theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ට සිදුවන අනතුරු බොහොමයක් ඔබේ අතින් සිදුවන වැරදි නිසා වන්නට පුළුවන්

5 අවම කියවීම
දරුවන්ට සිදුවන අනතුරු බොහොමයක් ඔබේ අතින් සිදුවන වැරදි නිසා වන්නට පුළුවන්දරුවන්ට සිදුවන අනතුරු බොහොමයක් ඔබේ අතින් සිදුවන වැරදි නිසා වන්නට පුළුවන්

දෙමාපිය ඔබ අතින් විශාල හානියක් සිදුකල හැකි මේ සුළු වැරදීම් සිදුවනවාද?

දරුවන්ට සිදුවන අනතුරු වැලක්වීමට දෙමාපියන්ගේ දෙමාපිය අපගේ මුළු ජිවිතයම කැප කරනවා.  

අපේ පැටවුන්ට හොඳම දේ දෙන්නයි අපි නිතරම මහන්සි වෙන්නේ. එත් ඔබ නොදැනුවත්ව කරන සමහර වැරදී නිසා ඔවුන්ගේ සෞක්‍යට විශාල බලපෑම් ඇති කළ හැකි බව දන්නවද? මේ කරුණු ඔබව ඒ පිලිබඳව දැනුවත් කරන්නයි.

1. ශීතකරණය තුළ සිදුවිය හැකි ආහාර විෂ වීම් තුලින් දරුවන්ට සිදුවන අනතුරු

ඔබේ පැටියාට බඩේ අමාරුවක් හැදිලා. ඔබ දසඅතේ කල්පනා කරනවා. මෙච්චර පරිස්සමෙන් දරුවාගේ කෑම දීලත් කොහොමද ඒක වුනේ.

  • කිසි දිනක විවෘත කල කෑන් හෝ ලෝහ බඳුන් ශීතකරණය තුළ තබන්න එපා: අඩක් භාවිත කළ කිරි කෑන් එකක්, ටින් එකක් හෝ ටින් කල කෑම වල ඉතිරිය ඔබ ශීතකරණයට දමනවා නම් එය ඉක්මනින් නතර කරන්න. එම ලෝහමය ගුණයන් එහි අන්තර්ගතයට ඇතුල්වීමේ අවධානමක් තියෙනවා.
  • ශීතකරණය පිරිසිදුව තබන්න: සතියකට වරක් හෝ සතියකට දෙවරක් ඔබේ ශීතකරණය පිරිසිදු කරන්න මතක තබා ගන්න. මන්ද එහි හැලෙන විවිධ කෑම විෂ වීම් එහි වර්ධනය වන්නට පුළුවන්.
  • කල් ඉකුත් වූ ආහාර ඉවත් කරන්න: විශේෂයෙන් ආහාරයට ගැනීමට පෙර ඒවායේ නිෂ්පාදිත හා කල් ඉකුත්වන දින පරික්ෂා කර බලන්න. විශේෂයෙන් ටික කාලයක් ශීතකරණය තුළ තිබු ආහාර ගැනීමට පෙර විශේෂයෙන් සැලකිලිමත් වන්න.

tv

2. වැඩිහිටියන්ට පමණක් සුදුසු දේ දරුවන් නැරඹීම 

විශේෂයෙන් රුපවාහිනී මගින් නරඹන තොරතුරු ඊට බලපෑ හැකියි.  සමීක්ෂණ වලට අනුව වයසට නොගැලපෙන තොරතුරු දරුවන්ට ලැබීම ඔවුනට අනිසි බලපෑම් ඇති කළ හැකි අතර අනිසි බිය වීම් හා අනාරක්ෂිත බව ඇතිවීමට ඉඩ ඇති බව සොයාගෙන  තිබෙනවා.

ඔබ ඔබේ දරුවා ගැන හා ඔහු මාධ්‍ය මගින් ලබාගන්න තොරතුරු ගැන සැලකිලිමත් නම්,

  • ඔවුන් නරඹන රූපවහිනි වැඩසටහන් ඔවුන්ට පෙර නරඹා එය ඔවුන්ට කොතරම් දුරට ගැලපේ දැයි දැනගන්න.
  • රුපවාහිනී හා අන්තර්ජාලය ඔබත් ඔවුනුත් එකට සිට භාවිත කල හැකි පොදු කාමරයක දී බැලීමට සැලසුම් කර දෙන්න.
  • ඔබගේ ජංගම දුරකථනය තුළ දරුවන්ගේ ආරක්ෂාව සඳහා ඇති මෘදුකාංග ගැන දැනුවත් වන්න.
  • ඔබේ දරුවන්ට අන්තර්ජාලය හා සයිබර් අවකාශයේ හොඳ නරක පැහැදිළි කර දෙන්න.
  • නිවසේ wifi සේවය ඇත්නම් එහි රහස්‍ය භාවය ක්‍රියාත්මක කරන්න.

මේ හේතු දරුවන්ගේ ආරක්ෂාව, හිතුවක්කාරකම්, ගරුකිරීම, බුද්ධිය, භයානක සිතුවිලි ඇති වීම, ප්‍රචණ්ඩත්වය වැනි ලක්ෂණ සඳහා මූලාරම්භය විය හැක.

3. දුම්පානයේ වක්‍ර බලපෑම් 

නගර තුල ජිවත් වන විට නිරන්තරයෙන් වාහන හා කර්මාන්ත ශාලා වලින් පිටවන දුම්වලට අපව නිරාවරණය වෙනවා. නමුත් නිවාස තුළ ඔබ හෝ ඔබේ පවුලේ අය දුම් පානය කරන්නේ නම් ඔබේ දරුවා ඉන් දැඩි පිඩාවට පත් විය හැකි බව හෙල්ත් ප්‍රමෝෂන් ආයතනය පවසනවා.

සිගරට් දුමෙහි 4000 කට වැඩි විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා. ඉන් 400 ක්ම ඉතා විෂ සහිත වන අතර ඉන් දරුවන්ට විශාල බලපෑම් ඇති කළ  හැකි බව සොයාගෙන ඇත.

දුම් වැටියක් පානය කළ  පරිසරයක් තුළ වුවද එම අහිතකර රසායනයන් පැවතිය හැකි නිසා තෙවන ආකාරයට වන බලපෑම එනම් පරිසරයේ පැතිර ඇති දුම්ද ඉතා හානිකර බව සොයාගෙන ඇත.

දුම්වැටි පානය කරන්නන් සිටින පරිසරයකදී එහි ඇති බඩු භාණ්ඩ හා ඔවුන්ගේ ඇඳුම් වලින් පවා අහිතකර රසායනයන් තැම්පත් විම හේතුවෙන් එය දරුවන්ට අහිතකර බලපෑම් එල්ල කරනවා.

බලපෑම්: 
හෙම්බිරිස්සාව, ඇස හා නාසයේ අසාදන, කැසීම්, පෙනහළු වල වර්ධනයේ අඩුවීම්, කැස්ස, හතිය, ඇදුම, කන හා පපුවේ අසාදන, නිව්මෝනියාව හා SIDS හෙවත් හිටිහැටියේම ළදරුවන් මරණයට පත්වීම වැනි අති භයානක හේතු රැසක් හටගත හැකිය.

ළමයින්ට කරන වැරදී

ඔබ සිතුවාට වැඩිය හානි දුම් පානයෙන් දරුවාට සිදු වෙයි

4. නිවෙස තුළ ඇඳුම් වියලීමට දැමීම.

වර්තමානයේ බොහෝ පවුල් ඉතා අඩු ඉඩ ප්‍රමාණයන් තුළ ජිවත් වන නිසා ඔවුන් තෙත ඇදුම් නිවෙස තුළ කාමරයක හෝ ආලින්දයේ වියලෙන්නට හරිනවා වෙන්න පුළුවන්.

දොර ජනෙල් වැසූ පරිසරයක් තුළදී ඇඳුම් වියලිමෙන්, ඇතුලත තෙතමනය වැඩි වීමෙන් විවිධ ලෙඩ රෝග වලට පාදක වන දුවිලි අංශුන් හා ඒවා වැඩි වීමට පරිසරයට සහය වෙනවා.

බලපෑම්: 
ඇදුම, උණ, සහ අසාත්මිකතා.

ළමයින්ට කරන වැරදී

ඔබේ පැටියා හිරු කිරණට නිරාවරණය වන විට ඉන් ආරක්ෂා වීමට පිළියම් යෙදීම වැදගත් වෙනවා.

5. හිරු එලියට නිරාවරණය වීම නිසා දරුවන්ට සිදුවන අනතුරු

රෝග පාලනය හා මර්දනය මධ්‍යස්ථානයට අනුව අවස්ථා කිහිපයකදී පමණක් වුවත් ඔබේ දරුවන් හිරු එලියට නිරාවරණය වුවහොත් ඉන්  දරුවන්ට සිදුවන අනතුරු බොහොමයි. මේ නිසා පිළිකා තත්ත්ව ඇතිවීමේ අවධානම වැඩි බව සොයාගෙන ඇති නිසා ඔවුන් හිරු කිරණට නිරාවරණය වන විට ඉන් ආරක්ෂා වීමට පිළියම් යෙදීම වැදගත් වෙනවා.

  • දහවල් කාලයේ හිරු කිරණ මග හැරවීම යෝග්‍යයයි: විශේෂයෙන් දහවල් කාලය තුළ හිරු එළියේ කරන ක්‍රියාකාරකම් මගහැරීම අසුදුසු වන්නේ එම කාලය තුළ හිරු කිරනෙ හි පතිත බලය ඉතා වැඩි නිසයි.
  • නිවසින් පිටත දී: සෙවනක් යටට යන්න. නිවසින් පිටත දී  දහවල් කාලය තුළ ක්‍රියාකාරකම් හෝ යම් කිසි කාර්යයක නිරත වන්නේ නම් සෙවනක් ඇති ස්ථානයක රැදෙන්නට උනන්දු වන්න.
  • ශරීරය ආවරණය කරගන්න: හිරු කිරණට නිරාවරණය වන අවස්ථාවන් වලදී අත්, පා වැසෙන ලෙස ඇඳුම් තෝරා ගැනීම හා ඇඳුම් ලා වර්ණයන්ගෙන් තොර ගැනීමත් වැදගත්.
  • තොප්පියක් පැළදීම: හිරුගෙන් ආරක්ෂා වීමට තොප්පියක් පැළඳීම ඉතා සරල කාරණයක් වුවත් ඔබ දරුවන්ට තොප්පි තෝරා ගැනීමේදී ඔවුන්ගේ කන් සහ බෙල්ලට ද ආවරණය ලැබෙන ආකාරයේ තොප්පියක් තෝරා ගන්න අමතක කරන්න එපා.
  • අව්කණ්නාඩි පළදින්න: මෙය විලාසිතාවක් ලෙස කරන යෝජනාවක් නොවෙයි. නමුත් ඔබේ දරුවාගේ දෙනෙත් UV කිරණ වලින් රැකගැනීමට හොඳ අව්කණ්නාඩි දෙකක පැළදීම සුදුසු වෙනවා.  
  • හිරු ආවරණ ක්‍රීම් ගල්වන්න: පුංචි දරුවන් අව්වේ සෙල්ලම් කරන විට SPF15 හා UVA සහ UVB ආරක්ෂාව සහිත හිරු ආවරණ ක්‍රීම් එකක් හිරු සමග ගැටීමට මිනිත්තු 30 කට පෙර අලේප කිරීමට පුරුදු වෙන්න. 

දැන් ඔබට වැටහෙනවා නේද අපි නොසිතන ඉතා සරල කරුණු ඔබේ ජීවිතය සහ දරුවන්ගේ ජිවිත වලට කෙතරම් භායනක ප්‍රතිපල ළඟා කරනවද කියලා. දරුවන්ට සිදුවන අනතුරු ඔබේ සුළු තෝරාබේරා ගැනීම් වලින් වලක්වාගන්නට හැකි යැයි කියලා.

ඒ වෙනුවෙන් මේ මතක් කිරීම theAsianparent Sri Lanka අපි කරන්නේ ඔබේ හොඳම මිතුරියක් ලෙසින් ඔබේ සතුට හැමදා අපේක්ෂා කරන නිසයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • දරුවන්ට සිදුවන අනතුරු බොහොමයක් ඔබේ අතින් සිදුවන වැරදි නිසා වන්නට පුළුවන්
බෙදාගන්න :
  • මනුමි සියත්‍රා අපට බෙහෙත් ගබඩා කිරීම ගැන පාඩමක් කියා දී මෙලොවින් සමු ගනී

    මනුමි සියත්‍රා අපට බෙහෙත් ගබඩා කිරීම ගැන පාඩමක් කියා දී මෙලොවින් සමු ගනී

  • කුස්සියේ වැඩ අතරතුර රත් වු ලිපි මත වැරදිමකින් තැබු දරුවාට අත් වු ඉරණම 

    කුස්සියේ වැඩ අතරතුර රත් වු ලිපි මත වැරදිමකින් තැබු දරුවාට අත් වු ඉරණම 

  • මනුමි සියත්‍රා අපට බෙහෙත් ගබඩා කිරීම ගැන පාඩමක් කියා දී මෙලොවින් සමු ගනී

    මනුමි සියත්‍රා අපට බෙහෙත් ගබඩා කිරීම ගැන පාඩමක් කියා දී මෙලොවින් සමු ගනී

  • කුස්සියේ වැඩ අතරතුර රත් වු ලිපි මත වැරදිමකින් තැබු දරුවාට අත් වු ඉරණම 

    කුස්සියේ වැඩ අතරතුර රත් වු ලිපි මත වැරදිමකින් තැබු දරුවාට අත් වු ඉරණම 

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it