දරුවන් නින්දෙන් වමනය දැමීමෙන් ඉස්මොල්ලේ යා හැකිද

දරුවන් නින්දෙන් වමනය දැමීමෙන් ඉස්මොල්ලේ යා හැකිද

එය රඳා පවතින්නේ ඔබේ කුඩා නිදි කරවන්නේ උඩුබැලි අතටද, නැතිනම් මුනින්ද යන්න මතයි. නමුත් ඔබ දකින පරිදි, උඩු අතට දරුවා නිදි කරවීම වඩාත්ම සුදුසු වන්නට හේතු රැසක් මෙහි ගෙන හැර පානවා.

මම පැටියාට චූටි බණ්ඩිය පිරෙන්න කිරි පෙව්වා විතරයි! දැන් හොඳටම නිදිමත බේරෙනව…. ඒත්…. මොහොතක් නවතින්න! කිරි වැඩි වෙලා නින්දෙන් වමනය ගියොත්? බබාලාට නින්දෙන වමනය ඇතිවෙන්න පුළුවන්ද? 

ඉතින් ඔබටත් මෙහෙමෙ සිතුනු අවස්ථා එමටද? කලබල වෙන්න එපා! ඔබට දෙන්න පැහැදිළි පිළිතුරු කිහිපයක් අප ළඟ තිබෙනවා.

ඉතින් ඒ අනුව පැටියාව මෙවන් අවස්ථාවක ආරක්ෂිතව පරිහරණය කළ යුතු ආකාරය ඔබට තීරණය කරන්නට පුළුවන්.

“දරුවන්ට නින්දෙන් වමනය ඇති වීමෙන් ඉස්ස්මොල්ලේ යා හැකිද?”

කෙටියෙන් කියනවා නම්, මෙය දරුවා නිදාගන්නා ආකාරය හා ඉරියව්ව මත රඳා පවතින්නකි.

උඩු අතට නිදා සිටිනා නිරෝගී ළදරුවන් නින්දෙන් වමනය දැමීමේ අවදානම, මුනින් අතට, උදරය තෙරපෙන ආකාරයට හෝ පැත්තට නිදා සිටින ළදරුවන්ට සාපේක්ෂව අඩුය.

ඇත්ත වශයෙන්ම, උඩු අතට නිදාගැනීම දරුවන්ගේ ශ්වසන මාර්ගයද හොඳින් විවෘත නිසා වඩාත් ආරක්ෂා සහිත වේ.

උඩු අතට නිදා සිටින විට ළදරුවාගේ ශ්වාසනාලය, අන්නස්‍රෝතයට (esophagus) ඉහළින් ස්ථානගත වේ. අන්නස්‍රෝතය යනු ආහාර නාළයයි – මුඛයේ සිට ආමාශයට ආහාර ගෙන ආ හැකි නාලයයි.

ළදරුවන් තම ශ්වසනාලය තුළට වෙනත් ද්‍රව්‍ය ඇතුළ් වීමෙන් වළක්වාගන්නේ පිටතට යන වමනය නැවතත් ගිලීමෙනි.

ඇත්තවශයෙන්ම කියනවානම්, අන්නස්‍රෝතයේ රැඳුනු වැමෑරූ වමනය එම ප්‍රදේශයේම රැඳෙන්නේ දරුවාට ස්ව්භාවයෙන්ම එය නැවත ගිල දැමීමට පහසු කිරීමටයි.

එපමණක්ද නොව, බොහෝ විට, දරුවන් උඩුබැලි අතට නිදා සිටීමෙන් ඔවුනට අවශ්‍ය පැත්තට හිස හැරවීමටද පහසු වනවා.

එමගින් ශ්වසනාලය අවහිර වීම වැලැක්වීම තවත් පහසු වනවා.

මේ නිසා මුනින් අතට, විශේෂයෙන් බඩ තද වන ලෙස නිදා සිටින ළදරුවන් හා සසඳන විට උඩු අතට නිදා සිටින ළදරුවන් හට ගැනීම හුස්ම ගැනීම හෝ ආහාර ජීර්ණයට සම්බන්ධ ගැටළු වලට වැඩි අවදානමක් ඇති බවක් පෙනෙන්නට නැහැ.

මෙයට හේතුව වන්නේ සාමාන්‍යයෙන් තරල ගුරුත්වාකර්ෂණයට එරෙහිව ගොස් ශ්වසන මාර්ගයට ඇතුළු වීම අපහසු වීමයි. එමනිසා, හුස්ම හිරවීමේ අවදානම අවම කර ගැනීම සඳහා ඔබේ දරුවාව උඩු අතට නිදි කිරීම වඩාත් සුදුසු වනවා.

can babies choke on vomit while sleeping

නිදා සිටියදී ළදරුවන්ට වමනය යටපත් කළ හැකිද? සමහරවිට ඔවුන් ඔවුන්ගේ පැත්තේ හෝ බඩේ නිදා ගන්නේ නම්. ඒ, මෙම ස්ථානයේ වැතිර සිටින අතරතුර, esophagus වෙතින් කිරි වාතයට ගලා යන බැවිනි. | රූප මූලාශ්‍රය: rednose.com.au screengrab

කෙටියෙන් කිවහොත්, දෙමව්පියෙනි, ඔබේ බිළිඳා උඩු අතට නිදි කරවන්න.

දරුවන්ට දියර වර්ග ගිලීම බොහෝ දුරට පාලනය වන නිසා ඔවුන්ට එමගින් ඉස්මොල්ලේ යාමේ අවදානමද ඉන් වඩාත් අඩු වනවා.

ගිලී යාම සහ පිරිසිදු තරල වඩා හොඳට පිටිපස්සේ නිදා සිටියදී වඩා හොඳ නින්දේ පිහිටීම පමණක් නොව හුස්ම හිරවීමේ අවදානමද අවම කරයි.

නින්දෙන් වමනය යාමට අමතරව උඩුබැලි අතට දරුවා නිදා ගැනීම හා සම්බන්ධ වෙනත් අසත්‍ය විශ්වාසයන්

බොහෝ දෙමාපියන්, විශේෂයෙන්ම අළුතින්ම මාපිය පදවිය ලැබූවන්, දරුවා උඩු අතට නිදි කරවීමේ වාසි ගැන හොඳින් දන්නවා.

නිදසුනක් වශයෙන්, උඩු අතට නිදාගැනීමෙන් හදිසි ළදරු මරණ සින්ඩ්‍රෝමය (SIDS) වළක්වා ගත හැකි බව බොහෝ දෙනෙක් දැනටමත් දන්නවා නියතයි.

කෙසේ වෙතත්, යථාර්ථය නම්, බොහෝ මව්වරුන් තම කිරිකැටියා උඩු අතට නිදි කරවීමෙන් ඇති විය හැකි අනතුරු ගැන තවමත් සැලකිලිමත් විය හැකියි.

“දරුවන්ට නින්දෙන් වමනය් යාම නිසා ඉස්මොල්ලේ යා හැකිද?” යන ගැටළුව හැරුණුකොට,  දෙමාපියන් කලබලයට හා හිතින් වද වන තවත් කාරණා කිහිපයක් ගැන සලකා බලමු.

හිස පැතලි වීම

ඔබේ අලුත උපන් බිළිඳාගේ හිසෙහි ව්‍යුහය තවමත් සම්පූර්ණයෙන් වී නොමැති අතර හිසේ හැඩය නිසි ලෙස ඇති වීම සම්බන්ධයෙන් දරුවා නිදාගන්නා ඉරියව්ව බලපාන බව සත්‍යයකි.

කෙසේ වෙතත් හිස පැතලි වීම, උඩු අතට නිදාගන්නා දරුවන්ට ප්‍රධාන ගැටළුවක් විය යුතු නැහැ.  එයට මූලික හේතුව නම්, දෙමාපිය ඔබට දරුවන්ගේ ඉරියව් ගැන පූර්ණ පාලනයක් තිබීමයි.

ඔබට කළ යුතු එකම දෙය නම්, දරුවා අවදිව සිටින අවස්ථා වලදී ඔහුට හෝ ඇයට මුනින් අත සිටීමට හැකි තරම් අවස්ථා ලබා දීමයි.

මින් දරුවාගේ හිසෙහි හැඩය නිසි ලෙස සැකසීමට අවශ්‍ය මං පෑදෙනු ඇත.

ඔබේ අලුත උපන් බිළිඳාට බඩේ වේලාව සහ වෙනත් තනතුරු සඳහා අවදිව සිටියදී ඔවුන්ගේ පිටේ වැතිර සිටීම පසෙක තබා, පැතලි හෝ අස්ථිර හිසක් ඇතිවීමේ අවදානම අඩු කරයි.

ප්‍රමාද වූ සන්ධිස්ථාන

උඩු අතට නිදාගැනීමෙන් දරුවාගේ සංවර්ධන සංදිස්ථාන ප්‍රමාද වන බවට මතයක් ඇතැම් දෙමාපියන්ගේ සිත් වලට වද දෙන කාරණයක් වනවා.  විශේෂයෙන්ම මුල් වරට පෙරළීමේ හැකියාව ප්‍රමාද වන බවට මතයක් තිබෙනවා.

දෙමව්පියෙනි, මේ සියල්ල හොඳින් සිදුවන බව ඔබට මතක් කරන්නට අපි කැමතියි.

සමස්තයක් වශයෙන්, ඔබේ කුඩා දරුවාගේ මාංශ පේශි ශක්තිමත් කර ගැනීමටත්, දරුවාට පැතලි හිසක් ඇති වීම වලක්වාගැනීමටත් කළ යුත්තේ එක් දෙයකි.

ඒ නම්, දරුවා අවදිව සිටින විට හැකි තරම් මුනි තබා මාංශපේෂි ශක්තිමත් වීමට හා බඩගාන්නට, පෙරළෙන්නට අවස්ථාව ලබාදීමයි.

ඉතින් දෙමාපියනි, ඔබේ සිතට වද දෙමින් තිබුනු “දරුවාට නින්දෙන් වමනය යා හැකිද? ඉන් ඉස්මොල්ලේ ඇතිවිය හැකිද?” ගැටළු වලට දැන් පිළිතුරු ලැබී ඔබේ සිතට සහනයක් දැනෙනවා යැයි අපි විශ්වාස කරනවා. 

මූලාශ්‍ර: healthychildren.org, rednose

 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලූෆ පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත.

ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

Niloufer Perera