theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

Antibiotics නොහොත් ප්‍රතිජීවක ඖෂධ භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු

3 අවම කියවීම
Antibiotics නොහොත් ප්‍රතිජීවක ඖෂධ භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණුAntibiotics නොහොත් ප්‍රතිජීවක ඖෂධ භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු

ඔබ දන්නවාද? virus ආසාදනයකදී බැක්ටෙරියා නාශනය කරන antibiotics ගැනීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැත.එම නිසා අනවශ්‍ය ලෙස බෙහෙත් පාවිච්චි කරනවට වඩා වෙද්‍ය උපදෙස් පිළිපැදීම වැදගත් වේ.

අද  විශේෂාංගය තුළින් ඔබව දැනුවත් කරන්නේ බොහොමයක් මව්පියවරුන් නොසැලකිලකිලිමත් ලෙස භාවිතා කරන ප්‍රතිකාර ක්‍රමයක් ගැනයි. මේ අතිශයින් වැදගත් තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ ශ්‍රී ලංකන් මම්ස් සමුහය සම-හිමිකාරිනිය මෙන්ම මුලික ඇඩ්මින්වරිය ලෙසද කටයුතු කරන ශෙරින් දිල්රුක්ෂි ජෑන්ස් මහත්මියයි. Antibiotics නොහොත් ප්‍රතිජීවක ඖෂධ යනු ඔබ කව්රුත් දන්නා පරිදි බැක්ටෙරියා මගින් ඇතිවන ආසාදිත තත්වයන් වලදී වෙයිද්‍යවරුන් විසින් නිර්දේශ කරන බෙහෙත් කාණ්ඩයකි.

(උදාහරණයක් ලෙස සෙම්ප්‍රතිෂාව, මුත්‍රා දැවිල්ල ,නිව්මෝනියාව )

නමුත් බොහෝ දෙනා නොදැනුවත් කම හේතුවෙන්, antibiotics හරි ආකාරව භාවිතා නොකරයි. එනම් තමන්ට අවශ්‍ය ලෙස දවස් 2-3ක් පාවිච්චි කර රෝගය යම්තාක් දුරට හොද අතට හැරුන පසු බෙහෙත් නවත්වා ඉතිරි බෙහෙත් ලග තබාගෙන නැවත එම රෝගය සෑදුන පසු කිසිදු වෙයිද්‍ය උපදෙසකින් තොරව පාවිච්චියට ගනී.

බබාගේ බෙහෙත්

ප්‍රතිජීවක ඖෂධ භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු

ප්‍රතිජීවක යනු අප නිතර භාවිතා කරන panadol වැනි බෙහෙත් වර්ගයක් නොවන බව ඔබ මතක තබාගත් යුතු වේ. පළමු දිනයේදීම රෝගය සුව අතට හැරුණද වෙයිද්‍යවරයා දින 5ක් පාවිච්චියට නිර්දේශ කර ඇත්නම් නියමිත දින ගනන නියමිත මාත්‍රාවන් ගැනීමෙන් රෝගය නැවත නැවත මතු වීමෙන් වලකී. කඩින් කඩ ගැනීමෙන් එම ඔෂධය ඔබගේ රෝගයට ඔරොත්තු නොදෙන තත්වයට පත්වේ.

බොහෝ දෙනා කැස්ස සෙම්ප්‍රතිෂාව සෑදුන ගමන් antibiotics ගැනීමට පුරුදුව සිටි. මුලින්ම ඔබ දැනගත යුතු කාරණය වන්නේ antibiotics භාවිතා කරන්නේ බැක්ටේරියා මගින් සිදුවන ආසාදන සදහා පමණක් බවයි.

සෙම්ප්‍රතිශ්‍යාව උන බැක්ටෙරියා නිසා පමණක් නොව virus නිසාද ඇතිවිය හැක. virus ආසාදනයකදී බැක්ටෙරියා නාශනය කරන antibiotics ගැනීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැත.එම නිසා අනවශ්‍ය ලෙස බෙහෙත් පාවිච්චි කරනවට වඩා වෙද්‍ය උපදෙස් පිළිපැදීම වැදගත් වේ.

යම් antibiotic වර්ගයක් දින 5ක් බාවිතයට නියම කර ඇත්නම් සෑම දිනයකදීම එකම වෙලාවට දින 5 අවසන් වන තුරුම ගැනීමට වගබලා ගත යුතුය.එක් දිනක් හෝ මග නොහැරිය යුතුය.

තවද antibiotics කිරි සමග එකවිට ගැනීම නුසුදුසු වේ. ඔෂධය ශරීරයට උරා ගැනීම අක්‍රමවත් කරයි.

එමෙන්ම antibiotics ගැනීමට ප්‍රථම ඔබ භාවිතා කරන අනෙකුත් බෙහෙත් වර්ග ගැන වෙයිද්‍යවරයා දැනුවත් කල යුතු වේ. උදහරනයක් antibiotics, උපත්පාලන පෙති වල ක්‍රියාව අවම කරයි.එම නිසා ඔබ antibiotics භාවිතා කරනවා නම් එම දිනයන්හිදී වෙනත් උපත්පාලන ක්‍රමයක් අනුගමනය කිරීම සුදුසු වේ.

Antibiotics නොහොත් ප්‍රතිජීවක ඖෂධ භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු

තවද නොයෙකුත් බෙහෙත් වර්ග සහ antibiotics අනිසි ලෙස ප්‍රතික්‍රියා කරයි එමගින් මරණය පවා සිදුවිය හැක.එම නිසා සෑම විටම සෙම්ප්‍රතිශ්‍යවකට බෙහෙත් ගැනීමට ගියද ඔබ බාවිතා කරන අනෙකුත් බෙහෙත් වර්ග පිලිබදව වෙද්‍යවරයා දැනුවත්
කරන්න.

යම් හෙයකින් antibiotics පාවිච්චි කිරීමේදී ඔබට යම්කිසි වෙනසක්, ආසාත්මික තාවයක් (කැසීමක් හෝ පලු දැමීමක්) ඇති වුනි නම් වහාම බෙහෙත් නවත්වා වෙයිද්‍යවරයා වෙත යායුතු වේ.

තමන්ට ආසාත්මික වූ බෙහෙත් වර්ගය හොදින් මතකයේ තබාගෙන ප්‍රතිකාර ගැනීමට යන සැම මොහොතකම වෙයිද්‍යවරයාට පැවසීමට අමතක නොකළ යුතුය.එමගින් වෙයිද්‍ය වරයා විසින් නැවත නැවත එම බෙහෙත ලබාදීමෙන් වැලකී සිටිය හැක.

පිළිසිද ගැනීමක් අපේක්ෂාවෙන් සිටින කාන්තාවන් සහ ගැබිණි මව්වරුන් antibiotics ගැනීමේදී ඉතාම සැලකිලිමත් විය යුතු වේ.

සමහර antibiotics කලලයට විෂ සහිත වේ.බොහෝ කාන්තාවන්ට දරු පිලිසිදගැනීමකින් සති 2-3ට පසු මුත්‍රා ආසාදන ඇතිවීම සාමාන්‍ය දෙයකි.

නමුත් ඔබ දරුවෙකු බලාපොරොත්තුව සිටින බව වෙයිද්‍යවරයා දැනුවත් නොකළ හොත් ලබාදෙන බෙහෙත් කලලයට විෂ සහිත විය හැක.එමගින් ගබ්සා වගේම ආභාදිත දරුවන් ලැබීමටද ඉඩ ඇත.

සෑම විටම වෙද්‍ය උපදෙස් අනුගමන කරන්න ...

Antibiotics නොහොත් ප්‍රතිජීවක ඖෂධ භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු

 

ශ්‍රී ලංකන් මම්ස් සමුහයේ මූලික ඇඩ්මින්වරිය ලෙසද, පරිපාලන අංශයෙන්ද පෙර පාසල් ගුරුවරියක වශයෙන් ද කටයුතු කර ඇති ශෙරින් දිල්රුක්ෂි ජෑන්ස් මහත්මියට සමුහය තුළ පල කල මේ වැදගත් ලිපියට වෙත TheAsianParent Sri Lanka වෙනුවෙන් අපගේ අවංක ආදර ස්තුතිය පුද කරනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • Antibiotics නොහොත් ප්‍රතිජීවක ඖෂධ භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු
බෙදාගන්න :
  • දරුවන්ට ප්‍රතිජීවක ඖෂධ වෙනුවට අත්බෙහෙත්?

    දරුවන්ට ප්‍රතිජීවක ඖෂධ වෙනුවට අත්බෙහෙත්?

  • ඔබේ සෞඛ්‍ය ගැන කියාපාන ඔබේ මුහුණ

    ඔබේ සෞඛ්‍ය ගැන කියාපාන ඔබේ මුහුණ

  • දරුවන්ට ප්‍රතිජීවක ඖෂධ වෙනුවට අත්බෙහෙත්?

    දරුවන්ට ප්‍රතිජීවක ඖෂධ වෙනුවට අත්බෙහෙත්?

  • ඔබේ සෞඛ්‍ය ගැන කියාපාන ඔබේ මුහුණ

    ඔබේ සෞඛ්‍ය ගැන කියාපාන ඔබේ මුහුණ

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it