theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ලෝකයා අනතුරේ හෙළන ප්‍රති එන්නත් ව්‍යාපාරය

5 අවම කියවීම
ලෝකයා අනතුරේ හෙළන ප්‍රති එන්නත් ව්‍යාපාරයලෝකයා අනතුරේ හෙළන ප්‍රති එන්නත් ව්‍යාපාරය

දරුවන්ට එන්නත් දීමට එරෙහිව නැගී සිටින ප්‍රති එන්නත් ව්‍යාපාරය ගැන ඔබ දැන සිටියාද? එහි බලපෑම් ගැන දැනුවත් වීමෙන් ඔබේ දරුවාගේ ආරක්ෂාව ගැන ඔබට බුද්ධිමත්ව තහවුරු කරගන්නට පුළුවන්.

මිනිසාගේ පරම ආයුෂ ලෙස සැලකෙන්නේ එකසිය විසි වසරකුයි. එනමුත් ජානමය හා වෙනත් පරිසර සාධක අනුව මෙය බොහෝ විට වසර 80කට පමණ සීමා වෙනවා. ලොව සමහරක් දෙනා ස්වභාවික හේතූන්වලින් මියයන විට, තවත් සමහරක් ලෙඩරෝග වැළඳී අකාලයේ මියයාමට තරම් අවාසනාවන්ත වෙනවා. ප්‍රති එන්නත් මත

ලොව සෑම රෝගාබාධයකටම ප්‍රතිකාර සොයාගෙන නැහැ. එනමුත් මීට වසර සිය ගණනකට පෙර වැළඳුණහොත් මරණය නියත රෝගාබාධ රැසකට අද වන විට ඉතා සාර්ථක ප්‍රතිකර්ම සොයාගෙන තිබෙනවා.

මින් සමහරක් රෝගාබාධ අද වන විට බොහෝ දෙනා තකන්නේත් නැති තරම් වන අතර, තවත් සමහරකට ප්‍රතිරෝධී වන ලෙස මිනිසුන් හැඩගස්වන නිසා ඒවා ලෝකයෙන් තුරන් වී පවා තිබෙනවා. වසූරිය ඊට හොඳම උදාහරණයක්.

රෝග පාලනය සහ වැළැක්වීම උදෙසා ඖෂධ නියම කාලයේ දී එන්නත් කිරීම උක්ත ප්‍රතිකර්මවල එක් කොටසක් වෙනවා.

විශේෂයෙන් යමෙකුට උපතේ සිට කෙටි කලක් තුළ ලබාදෙන ත්‍රිත්ව එන්නත වැනි දෑ නිසා ඔවුනට ගලපටලය ඇතුළු රෝගාබාධ ළදරු කළ වැළඳී සංකූලතා ඇතිවීම වැළකෙනවා.

මේ නිසා එන්නත් කිරීම ලෝක සෞඛ්‍ය මට්ටම ඔප්නැංවීමට ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරනවා.

ලොව සියළු දෙනා එකම මතයක් දරන්නේ නැහැ. එදා පටන්ම මෙම එන්නත්කරණයට විරුද්ධ අයවළුන් ලොව සිටියා.

ඔවුන් ආගමික විශ්වාස ඇතුළු තවත් හේතූන් නිසා මීට විරුද්ධ අතර සිය දරුවන්ට මේවා එන්නත් කිරීමෙන් වළකිනවා.

වර්තමානය වන විට ඔවුන් විසින් 'ප්‍රති-එන්නත් ව්‍යාපාරය' නම් සංසදයක් ද නිර්මාණය කර ඇති අතර සමාජ මාධ්‍ය මඟිනුත් එය ප්‍රවර්ධනය කෙරෙනවා.

විද්වතුන් පවසන්නේ මේ ප්‍රවනතාවය ප්‍රබලව නැගී ඒම සිදුවුවහොත් අද වන විට මර්දනය කර ඇති රෝගාබාධ පවා නැවත හිස එසවිය හැකි මට්ටමේ ලෝක සෞඛ්‍ය ගැටළුවක් නිර්මාණය වනු ඇති බව යි.

ප්‍රති එන්නත් මත ව්‍යාපාරය හා සබැඳි ඉතිහාසය

ලෝකයා අනතුරේ හෙළන ප්‍රති එන්නත් ව්‍යාපාරය
එඩ්වඩ් ජෙනර් දරුවෙකු එන්නත් කරමින්- www.wsj.com

ප්‍රති එන්නත් ව්‍යාපාරයට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. එය මුල්බැසගෙන ඇත්තේ ලොව මුල්ම එන්නත් සොයාගත් අවධියේම යි. මෙහි සම්භවය 1763 වසරේ ප්‍රංශයේ සිදු වූ බවට සැලකෙනවා.

ප්‍රති එන්නත් ව්‍යාපාරය ඇරඹීමට හේතු ගණනාවක් බලපා තිබෙනවා. මින් එක් ප්‍රධානතම කාරණයක් වන්නේ මේ එන්නත්වල විශ්වාසනීයත්වය පිළිබඳව මේ ව්‍යාපාරයට සම්බන්ධව සිටින්නන්ගේ සිත් තුළ කුකුසක් තිබීමයි.
මීට අමතරව ඒවායේ සාර්ථකත්වය පිළිබඳව ද ඔවුන් විවේචන ඉදිරිපත් කරනවා. මේ කාරණාවලට අමතරව මානව හිංසාව, ශාරීරික පීඩා මෙන්ම සොබාදහම ඉක්මවා යාමත් ඔවුන් එන්නත් කිරීමට විරුද්ධ වීමට හේතු වශයෙන් ඉදිරිපත් කරනවා.
තවත් සමහරෙක් මින් වැළකෙන්නේ විවිධාකාරයේ විශ්වාසයන් හා ආගමික මත නිසා යි.
ඔවුනට මෙම ක්‍රියාවලිය මෙන්ම, එන්නත් නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය මෙන්ම පර්යේෂණ ක්‍රියාවලීන් පිළිබඳව ගැටළු තිබෙනවා.

උක්ත කාරණයන් කරණ කොටගෙන මොවුන් වර්තමාන ලෝකයෙහි 'අත්‍යවශ්‍ය' යැයි සැලකෙන එන්නත් නොගෙන සිටින අතර, සිය දරුවන්ටත් ඒවා ලබා දෙන්නට ඔවුන් උත්සුක වන්නේ නැහැ. රුබෙල්ලා එන්නත, ත්‍රිත්ව එන්නත වැනි දේ මින් ඉදිරියෙන්ම තිබෙනවා.

එන්නත්වල අවධානම් සාධක ප්‍රති එන්නත් මත

ත්‍රිත්ව එන්නත, පෝලියෝ, රුබෙල්ලා වැනි එන්නත්වල අන්තර්ගත වන්නේ අඩපණ කරන ලද එම විෂබීජය යි. එය ශරීරගත වූ විට රෝගය ඇති කිරීමට තරම් ප්‍රබල නොවූවත්, මේ නිසා ඊට එරෙහිව ප්‍රතිදේහ මානව ශරීරයේ හටගන්නවා.

මේ නිසා මෙම එන්නත් ලද අයෙකුට ඊට අදාල රෝගාබාධයට එරෙහි ප්‍රතිශක්තිය ගොඩනැගෙන නිසා එම රෝගය හටගන්නේ නැහැ.

ඉතිහාසය පිරික්සීමේ දී එන්නත් කිරීම නිසා මිනිසුන් 'අමාරුවේ වැටුණු’ අවස්ථා ද ඉඳහිට හමුවනවා. 1955 වසරේ දී කැලිෆෝනියාවේ එක්තරා විද්‍යාගාරයක නිපදවූ පෝලියෝ එන්නතක අඩපණ කරන ලද රෝගකාරකය වෙනුවට සජීවී රෝගකාරකය අන්තර්ගතව තිබුණා.

මේ නිසා මරණ කිහිපයක් ද සිදු වූ බැව් ප්‍රකාශ වුණා. එමෙන්ම 1974 වසරේ දී එංගලන්තයේ රෝහලක ත්‍රිත්ව එන්නත ලබා දීමෙන් පසු, එය ලද දරුවන්ට විවිධ සංකූලතා ඇති බැව් වාර්තා වුණා.

මීට අමතරව 1998 වසරේ දී එන්නතක තිබූ රසදිය අඩංගු සංඝටකයක් නිසා පුද්ගලයෙක් මියයාමේ පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වුණා. කෙසේ නමුත් වෛද්‍ය ක්ෂේත්‍රය දිනෙන් දින දියුණු වන බැවින් වර්තමානය වන විට එවැනි 'අතපසුවීම්' සිදුවීම අවම වී තිබෙනවා.

ලෝකයා අනතුරේ හෙළන ප්‍රති එන්නත් ව්‍යාපාරය
ඇමෙරිකාවේ ප්‍රති එන්නත් ව්‍යාපාර- Maggie Fox / NBC News

එන්නත් කිරීම හා ඔටිසම්

1998 වසරේ බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයෙක් රුබෙල්ලා එන්නත හා ඔටිසම් යන රෝග තත්ත්වය අතර සම්බන්ධයක් හුවාදක්වමින් ලියන ලද පර්යේෂණාත්මක ලිපියක් ප්‍රසිද්ධියට පත් කළා.

මේ නිසා සමහරෙක් සිය දරුවන්ට රුබෙල්ලා එන්නත ලබාදීමෙන් වැලකී සිටියා. 2007 වසරේ දී ඇමෙරිකානු ජාතික රංගන ශිල්පිණි‍යක වන ජෙනී මැකාතිගේ පුත්‍රයාට ඔටිසම් රෝගය වැළඳී ඇති බැව් සොයාගත් අතර ඇය ඒ සඳහා චෝදනා කළේ රුබෙල්ලා එන්නතට යි.

කෙසේ නමුත් 2011 වසරේ දී එම පර්යේෂණාත්මක ලිපියේ අඩංගු කරුණු සාවද්‍ය බැව් සොයාගැණුනා. එනමුත් ඒ වන විටත් බොහෝ දෙනෙකු එම කරුණු සත්‍ය යැයි සලකා සිය දරුවන්ට එන්නත් දීමෙන් වැළකී තිබූ අතර, මේ හේතුවෙන් ඇතැමෙක් මරුමුවට පවා පත් වී තිබුණේ රුබෙල්ලා වැළඳීමෙනුයි.

එන්නත් නොදීම නිසා ඇතිවන ලෝක මට්ටමේ ගැටළු

ලොව බොහෝ භයානක රෝගාබාධවලට එරෙහිව වර්තමානය වන විට සාර්ථක එන්නත් නිපදවා තිබෙන අතර, ඒවායින් සමහරක් මේ නිසා සදහටම ලොවෙන් තුරන් වී තිබෙනවා.

තවත් සමහරක් පාලනය වී තිබෙන්නේ නිරතුරු දරුවන්ට එන්නත් ලබාදීම සිදුවන නිසා යි.

මේ එන්නත්කිරීම් නිසා වසරකට ලොව පුරා මිලියන 2-3 වැනි ප්‍රමාණයක ජීවිත ආරක්ෂා වෙනවා.

මෑත යුගයේ සමාජ මාධ්‍ය නිසා එන්නත් කිරීමට විරුද්ධ මතවලට වේගයෙන් පැතිරීමේ අවකාශ ලැබී තිබෙනවා.

මේ නිසා අතීතයට වඩා වැඩි දෙනෙක් සිතා මතාම සිය දරුවන්ට එන්නත් ලබාදීමෙන් වැළකී සිටිනවා.

පසුගිය වසර කිහිපය තුළ ලොව පුරා සරම්ප වැළඳීමේ සිද්ධීන්වල 30% ක වර්ධනයක් දක්නට ලැබෙන අතර 2000 වසරේ දී. ඇමෙරිකාවෙන් තුරන් කරනු ලැබුයේ යැයි සැලකුණු එය 2013, 2014 හා 2015 යන වසරවල නැවතත් වසංගත තත්වයෙන් එහි පැතිරී ගියා.

මෑතක සිට එක්සත් ජනපදය පුරා පැතිර යමින් ඇති සරම්ප වසංගතයත් මෙයට හොඳ උදාහරණයක්.

මීට ප්‍රධානතම හේතුව ඊට ආදාල එන්නත් එම රෝගය වැළඳුණු පුද්ගලයින්ගේ ශරීර ගත නොවී තිබීම බැව් වෛද්‍යවරුන් පවසනවා.

ලෝකයා අනතුරේ හෙළන ප්‍රති එන්නත් ව්‍යාපාරය
සරම්ප වැළඳුණු ඇමෙරිකානු දරුවෙක්- Maggie Fox / NBC News

නිසි අධ්‍යයනයකින් තොරව විවිධ විශ්වාසයන්හි එල්බගෙන සමහර එන්නත් ලබාගැනීමෙන් වැළකී සිටියහොත්,. දැනට සෑහෙන දුරකට පාලනය කර ඇති බෝවෙන රෝග රාශියක් වසංගත ලෙස ලොව පුරා නැවත පැතිරී යනු ඇති බවට විද්‍යාඥයින් අනතුරු හඟවනවා.

මේ වෛරසවල ජානමය විකෘතිතා ඇතිවීමේත් විශාල සම්භාවිතාවක් පවතින බැවින්, . එසේ වුවහොත් ඒවායේ ප්‍රතිරෝධය වර්ධනය වී දැනට පවතින එන්නත්වලින් ද ඒවා මැඬීම අපහසු වනු ඇති.

කවරයේ පින්තූරය- expatliving.hk

රචනය: Dinindu Ekanayake
මෙම මුල් ලිපිය  Roar Media විසින් නිර්මාණය කර පළ කල ලිපියකි. ඔවුන්ගේ අනුදැනුම ඇතිව මෙම ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරනවා.

https://roar.global/roar-media/about/

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • එන්නත්
  • /
  • ලෝකයා අනතුරේ හෙළන ප්‍රති එන්නත් ව්‍යාපාරය
බෙදාගන්න :
  • Dr. Dinuගෙන් අහන්න: දරුවන්ට හා ළදරුවන්ට දෙන එන්නත් පිළිබඳව ඔබ දත යුතු දේ

    Dr. Dinuගෙන් අහන්න: දරුවන්ට හා ළදරුවන්ට දෙන එන්නත් පිළිබඳව ඔබ දත යුතු දේ

  • බබාට බෙහෙත් විදින්නේ ගමේ ක්ලිනික් එකෙන්ද ප්‍රයිවට් ක්ලිනික් එකෙන්ද??

    බබාට බෙහෙත් විදින්නේ ගමේ ක්ලිනික් එකෙන්ද ප්‍රයිවට් ක්ලිනික් එකෙන්ද??

  • Dr. Dinuගෙන් අහන්න: දරුවන්ට හා ළදරුවන්ට දෙන එන්නත් පිළිබඳව ඔබ දත යුතු දේ

    Dr. Dinuගෙන් අහන්න: දරුවන්ට හා ළදරුවන්ට දෙන එන්නත් පිළිබඳව ඔබ දත යුතු දේ

  • බබාට බෙහෙත් විදින්නේ ගමේ ක්ලිනික් එකෙන්ද ප්‍රයිවට් ක්ලිනික් එකෙන්ද??

    බබාට බෙහෙත් විදින්නේ ගමේ ක්ලිනික් එකෙන්ද ප්‍රයිවට් ක්ලිනික් එකෙන්ද??

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it