු මේසයක් නැහැ. අවුරුදු උත්සව නැහැ. නැදෑ හිතවතුන් නැහැ.

අවම වශයෙන් හිතේ සහනයක්වත් නැහැ.

ඒ විතරක් නෙමෙයි අපේ රටේ ජනාතාව වෙනුවෙන් කැපවෙලා ඉන්න සෞඛ්‍ය, ආරක්ෂක සේවා ඇතුලු අත්‍යාවශ්‍ය සේවයේ නියුතු සියල්ලන්නටම මෙදා අවුරුද්දේ තම ආදරණියයන් දකින්නවත් නැහැ.

හරිම ශෝචනියයි නේද?

මේ අසීරු 2020 අලුත් අවුරුදු උදාව ගෙවාගන්නේ කොහොමද?

මෙදා අවුරුද්දේ අපිට හදවතින් සතුටු ‌වෙන්න අමාරුයි කියලා මම පළමුවෙන්ම මතක් කරනවා.

ඒත් නිවසටම ‌කොටු වුන පුංචි පැටවුන්ට ‌මේ ව්‍යසනය වැටහෙන්නේ නැහැ. 

ලෝකය කඩා වැටුනත් එයාලා ඉන්නේ සතුට පිරුන පුංචි ‌ලෝකය තුලයි.

ඒ වගේම පාසැල් ගමන හිටිහැටි‌ෙයේ අඩාල ‌වෙලා නිවසටම හිර වුන පුංචි පැටව්න්ගේ හිත් වලටත් ‌බොහොම අමාරු ඇති.

එසේ වන්නේ සමාජ දුරස්ථභාවය ඔවුන් ප්‍රථමවරට අත්විදින නිසයි.

ඒ වගේම ‌මේ උදාවෙන්නේ අපි කවදාවත් සමරපු නැති ‌ ‌ඛේදවාචකයක් මැද උදා ‌වෙන අලුත් අවුරුද්දක්.

ඉතින් ඒ පුංචි හිත් වලට ‌වෙනසක් ‌දෙන්න වගේම අවුරුදු චාරිත්‍ර එයාලාට කියාදෙන්න පමණක් ‌මෙය අවස්ථාවක් කර ගනිමු.

කරදර අතරින් උදාවෙන ‌මෙදා අලුත් අවුරුද්ද සමරන්නේ කොහොමද?

ඔබට ඒ ‌වෙනුවෙන් කළ හැකි ‌දේවල්

  • දරුවන් අලුත් අවුරුද්ද එනකම් බලාගෙන ඉන්නේ අලුත් අවුරුදු රසකැවිලි කන්නමයි. අන්න ඒ නිසා  ඔවුන්ට ඔබට හැකි විදියට රස කැවිලි කිහිපයක් සකස් කර ‌දෙන්න.
  • හැමෝට ‌වේලාව තියෙන නිසා එකතු ‌වෙලා නිවෙස අස් කරන්න. මකුළු දැල් කඩන්න. කාමර අස් කරගන්න. වත්ත පිටිය සුද්ද කරගන්න ‌මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න. ඔබේ නිවස පිළිවෙල හා පිරිසිදු කරගන්න පුළුවන්.
  • පුණ්‍ය කාලය ‌වේලාවට පවුලේ හැමෝම එකතු ‌වෙලා ආගම සිහිකරලා ශ්‍රී ලංකාව ඇතුලු මුළු ‌ලෝකයටම නිරෝගි සුව පතන්න.
  • පුංචි පැටවුන්ට කිරිබතක් හදලා දුන්නොත් එයාලා සතුටු ‌වේවි. අනෙක් රසකැවිලි නැතත් කිරිබත් ටිකක් වත් හදලා ‌දෙන්න උත්සහ කරන්න.
  • වැඩ අල්ලන ‌වේලාවට ඔබේ ‌ගෙවත්තේ ඉඩක් තියෙනවා නම් ගසක් සිටුවන්න. නැතිනම් එළවළු පැළයක් හරි සිටුවන්න.
  • වැඩිහිටියන්ට වදින්න කියා ‌දෙන්න.
  • දරුවන්ට ඔන්චිලි ‌සෙල්ලම්, රබන් වැයීම, පංචා දැමීම වැනි අවුරුදු කාලයට විශේෂිත ක්‍රීඩා වල ‌යෙදෙන්න අවස්ථාවක් ලබා ‌දෙන්න.
  • නෑගම් යන්න නම් බැහැ ‌නේද? ඒ නිසා නෑදෑ හිතමිතුරන්ට විඩීයෝ ඇමතුමක් ‌හෝ ඇමතුමක් දී සුව දුක් විමසන්න. සමාජ දුරස්ථභාවය ප්‍රථමවරට අත්විදින ඔවුන්ටත් එය හිතට සහනයක් ‌වේවි.

කරදර අතරින් උදාවෙන ‌මෙදා අලුත් අවුරුද්ද සමරන්නේ කොහොමද?

මේ අලුත් අවුරුද්දේ ඔබේ දරුවාට පවුලේ සමගියේ වටිනාකම ගැන කියාදෙන්න අවස්ථාවක් කරගන්න.

ආගම සිහිකිරීම, නිවාස අස් කිරීම්, කැවිලි පිළියෙල කිරීම් පවුලම එකතු වෙලා කරන්න.

බැදීම් වල වටිනාකම හා ඒවා රැකගත යුත්තේ ඇයි යන්න ඔබේ දරුවාට කියා ‌දෙන්න.

ඒ වගේම දරුවාට වැඩිහිටියන්ට ගෞරව බුහුමන් දක්වන්න කියා දෙන්න. 

අද සාමාජයේ වැඩිහිටියන්ට හිස නවා වැදීම ටිකක් මැකි යමින් තියෙන චාරිත්‍රයක් නිසා එහි වටිනාකම කියාදෙන්න.

එවිට අවම වශයෙන් නිවසටම ‌කොටු වී සිටින  ‌මෙම දීර්ඝ නිවාඩුවේ එක් සුන්දර මතකයක් ‌හෝ ඔවුන්ට ඉතිරි ‌වේවි.

2020 අලුත් අවුරුදු නැකත් දැනගන්න කැමති අයට නැකත් පත්‍රය පහලින්

  • නව සඳ බැලීම

අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා දිනද, අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 26 වන ඉරිදා දිනද නව සඳ බැලීම මැනවි.

  • පරණ අවුරුද්ද සඳහා ස්නානය

අප්‍රේල් මස 11 වැනි සෙනසුරාදා දින නුග පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවී.

  • අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 වෙනි සඳුදා දින අපර භාග 08.23 ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ.

  •  පුණ්‍ය කාලය 

අප්‍රේල් මස 13 වෙනි සඳුදා අපර භාග 01:59 සිට එදින රාත්‍රී 02:47 (අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූභා. 02:47) දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වෙනි සදුදා දින අපර භාග 01:59 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීම සුදුසු ‌වෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් අප්‍රේල් මස 13 වෙනි සඳුදා අපර භාග 08:23 සිට අප්‍රේල් 14 අගහරුවාදා පුභා. 02:47 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර ඉටු කිරීම මැනවී.

  • ආහාර පිසීම

අප්‍රේල් මස 13 වෙනි සදුදා අපර භාග 10.05 ට ස්වේත වර්ණ (සුදු පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ළිප් බැඳ ගිනි මොළවාදී කිරී මිශ්‍ර කිරි බතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් සහ අග්ගලා පිළියෙල කර ගැනීම මැනවී.

කරදර අතරින් උදාවෙන ‌මෙදා අලුත් අවුරුද්ද සමරන්නේ කොහොමද?

  •  වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය 

අප්‍රේල් මස 13 වෙනි සදුදා අපර භාග 10:43ට ස්වේත වර්ණ ( සුදු පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුභවය මැනවී.

  • හිසතෙල් ගෑම

අප්‍රේල් මස 15 වෙනි බදාදා දින පූර්ව භාග 09:17ට නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද, පයට කොලොන් පත් ද තබා හරිත වර්ණ ( පළාවන් ) වස්ත්‍රාභරණයෙන් සැරසි කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු දතෙල්ද ගා ස්නානය කිරීම මැනවී.

  • රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම 

අප්‍රේල් මස 17 වෙනි සිකුරාදා පූර්ව භාග 07:56 ට ලා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, තල සහ හකුරු මිශ්‍ර කිරී බතක් අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත්ව යාම මැනවී.

ඒ වගේම ‌මේ ‌මොහොතේ ඔබ කල යුතු වැදගත්ම ‌දේ නිවසට වී සිටිමයි.

ඇදිරි නිතීය ඉවත් කරන පළාතක වුනත් ඇදිරි නිතීය ලිහිල් කල විට එය අවුරුද්දට ‌ෂොපින් යන්න අවස්ථාවක් කර ‌නොගන්න.

නෑදෑ ගමන් යන්න උත්සහ කරන්න එපා. ඒ වගේම ඔබේ නිවසට කිසිම අමුත්තෙක් පිළිගන්න එපා.

මුළු රටට අසීරු කාලයක් ‌ගෙවි යනවා.

ලබන්නා වු ‌මේ අලුත් අවුරුද්ද ඔබ සැමට ‌රෝ බිය වලින් ‌තොර නිරෝගි අලුත් අවුරුද්දක් ‌වේවා කියා අපි එක සිතින් පතමු.

ඡායාරූප සදහා ස්තුතිය - සජිත් සී පතිරණ මහතා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • උත්සව
  • /
  • කරදර අතරින් උදාවෙන ‌මෙදා අලුත් අවුරුද්ද සමරන්නේ කොහොමද?
බෙදාගන්න :
  • අලුත් අවුරුද්ද නව දැක්මක් එක්ක පටන් ගනිමුද?

    අලුත් අවුරුද්ද නව දැක්මක් එක්ක පටන් ගනිමුද?

  • බැඳීම් අලුත් කරන අලුත් අවුරුද්දේ අරුමය ගැන දරුවන්ට කියාදෙන්න

    බැඳීම් අලුත් කරන අලුත් අවුරුද්දේ අරුමය ගැන දරුවන්ට කියාදෙන්න

  • අලුත් අවුරුද්ද නව දැක්මක් එක්ක පටන් ගනිමුද?

    අලුත් අවුරුද්ද නව දැක්මක් එක්ක පටන් ගනිමුද?

  • බැඳීම් අලුත් කරන අලුත් අවුරුද්දේ අරුමය ගැන දරුවන්ට කියාදෙන්න

    බැඳීම් අලුත් කරන අලුත් අවුරුද්දේ අරුමය ගැන දරුවන්ට කියාදෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it