theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අළුත උපන් බබාගේ එක් වෘෂණ කෝෂයක් අනෙකට වඩා විශාලද?

5 අවම කියවීම
අළුත උපන් බබාගේ එක් වෘෂණ කෝෂයක් අනෙකට වඩා විශාලද?අළුත උපන් බබාගේ එක් වෘෂණ කෝෂයක් අනෙකට වඩා විශාලද?

පර්යේෂකයන් මෙම Undescended Testicles තත්වය පිළිකා සහ වඳභාවය ඇතුළු ජීවිතයේ පසුකාලීන සෞඛ්‍ය ගැටලු සමඟ සම්බන්ධ කර ඇත.

අලුත උපන් පුතු පැටියා තුරුළු කරගෙන රැජිනක් වගේ උද්දාමයට පත්වුණත් මොළකැටි පුංචි පැටියාව ලොකු මහත් කර ගන්න කල් පුංචි දෙයටත් මවුපිය අපි කලබල වෙනවා. එවැනි කලබල වෙන්න පුළුවන් තත්වයක් තමයි පුංචි බබාගේ වෘෂණ කෝෂ වල වල ප්‍රමාණයට වඩා ඉදිමීමක් පෙනෙන්නට තිබීම නැතහොත් Undescended Testicles ත්ත්වය. මෙවන් ප්‍රමාණයේ අසමතුලිත ගතිය එක් වෘෂණ කෝෂයක  කෝ වෘෂණ කෝෂ දෙකේම තිබෙන්නට පුළුවන්.

Undescended Testicles: පුංචි බබාගේ වෘෂණ කෝෂ වල ප්‍රමාණයේ විෂමතා තත්වය

මෙම අසාමාන්‍ය ගතිය සිදුව වීමට මූලික හේතුවක් වන්නේ වෘෂණ කෝෂය මුල් අවධිය නැත්නම් ගර්භනී අවධියේදී පොංචි පුතුගේ වෘෂණ වර්ධනය වනුයේ උදරයේ ඇතුළ් පැත්තට වීමයි.

මෙවිට වෘෂණ එළ්මිය්ට නෙරා එනු වෙනුවට ඇතුළ්ට ගිලා බැස ගිය ස්වභාවයක් පෙන්නුම් කරනවා. පසු කාලීනව වෘෂණ වර්ධනය වී වෘෂණ කෝෂ දෙසට පහත් වනවා.

ඉතින් දරුවන්ගේ වර්ධනයත් සමඟ මෙම තත්වයට මුහුණ දෙන දරුවන් ගෙන් සියයට පපනහක් ඔහුගේම වෘෂණකෝෂ කෙමෙන් පිටතට වර්ධනය වන්නට පටන් ගන්නවා. ඉතිරි අයගේ වර්ධනය මාස කිහිපයකින් පමා වන්නට පුළුවන්.

මින් සුළු කොටසක දරුවන්ගෙන් එසේනම් වෘෂණ, වෘෂණ කෝෂ තුළට වර්ධනය නොවෙන්නට පුළුවන්.

මෙම තත්වය පසුකාලීනව යම් අවධානම් තට්ව ඇති කරන්නට පුළුවන්. මේ නිසා මේ කල් නොදමා මේ ගැන සලකා බැලිය යුතු වෙනවා.

සමීක්ෂණයකින් හෙලිවන්නේ ‍යකර්මයක් මාර්ගයෙන් මෙවන් දරුවන්ගේ වෘෂණ කෝෂ යථා තත්ත්වයට පත්කළ හැකි බවයි.

නමුත් මෙම ශල්‍යකර්මය ප්‍රමාද කිරීම තුළින් වැඩිහිටිවියේ දී යම් යම් අවදානම් තත්ත්ව වලට මුහුණ දීමේ අවධානමක් ඇති බවද පෙන්නුම් කරනවා.

Undescended Testicles: පිටතට වර්ධනය නොවූ බබාගේ වෘෂණ කෝෂ වල වලට ප්‍රතිකර්ම කිරීම ප්‍රමාද වීමෙන් ඇතිවිය හැකිය ආදීනව මොනවාද?

සමීක්ෂණයකදී 1970 සිට 1999 දක්වා උපත ලැබූ පිරිමි ළමුන් 350,000 කට වැඩි සංඛ්‍යාවකගේ දත්ත විශ්ලේෂණය කිරීමක් සිදු කලා. ඉන් පුදුමාකාර කරුණු කිහිපයක් ඔවුන් සොයා ගත්තා. සමීක්ෂණයට මුහුණ දුන් Undescended Testicles තත්වයෙන් පෙලෙන පිරිමි ළමයින්:

  • වෘෂණ කෝෂ පිළිකාව වැළඳීමේ සම්බාවිතාව දෙතුන් ගුණයක් වැඩිය.
  • දරුවන් පිළිසිඳ ගැනීමේ අවස්ථාව 20% කින් අඩුය.
  • වඳභාවය සඳහා ප්‍රතිකාර ගැනීමේ අගය සාමාන්‍ය අගයට වඩා දෙගුණයකින් වැඩිය.

මෙය සිදුවන්නේ ඇයි? ශුක්‍රාණු නිපදවීමට නම්, වෘෂණ කෝෂ අභ්‍යන්තර උෂ්ණත්වයට, ශරීර උෂ්ණත්වයට වඩා සිසිල් විය යුතුය. වෘෂණ කෝෂ ශරීරයෙන් පිටත එල්ලී තිබීමට ප්‍රධාන හේතුව මෙයයි.

කෙසේ වෙතත්, Undescended Testicles තත්වයෙන් පෙලෙන පිරිමි ළමයින්ගේ වෘෂණ කෝෂ  ශරීරය තුළ පවතින බව සිහිතබාගත යුතුයි.

වර්තමාන න්‍යායන් අනුව, මෙම වෘෂණ කෝෂ අභ්‍යන්තර ශරීර උෂ්ණත්වයට සාමානුපාතිකව රත් වන බැවින්, ඒවායේ නිපදවෙන ශුක්‍රාණු සෛල, ජානමය අක්‍රමිකතා හා සෛල වලට හානි වීමේ වැඩි අවදානමකට මුහුණ දෙන බවයි.

කාලයාත් සමඟ, මෙම තත්වයන් සමුච්චය වී, වෘෂණ කෝෂ පිළිකා හා වඳභාවය වැනි ගැටළු ඇති කළ හැකියි.

අළුත උපන් බබාගේ එක් වෘෂණ කෝෂයක් අනෙකට වඩා විශාලද?

ළදරුවාගේ Undescended Testicles තත්වයට ප්‍රතිකාර කළ යුත්තේ කවදාද?

ළදරුවාට මාස 18 ක් වන විට ඕකිඩොපෙක්සි (orchidopexy) න්මැති සැත්කම කිරීමට සෑම විටම ශල්‍ය වෛද්‍යවරුන්ට යෝජනා කෙරෙනවා.

ඕකිඩොපෙක්සි (orchidopexy) යනු වෛද්‍යවරුන් විසින් වෘෂණ කෝෂයේ ඇති වෘෂණ කෝෂය චලනය කර ආරක්ෂා කර ගැනීමේ ශල්‍යකර්මයකි.

කෙසේ වෙතත්, පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ මෙම කාල රාමුව තුළ බොහෝ සැත්කම් සිදු නොවන බවයි.

බබාගේ වෘෂණ කෝෂ වල Undescended Testicles තත්වයේ රෝග විනිශ්චය කිරීම පහසු නැත

ඇත්ත වශයෙන්ම, ඔබේ කුඩා පැටියාගේ වෘෂණ කෝෂයක් තිබේදැයි සොයා ගැනීම එතරම් පහසු නොවනු ඇත.

මෙම ගැටළුව සඳහා ළදරුවන්ව වරින් වර පරීක්ෂා කළ යුතු වනවා. (උපතින් පසු පළමු පැය 24 දී ඇතුළුව).

එහෙත්, මෙතරම් කෙටි කාල පරිචේද වල මෙම පරීක්ෂාව කලත්, මෙම තත්වය හඳුනාගැනීම සඳහා යම් නිපුණතාවයක් අවශ්‍ය වේ.

එය එතරම් අපහසු වීමට එක් හේතුවක් නම් අලුත උපන් වෘෂණ කෝෂ වැඩිහිටියෙකුට හෝ නව යොවුන් වියට වඩා කුඩා වීමයි.

නිදසුනක් වශයෙන්, සමහර විට ශුක්‍රාණු තන්තුව (spermatic cord) (වෘෂණ කෝෂ සමඟ සම්බන්ධ වී ඇති) ශරීරයේ වර්ධනයට වඩා අඩු වේගයකින් වර්ධනය වේ.

මෙය සිදුවුවහොත්, ප්‍රමාණවත් දිගක් නොමැති  නොවන ශුක්‍රාණු තන්තුවකින් වෘෂණ කෝෂය නැවත සිරුරට ඇතුළට ඇදගත හැකිය.

නොමේරූ දරු ප්‍රසූතියක් ඇති අම්මලාටද මේ ගැන අවධනයෙන් සිටිය යුතුයි.  බලා සිටිය යුතුය.

මක්නිසාද, නොමේරූ දරු උපත්, අලුත උපන් පිරිමි ළමයින්ට නුසුදුසු වෘෂණ කෝෂ වලින් පීඩා විඳීමේ අවදානම වැඩි කරන බව දන්නා හෙයින් ස්වාභාවිකවම බැසීමට වැඩි කාලයක් අවශ්‍ය වේ.

බබාගේ එක් වෘෂණ කෝෂ

නොමේරූ දරු උපත් මගින් undescended testicles තත්වය ඇති වීමේ අවධනය වැඩිවේ. | Image courtesy: Pexels

දෙමාපියන්ගේ සැළකිල්ල යොමු විය යුතු අනෙකුත් ලිංගේන්ද්‍රිය ගැටළු

ඉකිලි හා සම්බන්ධ හර්නියා (Inguinal Hernia)

පුරුෂයෙකුගේ වෘෂණ කෝෂ වෘෂණ කෝෂ ලෙසින් පිටතට පැමිණෙන්නේ ළදරු අවස්ථාවේ දී ය.

එම වෘෂණ කෝෂ ගමන් ගත් ස්ථානයෙහි උදර බිත්ති දුර්වල වීමක් සිදු වුණහොත් හර්නියා තත්ත්වයක් (Inguinal Canal) හට ගැනීමට පුළුවන.

කළ හැක්කේ කුමක්ද?

දරුවාට මෙවැනි හර්නියා තත්වයක් Inguinal Canal වසා දැමීමට පුංචි ශල්‍යකර්මයක් නිර්දේෂ කරාවි.

නමුත් මෙම හර්නියා තත්වය ඇති වුවහොත් දරුවාගේ ඉකිලි ප්‍රදේශයේ වේදනාකාරී ගැට්ටක් ඇතිවේවි. මෙය ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම මගින් සුව කරගහ්ත හැක.

හයිඩ්‍රොක්සෙල් (Hydrocele)

පිරිමි ළමයෙකුගේ ඉකිලි හා සම්බන්ධ Inguinal Canal නොවැසුනු විට, උදරයෙන් නිකුත් වන තරල මෙම වෘෂණ කෝෂයේ එකතු වන්නට පුළුවන්.

බබාගේ එක් වෘෂණ කෝෂ

 

කළ හැක්කේ කුමක්කද?

හයිඩ්‍රොක්සිලය (Hydrocele) සාමාන්‍යයෙන් ඉබේම පහව යනු ඇත.

නමුත් එය එසේ නූනොත්, දරුවාගේ පළමු උපන්දිනයෙන් පසුව ශල්‍යකර්මයක් කලයුතු බවට වෛද්‍යවරයා නිර්දේෂ කරාවි. පසුව මෙම තරලය ඉවත් කර, එය ගමන් මාර්ගය වසා දමයි.

මුත්රා ආසාදන (UTI)

ඔබේ දරුවාගේ ලිංගය නිසි ලෙස පිරිසිදු නොකළහොත් UTI තත්වය ඇතිවිය හැකිය.

එය සිදුවන්නේ බැක්ටීරියා අධික ලෙස වැඩීමෙනි. සාමාන්‍යයෙන් ළදරුවන් තුළ UTI තත්වය පෙන්නුම් කරන එකම රෝග ලක්ෂණය වන්නේ අධික උණයි.

නමුත් සමහර විට, බොහෝ දුගඳ මුත්‍රා, දරුවා අසාමාන්‍ය ලෙස කෝපයෙන් සහ නොසන්සුන්තාවෙන් සිටීම.

මෙහිදී වමනය පවා ඇතිවිය හැක. මෙම රෝග ලක්ෂණ වලින් කිසිවක් හෝ දිස්වේනම්ඔ, කරුණාකර ප්‍රමාදයකින් තොරව ඔබේ දරුවාගේ ළමා රෝග විශේෂඛ්‍යා වෛද්‍යවරයා හමුවන්න.

කළ හැක්කේ කුමක්කද?

ප්‍රතිජීවක ඖෂධ මාලාවක් තුළින් පහසුවෙන්ම UTI සඳහා ප්‍රතිකාරකළ හැකි බව වෛද්‍ය මතයයි.

ශිෂ්ණයේ හිස, පෙර සම හා ඇලීම

මෙය ඇතැම් විට චර්මච්ඡේදනය කිරීමෙන් පසුව සිදු වේ. ශරීර පටක කපා දැමූ විට, එහි කෙලවරවල් වල කප්පාදුව වටා ඇති ප්‍රදේශය ඇලෙනසුළු විය හැකිය.

මෙය සිදුවුවහොත්, ශිෂේණය කිසිදා චර්මඡේදනය නොකළ සෙයක් හෝ සිහින් පටලයකින් ඇලී ඇති බව බැලූ බැල්මට පෙනේ.

කළ හැක්කේ කුමක්කද?

මෙයට ප්‍රතිකාර අවශ්‍ය නොවන අතර ඉබේම සුව වේවි. නමුත් තත්වය සංකීර්ණ වුවහොත් ආලේප කල හැකි බෙහෙතක් නිර්දේෂ කරාවි.

References: The University of Sydney, Sydney Morning Herald

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නිලූෆ පෙ‍රේරා
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත.
ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • අළුත උපන් බබාගේ එක් වෘෂණ කෝෂයක් අනෙකට වඩා විශාලද?
බෙදාගන්න :
  • පුරුෂයෙකුගේ වඳභාවය පෙන්වන සලකුණු සහ රෝග ලක්ෂණ

    පුරුෂයෙකුගේ වඳභාවය පෙන්වන සලකුණු සහ රෝග ලක්ෂණ

  • වෘෂණ කෝෂ කැසීම ඇතිවීමට හේතු 7 ක්

    වෘෂණ කෝෂ කැසීම ඇතිවීමට හේතු 7 ක්

  • පුරුෂයෙකුගේ වඳභාවය පෙන්වන සලකුණු සහ රෝග ලක්ෂණ

    පුරුෂයෙකුගේ වඳභාවය පෙන්වන සලකුණු සහ රෝග ලක්ෂණ

  • වෘෂණ කෝෂ කැසීම ඇතිවීමට හේතු 7 ක්

    වෘෂණ කෝෂ කැසීම ඇතිවීමට හේතු 7 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it