බබාගේ breakfast එක පොඩ්ඩක් fun කරමුද?

breakfast කන්න කැමතිම නැති ළමයා වුනත් මේ ටෝස්ට් කන්න කැමති වේවි! බලන්න මේ රෙසිපි එකට අම්මල, තාත්තල, බබාලා සේරම කැමති වේවි!
බබාගේ breakfast එක බබාට ගොඩාක් වැදගත් ඒක කටට රසට ලබා දීම අපේ වගකීමක්. මේ පහසු ක්‍රමයත් උත්සහා කර බලන්නකෝ.
බබාගේ breakfast එකට බබාට Blueberries වෙනුවට ග්‍රේප්ස් හෝ ප්ලම්ස් භාවිතා කරන්න පුළුවන්.
බබාගේ breakfast 1: බෙයාර් ටෝස්ට්
බබාගේ breakfast 2: Fox ටෝස්ට්
බබාගේ breakfast 3: Owl ටෝස්ට්
බබාගේ breakfast 4: Monkey ටෝස්ට්
බිත්තර සැන්විච් වෙනස් විදියකට
අවශ්‍ය ද්‍රව්‍ය
1. වටේ කපා ගත් පාන් පෙති හතරක්
2. බටර් ටිකක්
බිත්තර සැන්විච් පිරවුම
2. හීනියට ලියා ගත් කැරට් මේස හැදි 02
3. හීනියට ලියා ගත් ලීක්ස් මේස හැදි 02
4. ලියා ගත් බෝංචි මේස හැදි 02
5. හීනියට ලියා ගත් ගෝවා මේස හැදි 02
6. හීනියට ලියා ගත් ලූණු හා කරපිංචා
7. පොල්තෙල්
8. ලුණු
සාදන ක්‍රමය - පිරවුම
• භාජනයකට තෙල් ටිකක් දමා රත් කරගන්න .
• තෙල් හොදින් රත් වු පසු එයට ලියා ගත් ලූණු, කරපිංචා දමා රන්වන් පාට වෙනතුරු බැද ගන්න.
• එයට ලියාගත් එළවළු හා රස අනුව ලුණු එක්කර බැදෙන්න හරින්න.
• අවසානයේදී බිත්තරයද එක්කර හොදින් හැදි ගාන්න. ( කුඩු වන තෙක්)
සැන්විච් සැකසීම
• වාටි ඉවත් කර ගත් පාන්පෙති දෙකෙහිම හොදින් බටර් තවරා ඒ මත උණුසුම ගිය මිශ්‍රණය තවරන්න.
• දැන් ලස්සන හැඩයකට කපා පිළිගන්වන්නත් පුලුවන්. නැතිනම් ටෝස්ට් කර ගන්නත් පුලුවන්.
ඉතින් මේ වෙනස්ම breakfast එකට ඔයාගේ බබාත් කැමති වුනාද කියල අපටත් කියන්න.