theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ දරුවා ඔබවත් අනිත් අයවත් සපා කෑම නවත්වා ගන්නේ කෙසේද?

4 අවම කියවීම
ඔබේ දරුවා ඔබවත් අනිත් අයවත් සපා කෑම නවත්වා ගන්නේ කෙසේද?ඔබේ දරුවා ඔබවත් අනිත් අයවත් සපා කෑම නවත්වා ගන්නේ කෙසේද?

දරුවන් පුංචි දත් කැකුලු වලින් හපමින් අහිංසක විනෝදයක් ලබනවා. බොහෝ දරුවන් පෙළඹෙන වෙනත් විනෝදකාමී දෙයක් ලෙස අන් අයව සපා කෑම හදුන්වා දෙන්න පුලුවන්. ඔබේ බබා හපනවා නම් (අන් අයව) මොකද කරන්නේ?  ඇයි ඔවුන් මෙසේ කරන්නේ හා ඔවුන්ගේ  මෙම පුරුද්ද නවත්වා ගන්නේ කෙසේද? එන්න අපි එක්ව සොයා යමු.

ඔබේ දරුවා ඔබවත් අනිත් අයවත් සපා කෑම නවත්වා ගන්නේ කෙසේද?

"බබා හපනවා..."

ඇයි දරුවන් සපා කන්නේ ?

සපා කෑම දරුවාගේ වර්ධනයේ සාමාන්‍ය  කොටසක් බවත් එය විශේෂයෙන් අවුරුදු එකේ සිට තුන දක්වා සිදුවිය හැකි බවත් අපි පළමුවෙන්ම ඔබට කියන්න කැමතියි.

බබා හපනවා! මෙන්න මේ වගේ හේතු රැසක් නිසා පුංචි පැටව් සපාකෑම කරන්න ඉඩ තියෙනවා.

• එයාලා සරලව එයාගේ වටපිටාව ගවේෂණය කරනවා : දරුවන් ඔවුන්ගේ වටපිටාව වටහා ගැනීමේදී ඔවුන්ගේ දෑත් මෙන්ම මුඛයද බොහෝ දුරට භාවිතා කරනවා.

ඔවුන් අහුලා ගන්නා දේවල් ඊලගට යන්නේ මුඛයට බව පුංචි පැටව්න්ගේ මව්වරුන් වශයෙන් ඔබ දැන සිටිනවා. මෙය සාමාන්‍ය තත්වයක් වන අතර සාමාන්‍යයෙන් දරුවා වස්තුවක් මත සපාකෑම සිදු කරනවා ( එය සෙල්ලම් කරන බ්ලොක් එකක්ද ඔබේ අතද යන්න ඔවුන් සලකන්නේ නැහැ).

• ඔවුන්ගේ දත් එනවා : ඉදිමුන , වේදනාකාරී දත් එන විට ඇති වන පැලුම් සහිත ගැටිති මෘදු කර ගන්නා ක්‍රමය වන්නේ ඔබ හිතන විදියටම සපා කෑම තමයි.

• ඔවුන්ට අවධානය අවශ්‍ය වෙනවා : විශේෂඥයින් පෙන්වා දෙන පරිදි වයසින් ටිකක් වැඩි දරුවන් ඍනාත්මක අවධානයක් ලැබෙන විටදි පවා සපාකනු ලබන්නේ අවධානය ලබාගැනීමේ අරමුණෙනි.

• ඔවුන්ට ප්‍රතිචාර අවශ්‍ය වෙනවා:  කුතුහලය හා ගවේෂණය එක්ව යනවා. දරුවෙක් අලුත් අත්දැකීමක් සොයා යෑම සදහා කෙනෙක් සපාකෑ විට ඔවුන් බැන වදිමින් හෝ කෑගසමින් ප්‍රතිචාර දක්වයි නම් එම ප්‍රතිචාරය ලබාගැනීම වෙනුවෙන් ඔවුන් එය නැවත නැවත සිදුකරාවි. ඔවුන්ට එහි වේදනාකාරී බව සැබැවින්ම වටහාගන්න බැහැ.

දත් එන විට ඔබේ දරුවා සපා කෑම කරයි නම් ඔහුට ටීත් රින්ග් එකක් ( දත් එන අවධියේ දරුවාට සැපීම කිරීමට විශේෂයෙන් සකස් කර ඇති සරල උපකරණයකි) ලබා දීම හෝ තෙත් පිරිසිදු රෙදි කඩක් ඔහුට සැපීමට ලගින් තැබීම කරන්න.

ඔබේ දරුවා ඔබවත් අනිත් අයවත් සපා කෑම නවත්වා ගන්නේ කෙසේද?

ඔබේ දරුවා සපා කෑමෙන් වලක්වා ගන්නේ කෙසේද?

බබා හපනවා නම්, ඔබට ඔබේ දරුවා සපා කන්නේ ඇයිදැයි වටහා ගන්න පුලුවන් නම් ඔබට එම පුරුද්ද වළක්වා ගන්න පහසු වෙනවා.

උදාහරණ වශයෙන් :

• ඔබේ දරුවාගේ දත් එනවා නම් වෙනත් කෙනෙකුගේ අතක් සැපීම වළක්වා ගැනීමට  ඔහුට සැපීම සදහා ටීත් රින්ග් එකක් ලගින් තබන්න.

• ඔබේ දරුවා ඔහුගේ හැගීම් වචනයෙන් ප්‍රකාශ කිරීමට තරම් වයසින් වැඩී ඇත්නම් සැපීම හා පහරදීම වෙනුවට "මම ඉන්නේ තරහින්" යැයි ප්‍රකාශ කිරීමට උනන්දු කරවන්න.

• දරුවාට අවශ්‍ය විවේකය, ආහාර හා පානයන් කලින් ලබාදීම මගින් ඔබේ දරුවා නොසංසුන් වන අවස්ථා මගහරින්න. සැපීම සදහා යොමු විය හැකි මේ කුසගිනි උද්වේගකාරීන් වළක්වා ගැනීමට කෙටි ආහාරයක් ඔබ ලගින් තබාගන්න.

• දවස පුරාම දරුවාට ප්‍රමාණවත් අවධානයක් ලබාදෙන්න. එවිට ඔබගේ අවධානය ලබාගැනීමට ඔහු සපා කන්නේ නැහැ. ඔබේ දරුවා ගත කරමින් සපාකෑමේ අදියර නම් මිතුරන් හා සහෝදරයින් හා සෙල්ලම් කරන  දින හා වේලාවන් හිදී ඔහු ගැන වැඩි අවධානයෙන් පසුවෙන්න.

ඔබේ දරුවා ඔබවත් අනිත් අයවත් සපා කෑම නවත්වා ගන්නේ කෙසේද?

බබා හපනවා නම්... දරුවන්ගේ සපාකෑම නැවැත්වීම

ඔබේ දරුවා සපා ගන්නේ අවධානය ලබා ගැනීමට හෝ කළහාකාරී බවෙන් තොරව නම් ඔබ ඔහුගේ එම හැසිරීමට අකමැති බව අගවන්න . මෙය උග්‍ර කරන එවැනි අවස්ථා මගහැරීමට වගබලා ගන්න.

මතකයේ තබා ගැනීමට තවත් ඉගි කිහිපයක්

  • සපාකෑම දරුවෙකුගේ වර්ධනයේ සාමාන්‍ය කොටසක් වීම සත්‍ය වන නමුත්  ඔබ මේ හැසිරීම පිළිගැනීම හා නොසලකා හැරිය යුතුයැයි ඉන් අදහස් වන්නේ නැහැ.
  • ඔබේ දරුවා සපාකන විට අපි අනෙක් අය සපා කන්නේ නැති බව ඍජුවම ඔහුට පවසන්න. අනෙක් අය සපාකෑම ඔවුන්ට වේදනාවක් ලබාදෙන බව ඔබට හැකි උපරිමයෙන් විස්තර කරන්න.
  • ඔබේ දරුවා නොසතුටට පත් වේ නම් ඔහු සංසුන් වෙනතුරු එම අවස්ථාවෙන් ඉවත් කරන්න. සපා කන දරුවා සපා කෑ යුතුයි ( එකට එක කිරීම ) යන සාම්ප්‍රදායිකව උපදෙස් නොසලකා හැරීම සුදුසු වේ.
  • වැඩිහිටියෙක් දරුවෙක් ආපසු සැපීම කලහොත් දරුවා මෙම හැසීරම සාමාන්‍ය බව සිතා එය නොකඩවා පවත්වා ගන්නවා. ඒ වගේම සපා කන දරුවෙකුට ශාරීරිකව දඩුවම් නොකල යුතුය.
  • ඔබේ දරුවාට වයස අවුරුදු හතර හා පසුවෙන තුරුත් මෙම සපාකෑම පවතීනම්  සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකුගේ උපදෙස් පැතීම සුදුසු වේ.

සපාකෑමෙන් සිදුවිය හැකි අනතුරු

මේ පුංචි දත් ඉතා තියුණු විය හැකි අතර ඒ මගින් තුවාල සිදුවෙන්න පුලුවන්.  මෙසේ සිදුවුවහොත් කලයුතු පළමු දේ වන්නේ තුවාලය සබන් හා වතුර යොදා පිරිසිදු කිරීමයි.

එය ගැඹුරු නම් හා රුධිරය වැඩිපුර වහනය වේ නම් වෛද්‍යවරයකු හමුවී වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යදැයි පරීක්ෂා කරගැනීම සුදුසු වේ.

මව්වරුනි, පියවරුනි , මේ තොරතුරු ඔබට වැදගත් වේයැයි අපි සිතනවා.

ඔබටත් සපාකන පුංචි පැටියෙක් සිටිනම් මේ ලිපියේ ඇති ඉගි උත්සහ කර සහනයක් ලබාගන්න. ඔබ කියවා මෙම ලිපිය අනෙක් අයත් සමගද බෙදා ගන්න.

පුංචි පුංචි දත් කැකුලු වලින් සපා කද්දී අපට ලබාදෙන්නේ ආදරණීය වේදනාවක් තමයි. අපි ඒකට ටිකක් කැමතියි. ඒත් අම්මා මේ නිසා  අපේ පුංචි පැටියාගේ සිරුරට   විෂබීජ ඇතුල් වෙලා ලෙඩ වෙන්න පුලුවන් .

theAsianparent Sri Lanka මේ තොරතුරු ඔබ සමග බෙදා ගන්නේ අන්න ඒ නිසයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරුවන්
  • /
  • ඔබේ දරුවා ඔබවත් අනිත් අයවත් සපා කෑම නවත්වා ගන්නේ කෙසේද?
බෙදාගන්න :
  • දරුවන්ට රාත්‍රියට සුව නින්දක් ගෙන එන ආහාර

    දරුවන්ට රාත්‍රියට සුව නින්දක් ගෙන එන ආහාර

  • ඔබේ දරුවා අනාගතයේදී ඉංජිනේරුවෙක්, වෛද්‍යවරියක් විය යුතුමද?

    ඔබේ දරුවා අනාගතයේදී ඉංජිනේරුවෙක්, වෛද්‍යවරියක් විය යුතුමද?

  • දරුවන්ට රාත්‍රියට සුව නින්දක් ගෙන එන ආහාර

    දරුවන්ට රාත්‍රියට සුව නින්දක් ගෙන එන ආහාර

  • ඔබේ දරුවා අනාගතයේදී ඉංජිනේරුවෙක්, වෛද්‍යවරියක් විය යුතුමද?

    ඔබේ දරුවා අනාගතයේදී ඉංජිනේරුවෙක්, වෛද්‍යවරියක් විය යුතුමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it