theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඉක්මන් කෝපය මාගේ විවාහයේ ගැටලු ඇති කරයි. මගේ කෝපය පාලනය කරන්නේ කෙසේද?

3 අවම කියවීම
ඉක්මන් කෝපය මාගේ විවාහයේ ගැටලු ඇති කරයි. මගේ කෝපය පාලනය කරන්නේ කෙසේද?ඉක්මන් කෝපය මාගේ විවාහයේ ගැටලු ඇති කරයි. මගේ කෝපය පාලනය කරන්නේ කෙසේද?

ඉක්මනින් කෝපය විවාහයට බලපාන්නේ කෙසේද ?

ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ තර්ක කිරීම තුළදී ඔබ ඉක්මනින් කෝප ගැනීමට සහ කඩා වැටීමකට ලක් වෙනවාද? ඔබේ කෝපය විවාහ තුල ගැටලු ඇති කරනවාද?

ඉක්මනින්ම කෝප ගැනීමෙන් ඕනෑම සම්බන්ධතාවයක බරපතල ගැටළු ඇති විය හැක. විශේෂයෙන් විවාහයේදී, අමනාපයක් ඇති වීම කාලයත් තිස්සේ ගොඩ නැගීමට හේතු විය හැකි අතර සමහර විට අභාවයට යෑමට පවා එය හේතු විය හැකිය.

ඔබගේ කෝපය පාලනය කරන්නේ කොහොමද? ඔයාගේ විවාහය බේරගන්නේ කොහොමද? මෙය  එක් මවකගේ අවධානයට ලක් විය.

"සමහර අවස්ථාවලදී මට මගේ කෝපය පාලනය කරගන්න බැහැ. එය අපේ විවාහය අරක් ගන්නව." පුතෙක් සිටිනා  ලිව්ලි එස්. එසේ ලියා තැබුවා. " සමහර වේලාවට මම එය මර්දනය කරනවා. නමුත් මාගේ උපරිමය කරා ළඟා වන විට මගේ  කෝපය පුපුරා යන අතර එහිදී  කිසිවක් කළ නොහැකිය. කෝපය කළමනාකරණය කිරීමේ ගැටලුව විසඳාගැනීමට සහ ඔබේ විවාහය ආරක්ෂා කිරීමට ඔබ කුමක් කළ යුතුද? "

කෝපය පාලනය කරගන්නේ කෙසේද කියා සහෝදර දෙමාපියන් උපදෙස් ලබා දෙයි.

"  ගැඹුරු හුස්ම ගැනීම ඔබේ කෝපය පාලනය කරගැනීම සඳහා බොහෝ   උදව් වෙයි" කියා සහෝදර මවක් වු ක්‍රිස්ටීන් එස්. පිළිතුරු ලබා දෙයි. "මම තනියම සිටියදී මම බොහෝ කෝපයට පත් වුනා. නමුත් මට මගේම පවුලක් සිටියදී  මගේ ස්වාමිපුරුෂයා සහ දරුවන් වෙනුවෙන් මගේ මාර්ග සකස් කරගැනීමට උත්සාහ කළා. එකිනෙකා සමඟ තර්ක නොකර තත්වය හොඳින් හැසිරවිය හැකි බව ඔබ වැටහෙන තෙක් නිහඬව සිටීම ඒ සදහා  උපකාරි වනු ඇත. "

මවක් වන එඩෙල් ඒ.  සදහා එක ප්‍රශ්නයක් එක වරකට විසඳාගැනීම උපකාරී වුනා. "මම ඇත්ත වශයෙන්ම හොදින් නොසිටින අවස්ථා වල මම හොදින් යැයි කියන පුරුද්ද මම අත්හැරියා. ඒ වෙනුවට, මම මගේ කෝපය වටහා ගෙන එයින් වැලකෙන්න  ඉගෙනගෙන ගත්තා.  එබැවින්, කෝපය පුපුරා යෑම හා තත්වය  දරුණු විය නොහැකි බව ඇය ලියයි.

කෝපයෙන් කිසිවක් නොපැවසීමට යුවල වල් ඉගෙන ගත යුතු බව ටිමී ඕ අවවාද කරයි.

"ඔබට කිසිවක් පවසන්න හොඳ දෙයක් නොමැති නම් කිසිවක් කියන්න එපා," theAsianparent Community පරිශීලකයෙක් ලියා ඇත. "මට සහ මගේ බිරිඳ අතර  ආතතියක් වැඩි වෙන සෑම අවස්ථාවකදීම මම එය ඉවත් කිරීමට වාසනාවන්ත වු අයුරු මට මතක් වෙනවා."

ජිනායා ඇගේ කෝපය හා සම්බන්ධ ගැටලු විසඳීමට හුස්ම ගැනීම උපකාර කර ඇත.

"මම කරන දේ මම තත්වය ගැන සිතා බැලීමට  කාමරයක් තුළට  අගුළු දාගන්නවා." ඇය ලියයි. බොහෝ විට ඇය ඇයගේ ක්‍රමයකින් තර්කානුකූල නොවන බව අවබෝධ කරගන්නේ කෙසේද යන්නද සදහන් කර ඇත. මේ මගින් ඇයගේ සහකරුට තර්ක කිරීම  වෙනුවට ඇය සමගම කටයුතු කිරීම හොඳම දෙයක් බව ඇය ඉගෙනගෙන තිබේ.

විවාහය ශක්තිමත් කිරීම සඳහා උපකාර කළ කෝපය කළමණාකරණ කිරීමට  උපාය මාර්ග

1. නතර කරන්න සහ පරාවර්තනය කරන්න

ජෙනීනා එල්. නම් මව කරන විදියට පීඩාකාරි ලෙස ප්‍රතිචාර දක්වනවාට වඩා කෝපය තමා වෙතටම හරවා ගැනීම තත්ත්වය පාලනයට කිරීමට උදව් විය හැකිය. කෝපය ඉහල යද්දී, නවතින්න. ඔබගෙන්ම මෙසේ අසන්න. ඇයි මම මේ දෙයට කලබල වෙන්නේ? මම මගේ නොසංසුන් බව මගේ සහකරුවාට යොමු කරන්නේද? මම අසාධාරණද?

2. ඔබේ සහකරුගේ හැඟීම් ගැන සිතා බලන්න.

මෙය සරල ලෙස පෙනෙන නමුත් බොහෝ විට කෝපයෙන් සිටින විට  ඔබ ඔබ සහකරු විවේචනය කරන විට ඔහුට කෙසේ දැනේවිදැයි නොපෙනී යනවා. පියවරක් ආපස්සට ගන්න. ඔබ  ඔබේ සහකරුවාගේ හැඟීම් සහ ක්‍රියාවන් සලකා බැලීමට පියවරක් ගන්න.

3. ඔබට එය අවශ්‍ය නම් ඉඩක් ලබාගන්න.

තර්කය දැඩි වුවහොත් ඔබට අවශ්‍ය  ඉඩක් ලබාගැනීමට පසුබට නොවන්න. ඔබ දෙපල කෝපයෙන් අන්ධ වී සිටින විට ප්‍රශ්නයක් විසඳීමට බොහෝ  අසීරු  වනු ඇත. ඔබ දෙපලම කෝප වී සිටින විට එකිනෙකාට ඉඩ ලබා දීමට සුදුසු  වේ. වැඩිපුරම කෝප ගන්නා අවස්ථා සදහා භාවිතයට  සැලසුමක් හෝ "කේත වචනයකින්" සුදානම් කර ගන්න.

ඔබට සිතා බැලීමට හා සන්සුන් වීමට කාලය ගන්න. එවිට එම ප්‍රශ්නය නැවත සලකා බලා ඒ පිලිබඳව  කතා කිරීමට හා ඔබ දෙපලට එක්ව විසදුමක් කරා යා හැකිය.

ඔබ නිතර තරහා ගන්නවා නම් ඔබේ විවාහය අනතුරේ වැටෙන්න පුලුවන්. එසේ නොවන්නට මේ තොරතුරු ආදරයෙන් ඔබට තිලිණ කරන්නේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ඉක්මන් කෝපය මාගේ විවාහයේ ගැටලු ඇති කරයි. මගේ කෝපය පාලනය කරන්නේ කෙසේද?
බෙදාගන්න :
  • මොකද මේ හැමවෙලේම ඔබේ බිරිඳ කේන්තියෙන්?

    මොකද මේ හැමවෙලේම ඔබේ බිරිඳ කේන්තියෙන්?

  • දෙමාපියන්ට කේන්තිය පාලනය කරගත හැකි විධික්‍රම 5 ක්

    දෙමාපියන්ට කේන්තිය පාලනය කරගත හැකි විධික්‍රම 5 ක්

  • මොකද මේ හැමවෙලේම ඔබේ බිරිඳ කේන්තියෙන්?

    මොකද මේ හැමවෙලේම ඔබේ බිරිඳ කේන්තියෙන්?

  • දෙමාපියන්ට කේන්තිය පාලනය කරගත හැකි විධික්‍රම 5 ක්

    දෙමාපියන්ට කේන්තිය පාලනය කරගත හැකි විධික්‍රම 5 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it