ඕස්ට්‍රේලියානු මවක් පවුම් 14 ක් බර කිරිකැටියෙකුට උපත ලබාදෙයි!

සාමාන්‍ය බරකින් යුතු දරුවෙකු වුනත් බිහිකිරීම මවකට ඉතාම වේදනාකාරී අත්දැකීමක්. ඊට කෙතරම් සහයක් ලැබුනත් අම්මා ඒක තනියම දරාගන්න ඕනේ. ඉතින් මේ ඕස්ට්‍රේලියානු අම්මට මේ වේදනාව කොහොම දැනෙන්න ඇතිද?

සාමාන්‍ය බරකින් යුතු දරුවෙකු වුනත් බිහිකිරීම මවකට ඉතාම වේදනාකාරී අත්දැකීමක්. ඊට කෙතරම් සහයක් ලැබුනත් අම්මා ඒක තනියම දරාගන්න ඕනේ. ඉතින් මේ ඕස්ට්‍රේලියානු අම්මට මේ වේදනාව කොහොම දැනෙන්න ඇතිද?

ජනවාරි මාසයේ නටාෂා කොරිගන් ඇගේ හතරවෙනි  කිරිකැටි පැටියාට උපත ලබා දෙනකොට පැටියාගේ බර පවුම් 13.5 ක් (කි.ග්‍රෑම් 6 ක්) වුණා.

එය සාමාන්‍ය දරුවෙකුගේ බරට වඩා දෙගුණයක් පමණ වෙන්ව. එපිඩියුරල් එන්නත ඇයට ලබා දුන්නේ නැහැ. බොහෝ දරු ප්‍රසූතියේදී ලබා දෙන ගෑස් (50% ක් නිට්රස් ඔක්සයිඩ් හා 50% ක් ඔක්සිජන්) ඇයට ලබා දුන්නා.

Image may contain: one or more people

දරු ප්‍රසූතියෙන් පසු නටාෂා 7 News First වෙතට අදහස් දක්වමින්. “මම හැමදාම ටිකක් මහත බබෙකුට ආස වුණා. දැන් මට එයාව ලැබුණා”.

ඇය ගර්භණි සමයේ ඇගේ දරුවා සාමාන්‍ය දරුවෙකුට වඩා විශාල වන බව පවසා තිබුණා. එය 36 වන සතියේදී පවුම් 9 කින් බර වැඩි වීමත් සමග එය නිගමනය කර තිබුණා.

ඒත් බබා මෙච්චර ලොකු වෙයි කියලා ඇය හිතුවේ නැහැ. ඉතින් වික්ටෝරියාවට ඉපදුන බරින් වැඩිම දරුවා මේ පැටියා වෙන්න පුළුවන්. මම ටිකක් තැති ගත්තා. මොකද උපත වුනේ සාමාන්‍ය විදිහට. මට ගෑස් විතරයි ලබා දුන්නේ. ඉතින් මම ටිකක් බය වුණා. නටාෂා කියනවා. දරුවට අන්දවන්න වුනේ ඩයපර් 0 ඇඳුම්. නැප්කින් නම් අන්දවන්න බැහැ.

ඔබේ බබා සාමාන්‍ය දරුවෙකුට වඩා බරින් වැඩි බව උපතට පෙර දැනගෙන ඒත් ඔබ සාමාන්‍ය දරු ප්‍රසුතියකට සූදානම් වෙනවා නම් දැනුවත් විය යුතු කාරණා මොනවද?

  • දරුවාගේ බර වැඩි වුණා කියලා හිසේ ප්‍රමාණය ලොකු වෙන්නේ නැහැ. දරුවා පිවිසුමෙන් එළියට එන විට මිරිකී තද වීමෙන් එන නිසා ලිස්සා එළියට එනවා.
  • දරු ප්‍රසූතියේදී එය පහසු කරන ආකාරයට ඉරියව් යොදා ගැනීම, ඇනතබා ඉඳගැනීම වැනි ඉරීම් ගැන දැනුවත් වෙන්න. මේ නිසා හරි ඉරියව්වට දරුවා එළඹීමෙන් උපත පහසු වෙනවා.
  • පිටුපසින් වෙර නොගෙන අත් කකුල් වලින් වෙර ගැනීමෙන් දරුවාට පිවිසුම් මාර්ගය හරහා ලිස්සා ඒමටත් පහසු කරනවා.
  • පිවිසුම් දොර ඔලිව් ඔයිල් වැනි දෙයකින් සම්භාහනය කිරීමෙන් එම ප්‍රදේශය ඉරීයාම වළකනවා.

අම්මා කෙනෙකුට මේ වේදනාව දරා ගැනීම සැබවින්ම අතිශය වේදනාකාරියි. ඒ වේදනාව අතරින් සිනාසෙන ආදරණීය මේ අම්මා නටාෂා වෙනුවෙනුත්, අම්මාවරුන් වෙන්නට සිහින දකින ඔබ වෙනුවෙනුත් මේ සටහන theAsianparent Sri Lanka ඉතා ආදරයෙන් තැබුවා.  

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ