theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මුහුණු පොතේ රස මවන්නිය, අනූෂා ජිවනී ගැන කතා කරමු

8 අවම කියවීම
මුහුණු පොතේ රස මවන්නිය, අනූෂා ජිවනී ගැන කතා කරමුමුහුණු පොතේ රස මවන්නිය, අනූෂා ජිවනී ගැන කතා කරමු

මුහුණු පොතේ නිතර හමුවෙන අපේ හිතවත් අනූෂාගේ ජීවිතයේ නොදත් තතු සොයා

අපි අද කතා කරන්න යන අමුත්තිය ඔබට නම් අමුත්තියක් නොවේ. අනූෂා ජීවනී නම කියු පමණින් මුහුණු පොතේ බොහෝ දෙනෙක් ඇයව හදුනනවා. ඇය ඒ තරමටම ලෙන්ගතුයි. ආදරණියයි.

මව්බිමෙන් බොහෝ දුර ඈතක හිටියත් අපේ සිංහල මව්වරුන් වෙනුවෙන් ඇය සතු දැනුම බෙදාගන්නා සෙනෙහෙවන්ත හදවතක් ඇය සතුයි.

Anu’s Kitchen and Home හරහා  මුහුණු පොතට පිවිසුන ඇය අපට කියා දුන්නේ රසවත් රෙසපි පමණක්ම නොවේ. 

නිවෙස පිරිසිදුව පිළිවෙළට තියා ගන්නා අයුරු ඇය අපට කියා දුන්නා.

ඉතින් ආදරණිය අනූගේ රසවත් ආහාර වට්ටෝරුවක් හෝ එහි ඡායාරූප දුටුවෙක් එය හදා බලන්නට පෙළඹෙන්නේ නියැතින්මයි.  

මේ තරම් විස්තර වලින් අද  මම මේ පටන් ගන්නා ලිපිය ඇයගේ තවත් රසවත් ඉදිරිපත් කරන්න නම් නෙමෙයි.

අපි අද ඇයගේ ආලින්දයට ගොඩ වුනේ ඇයගේ ජිවිතයේ රසවත් වට්ටෝරුව පිළිබද ආදරණිය තොරතුරු රැසක් ඔබ වෙත ගෙන එන්නයි.

මේ දවස් වල ඉතාම කාර්ය බහුල ජීවිතයක් ගෙවන ඇය ඒ වැඩකට යුතු මැද්දෙන්ම අපිත් එක්ක තොරතුරු බෙදාගන්න එකතුවීම ගැන අපි පළමුව ඇයට බොහොම ස්තුතිවන්ත වෙනවා.

දුර රටක ඉන්න අපේ අනූෂා ජීවනී ගේ ආදරණිය කථාව ඉතින් අපි අසමු 

ආදරණීය අනූෂා ජීවනීගේ ජිවිතයේ තතු ඇගේ වදනින්ම

මුහුණු පොතේ රස මවන්නිය, අනූෂා ජිවනී ගැන කතා කරමු

1. අපේ පාඨකයන් ඔයා ගැන අලුත් විස්තර දැනගන්නත් කැමති ඇති, ඉතින් අනූෂා ඔයගේ පවුලේ විස්තර හා පෞද්ගලික විස්තර  ටිකක් අපිත් එක්ක බෙදා ගන්න පුළුවන්ද?

මම මීගමුවේ ඉන්නේ, මගේ පවුලේ හතර දෙනෙක් ඉන්නවා ඔක්කොම. මගේ අක්කා වැඩිමල්, ඊටපස්සේ අන්තීම මම. මම බාලයා.

ඉතින් ගෑණු ළමයි දෙන්නෙකුයි, පිරිමි ළමයි දෙන්නෙකුයි.

මීට අවුරුදු 15 කට කලින් තමයි මං මේ රටට පැමිණි යේ. 

මගේ මහත්තයා ලංකාවට ඇවිත් ලංකාවේ කෙනෙක් මැරි කරන්න ඔනී කියලා.ඉතින් කෙනෙක් හොයන අතර තමයි එයා හොයලා හොයලා .

හතර පාරක් විතර එයා ලංකාවට ඇවිල්ලා මං හිතන්නේ. හතරවෙනි පාර අන්තිම කියලා අපු පාර  මාව හිතට අල්ලලා.

පස්සේ විවාහය කතාබහ කරලා ඊට පස්සේ මගේ වීසි හදලා ගේත් හදලා ආපහු මාස 6 කින් එන්නම් කියලා ආපහු ජපානයට ආවා. 

පස්සේ මාස 6 කට පස්සේ එයා ලංකාවට ඇවිත් . මාව මැරි කලා.

අපේ වෙඩින් එක ගත්තේ ලංකාවේ. ඊට සති 2 කට පස්සේ එයා මාව මෙහාට එක්ක ගෙන ආවා.

2.උපන් රටින් ගොඩාක් දුර ඈත රටක ඉදන් අපේ අම්මලාට ඔයා කරන සේවය අතිවිශිෂ්ටයි. ඔයා කොහොමද මේ වගේ රසවත් කෑම හදන්න පෙළඹුනේ? ආරම්භය ගැන සදහනක් කලොත්?

දැන් නම් ඉතින් යු ටියුබ් හරි අන්තර්ජාලයේ හරි රෙසපි එකක් ටයිප් කරපු ගමන් ගන්න පුළුවන් නේද? ඒ කාලේ එහෙම තිබුනේ නැහැ.

මට පොඩි කාලේ ඉදලා ඔනෑම දෙයක් කරන්න තිබ්බ කැමැත්ත හා අම්මා එහෙම කරන්න කියලා කියපු නිසා ගේ  දොර වැඩ දැන ගෙන හිටියා.

මම පොඩි කාලේ ඉදන් ගේ දොර වැඩ ඔන දෙයක් කරන්න වගේම උයන පිහන වැඩ වලටත් මං හරි කැමතියි කියලා අම්මා නම් කියනවා.

ඒ නිසාම මම අම්මාට පොඩි කාලේ උයන්න උදව් කලාලු . අම්මා එහෙම කිව්වාට මට දැන් හරියට මතක නැහැ.

මීට අවුරුදු 15 කට කලින් මම මෙහෙට එනකොට මට වයස 23 ක් හරි 24 ක් හරි. ඒ කාලේ මට කෑම හදන්න එච්චර අවබෝධයක් තිබුනේ නැහැ.

අම්මාට උයන්න ටිකක් එහෙම කලාට  මම මෙහෙට එනකොට තනියම බතක් කරියක් උයන්න දැනගෙන හිටියේ නැහැ.

මම මෙහෙට එනකොට අලුත් රටක්, මාව කරකෝලා අතඇරියා වගේ.  මිනිස්සු , භාෂාව සේරම මට අලුත්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

මම මුලින්ම ජැපනීස් කෑම තමයි මුලින්ම හැදුවේ. නැන්දම්මා මට ගොඩාක් උදව් කලා.

මුලදී නම් සැර අඩු නිසා මට ඒවා කන්න අමාරු වුනා.  මම මුලින්ම කිව්වා වගේ ඒ කාලේ යු ටියුබ් එහෙම තිබුනේ නැහැනේ.

ඒ නිසා මම ටී.වී. එකේ රෙසපි යන කොට කොලයක් පෑනක් අරගෙන ඒවා උනන්දුවෙන් ලියා ගත්තා. ඒ කාලේ මට තිබ්බ පුරුද්දක් ඒක.

අවුරුදු හතක් යනකම් මට බබෙක් හිටියේ නැති නිසා මට ඒ කාලේ  කෑම හැදීම ගැන ලොකු ආශාවක් තිබ්බේ නැහැ.

ඒත් ඊටපස්සේ දුවව හම්බවුනා.  මගේ ජිවිතයේ ලොකු වෙනසක් වුනේ එතැනයි.  sri lanka mums එකට මම මුලින් දාපු පොස්ට් වලින් ඔයාලා වුනත් මාව අදුර ගත්තේ ඒ නිසයි.

බබා සතුටු කරන්න මම හදපු කෑම වලට ආර්ට් මම ඔයාලා එක්ක බෙදා ගත්තා ඔයාලාටත් මතක ඇති.

ඇත්තටම බබා හම්බ වුනාට පස්සේ මම කෑම පැත්තෙන් වෙනස් වුනා.

දවස ගානේ දුව කෑම ගැන උනන්දු වෙන කොට , අද මමා මොනවාද හැදුවේ කියලා එයා අහද්දි.

දුව  කෑම දැකලා සතුටු වෙද්දි. එයාගේ සතුටට වෙනුවෙන්ම මගේ කෑම පැත්ත ගැන තියෙන උනන්දුව වැඩි වුනා.

3. ඉතින් අනූෂා ජීවනී,   ඔබ රැකියාවක් කරන මවක් විදියට ලස්සනට පිරිසිදුව නිවස තියාගන්න, රසවත් කෑම හදන්න කාලය කළමණාකරණය කරගන්නේ කොහොමද?

මුහුණු පොතේ රස මවන්නිය, අනූෂා ජිවනී ගැන කතා කරමු

මගේ සැමියා ගොඩනැගිලි සම්බන්ධ ඉංජිනේරුවෙක්. අපේ ගෙදර ලගම තියෙන කැම්පස් එකේ ගොඩනැගිල්ල භාර ගෙන හැදුවේ එක බැලුවේ එයා.

මම මෙහෙට ඇවිත් මාස 10 කින් පමණ පසු මම රැකියාව සදහා යොමු වුනා. මම කලේ ඒ කැම්පස් එකේ හොස්ටල් එකේ රෙස්ටුවර්න්ට් එකකයි.

මට මෙහෙට එනකොට ජපන් භාෂාවත් බැහැ. මම ටික ටික තමයි ඉගෙන ගත්තේ.

මුලින්ම රෙස්ටුවර්න්ට් පටන් ගන්න කොටමයි මම එයට සම්බන්ධ වුනේ මුලින් ළමයි 14 ක් පමණ හිටියේ අද වෙන කොට ළමයි 75 ක් ඉන්නවා.

එතැන හදන්නේ ජැපනීස් කෑම විතරයි. එතැන මම වැඩ කරන්නේ පැය 3 යි රූට පැය 2 1/2 යි වැඩ කරන්නේ. උදේ නම් එකොළහ වෙන කොට මම  ෆ්‍රී වෙනවා.

ඒ අතරේ මට ජපානයේ පොලීසියෙන් මට දමිළ භාෂාව පරිවර්තනය කරන්න අවස්ථාවක් ලැබුනා.

ඒ වේලාවේ එසේ කිරීම පොලීසියට කරන උදව්වක් නිසාත් මම දමිළ භාෂාව දන්න නිසාත් එැතැනට ගියා.

එතැනදි මට පැයකට ගෙවන ප්‍රමාණය ඇහුවාම පුදුම හිතුනා. එය එතරම්ම විශාල මුදලක්.( ලංකාවේ මුදලින් පැයකට රුපියල් විසිදාහක් විතර)

ඊටපස්සේ ලෝයස්ලා එක්කත් එක්ක සම්බන්ධ වෙලා මම දෙමළ හා සිංහල පරිවර්තනය කරන්න ලැබුන නිසා මම ලොකු මුදලක් උපයාගන්න පුළුවන් වුනා.

මට මේ භාෂා පරිවර්තන වැඩ නිසාම මේ රටේ උසාවි හා පොලීසියට මෙන්ම හිර ගෙවල් වලට යන්න අවස්ථාව ලැබුනා.

මම ඉන්න පලාත සීතල නිසා සිංහල අය අඩුයි. ඒ නිසා මෙහේ පොලීසියට මගේ සේවය ඉතා අවශ්‍ය වෙනවා.

ගෙවීමක් ලැබුනත් වෙනත් රටකින් ඇවිත් මේ රටට මට සේවයක් කරන්න ලැබුන එක මට හරි ආඩම්බරයක්.

මම රැකියාවන් දෙකක් කලත් නිවස පිරිසිදු කරන එක ගැන ලොකුවට හිතන්නේ නැහැ.

මම උදේ අටට දරුවා පාසැල් දාගෙන වැඩට යනවා. ඒ වුනත් මම නිවසින් පිටවෙන්න කලින් මම උදෙන්ම නිවස සම්පුර්ණයෙන්ම පිරිසිදු කරලා යනවා.

හැබැයි මම ඒ සදහා ලොකු කාලයක් ගත කරන්නේ නැහැ. හැබැයි නිවස සම්පුර්ණයෙන්ම පිරිසිදුව තියා ගන්නවා.

සති අන්තයේ තමයි නිවසේ ලොකු පිරිසිදු කිරීම් තියෙනවා නම් කරන්නේ.

4. අනූෂා ජීවනී, ඔබ හදන රසවත් කෑම මුහුණු පොතේ අම්මලා එක්ක විශේෂයෙන් ලාංකික අම්මලා එක්ක බෙදාගන්න හිතුවේ ඇයි?

මගේ දරුවා අම්මලා හදන කෑම එක්ක සතුටු වෙනවා වගේ අනික් අම්මලාත් කෑම හදලා බබාලාව සතුටින් තියයිනේ කියලා තමයි මම මගේ දැනම ගෲප් වල බෙදා ගත්තේ.

ඒක තමා මගේ අරමුණ වුනේ.

අම්මලා ගෙන් මට ගොඩාක් හොද ප්‍රතිචාර ලැබුනා.

sri lanka mums එකට මම මුලින් පොස්ට් දැම්මේ ඒකේ පොඩි බබාලාගේ අම්මලා ඉන්න නිසා . පස්සේ මට විවිධ ගෘෘප් වලින් මගේ දැනුම බෙදාගන්න ආරාධනා ලැබුනා.

ඉතින් මගේ අරමුණ අනෙක් අයට දැනුම බෙදා එක නිසා මම ඒ හැම එකකම මගේ දැනුම බෙදා ගත්තා.

පස්සේ ගොඩාක් අයගේ ඉල්ලීම මත මගේ පෝස්ට් සියල්ල එකතු කර මම Anu’s Kitchen  කියන පේජ් එකක් හැදුවා.

5. නිවස පිරීසිදුව , ලස්සනට තියාගන්න කැමති අම්මලාට ඔබට කියන්න යමක් තියෙනවාද?

ඉවුම් පිහිමු වලට අමතරව   නිවස පිරිසිදුව , පිළිවෙලට තබා ගන්න  මම ගොඩාක් දේවල් කරනවා.

ඉතින් අනෙක් අම්මලා එක්ක මම ඒ දැනුමත් බෙදාගන්න හිතුවා. ඉස්සර නම්  ලොකු ලොකු ගෙවල් තිබුනේ නැහැ .

මට මෙහේ තියෙන ගේ නම් ලොකු නැහැ. එහෙත් පිරිසිදුව පිළිවෙළට තියා ගත්තේ නැති නම් මගේ හිතට හරි නැහැ.

මම අසනීප වෙලා හිටියත් ගේ පිරීසුදුව තියා ගත්තේ නැත්නම් මට දවසම ගෙවෙන්නේ අපහසුතාවයකින්.

ඒ නිසාම මම මගේ මුළුතැන් ගෙයි, කාමරය පිරිසිදු කරන හැටි, මගේ නිර්මාණ මම ඔයාලත් එක්ක බෙදාගත්තා.

මේ දේවල් කරන්න මට පොඩි කාලේ මට ගොඩාක් ආශාවක් තිබුනත් වත්කම් හා පහසුකම් තිබුනේ නැහැ.

මගේ හස්බන්ඩ් මේ සදහා අවශ්‍ය දේවල් ලගටම මට ගෙනත් දුන්නා ඒ නිසා මම පොඩි පොඩි දේවල් කරන්න පටන් ගත්තා.

මුලින් මැහුම් වැඩ තමයි මම පටන් ගත්තේ.

දැන්නම් මම අන්තර්ජාලයේ තියෙන විඩියෝ මම බලලා ඒවා අත්හදා බැලුවා. ඊටපස්සේ තමයි මම ඔයාලාත් එක්ක බෙදා ගත්තේ.

මගේ ඉවුම් පිවුම්, නිවස හා පිළිවෙල ගැන පෝස්ට් බෙදා ගත්තේ ඒ නිසාම මම මගේ පේජ් එකේ බෙදා ගත්ත නිසා එහි නම Anu’s kitchen and  home විදියට වෙනස් කළා.

6. ගොඩාක් අම්මලා කියනවා නිවස පිරීසිදුව , ලස්සනට තියාගන්න වෙනමම කැපවෙන්න අවශ්‍යයයි කියලා. ඒ ගැන ඔබේ අදහස කොහොමද?

ගොඩාක් අම්මලාට තියෙන දේවල් එක්ක මේ විදියට නිතර පිරිසිදු කිරීම් කරන්න බැරි වෙන්න පුළුවන්.

ඒත් වේලාව නැහැ කියලා ඒවා අතපසු කරන්න හොද නැහැ. කොහොම හරි ඒ වැඩේ කරන්න අවශ්‍යයි කියලා හිතන්න.

මුහුණු පොතේ රස මවන්නිය, අනූෂා ජිවනී ගැන කතා කරමු

7. ඉතින් අනූෂා ජීවනී, ඔයාට ඉන්නේ විදේශිය නැන්දම්මා කෙනෙක්නේ. එයා එක්ක ඔයා කොහොමද හොද සම්බන්ධතාවයක් තියා ගන්නේ?

මට ඉන්නේ මේ රටේ නැන්දම්මා කෙනෙක්. එයා හරිම හොදයි. මට ලේලියෙක් විදියට නෙවෙයි දුවෙක් විදියට සලකනවා.

මගේ මහත්තයාට අක්කා  බැදලා නිසාා මහත්තයා ගාව තමයි අම්මා ඉන්නේ. මගේ නැන්දම්මා මට අම්මා කෙනෙක් වගේ.

එයා අදටත් මට මුලින් ආපුු දවස් වල වගේ ආදරයෙන් සලකනවා. නැන්දම්මා කෙනෙක් වුනාම එයාගේ හිත දින ගෙන ඉන්න ඔනා.

අපි හිත රිදෙන වචනයක් වත් මේ දක්වා කියලා නැහැ. මම එයාගේ හිත රිදවන්නේ නැහැ.

මටම වෙනම කිචන් එකක් හදලා නිදහස දෙන්න කියලා එයාම තමයි හස්බන්ඩ්ට කියලා තියෙන්නේ. එයා මට අවශ්‍ය නිදහස දීලා තියෙනවා.

මම ලංකාවේ කෑම හැදුුුුුුවාම මම මගේ නැන්දම්මාට දෙනවා. අපි දැන් අවුරුදු 15 තිස්සේ ඉන්නේ යාළුවෝ වගේ එයාට. එයා දැන් වයසයි.

මෙහේ අය තමන්ගේ වැඩ තමාම කරගන්න නිසා මගේ නැන්දම්මා එයාගේ වැඩ කරගන්නවා.

එයා දැනට ඉන්නේ අපේ නිවසේම යට තට්ටුවේ.

එයා දැන් ලෙඩින් ඉන්නේ ඒ නිසා මම එයාට රෑ කෑම හදලා දෙනවා. එයා අසනීප වුනාට පස්සේ  මම ඉරිදාට හස්බන්ඩ් එක්ක ගිහින් නැන්දම්මාගේ නිවසත්   පිරිසිදු කරලා දෙනවා.

මම දරුවාව ආච්චි එක්ක ගිහින් සෙල්ලම් කරලා එන්න කියලා අරිනවා.

මම එයාට ගොඩාක් ආදරෙයි. මම එයා එක්ක සතුටින් ඉන්නවා.

ඒ අපේ ආදරණිය අනූෂා ජීවනී ගේ කථාවයි.

ඉතින් අනූෂා ඔබ ඔබේ වටිනා කාලය වැය කරලා අපේ මේ ලිපිය ලස්සන කරන්න ඔබේ තොරතුරු බෙදා ගැනීම ගැන අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. ඔබ හරිම ලෙන්ගතු, නිහතමානී කෙනෙක්. ඒ වගේම හරිම මිත්‍රශිලීයි. ඒ නිසාම අපේ මව්වරුන් ඔබට හරිම ආදරෙයි.

ඔබටත් ඔබේ ආදරණීය පවුලටත් වාසනාව හා සතුටු පිරිනු ලස්සන හෙට දවසක් අපි ප්‍රාර්ථනා කරනවා.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ජනප්‍රිය තරු
  • /
  • මුහුණු පොතේ රස මවන්නිය, අනූෂා ජිවනී ගැන කතා කරමු
බෙදාගන්න :
  • පුංචි ජෝජ් කුමරු පාසැල් දිවියට පා තබයි

    පුංචි ජෝජ් කුමරු පාසැල් දිවියට පා තබයි

  • ගැබිණි මව්වරුනි, අන්තර්ජාලයේ ඡායාරූප බෙදාගන්නේ ප්‍රවේශමෙන්

    ගැබිණි මව්වරුනි, අන්තර්ජාලයේ ඡායාරූප බෙදාගන්නේ ප්‍රවේශමෙන්

  • පුංචි ජෝජ් කුමරු පාසැල් දිවියට පා තබයි

    පුංචි ජෝජ් කුමරු පාසැල් දිවියට පා තබයි

  • ගැබිණි මව්වරුනි, අන්තර්ජාලයේ ඡායාරූප බෙදාගන්නේ ප්‍රවේශමෙන්

    ගැබිණි මව්වරුනි, අන්තර්ජාලයේ ඡායාරූප බෙදාගන්නේ ප්‍රවේශමෙන්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it