අලුත උපන් බිළිදා නෑවීම ගැන මෙම කරුණු 7 ඔබ සිහිතබාගත යුතුයි

lead image

ඔබේ පැටියා නාවන කොට පරිස්සමෙන් බලාගන්න නම් මේ කරුණු ගැනත් හිතන්න.

කුළුදුලේම ලැබුණු අලුත උපන් බිලිඳා නෑවීම කෙසේ වෙතත් දරුවෙකු ලැබුනහම දෙමාපියන්ට එය අභියෝගයක් සහ අලුත්ම අත්දැකීමක් වීම සාමාන්‍ය දෙයක්.

ඔබේ අලුත උපන් බිලිඳා නෑවීම ඉතින් එවැනිම අභියෝගයක් නේද? අලුත උපන් පුංචි පැටව් මල් වගේ හරි පරෙස්සමෙන් හසුරවන්න ඕනේ. විශේෂයෙන් ඔවුන් වතුර සමග ඉන්න කොට හරිම පරෙස්සම් වෙන්න ඕනේ.

ඒ වගේම අපි හරි ආරක්‍ෂිත විදිහට බබා නාවනවා නම් ඔවුනගේ ආරක්ෂාව නිරෝගිකම ඔවුනට නිතැතින්ම ලැබෙනවා. ඉතින් ඔබේ පැටියව ඔබම නාවනවා නම් නැත්නම් ඊට කවුරු හරි උදවු වෙනවා නම්,  ඔබ දෙදෙනා මේ කරුණු 7 ගැන දැනුවත් වීම ඔබට බබා නාවන කාර්යය ඉතාම පහසු කරාවී.

1. පළමු දින කිහිපය අලුත උපන් බිළිදා නෑවීම මගහැරීම සුදුසුයි

පළමු සති දෙකක කාලය ඔවුන්ගේ පෙකණිය හා සම්බන්ධ වූ නාභි ප්‍රදේශය තවමත් සුව වෙමින් පවතින නිසා එය නිතරම වියළිව පැවතීම වටිනවා. ඒ නිසා පළමු දින කිහිපය නෑවීම එතරම් නොකලත් ගැටලුවක් වන්නේ නැහැ.

අනිත් කාරණය තමයි පුංචි පැටව් ඉක්මනින් කුණු දූවිලි ගාගන්නේ නැහැනේ. WebMD ට අනුව මුල්ම දින කිහිපයේ පැටියව මෘදු රෙදි කැබැල්ලකින් තෙත මාත්තු කලත් ඇති කියලයි කියන්නේ.

 2. කිසිම විටෙක පැටියව නාන බේසම තුළ තනියම නම් තියල යන්න එපා

මතක තබා ගන්න ඔබේ ඇස් මානයෙන් හිටිය කියලා දරුවට අනතුරක් නොවෙයි කියල හිතන්න නම් බැහැ. තත්පරයක් වුනත් ඇති පුංචි පැටියට අනතුරක් වෙන්න.

හැමතිස්සෙම එක අතකින් පැටියව අල්ලාගෙන අනෙක් අතින් ඔබ කරන දෙය කරන්න මතක තබා ගත යුතුයි. පැටියව නාවන්න අවශ්‍ය හැමදේම ඊට පෙර ඒ අසල ඔබට පහසු ආකාරයෙන් තබාගැනීම මේ අනිසි කලබල අඩුකරගන්න හරිම ප්‍රයෝජන වෙනවා.

ඔබට යමක් අමතක වුණා නම් ඔබේ සැමියා හෝ වෙනත් උදවුවට ඉන්න කෙනෙකුගෙන් එක ඉල්ලා ගන්න. ගෙදර කිසි කෙනෙක් නැත්නම් පැටියාවත් අරගෙනම ඔබේ කර්යයට යන්න.

baby bathing sri lanka

 3. දරුවට හිඳ ගැනීමට පුළුවන් වෙනතුරු දරුවන්ට ම වෙන්වූ බේබි බාත් ටබ් එකක් පාවිච්චි කරන්න

සමහර විට බේසමක හරි සින්ක් එකක හරි ඔබේ අලුත උපන් බිළිදා නෑවීම ලේසියි කියලා ඔබට හිතෙන්න පුළුවන්. එත් ප්‍රවීණයන්  කියන්නේ නිතරම දරුවාට හිඳගැනීමට හැකි වන තුරු ඉතාම සුදුසු වන්නේ ඔවුන්ටම සුවිශේෂයෙන් ඇති ළදරු නාන බේසමක් බවයි.

ඒ වගේම යන්තම් මද රස්නේ වතුර අඟල් කිහිපයක් පමණ උස ප්‍රමාණයෙන් හා සබන් බිංදු එකක් හෝ දෙකකක් පුංචි පැටියා නාවන්න ප්‍රමාණවත්.

පැටියා ටිකක් ලොකු වෙලා ඉඳගන්න පුළුවන් වෙනකොට ටිකක් ලොකු බාත් ටබ් එකක් තෝර ගත්තට වරදක් නැහැ.

4. ඔබේ පැටියා උණුසුම්ව හා තෙතමනය සුරැකෙන සේ තබන්න

පැටියා නාවලා අවසන් වූ විගසින්ම ඔහුව හොඳින් උණුසුම් වෙන විදිහට ඔතලා තියන්න.

ඔහුට නැතිවූ ශරීර උෂ්ණත්වය රඳවා ගන්න එය හරි වැදගත්. දරුවට අලුත් ඇඳුම් අන්දවන්න ඉස්සෙල්ලා ඔහුව හොඳින් පියදාන්න මතක තබා ගන්න. විශේෂයෙන් ඔහුගේ අලුත් මෘදු හම ඉතා පරිස්සමෙන් පිහ දමන්නත්, තෙත නොරැඳෙන ලෙස තබන්නත් අමතක කරන්න එපා.

එයාගේ අත්ල, ඉකිලි, බෙල්ල, අත් යට මේ අතර විශේෂයි. ඇඳුම් අන්දවන්න ඉස්සෙල්ලා හම මෘදු කරන ක්‍රීම් එකක් ගෑවොත් ඉන් පැටියාට සනීපයක් දැනෙනවා.

 5. නාන කාමරය හා බාත් ටබ් එක සහ අලුත උපන් බිළිදා නෑවීම

රළු මතුපිටක් සහිතව සුදානම් කර ගන්න. මුළුතැන් ගෙයට පස්සේ නාන කාමරයේ පොළව රළු මතුපිටකින් යුතු ස්ථානයක් වීම හරිම වැදගත්.

හැමවිටම බබාව නාවන තැනට රළු මතුපිටක් තියෙන ලිස්සනේ නැති පාපිස්සක් පාවිච්චි කරන්න මතක තියාගන්න. හැම නාන වාරයකටම පසුව බාත් ටබ් එක හොඳින් පිරිසිදු කරන්න අමතක කරන්න එපා. දරුවා තරමක් ලොකු වෙනකොට බාත් ටබ් එකේ ප්‍රමාණය වැඩි කරන්න අමතක කරන්න එපා.

6. බාත් ටබ් එක ඉක්මනින් හිස් කරන්න

පැටියා නාවලා ඉවර වුන ගමන්ම බාත් ටබ් එකේ වතුර ඉවත් කරන්න මතක තබා ගන්න. අනපේක්ෂිත අනතුරු වළක්වා ගැනීමට අපි නිතරම වග බලා ගන්න ඕනේ. නැත්නම් දරුවන් අපි නොහිතන අනතුරු වලට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා බාත් ටබ් එකේ වතුර උවමනාවට වඩා පුරවන්නේ නැතිව සිටීමටත් වග බල ගත්තොත් හැම අතින්ම ආරක්ෂිතයි.

7. ප්‍රථමාධාර

ප්‍රථමාධාර ගැන ඔබ හෝ දරුවා බලාගන්න වෙනත් අයෙක් වුවත්, දරුවෙකුට හදිස්සියේ වතුර පෙවීමක්, වතුරට වැටීමක්, ලිස්සා වැටීමක් සිදුවුවහොත් දිය යුතු ප්‍රථමාධාර දැනුවත්ව සිටීම ඉතා වැදගත්.

 අලුත් අම්මලාට වගේම හැම අම්මෙකුට ම මේ ඉඟි ටික වැදගත් වෙයි කියලා theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය විශ්වාස කරනවා.

ඔබටත් මේ පිලිබඳ අපි සමග තොරතුරුබෙදාගන්න කැමති නම් ඔබේ අදහස් COMMENTS  කොටසෙහි දක්වන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ