theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබාලගේ සහ බිළිඳුන්ගේ ඇඟේ වික්ස් තැවරීම හොඳ නැත්තේ ඇයි?

3 අවම කියවීම
බබාලගේ සහ බිළිඳුන්ගේ ඇඟේ වික්ස් තැවරීම හොඳ නැත්තේ ඇයි?බබාලගේ සහ බිළිඳුන්ගේ ඇඟේ වික්ස් තැවරීම හොඳ නැත්තේ ඇයි?

වික්ස් වේපොරබ් දරුවන්ට ගැල්වීම අහිතකර බව විශේෂඥ මතයයි...

වික්ස් වේපොරබ් දරුවන්ට ගැල්වීම ගැන දෙවරක් සිතිය යුතු බව ඔබට මේ ලිපියෙන් අදහසක් දෙන්නට උත්සාහ කරනවා. නිතර වැඩිහිටියන්ට එය සුදුසු ප්‍රතිකර්මයක් වන්නට හැකි වුනත් දරුවන්ට වැඩිහිටියන්ගේ නිෂ්පාදන තෝරා ගැනීමේදී සැලකිලිමත්විය යුතු වෙනවා.

බොහෝ විට දරුවන් අසනීප වූ විට අම්මලා වික්ස් ආලේප කරන බව දැනගන්න තියෙනවා. මේ ජනප්‍රිය ප්‍රතිකාරය ඔබේ දරුවාගේ රෝගය සමහර විට තවත් නරක අතට හැරවීමට සමත් වෙන්න පුළුවන්. සමහර විට රෝහල්ගත කිරීමක් දක්වා ම එය එන්න පුළුවන්.

මාස 18 ක් වයස දරුවෙක් අපහසුතාවය නිසා රෝහල් ගත කිරීමෙන් පසු මේ බබාට ඔවුන්ගේ ආච්චියි, සීයයි වික්ස් වේපොරබ් නාසය වටා ආලේප කර ඇති බව වෛද්‍ය බර්සි රුබින් විසින් අනාවරණය කර ගත්තා.

වාතය ඇතුළු වන නාල සෙම මගින් අවහිර වීම එම මාර්ග පටු වීම මෙහිදී සිදුවෙන නිසා මේ තත්වය ඇතිවී ඇති බව වෛද්‍යවරයා ABC ප්‍රවෘත්ති වෙත අදහස් දක්වා තිබුණා.

පර්යේෂණ වලට අනුවද රෝගීන් විවිධ රෝග ලක්ෂණ මතු කරන බව සඳහන් වෙනවා. වික්ස් මගින් සමහර අයට සෙම නිෂ්පාදනය වීම වැඩි කරවනවා වගේම දැවෙන සුළු දැවිල්ල ගතියක් ඇතිවෙනවා.

ලේබලය කියවීමේ වැදගත්කම

මේ කියන්නේ වික්ස් එක කුණු කුඩයට දමන්නද? ඉන් කියවෙන්නේ අපි නිෂ්පාදනයක ඇති ලේබලය හා උපදෙස් කියවීමේ වැදගත්කමයි. සෑම වික්ස් අසුරුමකම එය අවුරුදු 2 කට අඩු දරුවන්ට සුදුසු නැති බවත් නාසය අසල නොගැල්විය යුතු බවත් සඳහන්ව තිබෙනවා. අවාසනාවකට සමහර දෙමාපියන් මේ උපදෙස් කියවන්නේ නැති අතර ඉක්මන් සුවයට ඒ වෙත යොමු වෙනවා.

මම හිතන්නේ දෙමාපියන් මේ උපදෙස් අනුගමනය කරනවාට වඩා ඔවුන්ට වික්ස් ගැල්වීමෙන් සැනසුමක් දැනෙනවා වගේම මෙය ෆාමසි වලින් ලේසියෙන් මිලදී ගන්න පුළුවන්. ඒ නිසා එහි පසු විපත ගැන නොසිතනවා වෙන්න පුළුවන්. රුබින් පහදා දුන්නා.නමුත් අසනීප තත්වයේ සිටින දරුවන් ඊට ප්‍රතික්‍රියා කරන ආකාරය වෙනස් විය හැකියි.

වික්ස් ඇත්තටම දරුවන්ට සත්‍ය සුවයක් නොවේ

බරපතල අතුරු ආබාධ වික්ස් නිසා ඇති නොවුනත් කුඩා දරුවන්ට වික්ස් ආලේප කිරීමෙන් අවධානමක් ගැනීම සුදුසු වන්නේ නැහැ. මෙහි අඩංගු මෙන්තොල්, කපුරු හා කපුරු ගස් වලින් නිෂ්පාදනය වන අතර වාතය ගෙන යන කවුළු ලිහිල්  කරන බවට මොලයට සංඥාවක් ලැබෙනවා. නමුත් ඇත්තටම තවමත් ඒවා අවහිරව පවතිනවා.

මේවා ආග්‍රහණය කෙටි කාලයකට සුදුසු වුවත් ඉන් සැබෑ සහනයක් ලැබෙන්නේ නැහැ. ඔබට ඉන් සහනයක් දැනෙන බව හිතුවත් ඇත්තටම සහනයක් ලැබෙන්නේ නැහැ.

මම නම් දරුවන්ට හෝ වැඩිහිටියන්ටවත් වික්ස් නාසය මත හෝ යට ආලේප කිරීම අනුමත කරන්නේ නැහැ. වෛද්‍යවරයා NBC වෙත පැවසුවා.

ඒ වගේම මම නම් උපදෙස් අනුව කිසිසේත් අවුරුදු දෙකෙන් පහළ දරුවන්ට ගැල්වීම අනුමත කරන්නේ නැහැ. හුඟක් දෙමාපියන් සිතන ආකාරයට වික්ස් ආලේපය මගින් දරුවන්ට සහනයක් නොලැබෙන්නේ නම් ඊට ඇති වෙනත් පිළියම් මොනවාදැයි WebMD යන Babycenter හි දක්වා තිබෙනවා.

1. සේලයින් බිඳු

සෙම්ප්‍රතිශ්‍යාව නිසා දරුවන්ට නාසය සිරවීම, හුස්ම ගැනීමේ අපහසුතාවය, කෑම ගැනීමට නොහැකි වීම වැනි රෝග ලක්ෂණ ඇතිවිට සේලයින් නේසල් ඩ්‍රොප්ස් භාවිතා කරන්න පුළුවන්. එමගින් සෙම සිරවූ මාර්ගයේ අවහිරතා අඩු කරනවා. 

2. ද්‍රාවන

දරුවාට නහය සිරවූ ගතියක් ඇත්නම් ඇති තරම් දියර වර්ග පැනයට දීම සුදුසු වෙනවා. එමගින් සෙම ගතිය අඩුකර හුස්ම ගැනීම පහසු කරනවා. මාස 6 ට අඩු දරුවන්ට මව් කිරි දීම හෝ පිටි කිරි දීමත් මාස 6 ට වැඩි දරුවන්ට වෙනත් පලතුරු යුෂ ආදිය ලබාදෙන්න පුළුවන්.

3. මීපැණි

නින්දට පෙර මීපැණි මේස හැඳි භාගයක් ලබාදීමෙන් උගුරේ අමාරු, කැස්ස සමනය වෙනවා. නමුත් වයස අවුරුදු එකට අඩු දරුවන්ට මීපැණි දීම නුසුදුසු වන්නේ බොචුලිසම් (botulism) රෝගය වැළඳෙන නිසායි.

4. කොට්ටයක් පාවිච්චි කරන්න

කොට්ටයක් තබා හිස එසවීමෙන් දරුවාට හුස්ම ගැනීම පහසු කරනවා. නැතිනම් ඇඳ ඇතිරිල්ල යටින් නවන ලද රෙද්දක් හෝ කොට්ටයක් තැබීමත් කරන්න පුළුවන්.

සමහර නිෂ්පාදන ගැන දැනුවත් වීම හා උපදෙස් පිළිපැදීම ගැන හිතන කාටත් වැදගත් පණිවිඩයක් theAsianparent Sri Lanka ඔබේ දිගු කාලීන සහනය උදෙසා මේ තොරතුරු ගෙන ආවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • රෝග සහ අසාත්මිකතා
  • /
  • බබාලගේ සහ බිළිඳුන්ගේ ඇඟේ වික්ස් තැවරීම හොඳ නැත්තේ ඇයි?
බෙදාගන්න :
  • දරුවාගේ කැස්ස ගැන සැලකිලිමත් විය යුතු අවස්ථා 7 ක්

    දරුවාගේ කැස්ස ගැන සැලකිලිමත් විය යුතු අවස්ථා 7 ක්

  • පැටියාගේ දත් එන කාලෙට ඔබට ප්‍රතික්ෂේප කළ නොහැකි සලකුණු 7 ක්

    පැටියාගේ දත් එන කාලෙට ඔබට ප්‍රතික්ෂේප කළ නොහැකි සලකුණු 7 ක්

  • දරුවාගේ කැස්ස ගැන සැලකිලිමත් විය යුතු අවස්ථා 7 ක්

    දරුවාගේ කැස්ස ගැන සැලකිලිමත් විය යුතු අවස්ථා 7 ක්

  • පැටියාගේ දත් එන කාලෙට ඔබට ප්‍රතික්ෂේප කළ නොහැකි සලකුණු 7 ක්

    පැටියාගේ දත් එන කාලෙට ඔබට ප්‍රතික්ෂේප කළ නොහැකි සලකුණු 7 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it