ඇන්ටිබයටික්ස් Antibiotics නොහොත් ප්‍රතිජීවක ඖෂධ භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු

lead image

ඔබ දන්නවාද? virus ආසාදනයකදී බැක්ටෙරියා නාශනය කරන antibiotics ගැනීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැත.එම නිසා අනවශ්‍ය ලෙස බෙහෙත් පාවිච්චි කරනවට වඩා වෙද්‍ය උපදෙස් පිළිපැදීම වැදගත් වේ.

අද  විශේෂාංගය තුළින් ඔබව දැනුවත් කරන්නේ බොහොමයක් මව්පියවරුන් නොසැලකිලකිලිමත් ලෙස භාවිතා කරන ප්‍රතිකාර ක්‍රමයක් ගැනයි.

මේ අතිශයින් වැදගත් තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ ශ්‍රී ලංකන් මම්ස් සමුහය සම-හිමිකාරිනිය මෙන්ම මුලික ඇඩ්මින්වරිය ලෙසද කටයුතු කරන ශෙරින් දිල්රුක්ෂි ජෑන්ස් මහත්මියයි.

ශ්‍රී ලංකන් මම්ස් සමුහය තුළින් ලාංකීය මාතෘ ප්‍රජාවට අසහාය සේවයක් සපයන දිල්රුක්ෂි මහත්මියගේ මේ වටිනා ලිපිය බොහෝ මව්වරුන් නොසැලකිලිමත් ලෙස පරිහරණය කරන ප්‍රතිකාර ක්‍රමයක් ගැනයි. මෙය සෑම දෙමාපියෙක්ම අනිවාර්යයෙන් දැනුවත් විය යුතු මාතෘකාවක් බව මා තදින්ම විශ්වාස කරනවා. 

Antibiotics නොහොත් ප්‍රතිජීවක ඖෂධ යනු ඔබ කව්රුත් දන්නා පරිදි බැක්ටෙරියා මගින් ඇතිවන ආසාදිත තත්වයන් වලදී වෙයිද්‍යවරුන් විසින් නිර්දේශ කරන බෙහෙත් කාණ්ඩයකි.
(උදාහරණයක් ලෙස සෙම්ප්‍රතිෂාව, මුත්‍රා දැවිල්ල ,නිව්මෝනියාව )

නමුත් බොහෝ දෙනා නොදැනුවත් කම හේතුවෙන්, antibiotics හරි ආකාරව භාවිතා නොකරයි. එනම් තමන්ට අවශ්‍ය ලෙස දවස් 2-3ක් පාවිච්චි කර රෝගය යම්තාක් දුරට හොද අතට හැරුන පසු බෙහෙත් නවත්වා ඉතිරි බෙහෙත් ලග තබාගෙන නැවත එම රෝගය සෑදුන පසු කිසිදු වෙයිද්‍ය උපදෙසකින් තොරව පාවිච්චියට ගනී.

ප්‍රතිජීවක ඖෂධ භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු

ප්‍රතිජීවක යනු අප නිතර භාවිතා කරන panadol වැනි බෙහෙත් වර්ගයක් නොවන බව ඔබ මතක තබාගත් යුතු වේ. පළමු දිනයේදීම රෝගය සුව අතට හැරුණද වෙයිද්‍යවරයා දින 5ක් පාවිච්චියට නිර්දේශ කර ඇත්නම් නියමිත දින ගනන නියමිත මාත්‍රාවන් ගැනීමෙන් රෝගය නැවත නැවත මතු වීමෙන් වලකී. කඩින් කඩ ගැනීමෙන් එම ඔෂධය ඔබගේ රෝගයට ඔරොත්තු නොදෙන තත්වයට පත්වේ.

බොහෝ දෙනා කැස්ස සෙම්ප්‍රතිෂාව සෑදුන ගමන් antibiotics ගැනීමට පුරුදුව සිටි. මුලින්ම ඔබ දැනගත යුතු කාරණය වන්නේ antibiotics භාවිතා කරන්නේ බැක්ටේරියා මගින් සිදුවන ආසාදන සදහා පමණක් බවයි.

සෙම්ප්‍රතිශ්‍යාව උන බැක්ටෙරියා නිසා පමණක් නොව virus නිසාද ඇතිවිය හැක. virus ආසාදනයකදී බැක්ටෙරියා නාශනය කරන antibiotics ගැනීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැත.එම නිසා අනවශ්‍ය ලෙස බෙහෙත් පාවිච්චි කරනවට වඩා වෙද්‍ය උපදෙස් පිළිපැදීම වැදගත් වේ.

යම් antibiotic වර්ගයක් දින 5ක් බාවිතයට නියම කර ඇත්නම් සෑම දිනයකදීම එකම වෙලාවට දින 5 අවසන් වන තුරුම ගැනීමට වගබලා ගත යුතුය.එක් දිනක් හෝ මග නොහැරිය යුතුය.

තවද antibiotics කිරි සමග එකවිට ගැනීම නුසුදුසු වේ. ඔෂධය ශරීරයට උරා ගැනීම අක්‍රමවත් කරයි.

එමෙන්ම antibiotics ගැනීමට ප්‍රථම ඔබ භාවිතා කරන අනෙකුත් බෙහෙත් වර්ග ගැන වෙයිද්‍යවරයා දැනුවත් කල යුතු වේ. උදහරනයක් antibiotics, උපත්පාලන පෙති වල ක්‍රියාව අවම කරයි.එම නිසා ඔබ antibiotics භාවිතා කරනවා නම් එම දිනයන්හිදී වෙනත් උපත්පාලන ක්‍රමයක් අනුගමනය කිරීම සුදුසු වේ.

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/11/Antibiotics.png ඇන්ටිබයටික්ස් Antibiotics නොහොත් ප්‍රතිජීවක ඖෂධ භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු

තවද නොයෙකුත් බෙහෙත් වර්ග සහ antibiotics අනිසි ලෙස ප්‍රතික්‍රියා කරයි එමගින් මරණය පවා සිදුවිය හැක.එම නිසා සෑම විටම සෙම්ප්‍රතිශ්‍යවකට බෙහෙත් ගැනීමට ගියද ඔබ බාවිතා කරන අනෙකුත් බෙහෙත් වර්ග පිලිබදව වෙද්‍යවරයා දැනුවත්
කරන්න.

යම් හෙයකින් antibiotics පාවිච්චි කිරීමේදී ඔබට යම්කිසි වෙනසක්, ආසාත්මික තාවයක් (කැසීමක් හෝ පලු දැමීමක්) ඇති වුනි නම් වහාම බෙහෙත් නවත්වා වෙයිද්‍යවරයා වෙත යායුතු වේ.

තමන්ට ආසාත්මික වූ බෙහෙත් වර්ගය හොදින් මතකයේ තබාගෙන ප්‍රතිකාර ගැනීමට යන සැම මොහොතකම වෙයිද්‍යවරයාට පැවසීමට අමතක නොකළ යුතුය.එමගින් වෙයිද්‍ය වරයා විසින් නැවත නැවත එම බෙහෙත ලබාදීමෙන් වැලකී සිටිය හැක.

පිළිසිද ගැනීමක් අපේක්ෂාවෙන් සිටින කාන්තාවන් සහ ගැබිණි මව්වරුන් antibiotics ගැනීමේදී ඉතාම සැලකිලිමත් විය යුතු වේ.

සමහර antibiotics කලලයට විෂ සහිත වේ.බොහෝ කාන්තාවන්ට දරු පිලිසිදගැනීමකින් සති 2-3ට පසු මුත්‍රා ආසාදන ඇතිවීම සාමාන්‍ය දෙයකි.

නමුත් ඔබ දරුවෙකු බලාපොරොත්තුව සිටින බව වෙයිද්‍යවරයා දැනුවත් නොකළ හොත් ලබාදෙන බෙහෙත් කලලයට විෂ සහිත විය හැක.එමගින් ගබ්සා වගේම ආභාදිත දරුවන් ලැබීමටද ඉඩ ඇත.

සෑම විටම වෙද්‍ය උපදෙස් අනුගමන කරන්න ...

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/11/Dilrukshi e1511409254235 250x316.png ඇන්ටිබයටික්ස් Antibiotics නොහොත් ප්‍රතිජීවක ඖෂධ භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු

 

ශ්‍රී ලංකන් මම්ස් සමුහයේ මූලික ඇඩ්මින්වරිය ලෙසද, පරිපාලන අංශයෙන්ද පෙර පාසල් ගුරුවරියක වශයෙන් ද කටයුතු කර ඇති ශෙරින් දිල්රුක්ෂි ජෑන්ස් මහත්මියට සමුහය තුළ පල කල මේ වැදගත් ලිපියට වෙත TheAsianParent Sri Lanka වෙනුවෙන් අපගේ අවංක ආදර ස්තුතිය පුද කරනවා.