theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දෙවියනේ මේ ඩිස්නි කුමරියකගේ ඇස් දෙකක් නම් නොවේ

5 අවම කියවීම
දෙවියනේ මේ ඩිස්නි කුමරියකගේ ඇස් දෙකක් නම් නොවේදෙවියනේ මේ ඩිස්නි කුමරියකගේ ඇස් දෙකක් නම් නොවේ

ලොකු ඇස් ඇතිව‌ෙන ඇක්සෙන්ෆෙල්ඩ් රයිගර් සින්ඩ්‍රෝම් අක්ෂි රෝගය ගැන දැනුවත් ව‌ෙන්න.

මේ ලොකු ඇස් ඔබ දුටුවාද? ඩිස්නි කුමරියකගේ ඇස් වගේ නේද?

නමුත් ඇයගේ  ඇස් මෙහෙම පෙනෙන්නේ එක්තරා රෝගී තත්ත්වයක් නිසයි.

මේ ලස්සන ලොකු ඇස් අස්සේ සැඟවුන අනුවේදනීය කථාව 

මෑතකදී, හුරුබුහුටි අවුරුදු දෙකක දියණියකගේ  ඡායාරූප සමාජ මාධ්‍යවල පළ වෙමින් තිබුනා. ඇයට  ඩිස්නි කුමරියකගේ මෙන් විශාල ඇස් තිබු අතර බොහෝ දෙනා ඇයව අගය කළා.

නමුත් ඇයගේ ඒ සුවිසල් ඇස් පිටුපස  තිබු තත්වය ගැන දැන සිටියේ අල්පයක් පමණයි . එය නම් ඇක්සෙන්ෆෙල්ඩ් රයිගර් සින්ඩ්‍රෝම් අක්ෂි රෝග තත්වයයි.

අවුරුදු දෙකක් වයසැති ලස්සන පුංචි කෙල්ල  මෙම රෝගයෙන් පෙළෙනවා.

අවුරුදු දෙකක් වයසැති මෙහලානි රමිරෙස් පෙනුමෙන් අනික් පුංචි ළදරුවන්ට සමානයි. නමුත් ඔබ ඇය දෙස බලන විට, ඇයට ඩිස්නි කුමරියක පෙනුම ලබා දෙමින් කැපී පෙනෙන ඇගේ විශාල, ලස්සන ඇස්  දෙක ඔබට දකින්න පුළුවන්.

නමුත් ඇක්සෙන්ෆෙල්ඩ් රයිගර් සින්ඩ්‍රෝම් අක්ෂි රෝගය නිසා ඇගේ ඇස් මේ ආකාරයෙන් පෙනීම  එහි ඇති තිත්ත ඇත්තයි.

මෙහලානි ගොඩාක් වේලාවට ඇයගේ මේ විශාල ඇස් නිසා ලැබුන ලස්සන ගැන ප්‍රසංශා ලබනවා. නමුත් ඇගේ මව  වන කරීනා කනස්සල්ලට පත්ව සිටින්නීය. ඒ ඇය පෙරපාසල් ආරම්භ කරන විට මේ “වෙනස්” පෙනුම නිසා ඇයට අඩතේට්ටම් විදින්න සිදුවේයැයි බියෙනි.

කරීනා මෑතකදී ට්විටර් වෙබ් අඩවියේ මෙහලානිගේ ඡායාරූපයක් බෙදා ගත් අතර, අවුරුදු දෙකක් වු දරුවාගේ අනාගතය පිළිබඳ සිය කණගාටුව එහි සටහන්  කළා.

“ඇය පාසල් ගමන ආරම්භ කිරීම ගැන මට ලොකු බියක් දැනෙනවා. අනෙක් ළමයින් ඇගේ ඇස් ගැන නරක නම් කියමින් ඇයව විහිළුවට ලක් කලොත්  කුමක් වේවිද?

ඇය ඇගේ අද්විතීය අලංකාර ඇස්වලට වෛර කිරීමට පටන් ගතහොත් කුමක් වේවිද? වැනි දේවල් සිතමින් මට අඬන්න හිතෙනවා. ඒ ඇය දැනටමත් ගොඩාක්  ශක්තිමත් හා හුරුබුහුටි දරුවෙක් නිසා "

1

ලොකු ඇස් වලට අන්තර්ජාලය භාවිතා කරන්නන්ගේ  ධනාත්මක ප්‍රතිචාරය 

අන්තර්ජාලය පුරා  සයිබර් ආරක්ෂාව, ළමයින් සමග කාමයෙහි යෙදෙන්නන්, විලෝපිකයන්, හැකර්වරුන්, සහ හිරිහැර කරන්නන් ‌ග‌ෙන් පිරි ඍනාත්මක  පසුබිමක් විසිර තිබුනත් ධනාත්මක ප්‍රතිචාර පවා ඒ තුලින් නැගී එන්න පුළුවන්.

අන්තර්ජාලය භාවිතා කරන්නන් මෙහලානිගේ ලොකු ඇස් වලට ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වුවා. එක් පරිශීලකයෙකු වන චයිනාජෝ මෙහෙම කියනවා.

 “ඇය හරිම ලස්සනයි. ඔබ වන් මවක් ලද ඇය වාසනාවන්තයි. පරිපූර්ණයි. ”

මෙවැනි තත්වයක් තිබු දරුවෙක් සිටි තවත් මවක් පුංචි කාලයේ ශල්‍යකර්ම සදහා මුහුණ දුන් දරුවාගේ ඡායාරූප බෙදාගත්තා.

අන්තර්ජාලය භාවිතා කරන්නන් වෙතින් ධනාත්මක බවත් සමඟ උද්‍යෝගයට පත් කරීනා සිය දියණියගේ තවත් පින්තූර බෙදාගැනීමට  පටන් ගත්තා. මෙහලානිට ශල්‍යකර්මයක් කිරීමට සිදු වූ නිසා පළමු මාස ​​පහ දුෂ්කර වූ බව ඇය පවසනවා.

pic.twitter.com/mjIypBWdH1

කරීනාගේ සටහන සැප්තැම්බර් 13, 2018

ලොකු ඇස් එක්ක පුංචි සටනක්

කෙසේ වෙතත්, සැත්කම සිදු කලේ  මෙහලානිගේ අක්ෂි තත්ත්වය නිවැරදි  කිරීමට නොවන බව ඇය පැහැදිලි කරනවා. ඒ වෙනුවට එම  සැත්කම මඟින් වෙනත් තත්වයකට ප්‍රතිකාර ලබා දී තියෙනවා.

අසාමාන්‍ය ශරීර කොටසක් නිසා මෙහලානිගේ දෑස් වැඩි පීඩනයකින් හා හානිවලින් පීඩා වින්දා. එබැවින් ශල්‍ය වෛද්‍යවරුන්ට එය කෘත්‍රිම එකක් මගින් ප්‍රතිස්ථාපනය කලා.

සැත්කම සාර්ථක වු බව කරිනා පැවසුවා.  තවද මෙහලානිගේ ඇස් පෙනීම දැන් හොඳ බවත් ඇය පවසනවා. නමුත් අනාගතය කෙසේ වේදැයි ඔවුන් දන්නේ නැහැ.

මෙම යුගල සෙමෙන් ක්‍රියා කරන බවත්,  නිතිපතා පරීක්‍ෂා කිරීම් සඳහා මෙහලානි සමඟ යන බවත් පවසන ඇය ඇයට සහාය දුන් සියලු දෙනාටම සිය ස්තුතිය පළ කරනවා.

“ඇත්තටම මගේ බෝනික්කියට ලැබෙන මේ සියලු ආදරය මට දරාගන්න අසීරුයි. ඔයාලා වචන වලින් මගේ ඇස් වලට  කදුලු නංවනවා.

ඇය කෙතරම් ලස්සනද කියලා ඇයට මම කියනවා. නිතර මතක් කරනවා. දෙවියන් වහන්සේ ඇයව එසේ කළේ හේතුවක් ඇතිව බවත් සෑම කෙනෙකුටම වෙනස් දෙයක් තිබෙන බවත් මම ඇයට පවසනවා.

කරීනා පවසනවා.

ලොකු ඇස් ඇතිව‌ෙන ඇක්සෙන්ෆෙල්ඩ් රයිගර් සින්ඩ්‍රෝම් අක්ෂි රෝගය යනු කුමක්ද?

මෙය ඇසේ වර්ධනයට බලපාන බොහෝ රෝග සඳහා ආවරණය වෙන තත්වයකි. ජානමය රෝගය දෙමව්පියන්ගෙන් උරුම වෙනවා. ඇක්සෙන්ෆෙල්ඩ් රයිගර් සින්ඩ්‍රෝම් අක්ෂි රෝගයේ පුළුල් කාණ්ඩ තුනක් තියෙනවා. නමුත් ඒවා සියල්ලටම වෙනස් හේතු බලපානවා. එහි රෝග ලක්ෂණ අනුව රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබනවා.

ලොකු ඇස් ඇතිවෙන ඇක්සෙන්ෆෙල්ඩ් රයිගර් සින්ඩ්‍රෝම් අක්ෂි රෝගයේ රෝග ලක්ෂණ

රෝග  ලක්ෂණ

මෙම රෝගය ඇති අයට විවිධ රෝග ලක්ෂණ තියෙන්න පුළුවන්. 

  • ඇස් මධ්‍යයෙන්  ඉවතට ගිය කණිනිකාව 
  • කණිනිකාව  කිහිපයක් ඇත්නම් ඇස් වල අමතර සිදුරු තිබීම  හෝ විශාල හෝ කුඩා වැනි අක්‍රමවත් කණිනිකා පිහිටා තිබීම.
  • විනිවිද පෙනීම  අපැහැදිලි සුදු ඉංගිරියාව, එහිදී සුදු ඉංගිරියාවේ  පිටත දාරය වටා ඝන වළල්ලක් තිබීම 
  • තාරා මණ්ඩලය (වර්ණ අංශය) සහ කාචයට සම්බන්ධ වන පටකය (iris stands)
  • ඇක්සෙන්ෆෙල්ඩ් රයිගර් සින්ඩ්‍රෝම් අක්ෂි රෝගයෙන් පෙළෙන පුද්ගලයින්ගෙන් අඩකට පමණ ග්ලුකෝමා ඇතිවෙනවා. ග්ලුකෝමා ඇස් තුළ පීඩනය වැඩි කරනවා. ඒ නිසා පෙනීම නැති වීමට හෝ අන්ධ වීමට පුළුවන්.
  • වපර ඇස, ඇසේ සුද සහ macular degeneration වැනි වෙනත් තත්වයන් නිසා ක්‍රමයෙන් ඇස් පෙනීම නැති වීමට හේතු වෙනවා.

4

සිරුරේ අනෙකුත් රෝග ලක්ෂණ

ඇක්සෙන්ෆෙල්ඩ් රයිගර් සින්ඩ්‍රෝමය ශරීරයේ අනෙකුත් ප්‍රදේශ කෙරෙහි ද බලපෑම් ඇති කරන්න පුළුවන්.

මුහුණේ කැපී පෙනෙන ලක්ෂණ  

  • සම්පූර්ණයෙන් සංවර්ධනය නොවූ හකු
  • නෙරා එන පහළ තොල්
  • පුළුල් ලෙස පෙනෙන ඇස්
  • පුළුල් නාස් පුඩු
  • විශාල නළල

දත් සම්බන්ධ ගැටළු  

  • සාමාන්‍ය ප්‍රමාණයට වඩා කුඩා දත් සමහර දත් නොමැති වීම 
  • කේතු හැඩැති දත්
  • නිසි පරතරයක් නොමැති දත්

අනෙක් උපතින් එන ආබාධ

  • පෙකණිය  වටා ඇති අතිරේක සම 
  • හෘදයේ අසාමාන්‍යතා 
  •  තවත් බොහෝ ආබාධ

2

ලොකු ඇස් ඇති ඇක්සෙන්ෆෙල්ඩ් රයිගර් සින්ඩ්‍රෝම් අක්ෂි රෝගයට ප්‍රතිකාර කරන්නේ කෙසේද?

මුලින්ම කරනුයේ දරුවාට ග්ලුකෝමා ඇති කරන ඇසේ පීඩනය අඩු කිරීමයි. 

ලොකු ඇස්: ඔබ කලයුතු දේවල් 

  • සෑම වසරකම අක්ෂි පරීක්ෂාවන් සිදු කරන්න. ඔබේ දරුවාට ග්ලුකෝමා තිබේද යන්න හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ තියෙනවා.
  • ඔබේ දරුවාට ග්ලුකෝමා තිබේ නම් ඔවුන්ගේ ඇසේ ඇති වන පීඩනය අඩු කිරීම සඳහා අවශ්‍ය ඖෂධ  මිලදී ගන්න.
  • ඖෂධ වලින් සුව නොවේ නම්, ඔබේ දරුවාට ශල්‍යකර්මයක් හෝ ලේසර් සැත්කමක් කිරීමට ඉඩ දෙන්න.
  • ඔබේ දරුවාට බහු කණිනිකා  හෝ මධ්‍යයේ නොමැති කණිනිකාවක් ඇත්නම් නම් ඒ සදහා ගැලපෙන  කාච මිලදී ගන්න,
  • ඔබේ දරුවාගේ අමතර  රෝග ලක්ෂණ ඇත්නම් ඒවාට සැත්කම් හෝ ප්‍රතිකාර ලබා ගන්න. ශල්‍යකර්ම මගින් මුහුණේ, දත් වල  හෝ හෘදයාබාධ නිවැරදි කරන්න පුළුවන්.
  •  දරුවාගේ මිට බවට ප්‍රතිකාර කිරීම සඳහා වර්ධන හෝමෝනය අඩංගු  ඖෂධ ලබා දෙන්න.

ඔබේ දරුවාට ඇක්සෙන්ෆෙල්ඩ් රයිගර් සින්ඩ්‍රෝම් අක්ෂි රෝගයක් තිබේද?

එසේ නම්, ඒ සඳහා පළපුරුදු වෛද්‍ය වෘත්තිකයන් හෝ විශේෂඥයින්ගෙන් උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුය. 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • දෙවියනේ මේ ඩිස්නි කුමරියකගේ ඇස් දෙකක් නම් නොවේ
බෙදාගන්න :
  • සාමාන්‍ය දරු උපත පහසු කරන ඉරියව් 4 ක්

    සාමාන්‍ය දරු උපත පහසු කරන ඉරියව් 4 ක්

  • සීසේරියන් සැත්කමකට මුහුණ දුන් අම්මාට සාමාන්‍ය දරුඋපතක් සිදු කල මවක් කියන කථාව

    සීසේරියන් සැත්කමකට මුහුණ දුන් අම්මාට සාමාන්‍ය දරුඋපතක් සිදු කල මවක් කියන කථාව

  • සාමාන්‍ය දරු උපත පහසු කරන ඉරියව් 4 ක්

    සාමාන්‍ය දරු උපත පහසු කරන ඉරියව් 4 ක්

  • සීසේරියන් සැත්කමකට මුහුණ දුන් අම්මාට සාමාන්‍ය දරුඋපතක් සිදු කල මවක් කියන කථාව

    සීසේරියන් සැත්කමකට මුහුණ දුන් අම්මාට සාමාන්‍ය දරුඋපතක් සිදු කල මවක් කියන කථාව

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it