theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවාට දිනකට බිත්තරයක් ලබා දීම දරුවා නිරෝගී කරයිද?

5 අවම කියවීම
දරුවාට දිනකට බිත්තරයක් ලබා දීම දරුවා නිරෝගී කරයිද?දරුවාට දිනකට බිත්තරයක් ලබා දීම දරුවා නිරෝගී කරයිද?

ඔබේ දරුවාට දිනකට බිත්තරයක් ලබා දීම දරුවා නිරෝගී කරයිද? තීරණය කිරීමට ඔබට උපකාර කළ  බිත්තරය පිළිබඳ තොරතුරු අපට ලබා දෙනවා. ඉක්මනින්ම ක්‍රියා කරන්න  දෙමව්පියනි, වැඩි විස්තර සදහා  කියවන්න.

  • දරුවාට දිනකට බිත්තරයක් දීම

මගේ අවුරුදු තුනක් වු පුතා ඇත්තටම එහෙම සිතනවා. මම මෑතකදී ඔහුගේ කැමතිම ආහාරය කුමක්දැයි ඔහුගෙන් ඇසූ විට ඔහු "බිත්තර, ස්ක්‍රැම්බල් එග් හා ඔම්ලට්" පිළිතුරු දුන්නා. ඔහු බිත්තර ප්‍රිය කරන්නෙක් බව කියන්නට අවශ්‍ය නැහැ! ඒත් දරුවාට දිනකට බිත්තරයක් දීම දරුවන්ට නරකයි කියලා මම දැනගත්තාම, මම භය වුණා. මගේ පුතා දිනපතා බිත්තරයක් ආහාරයට ගන්නවා.

හෘදයාබාධ වලින් පෙළෙන, දියවැඩියාව 2 වර්ගය සහ අධි කොලෙස්ටරෝල් ඇති වැඩිහිටියෙකු කිරීම සඳහා මම ඔහුව සකස් කරන්නේද?

ඒ නිසා මම බිත්තර ගැන සත්‍ය සොයා ගැනීමට උත්සාහ කළා. මා කළ මුල්ම දෙය වූයේ මේ ගැන අනෙක් මව්වරුන් අදහස් සොයා බැලීමයි.

වැඩි මතය ජයගනී..

දරුවාට දිනකට බිත්තරයක් ලබා දීම දරුවා නිරෝගී කරයිද?

දරුවාට දිනකට බිත්තරයක් දීම සුදුසු බව සහෝදර මව්වරුන්ගේ අදහස වුනා. එය දරුවන්ගේ මොළයට කදිම බව බොහෝ දෙනෙක් පැවසුවා.

අනෙක් මව්වරුන් පවසන්නේ එය ඔවුන්ගේ දරුවන්ගේ ප්‍රධාන ප්‍රෝටීන් ප්‍රභවය බවයි.

බිත්තර සුදුසු යැයි සමාන අදහස් දරන දෙමාපියන් සිටීම මෙන්ම බිත්තර ගැන උනන්දුවක් දක්වන එකම කෙනා මගේ පුතා නොවන බව දැන ගැනීමට ලැබීම මා සතුටට පත්කලා.

බිත්තර වල හොද හා නරක

ඔබ ඔබේ දරුවන්ගේ කොලෙස්ටරෝල් සීමාව තුළ රැඳී සිටී නම්, දිනපතා බිත්තරයක් ලබාදීම ප්‍රශ්නයක් නොවේ.

වසර ගණනාවක් පුරා බිත්තර සෞඛ්‍යයට යහපත් හෝ අයහපත් ලෙස වර්ග කර ඇත.

ඒවා නිතරම ආහාරයට ගන්නා විට රුධිර කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යන බව  වඩාත්ම ජනප්‍රිය  ප්‍රකාශවලින් එකකි.

කෙසේ වෙතත් මෑත කාලීන පර්යේෂණයකින් දිනකට බිත්තරයක් ආහාරයට ගැනීම මේ සදහා ඍජුව වගකිව යුතු නොවන සොයා ගෙන තියෙනවා.

එක් බිත්තරයක් කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 185 ක් පමණ අඩංගු වේ.

නිරෝගී දරුවෙකුට දිනකට අවශ්‍ය කොලෙස්ටරෝල් ප්‍රමාණය මිලිග්‍රෑම් 300 ක් විය යුතුය.

සෑම දිනකම ඔබේ දරුවා මේ සීමාව ඉක්මවා නොයන්නේ නම් දරුවාට දිනකට බිත්තරයක් දීම ගැටලුවක් නොවිය යුතුය.

බිත්තරයක විටමින් බහුල වේ.

දරුවාට දිනකට බිත්තරයක් ලබා දීම දරුවා නිරෝගී කරයිද?

බිත්තරයක ඇති පහත සදහන් පෝෂ්‍ය පදාර්ථ වල ප්‍රතිලාභ :

කොලයින්: මොළයේ වර්ධනය, ක්‍රියාකාරිත්වය සහ මතකය.

ෆෝලේට්: රතු රුධිර සෛල නිපදවීම හා පවත්වා ගැනීම.

යකඩ: සෛල වලට ඔක්සිජන් ගෙන යාම.

ලුටීන්: හොඳ පෙනීම පවත්වා ගෙන යාම හානිකර UV කිරණ වලින් ඇස් ආරක්ෂා කිරීම.

ඔමේගා-3 මේද: රුධිර කොලෙස්ටරෝල් වැඩි දියුණු කිරීම.

ප්‍රෝටීන්: ශරීරයේ ශක්තිමත් කිරීම.

රෛබොෆ්ලෙවින්: ශරීර පටක නිරෝගීව තබා ගැනීමට උපකාර කිරීම.

විටමින් A: පිළිකා වලින් ආරක්ෂා කිරීම.

විටමින B12: හෘද රෝගවලට එරෙහිව ආරක්ෂා කිරීම.

විටමින් D: ඇටකටු සහ දත් සෞඛ්‍ය සම්පන්නව තැබීම.

විටමින් E: ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කිරීම.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

සින්ක්: ශක්තිමත් ප්‍රතිශක්ති පද්ධතියක් ඇති කිරීම.

සැල්මොනෙල්ලා සහ බිත්තර

දරුවාට දිනකට බිත්තරයක් ලබා දීම දරුවා නිරෝගී කරයිද?

බිත්තරයට එරෙහිව පොදු චෝදනාවක් වන්නේ සැල්මොනෙල්ලා විෂ වීමට හේතු වීමයි.

සැල්මොනෙලා එදිරිටිඩිස් යනු සාමාන්‍යයෙන්  සාමාන්‍ය පෙනුමක් ඇති බිත්තර තුල ඇති බහුල බැක්ටීරියාවක් වේ.

බිත්තර පිසීමකින් තොරව ආහාරයට ගන්නේ නම්, එහි සැල්මොනෙල්ලා විෂ වීමේ අවදානම ඇත.

බොහෝ අය ප්‍රතිකාර නොකර සුවය ලබා ගන්නවා. එහෙත් ළදරුවන්, වයසක අය සහ රෝගී අය වැනි  දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් හිමි අයට බරපතල රෝගාබාධ සඳහා අවදානමක් ඇත.

සැල්මොනෙල්ලා බැක්ටීරියාව විනාශ කිරීමේ සරලතම ක්‍රමය වන්නේ බිත්තර සම්පූර්ණයෙන්ම  තැම්බීමයි.

එහෙත් මූලික ආහාර සුරක්ෂිතතා නීති අනුගමනය කර බිත්තර පරිභෝජනයෙන් ආහාර විෂවීම වැළැක්වීම පහසුය.

  • කටුවට හානි නොවු නැවුම් බිත්තර ආහාරයට ගන්න වග බලා ගන්න.
  • ඔබ එය බිඳ දැමීමට පෙර බිත්තර කටුව පිටත සෝදන්න.
  • දරුවන්ට භාගෙට තැම්බු බිත්තර ලබා නොදීම නිර්දේශ කර ඇති අතර, පැස්ටරීකරණය කරන ලද බිත්තර (ඉක්මනින් අප කතා කරනු ඇත) වඩා හොඳ විකල්පයකි.

දරුවාට දිනකට බිත්තරයක් දීම හොදයිද?

ඕනෑම හොඳ දෙයක් සමගම මැදහත්ව කටයුතු කිරීම එහි මාර්ගය වේ.

නමුත් ඔබේ දරුවා දිනකට බිත්තරයක් ඉල්ලා සිටින විට කුමක් කළ යුතු දැයි තීරණය කිරීමට මෙම තොරතුරු ඔබට පහසු කරාවි යැයි අප බලාපොරොත්තු වෙනවා.

බිත්තර වලින් බබාට කෑම

දරුවාට දිනකට බිත්තරයක් දීම: බිත්තර සැන්විච්

හැමදාම එකම විදියට කෑම කන්න කවුරුත් කැමති නැහැ. පොඩ්ඩොත් එහෙමයි. හැමදාම ආහාරයට ගන්න බිත්තර සැන්විච් (egg sandwich) පොඩ්ඩක් වෙනස් කරලා බලමුද?

අවශ්‍ය ද්‍රව්‍ය

1. වටේ කපා ගත් පාන් පෙති හතරක්

2. බටර් ටිකක්

බිත්තර සැන්විච් පිරවුම

1. බිත්තර 01

2. හීනියට ලියා ගත් කැරට් මේස හැදි 02

3. හීනියට ලියා ගත් ලීක්ස්  මේස හැදි 02

4. හීනියට ලියා ගත් බෝංචි මේස හැදි 02

5. හීනියට ලියා ගත් ගෝවා මේස හැදි 02

6. හීනියට ලියා ගත් ලූණු හා කරපිංචා

7. පොල්තෙල්

8. ලුණු

සාදන ක්‍රමය - පිරවුම

  • භාජනයකට  තෙල් ටිකක් දමා රත් කරගන්න .
  •  හොදින් රත් වු තෙල් වලට සිහින්ව ලියා ගත් ලූණු, කරපිංචා දමා රන්වන් පාට වෙනතුරු බැද ගන්න.
  • ඉන්පසු එයට ලියාගත් එළවළු හා රස අනුව ලුණු එක්කර බැදෙන්න හරින්න.
  • අවසානයේදී  බිත්තරයද එක්කර හොදින් හැදි ගාන්න. ( කුඩු වන තෙක්)
සැන්විච් සැකසීම
  •  වාටි ඉවත් කර ගත් පාන්පෙති දෙකෙහිම හොදින් බටර් තවරා ඒ මත උණුසුම ගිය මිශ්‍රණය තවරන්න.
  •  දැන් ලස්සන හැඩයකට කපා පිළිගන්වන්නත් පුලුවන්. නැතිනම් ටෝස්ට් කර ගන්නත් පුලුවන්.

දරුවාට දිනකට බිත්තරයක් දීම: බිත්තර පීසා

කඩෙන් ගන්න පීසා නම් ගුණයෙන් අඩුයි. ඉතින්, අපි හිතුවා අම්මිලාට ෂෝයි homemade pizza රෙසිපි එකක් දෙන්න. මෙන්න බබාට පීසා රේසිපියක්. මේ බිත්තර පීසා ගුණයෙන් වගේම රසෙනුත් ඉහලයි.

බිත්තර 02

කැරට් සිහින් පෙති

ලූණු පෙති

සිහින් තක්කාලි පෙති ( ඔබ දරුවාට දෙන්නේ නම් පමණක් )

සූරා ගත් චීස් ස්වල්පයක්

රස අනුව ලූණු

පොල්තෙල්

සාදන ක්‍රමය :

  • තෙල් රත්කර ගත් තාච්චියකට බිදගත් බිත්තර දෙක දමන්න.
  • ඒ මතින් සිහින් කැරට් පෙති, තක්කාලි පෙති, ලූණු පෙති මාරුවෙන් මාරුවට අතුරන්න.
  • එයට සිහින්ව සූරා ගත් චීස්ද යොදන්න. එයට රස අනුව ලුණුද එකතු කරන්න.
  • දැන් මද ගින්දරේ හොදින් තම්බා ගන්න

රසවත් පෙනුමැති බිත්තර පීසා එකක් දැන් ඔබේ දරුවා සදහා සුදානම්.

බිත්තරවල හොඳ හා නරක පිළිබඳ ඔබේ අදහස් අසන්න අපි කැමතියි. ඔබේ දරුවා දිනකට බිත්තරයක් කනවාද?

දරුවාට දිනකට බිත්තරයක් ලබා දීම සදහා බය අම්මලාට පහසු වෙන්න මේ වැදගත් තොරතුරු ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • දරුවාට දිනකට බිත්තරයක් ලබා දීම දරුවා නිරෝගී කරයිද?
බෙදාගන්න :
  • දිනපතා බිත්තරයක් ලබා දීමෙන් ඔබේ දරුවාගේ වර්ධනයට හා උස යාමට උදව් වෙනවා

    දිනපතා බිත්තරයක් ලබා දීමෙන් ඔබේ දරුවාගේ වර්ධනයට හා උස යාමට උදව් වෙනවා

  • දරුවන්ට  දරුවන් වෙන්න ඉඩදෙමු.

    දරුවන්ට දරුවන් වෙන්න ඉඩදෙමු.

  • දිනපතා බිත්තරයක් ලබා දීමෙන් ඔබේ දරුවාගේ වර්ධනයට හා උස යාමට උදව් වෙනවා

    දිනපතා බිත්තරයක් ලබා දීමෙන් ඔබේ දරුවාගේ වර්ධනයට හා උස යාමට උදව් වෙනවා

  • දරුවන්ට  දරුවන් වෙන්න ඉඩදෙමු.

    දරුවන්ට දරුවන් වෙන්න ඉඩදෙමු.

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it