theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ දරුවාට නොකල යුතු දේවල්

3 අවම කියවීම
ඔබේ දරුවාට නොකල යුතු දේවල්ඔබේ දරුවාට නොකල යුතු දේවල්

පුංචි නොසැලකිල්ලක් වුව හානිදායක වෙනවා...

දෙමාපියන් වශයෙන් ඔබ ඔබේ දරුවාට අවධානය හා සැලකිල්ල ලබාදිය  යුතුයි. මව්වරුනි, ඔබේ දරුවාට නොකල යුතු දේවල් වලින් වළකින්න.

පුංචි දරුවන් නිවසට සතුට අරන් එනවා. හදිසියේම පුංචි පුංචි වැඩත් එක්ක ඔබේ නිවස කාර්‍යබහුල වෙනවා.

ඔබේ මුළු ලෝකයම පුංචි පැටියා වටේ ගොඩ නැගෙනවා.පුංචි දරුවන් සුරතල් නිසා ඔවුන්ව ආදරයෙන් රැකබලා ගත යුතුය.

පුංචි නොසැලකිල්ලක් වුව හානිදායක වෙනවා. ඒනිසා දෙමාපියන් වශයෙන් ඔබ ඔබේ දරුවාට අවධානය හා සැලකිල්ල ලබාදිය යුතුයි.

ඔබේ දරුවාට නොකල යුතු දේවල්

1. ඔබේ දරුවා කිසිම විටෙක තනිකරන්න එපා.

භායානක දෙයක් සිදුවෙන්න තත්පරයක් වුවත් ප්‍රමාණවත්, ඔබ කිසිවිටෙක ඔබේ දරුවා අවධානයෙන්  තොරව හෝ තනිව තබා නොයෑමට වග බලා ගන්න.

ඒ මගින් ඔවුන්ව බලාපොරොත්තු නොවු අනතුරු වලට නිරාවරණය කරනවා. ඔබ කල යුතු වෙනත් කාර්යයක් ඇත්නම් ඔබේ දරුවා වැඩිහිටි රැකවරණයක් යටතේ තැබීමට වගබලා ගන්න.

2.ඔවුන්ගේ රෝගාබාධ කවදාවත්ම නොසලකා හරින්න එපා.

දෙමාපියන් වශයෙන් නිසැකවම අපේ හැමදේකට වඩා වැදගත් වන්නේ දරුවන්, ඔවුන්ගේ යම් අසාමාන්‍ය රෝග ලක්ෂණයක් දුටුවහොත් වෛද්‍යවරයකු වෙත ගෙන යන්න.

ඒ පිළිබඳ අවදානමක් ගන්න එපා. ඔබට අත් බෙහෙත් ගැන කියන පිරිස සිටිනවා වුවත් විශේෂඥයෙකුගේ උපදෙස් ගන්න. ඔවුන් කියන පරිදි කණගාටු වීමට වඩා ආරක්ෂා වීම සුදුසු වේ.

3.ඔබේ දරුවාගේ හැඩීම නොසලකා හරින්න එපා.

පුංචි දරුවෝ විශේෂයෙන් ඔවුන්ගේ පළමු අවුරුද්ද තුල හඩනවා. එය සාමාන්‍යයෙන්  ඔවුන්ට කුසගිනි බවට , වේදනාවක් දැනෙන බවට හෝ ඩයිපර් එක මාරු  කිරීමට අවැසි බවට සලකුණක් වෙනවා.

කෙසේ වෙතත් ඔබ ඔබේ දරුවාගේ අසාමාන්‍යතාවයක් දුටුවොත් වෛද්‍ය සහය ලබාගන්න. මෙම හැඩීම යට බරපතල හේතුවක් තියෙන්න මෙන්ම නොතිබෙන්න පුළුවන්. නමුත් අඩුම තරමින් ඒ තුලින් ඔබට සැනසීමක් ලබාගන්න පුළුවන්.

4. ඔබේ දරුවා අදහස් දක්වන විට  නොසලකා හරින්න එපා.

පුංචි දරුවන්ට කථා කරන්න බැහැ තමයි නමුත් ඔවුන්ට අදහස් දක්වන්න බැහැ කියලා ඉන් අදහස් වෙන්නේ නැහැ.

පුංචි  දරුවාගේ මුහුණේ හැගීම් හා ක්‍රියාවන් සදහා දෙමව්පියන් සිය අවධානය යොමු කල යුතු අතර ඔවුන් ගෙන් ඉගි තේරුම් ගත යුතුය.  

මේ මගින් ඔබ  හා ඔබේ දරුවාගේ සම්බන්ධතාවය ශක්තිමත් කරයි.

5.ඔබේ දරුවා ඔබේ බයිසිකලය මත රැගෙන යන්න එපා.

දරුවන් බයිසිකල් මත ගෙන යෑම අනතුරුදායක විය හැකිය. ඔවුන් නොසංසුන් බැවින් සමබරතාවය පවත්වා ගන්න බැහැ.

මේ හේතුවෙන්  පිටුපස තවත් කෙනෙක් එක්ක ගියත් ඔවුන් වැටෙන්න ඉඩ තියෙනවා. එමනිසා දරුවන් සමග බයිසිකල් මත යෑමෙන් වැළකීම සුදුසු වෙනවා.

6. ඔබේ දරුවා ඉදිරිපිට රණ්ඩු වෙන්න එපා.

පුංචි දරුවන් හරිම සංවේදීයි. ඔබ දිගින් දිගටම ඔවුන් ඉදිරියේ රණ්ඩු කරනවා නම් ඒ මගින් ඔවුන් තුල ඍනාත්මක බලපෑම් ඇතිවිය හැක.

ඒ වගේම ඒ මගින් ඔවුන්ගේ නිදාගැනීමේ රටාවට බාධා ඇති කරන අතර ඔවුන් නොසංසුන් වෙනවා.

7. ඔවුන්ව බය කරන්න එපා

සමහර දෙමාපියන්ට ඔවුන්ට අවශ්‍ය දේ දරුවන් ලවා ඉටුකර ගැනීමට ඔවුන්ව බය කරනවා.

කෙසේවෙතත් තමන් කැමති දේ ඉටුකිරීමට දරුවන් බය කිරීම සුදුසු නොවේ. එහි දිගුකාලීන ප්‍රතිවිපාක ඇතිවිය හැක.

8.ඔබේ නිවස දරුවන්ට ආරක්ෂිත කිරීමට අමතක නොකරන්න.

විශේෂයෙන් ඔබේ දරුවා දණගාන විට නිවසේ අනතුරු දරුවා ගෙන් ඈත්කර තැබීම වැදගත් වේ.

ඔබේ දරුවා ඇවිදින්න පටන් ගත් විට ඒ ආරක්ෂාව දෙගුණ කල යුතු වේ. ලාච්චු හොදින් අගුල් දාන්න.

ජංගම දුරකථන, ලැප්ටොප් ලගා විය නොහැකි පරිදි තැබිය යුතු අතර ප්ලග් පොයින්ට්ද ඔවුන් ගෙන් ඈත්කර තබන්න.

9.ඔබේ දරුවා නොසැලකිලිමත් ලෙස ඔසවා සිටින්න එපා

පුංචි දරුවන් සුරතල් වගේම සවිමත් නැහැ. ඔවුන් බොහෝ පරිස්සමෙන් ඔසවා ගත යුත්තේ අන්න ඒ නිසයි.

ඔහුව අල්ලන් හිටියදී බෙල්ලට හා හිසට මනා සහයෝගයක් දෙන්න. ඔබේ දරුවාට මාස කිහිපයක් වෙන කම් අනෙක් දරුවන්ට, සහෝදරයන්ට ඔහුව වඩාගන්න දෙන්න එපා.

පුංචි දරුවන්ට නොකල යුතු අනෙක් දේවල් මොනවාද?

ඔබේ දරුවාට නොකල යුතු දේවල්  ඔබට ආදරයෙන් මතක් කරන්නේ the Asianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • ඔබේ දරුවාට නොකල යුතු දේවල්
බෙදාගන්න :
  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

    පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

    පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it