theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මට හරිම කණගාටුයි පැටියෝ. මම ඔයාට ගොඩක් සැර කරන අම්මා කෙනෙක් නේද?

4 අවම කියවීම
මට හරිම කණගාටුයි පැටියෝ. මම ඔයාට ගොඩක් සැර කරන අම්මා කෙනෙක් නේද?මට හරිම කණගාටුයි පැටියෝ. මම ඔයාට ගොඩක් සැර කරන අම්මා කෙනෙක් නේද?

මව්වරුන් නිතර සැහැල්ලු වීමට ඉගෙනීමට අවශ්‍ය වෙනවා....

ආදරණීය පැටියෝ, මම සැර කරන අම්මා කෙනෙක් කියලා මම දන්නවා. අම්මා ඔයාට ගොඩක් වැදගත් දෙයක් කියන්න යන්නේ.

මට සමාවෙන්න.

ඔබට වැරදීමක් සිදු වන සෑම අවස්ථාවකදීම පැවසීමට ඉගැන්නුවා සේම දිගින් දිගටම එසේ කීමට මතක කලා. නමුත් මම එය ඔබට ප්‍රමාණවත් යැයි කියන්නේ නැහැ.

එය හැම විටම අනෙක් පැත්ත හැරෙනවා. පොඩි දේවල් වලට ඔබට සමාව ඉල්ලන්න කියලා මම ඉල්ලා සිටියා:

"ඔයාගේ පළතුරු යුෂ බිම ඉහිරෙව්වාට සමාවෙන්න  කියන්න."

"බිම පුරාම ඔයාගේ සෙල්ලම් බඩු දැමීම  ගැන සමාවෙන්න කියන්න."

"අම්මාගේ ලිප්ස් ටික් එක කැඩීම ගැන සමාවෙන්න කියන්න."

නමුත් මම දැන් ඔබට කියනවා. මට සමාවෙන්න.

දරුවන්ගේ සිත්

 

මොකද මම නපුරු අම්මෙක්. මම සැර කරන අම්මා කෙනෙක්. ඉක්මනින්ම කෝපයට පත්වෙන අයෙක්.

මම අනුකම්පා විරහිත, දැඩි, නොඉවසිලිමත් වෙනවා. මම කෑගහලා, මම ප්‍රසිද්ධියේ බනිනවා.

පැය දෙකක කාලයකදී මගේ කෝපය තුන් වතාවක්ම ඉහල ගිය අයුරු එක් සැන්දෑවක මම සිහිපත් කළෙමි.

අපි සාප්පු සංකීර්ණයක සිටියෙමු. ඔබ, ඔබම වුනා. ඔබ ඔබගේ දෙපා හරස් කර උඩ පනිමින් තනි කකුලෙන් පනිමින් ඔබ විසින් සිටින් මවා ගත් සෙල්ලමක් කරන්න වුනා.

"ඔයා හරියට ඇවිදින්න, නැත්තම් ඔයා වැටී ඔයාටම රිදෙන්න පුලුවන්" යනුවෙන් ඔබ ඇද වැටුණු විට, මම ක්ෂණිකව කෑගැසූවා.  ඉන්පසු ඔබව නැගිටුවීමට ඔබේ අතින් ඇද්දා.

ඊට ටික කලකට පසුව මම ඔබට ලී බඩු සාප්පුවක් තුළදී වාග් ප්‍රහාරයක්  දියත් කලා.  ඔබ මා අමතන්නේ, "අම්මේ මේ බලන්නකෝ මේ ආභරණ පෙට්ටිය ඇතුලේ කැරකෙන නැටුම් ශිල්පිනියක් ඉන්නවා."

ඔබ එය ඔසවා ගන්නත් පෙර වැටී  කකුල් කැඩී  සහ වාර්නිෂ් සීරීම ලක්වුනා. මම හානියට පත් භාණ්ඩයට ගෙවූ පසු, මම සාප්පුවේ සේවකයන් ඉදිරිපිටදීම,  "මම ඔයාට කියලා තියෙනවා නේද තමන්ගේ නොවන දේවල් අල්ලන්න එපා කියලා!"  කියා  ඔබට කෑගැහුවා.

මම ආපන ශාලාවක දී රාත්‍රී ආහාරය ගන්නා අතර නැවත වරක් මා පුපුරා ගියා.  ඔබ වීදුරුවකින් ජලය පානය කරන අතරම, "අයියෝ, අම්මේ. වතුර වැටුනා," ඔබ  පාපොච්චාරණය කළා.

"මම ඔයාට වීදුරුව  අත් දෙකින්ම අල්ලා ගැනීමට කිව්වා නේද. දැන් ඔයා කරලා තියෙන අවුල දෙස බලන්න." මම ආක්‍රමණශීලී වුනා.

ඔබ අතින් වරදක් සිදු වී ඇති බව ඔබ වටහාගෙන ඔබ එය නැවත නොකළ යුතු බව අවධාරණය කල බැවින් මම ඒ පිලිබඳ සැලකිලිමත් වුණේ නැහැ. නමුත් ඒ සෑම අවස්ථාවකදීම ඔබේ දීප්තිමත් මුහුණ මදක් අදුරු වෙන අයුරු මා දුටුවා.

එදා අපි ගෙදරට ආවා. මම වෙහෙසට  සහ නොසංසුන්තාවයට පත් වුනා. නමුත් ඔබ සුපුරුදු සිනා මුහුණත් සමග, "නිවස සුන්දර නිවස!"  කියා චූටි කටහඬින් කිව්වා.

දරුවන්ගේ සිත්

ඔබ  මුමුණද්දී මම කෙදිරිගාමින්, පාද ඇදගෙන ඇවිදිමින්  නිදන කාමරයට ගොස්  මුනින් අතට ඇදට වැටුනෙමි.

ඒ මොහොතේදී, මට අවශ්‍ය  වූයේ ඔබෙන් , ඔබේ කුඩා අක්‍රමිකතා සමඟ කටයුතු කිරීමෙන්, ඔබට දිගින් දිගටම ඔබේ වැරදි වලට බැන වැදීමෙන් ඈත් වී සිටිමටයි.

මිනිත්තු කීපයකට පසු ඔබ මගේ පසෙකින් වැතිරි සිටිනවා. මා ඔබට කෝපයෙන් බැන වැදි තිබියදී ඔබ සිනහවෙන් යුක්තව මගේ ඇසුර සොයනවා.

මට පහසුවෙන්ම  බිද නොවැටෙන දරුවෙකු ලැබීම ගැන ස්තුතිවන්ත වෙනවා. එවිට  මට අවශ්‍ය  වූ විවේකය ගත යුත්තේ  මගෙන් බව  මම තේරුම් ගත්තා.

මට හරිම කණගාටුයි පැටියෝ. මම ඔයාට ගොඩක් සැර කරන අම්මා කෙනෙක් නේද?

ඒ ඉක්මනින් කෝපයෙන්, කෝපාවිෂ්ට, නොඉවසිලිමත්, හැම විටම කෑ ගසන සැර කරන අම්මා වෙන්න ඕනේ නැහැ.

මගේ නරක හැසිරීම ඔබේ ඇස්වල ඒ මගේ අම්මාගේ විදිය කියන සම්මතය බවට දකින්නට අවශ්‍ය නැහැ. කොහෙත්ම නැහැ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

අම්මා ඇගේ මේ චර්‍යාවෙන් බැහැර වීමට ඔබ කුඩා දරුවෙකු බව (නැවත නැවතත්) ඇයට මතක් කර ගත යුතු වේ. වයස අවුරුදු හතරක් පමණයි.

මේ අවධියේදී  දී, ඔබ අතින් වැරදි සිදු වන අතර එහෙම වෙන එක සාමාන්‍යයි. ඔබ ඔබේ සීමාවන් පරීක්ෂා කරයි. එහිදි මගේ සීමාවන්ද පරීක්ෂා වන බව පවා එහිදී අදහස් වේ.

හරි දෙය සහ පිළිගත නොහැකි දේ අතර වෙනස දැනගන්නේ ඔබ දැන ගන්නේ කෙසේ ද? ඔබේ වැරදිවලට ​සහ ඔබට ඇතිවන අවාසනාවන්ත තත්වයන්ට මුහුණ දීමට ඉඩ නොදුන්නොත් ඔබේ ක්‍රියාවන්ට ලැබෙන  ප්‍රතිවිපාක ඉගෙන ගැනීමට හොඳම ක්‍රමය කුමක්ද?

දෙමව්පියන්ට සියළුම ආකාරයේ හානිවලින් ඔවුන්ගේ දරුවන් ආරක්ෂා කර ගැනීමට වුවමනා වුවද, ඔවුන්ට ගොස් ඔවුන්ගේ ක්‍රමයක් සොයා ගැනීමට ඉඩදිය යුතුයි යන්න අපි ඉගෙන නොගතහොත් අපි වඩා වැඩි හානියක් කරන බව සමහර විට අපිට වැටහෙන්නෙ නැහැ.

නොඉවසිල්ල හා ඉක්මන් කෝපය හොඳ තැනකින් පැමිණිය හැකි නමුත්, සැබවින් ම, මවක්  සැහැල්ලු වීමට  ඉගෙනගත යුතු බව මගේ වැදගත්ම අදහස වේ. ඉක්මන් බැණ දීමක් වෙනුවට, "මම ඔබට කිව්වා ..." මගේ මුවෙන් පිටතට එන මුල් වචන තුන විය යුත්තේ "ඔයා හොදින් නේද" යන්න වේ.

නමුත් දැන් මට වැදගත් වචන තුනක් පැවසීමට  තිබේ.

"මට සමා වෙන්න."

මම කොතරම් සීමාව ඉක්මවා ගියත් වැඩක් නැහැ.   මම  මගේ හදවතින්, මනසින් සහ ආත්මයෙන් සදහටම ප්‍රකාශ  කරන මේ වඩාත් වැදගත් තුනක් වචන මතකයේ තබාගන්න.

"මම ඔයාට ආදරෙයි."

අම්මා කෙනෙක්ගේ හදපත්ලෙන් ගලා ආ පසුතැවීමේ වේදනාව ඔබටත් අපූරු පාඩමක් කියා දේවි කියලා The Asianparent Sri Lanka අපි හිතනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • මට හරිම කණගාටුයි පැටියෝ. මම ඔයාට ගොඩක් සැර කරන අම්මා කෙනෙක් නේද?
බෙදාගන්න :
  • ඔබේ දරුවා සමග තරහා නොගෙන ඉන්නේ මෙහෙමයි.

    ඔබේ දරුවා සමග තරහා නොගෙන ඉන්නේ මෙහෙමයි.

  • අම්මාගේ දින පොතෙන් දවස් හතක්

    අම්මාගේ දින පොතෙන් දවස් හතක්

  • ඔබේ දරුවා සමග තරහා නොගෙන ඉන්නේ මෙහෙමයි.

    ඔබේ දරුවා සමග තරහා නොගෙන ඉන්නේ මෙහෙමයි.

  • අම්මාගේ දින පොතෙන් දවස් හතක්

    අම්මාගේ දින පොතෙන් දවස් හතක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it