අලිගැටපේර ඔබේ පැටියාට පළමු ආහාරය ලෙස දෙන්න

අලිගැටපේර ඔබේ පැටියාට පළමු ආහාරය ලෙස දෙන්න

අලිගැටපේර දරුවාගේ පළමු ආහාරය ලෙස දීම ඉතාම සුදුසු බව නව අධ්‍යනයන් තහවුරු කර සිටිනවා

නව අධ්‍යනයන්ට අනුව අලිගැටපේර වල ඇති නොවෙනස් ඒකාකාරී රසය හා පෝෂණ ගුණය නිසා දරුවාගේ පළමු ආහාරය ලෙස දිය හැකි හොඳම ආහාරය බව පෙන්වා දෙනවා. මෙම අධ්‍යනයන්ට අනුව අලිගැටපේර මගින් අපේ පැටවුන්ගේ වර්ධනය හා සංවර්ධනය ඉහළ නංවනවා.

පෝෂණය සම්බන්ධ නවතම සඟරාවක් කරුණු දක්වමින් කියා තිබුණේ ළදරු ආහාර සීනි අවම එහෙත් පෝෂණීය ගුණයෙන් ඉහළ වීම වැදගත් වන බවයි.

කෙසේ වෙතත් දරුවාගේ පළමු ආහාරය ලෙස ලබා දෙන ආහාර වලට සීනි හා ලුණු එතරම් අවශ්‍ය වන්නේ නැහැ. මේ නිසා දරුවන් වැඩෙත්ම සීනි වලට ඇති කැමැත්ත ඔවුන්ගෙන් ඈත්වෙලා යනවා. අලිගැටපේර වල ඇති ස්වභාවික රසය ළදරුවන්ගේ පළමු ආහාරය ලෙස ප්‍රයෝගික වන්නෙත් ඒ නිසයි.

දරුවාගේ පළමු ආහාරය ලෙස අලිගැටපේර සුදුසු වන්නේ ඇයි?

මෙහි සුවිශේෂ සමබර රසයට අමතරව සම්ප්‍රදායික වශයෙන්ද එදා සිටම පෝෂණයෙන් ඉහළ පළතුරක් ලෙස අලිගැටපේර පිළිගැනෙනවා. දරුවන්ට අවශ්‍ය කැලරි හා ඔවුන්ගේ ශක්තිය හා වර්ධනයට මේ පළතුර විශාල දායකත්වයක් සපයනවා.

Ohio State University හි රොබර්ට් මුරේ පවසන අන්දමට දරුවන් තමන්ගේ පළමු ආහාර හඳුනාගැනීමේ දී විවිධ රසයන්, වර්ණ හා සම්මිශ්‍රණයන්, රළු, සිනිදු බව හඳුනා ගැනීම ඉතා වැදගත් බව පවසනවා.

අලිගැටපේර වල ඇති පෝෂණීය ගුණ හඳුනාගැනීමේ දී එය දරුවන්ට කෙතරම් හිතකර දැයි ඔබට වැටහේවි. ඔබේ දරුවාව සීනි රසට හුරු කරන්න ඔබට එතරම් උනන්දුවක් නැත්නම් අලිගැටපේර ඊට හොඳම විසඳුමයි.

අලිගැටපේර 0.09g ප්‍රමාණයක සීනි 1g ක ප්‍රමාණය පමණක් අඩංගු බව සඳහන් වෙනවා. පලතුරු අතර සීනි අඩුම පළතුරක් ලෙස අලිගැටපේර හඳුන්වන්න පුළුවන් වන්නේ ඒ නිසයි.

දරුවාගේ පළමු ආහාරය

දරුවාගේ පළමු ආහාරය

ඒ වගේම අලිගැටපේර වල ඇති මෘදු පිටි සහිත බව දරුවන්ට හොඳින්ම ගැළපෙනවා. එහි ඇති මෘදු බව ආහාර වලට හුරු වන දරුවන්ට පහසුවක් ඇති කරනවා.

එපමනින් ඔබේ දරුවා අන් කෑම වලට හුරු කරවිමත්, රස හඳුනාගන්න උනන්දු කරවිමටත් හැකි වෙනවා. ඒ වගේම මෙම අධ්‍යනයේ දී අලිගැටපේර සමග ගන්නා අනෙකුත් ආහාර වල පෝෂණීය ගුණයන් උරාගැනීමට අලිගැටපේර මගින් රුකුලක් ලැබෙන බව පැවසෙනවා.

ඉතින් අලිගැටපේර රසින්, ගුණයෙන්, මෘදු බවින් මුලින්ම ආහාර වල රස බලන පුංචි පැටියාට හරිම අගෙයි නේද? ඉතින් කොයි මොහොතක වුවත් මේ රස හුරු කලොත් ඔබේ පැටියාගේ සුවයට රැකවරණයට මේ අනගි පළතුර උදවු වේවි.

theAsianparent Sri Lanka හැමදාමත් හොඳම දේ සොයා යන්නේ ඔබ ඔබේ දරුවට අනගිම දේ සොයා යනවා වගේමයි. ඒ අපි ඔබේ හොඳම මිතුරිය නිසයි.  

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ