ගොඩාක් දරුවන් තමන්ගේ තාත්තාට වඩා අම්මාට කැමති ඇයි කියලා දන්නවාද? 

ගොඩාක් දරුවන් තමන්ගේ තාත්තාට වඩා අම්මාට කැමති ඇයි කියලා දන්නවාද? 

බබා අම්මාටයි තාත්තාටයි ‌දෙන්නාටම ආදරෙයි. ඒත් ජිවිතයේ මුල් අවදියේදි අම්මාට ලැදිකමක් දැක්වීම සාමාන්‍යයයි.

ගොඩාක් වේලාවට තාත්තාට වඩා බබා අම්මාට ආදරෙයි. ඇයි එහෙම වෙන්නේ ?

ඒ වගේම තාත්තලාට බබා එක්ක වැඩි වැඩියෙන් බැදීමට මොනවාද කරන්න පුළුවන් කියලා අපි බලමු.

බබාගේ ආදරය වුනත් තාත්තා ඔබට බලෙන් ගන්න බැහැ. එය ඔබේ කැපවීමෙන් දිනාගත යුත්තක්.

එය ඉතින් ඉතා පහසු කාර්යයක් කියලා අපි කියන්නේ නැහැ.

ඔබට උත්සහ කරලා බලන්න පුංචි ඉගි කිහිපයක් මේ සමග අද ඉදිරිපත් කරන්නම්.

තම අලුත උපන් දරුවාගේ අවධානය අම්මා දිනා ගන්න කොට ගොඩාක් තාත්තලාට ඊර්ෂියාව දැනෙනවා.

සමහර වේලාවට තම අලුත උපන් දරුවා ඔවුන් සමඟ වැඩි කාලයක් ගත නොකරන විට තාත්තලාට තනිකමක් හෝ නොසංසුන් කමක් ඇතිවෙන්න පුළුවන්.

ඒක සමහරවිට ‌වේදනාවක් ‌වෙන්න පුළුවන්. නමුත් ‌හොදම පිළියම වන්නේ ඔබ ‌හොද ‌තේරෑම් ගැනීමකින් තත්වය අවබෝධ කරගෙන දරුවාට ලංවීම  තමයි .

ඉතින් ඇත්තටම තාත්තාට කරන්න පුළුවන් මොනවාද?

බබා අම්මාට ආදරෙයි: අලුත උපන් දරුවන් තම පියාට වඩා මවට වැඩි කැමැත්තක් දැක්වීම සාමාන්‍ය දෙයක්

ගොඩාක් දරුවන් තමන්ගේ තාත්තාට වඩා අම්මාට කැමති ඇයි කියලා දන්නවාද? 

පළමුවෙන්ම, අලුත උපන් බිළිඳුන්,තම පියාට වඩා මවට වැඩි කැමැත්තක් දැක්වීම සාමාන්‍ය දෙයක් බව දැන ගැනීම වැදගත් වෙනවා.

අලුත උපන් දරුවන් මවගේ කුසේ මාස 9 ක් ගත කිරීමට අමතර,  උපතින් පසුද ඔවුන්ගේ රැකවරණය හා පෝෂණය මවුවරුන් සලසා දීම එයට හේතුවයි.

දරුවන් එක් දෙමව්පියෙකුගෙන් තවත් දෙමව්පියන්ට මාරුවීමට නැඹුරු වෙනවා.

එයට හේතුව වන්නේ ඔවුන් මොළය තවමත් වර්ධනය වන වයසේ පසුවන අතර, ඔවුන් තවමත් ලෝකය මෙන්ම අවට සිටින පුද්ගලයින් ද දැන හඳුනා ගනිමින් සිටීමයි.

තාත්තලා තම දරුවන් සමඟ කාලය ගත කිරීමට අවශ්‍ය වන්නේ එබැවිනි.

එවිට ඔවුන්ගේ ළදරුවන්ට පියාගේ පෙනුම, සුවඳ දැනෙන අතර පියා ඉදිරියේ ඔවුන් සෙමෙන් වඩාත් සුවපහසු වෙනවා.

අලුත උපන් බිළිඳාට සමීප වීමට තාත්තාට කළ හැකි දේවල්

ගොඩාක් දරුවන් තමන්ගේ තාත්තාට වඩා අම්මාට කැමති ඇයි කියලා දන්නවාද? 

සමහර තාත්තලාට මෙලෙස සමහර අලුත උපන් දරුවන්  තම පියාට වඩා තම මව සමඟ සිටීමට කැමති බව දැනීම නිසා  ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පුළුවන්.

නමුත් මෙහිදි දෙමාපියන් අතර තරඟයක් නැති බව අවබෝධ කර ගැනීම වැදගත් වෙනවා.

ඔබ දෙදෙනාම ඔබේ දරුවාට සමානව ආදරය කරන අතර, දරුවාට පියා අසල වඩාත් සුවපහසු වීමට තාත්තලා අමතර වෑයමක් දැරිය යුතුය.

තම දරුවාට සමීප වීමට කැමති තාත්තලා තම  දරුවන් සමඟ වඩා ගුණාත්මක කාලයක් ගත කිරීමට උත්සාහ කළ යුතුය.

ඒ වගේම එදිනෙදා ඔබේ දරුවා සමඟ බැඳීමක් ඇති කර ගැනීමට එය අවස්ථාවක් කරගන්න.

ඇත්තටම දරුවා නින්දට යැවීමේ වගකීම තාත්තාට ගන්න පුළුවන් නම්, ඔවුන්ගේ දරුවා ඔවුන් වටා සුවපහසු වෙනවා .

එපමණක්ම නොව, ඔවුන්ගේ බිරිඳට ඔවුන්ගේ අලුත උපන් දරුවන් රැකබලා ගැනීමෙන් නිසා වෙහෙසබර දිනක් අවසානයේ විවේක ගැනීමට කාලයක් ලබා දීමක්ද වෙනවා.

බබා අම්මාට ආදරෙයි වගේම තාත්තාටත් ආදරය කරාවි

තම පියාගේ  රැකබලා ගැනීමට දරුවාට හුරු වීමට ඉඩ දීමෙන් හැගීම් වලින් සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට උපකාරී වෙනවා.

ඒ වගේම, සිය පියා මතද ඔවුන්ට යැපීමට හැකි බවත්, පියා ඔවුන් ආරක්ෂාකාරීව තබා ගන්නා කෙනෙකු බවත් දරුවාට තේරුම් ගැනීමට හැකි වෙනවා.

ළමයින්ට, විශේෂයෙන් එවැනි කුඩා අවධියේදී, හුරුපුරුදු භාවය වැදගත් වෙනවා.

ඔවුන් කුඩා වියේදී ගොඩනඟන බැඳීම් ඔවුන්ගේ ජීවිතයේ ඉතිරි කාලය පුරා පවතිනවා.

එබැවින් ඔබේ දරුවා සමඟ ආදරණීය සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීම සඳහා සෑම විටම එය කුඩා වියේදීම ආරම්භ කිරීම වඩාත් සුදුසු වෙනවා.

ගොඩාක් දරුවන් තමන්ගේ තාත්තාට වඩා අම්මාට කැමති ඇයි කියලා දන්නවාද? 

ලෝකය ගත්තාහම ආසියානු අපේ තාත්තලා ලෝකේ අනිත් තාත්තලාට වඩා වෙනස්.

ඒකෙනුත් ශ්‍රී ලාංකික අපේ තාත්තලා ගොඩාක්ම වෙනස්. අපි පවුලක් ඇතුලේ ජිවත්වෙන මිනිස්සු විදියට අම්මා හා තාත්තා දෙන්නාම දරුවන්ගේ වගකීම් සමානව දරනවා.

බොහොමයක් දරුවන් අයාලයේ යන්න අතහැර දමන්නෙත් නැහැ.

ඒ වගේම තමයි අපේ රටේ දරුවන් තාත්තාටත් ගොඩාක් ආදරෙයි.

තාත්තලාට දරුවන්ට කුඩා කාලයේ ඉදන් ලංවෙන්න අවැසි තරම් අවස්ථාව තිබුනත් ඔවුන් එය උපරිමයෙන් භාවිතා කරන්නේ නැහැ කියලා තවමත් පේන්න තියෙනවා.

දරුවාට අවැසි සියල්ල උපයා දෙපා ලගට ගෙනවිත් දීම නොවෙයි ආදරය කියන්නේ.

ඇත්තටම ආදරය කියන්නේ දෙදෙනා අතර හදවතින් බැදෙන සොදුරු බැදීමක්.

බබාව නිදිකරවන්න. බබාගේ ගුඩුස් අරින්න නැතිනම් ගමනක් යද්දි බබාව වඩාගෙන යන්න තාත්තාට පුළුවන්.

ඒ වගේම පුංචි පැටව් තාත්තා ගෙන් කවි, සිංදු හා කථා වගේ දේවල් අහන්න කැමතියි. ඉතින් ඔබට පුළුවන් ඒ වගේ පුංචි උත්සහයකින් ඒ ළදරු හදවතට ලංවෙන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරි යහැකිය.

කතන්දර ලිපි