ඔබට නිතර දැනෙන මහන්සිය මේ රෝග 5 ට අදාල ‌රෝග ලක්ෂණයක් විය හැකියි

ඔබට නිතර දැනෙන මහන්සිය මේ රෝග 5 ට අදාල ‌රෝග ලක්ෂණයක් විය හැකියි

මහන්සිය සුළු ‌කොට සලකා ‌නොසලකා හරින්න එපා.

දෙමව්පියන් වශයෙන්, අපි කොයි කවුරුත් මහන්සිය හා ‌වෙහෙසට පත්වෙනවා. විවේකය හා නින්ද අඩු කම මෙන්ම අධික වැඩ රාජකාරි මෙයට හේතු වෙනවා.

ඇත්තටම අපිට හුස්මක් ගන්න තරම්වත් නිවනක් තියෙනවාද? උදේ පාන්දර ඉදලා රෑ වෙනකම් මේ කකුල් දෙකෙන් කොච්චර දුව පනිනවාද?

අත් දෙකෙන් කොයි තරම් නම් වැඩ කන්දරාවක් කරනවාද? ඒ විතරක් නෙමෙයි අපි මනසින් කොතරම් මන්හන්සි වෙනවාද?

අවසානයේ රෑට වත් නින්දක් තියෙනවාද? නැහැ. මේ අපි සියල්ලන්ගේම කථාවයි.

අපි මෙහෙම වෙහෙස දැනෙන කොට චුට්ටක් ඇදට ගිහින් නිදා ගන්නවා නැත්නම් ටිකක් වාඩි වෙලා ඉන්නවා. 

එවිට මහන්සිය ටිකක් සමනය ‌වෙනවා කියලා අපි කවුරුත් අත්දැකීමෙන්ම දන්නවා.

මහන්සිය එහෙම නිවා ගන්න උත්සහ කලාට සමහර විට එය යම් යම් රෝග වල රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන් කියලා ඔබ දන්නවාද? 

ඇත්තටම මේ වෙහෙස නැතිනම් තෙහෙට්ටුව වැඩ බහුල වීම මත සෑදෙන්නක් මිස රෝගයක් නම් නෙමෙයි.

නමුත් මෙය තවත්  ලක්ෂණ සමග පැමිණේ නම් එය සමහර රෝග වල රෝග ලක්ෂණයක් විදියටත් සලකනවා.

අපි අද ඔබට එවන් රෝග 5 ක් ගැන කියා දෙනවා.

බලන්න ඔබට ‌මේ ‌රෝග ලක්ෂණ එක්කම මහන්සිය දැනෙනවාද කියලා?

ඔබට නිතර දැනෙන මහන්සිය මේ රෝග 5 ට අදාල ‌රෝග ලක්ෂණයක් විය හැකියි

ඔබට මහන්සිය දනවන රෝග 5 ක්

මේ  ‌රෝග 5 ම නිතර අපි අතර දකින්න ලැබෙනවා. ඉතින් මහන්සියත් එක්ක අත්වැල් බැදගත්ත ‌මේ ‌රෝග 5 ගැන ඔබත් දැනුවත් ‌වෙන්න.

1.තයිරොයිඩ් ප්‍රශ්න

මෙය අප රටේත් බොහොමයක් දෙනා අත්විදින තත්වයකි.

තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලු මතු වු විට  මහන්සිය වැඩිපුර දැනීම එක් රෝග ලක්ෂණයකි.

ඒ සමග මළබද්ධය, සීතල දැනීම, බර වැඩිවීම හා සම වියලීම වැනි රෝග ලක්ෂණ පහල වේ නම් ඔබ වහාම ගොස් වෛද්‍යවරයා මුණගැහෙන්න.

ඔහු ඔබගේ තයිරොක්සින් තත්වය පරීක්ෂා කර නිසි ප්‍රතිකාර ලබා දේවි.

2.නිදන්ගත තෙහෙට්ටුව

බොහෝ අය මෙම තත්වය කම්මැලිකම ලෙස සලකනු ලබනවා.

නමුත් ඔබ නිදන්ගත තෙහෙට්ටුවේ පෙළෙනවා නම්, එම තත්වව යයයිල්ජික් එන්සෙෆලමයිලයිටිස් ලෙසද හැඳින්වෙනවා.

එය ඔබේ දෛනික චර්යාවට බාධා කිරීමට පටන් ගන්නවා.

මෙම තත්වය විසින් ඔබව  ඇඳෙන් නැගිටීම, තේ කෝප්පයක් සෑදීම, කාර්යාලයට යාම හෝ පාසලෙන් ළමයින් රැගෙන යාම වැනි සරල දෛනික කාර්යයන් කිරීමට බැරි තත්වයට පත් කරනු ලබනවා.

මෙහි මහන්සියට අමතරව එන අනෙක් රෝග ලක්ෂණ වන්නේ ව්‍යාකූල බව සහ ශරීරයේ වේදනාවන් දැනිමය.

ඔබට නිතර දැනෙන මහන්සිය මේ රෝග 5 ට අදාල ‌රෝග ලක්ෂණයක් විය හැකියි

3.Sleep apnoea නම් තත්වය 

 ඔබ නිදා සිටියදී ගොරවනවා නම්  මේ රෝගය වැළදි තිබේදැයි පරීක්‍ෂා කර බලන්න.

මේ තත්වය ඔබගේ ශ්වසන මාර්ගය අවහිර වීම නිසා ඇතිවෙනවා. 

එහි ප්‍රතිඵලයක් ලෙස ඔබ නිදා සිටියදී ඔබේ නාසය හරහා හුස්ම ගැනීමට නොහැකි වන අතර මුඛයෙන් හුස්ම ගැනීම හා ගෙරවීම් ශබ්දයක් පිටවීම සිදුවෙනවා.

මෙය  ඔබේ නින්දට බාධා ඇති කරන අතර දවස පුරා ඔබට වෙහෙස බවක් ලබා දෙනවා.

4. දියවැඩියාව

මීට කලින් ඔබට ඇති වුවාට වඩා වතුර පිපාසය හා මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාවය ඔබට නිතර නිතර ඇතිවෙනවාද?

එසේ නම් ඒත් සමගම  ඔබ නිතරම වෙහෙසට පත්ව සිටී නම්, මෙය බොහෝ විට දියවැඩියාව වැළදිම නිසා සිදුවෙනවා වෙන්න පුළුවන්.

ඔබට දියවැඩියාව තිබේ නම්, ඔබේ රුධිරයේ ඇති ග්ලූකෝස් ප්‍රමාණය කළමනාකරණය කිරීම සඳහා ඔබේ ශරීරය වැඩිපුර වැඩ කරනවා.

එහි  ප්‍රතිඵලයක් ලෙස ඔබට මහන්සියක් දැනෙනවා.

මේ රෝග ලක්ෂණ එක්ව දැනෙනවා නම් ඉක්මනින්ම දියවැඩියාව සදහා ප්‍රතිකාර ලබා ගැනීමට යොමුවීම නිසා සුදුසු වෙනවා.

5. මානසික අවපීඩනය: 

මානසික අවපීඩනය යනු ඉතා සුලභ නමුත් කනගාටුවට කරුණ එය පහසුවෙන් නොසලකා හරින ලද මානසික සෞඛ්‍ය තත්වයන්ගෙන් එකක් වීමයි.

මානසික අවපීඩනය මඟින් ඔබට එදිනෙදා කාර්යයන් ඉටු කිරීම දුෂ්කර ‌වෙනවා.

එයට  නියමිත වේලාවට ප්‍රතිකාර නොකළ හොත්, එය ස්වයං හානියක් හෝ ඔබ රැක බලා ගන්නා කෙනෙකුට රිදවීම වැනි බරපතල ප්‍රතිවිපාකවලට හේතු වෙන්න පුළුවන්.

ඒ නිසා ‌මේ ‌රෝගය ටිකක් විතර භයානක තත්වයක් කියලා අමතක කරන්න එපා.

විශේෂයෙන් අලුතින්  අම්මා හෝ තාත්තා වු රැකබලා ගන්නන්, හෝ ඔබ අසනීප පවුලේ සාමාජිකයෙකු රැකබලා ගන්නේ නම් මේ තත්වය ඇතිවෙන්න පුළුවන්.

ඒ වගේම ‌මෙහි අවසාන ප්‍රතිඵලය සියදිවි නසා ගැනීම තරම් ‌ශෝචනිය තත්වයක් ‌වෙන්නත් පුළුවන්.

මෙහිදි මහන්සිය දැනීමට අමතරව එන අනෙක් රෝග ලක්ෂණ ලෙස ආහාර රුචිය නැතිවීම, ඕනෑවට වඩා ආහාර ගැනීම, අඩුවෙන් නිදාගැනීම, වැඩිපුර නිදාගැනීම, අන් අය සමඟ කටයුතු නොකිරීම, දුකක් දැනීම වැනි කාරණා පෙන්වා දෙන්න පුළුවන්.

ඒ නිසා මහන්සිය සමග මෙවන් රෝග ලක්ෂණ පෙන්නුම් කරයි නම් ඔබ වහාම ප්‍රතිකාර සදහා වෛද්‍යයරයෙකු වෙත යොමු විය යුතුයි.

ඔබට නිතර දැනෙන මහන්සිය මේ රෝග 5 ට අදාල ‌රෝග ලක්ෂණයක් විය හැකියි

නිතර දැනෙන මහන්සිය වළක්වාගන්න පියවර කිහිපයක්

  • ප්‍රමාණවත් නින්දක් ලබාගන්න. ‌මෙය ටිකක් අමාරුයි තමයි. නමුත් රාත්‍රියට අවදිව සිටීමට ‌වෙනවා නම් එය සහකරු හා ‌බෙදා ‌ගෙන ‌හෝ  පුමාණවත් නින්දක් ලබා ගැනීමට කටයුතු කරන්න.
  • වැඩ කටයුතු ඔබේ සහකරු හා ‌බෙදාගන්න. ඔබට ඇති වැඩ කටයුතු වලින් කොටසක් ඔ‌ෙබේ සහකරුට පැවරීමෙන් ඔබේ වැඩ අඩුකර ගන්න.
  • වෙනත් ‌කෙනෙකුගේ සහය අවැසි විට එය ලබාගන්න. එවිට ඔබට කිරීමට ඇති වැඩ යම් ප්‍රමාණයක් ‌බෙදී යනවා.
  • ඔබේ විනෝදය පිණිස ‌දේවල් කරන්න. ඒ මගින් ඔබට දැනෙන මහන්සිය නැති කර දමන්න පුළුවන්.
  • භාවනා කිරීම හා ‌යෝගා කිරීම වැනි මනස සංසුන් ‌වෙන ක්‍රියාකාරකම් කරන්න
  • සමබර ආහාර ‌වේලක් ගන්න. එවිට ඔබට දුර්වලකම නිසා මහන්සිය ඇතිවෙනවා නම් සිරුරට නිසි ශක්තියක් ලැබෙනවා.
  • වැඩ කටයුතු සදහා කාල සටහනක් සකස් කර ගන්න. ‌මේ මගින් ඔබ එකම ‌දේ සදහා කිහිප විටක් ‌ෙවෙහෙසවීම වළක්වාගන්න පුළුවන්.

ඔබටත් නිතර නිතර මහන්සිය දැනෙනවාද ?

එසේ නම් එය අධික වැඩ කටයුතු නිසා දැනෙන්නක්ද නැතිනම් මෙවන් රෝගයක මුලික ලක්ෂණයක් නිසා ඇතිවන්නක්ද යන්න හදුනාගන්න.

ඔබට ‌මේ සම්බන්ධව යම් ගැටලුවක් ඇතිනම් ‌හෝ අදහසක් දැක්වීමට අවශ්‍ය නම් පහතින් ඇති කමෙන්ට් තීරය ඒ සදහා භාවිතා කරන්න.

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

 

කතන්දර ලිපි