අලුතෙන් දෙමාපියන් වුණු ඔබට පුංචි බිළිඳු පැටියාගේ ලිංගික ප්‍රදේශයේ ආරක්ෂාව, පිරිසිදු කිරීම් ගැන බොහෝ ගැටළු තිබෙන්න පුළුවන්. එයා ඉපදෙනකොට දකින්න තියෙන වෙනස්කම් ගැන බය වෙන්න ඕනෙද? සමහර විට ඔබ ඒ ගැන පසුතැවිලි වෙනවා වෙන්න පුළුවන්.
අපි මේ වන විටත් ඔබට දුවෙක් ඉන්නවා නම් මේ ගැටළු ගැන කතා කරලා අවසන්. දැන් අපි පුංචි පුතෙකුට ඇතිවිය හැකි ගැටළු ගැන කතා කරමු.
(කියවන්න: ඔබේ ළදරු දියණියගේ ලිංගික අවයව ආරක්ෂා කරන්නේ කොහොමද? දෙමාපියන්ට මග පෙන්වීමක්)
උපතේදී දකින්න ලැබෙන වෙනස්කම්
පුතු පැටියාගේ ලිංගික ප්‍රදේශයේ ඉදිමුණු ස්වභාවයක් ගන්නවා නම් ඒ ගැන බිය විය යුතු නැහැ. උපතේදී සිදුවන හෝර්මෝන වෙනස්කම් හා ඊට නිරාවරණය වීම නිසා මේ තත්වය ඇතිවෙන්න පුළුවන්.
ඒ වගේම පුංචි පුතාගේ ලිංගේන්ද්‍රිය අවටත් ඉදිමී ඇති ස්වභාවයක් දකින්න ලැබේවි. මෙය hydrocele නමැති තත්වය නිසා ඇතිවෙන්නක්. මෙය එම ප්‍රදේශය තුළ ජලය වැනි ද්‍රව්‍යක් පිරීම නිසා ඇතිවන්නක්.
පළමු මාස 6 තුළ මේ තත්වය පහවී යන්න පුළුවන්. මේ නිසා බබාගේ ශිෂ්ණය ඉතා කුඩාවට (නොපෙනෙන තරමට) දකින්න පුළුවන්. වෛද්‍ය විශේෂඥයන්ට අනුව මෙම ප්‍රදේශය ශීතලට නිරාවරණය වීමෙන් මේ තත්වය ඇතිවෙන්න පුළුවන් බව පවසනවා. පුංචි බබාටත් ශිෂ්ණයේ ඍජු වීමක් ඇති වෙන අතර මුත්‍රා කිරීමට පෙර මේ තත්වය ඇතිවීම සාමාන්‍යයි.
මුත්‍රා ලිංගය ප්‍රදේශය පිරිසිදුව තබාගන්නේ කොහොමද?
පුරුෂ ලිංගය පිරිසිදු කිරීම ගැන ඔබ දැනගෙන සිටීම වැදගත්. මුල් මාස කිහිපය තුළ මෘදු සබන් වර්ගයකින් එම ප්‍රදේශය මෘදුව සෝදා තෙත මාත්තු කර ඩයපර් එක හෝ නැපිය අන්දවන්න. විෂබීජ නාශක හෝ පුළුන් වලින් පිරිසිදු කිරීම අවශ්‍ය නැහැ.
උඩු සම පස්සට ඇදීම පිරිසිදු කිරීමේදී නොකළ යුතු අතරම මෘදුව සම මෑත් කර සෝදා හරින්න. American Academy of Pediatrics හි මතයට අනුව උඩු සම ඉතා වැදගත් කටයුත්තක් ඉටු කරනවා. ශිෂණයේ හිස එමගින් ආරක්ෂා කරන අතර බිළිඳු අවධියේ ඉතා පහසුවෙන් මෙම කොටස ආසාදනය විය හැකි නිසා එය ඉතා වැදගත් වෙනවා.
ඔබේ පුතු පැටියාගේ උඩු සම පටක මගින් ශිෂණය හා බැඳී පවතිනවා. නමුත් එය වැඩීමට පෙර පිටුපසට ඇදීම නිසා ඔහුට දැඩි වේදනාවක් වගේම රුධිර වහනයක් වුවත් සිදුවෙන්න පුළුවන්. නමුත් විටෙන් විට බබා මුත්‍රා කරන විට සිදුර වැසී ඇති දැයි අවධානය යොමු කරන්න. නමුත් බබා මුත්‍රා පහකරන විට අපහසුවෙන් ඉන්නවා නම් වෛද්‍ය උපදෙස් පැතීම වැදගත්.
දරුවාගේ ශිෂ්ණයේ උඩු සම දරුවාට පියවර කිහිපයක් ගතවීමෙන් පසු වැඩෙන අතර එහෙත් මෘදු සබන් හා ජලයෙන් සෝදා හැරීම ප්‍රමාණවත්
මතකයට - හුඟක් වෙලාවට බිළිඳු බබාලා හැමතැනම, ඔබේ මුහුණට පවා මුත්‍රා විදිනවා. ඉන් වැළකීමට කුඩා තුවායක් වැනි දෙයක් ළඟ තබා ගන්න. ඒ වගේම ඩයපර් එකෙන් මුත්‍රා පිටතට යාම වැළකීමට ශිෂ්ණය පහළට වනසේ තබා ඩයපර් එක අන්දවන්න.
පුතා ලොකු වෙන කොට එයාගේ ශිෂ්ණය එයාටම පිරිසිදු කරගන්න හැටි කියා දෙන්න.
- මෘදුව උඩු සම ශිෂ්ණයෙන් මෑත් කරන්න.
- ශිෂ්ණයේ හිස හා ඇතුලත මෘදු සබන් හා වතුරින් සෝදන්න.
- ශිෂ්ණයේ හිස කොටසින් සම පිටුපසට කරන්න.
ඔබේ පුතා යෞවනත්වයට පත්වන විටත් උඩු සම චලනය කිරීම අපහසුනම් වෛද්‍ය උපදෙස් පතන්න.
පිරිමි දරුවන්ට ලිංගික ප්‍රදේශයේ ඇතිවන ගැටළු
ඉකිලිය ආශ්‍රිත හර්නියා
ඉකිලිය ආශ්‍රිත හා මුත්‍රා කරන සිදුර වසාගත් මස් ගොබයක් ඇතිවීම මෙම තත්වයට හේතු වෙනවා. මේ තත්වය ගැහැණු දරුවන්ට වඩා පිරිමි දරුවන් තුළ වැඩිපුර දකින්නට ලැබෙනවා.
කළයුතු දේ
මේ තත්වය නිසා එම ප්‍රදේශයට රුධිර සැපයීම අවහිර කරන අතර ඔබේ වෛද්‍යවරයා ඊට සුළු ශල්‍යකර්මයක් නිර්දේශ කරනවා. නමුත් විශාල මස් දල්ලක් ඇතිවී ඇත්නම් ප්‍රතිකර්මයන් ඉක්මන් කිරීමට සිදුවෙනවා.
Hydrocele
මේ තත්වය පිරිමි දරුවන්ගේ ඉකිලිය හා සම්බන්ධ කොටස අවහිර වීමෙන් ඇතිවෙන්න පුළුවන්. මෙම ප්‍රදේශයේ ද්‍රාවණයක් පිරීම නිසා වෘෂණ කෝෂ ඉදිමීමක් ලෙස පෙනෙන්නට තිබෙනවා. නිව්යෝර්ක් හි ළමා රෝග වෛද්‍යවරයෙකු වූ ස්ටීවන් ටෙන්නට්බාවුම් පවසනවා. නමුත් ඉන් වේදනාවක් දැනෙන්නේ නැහැ.
කළයුතු දේ
මේ තත්වය ඉබේම පහව යා හැකියි. නමුත් වසරක් පමණ ගතවීමෙන් මේ තත්වය පහව නොයයි නම් සුළු ශල්‍යකර්මයකින් ද්‍රාවණයන් පිරෙන ද්වාරය අවහිර කිරීම කළයුතු වෙනවා.
යුරිනරි ට්‍රැක්ට් ඉන්ෆෙක්ෂන් (UTI)
ශිෂ්ණය හොඳින් පිරිසිදු නොකිරීම නිසා මේ තත්වය ඇතිවෙන්න පුළුවන්. එමනිසා බැක්ටීරියාවන් වර්ධනය වීමෙන් උණ ඇතිවෙන්න පුළුවන්.
සමහර විට මුත්‍රා වල නුපුරුදු දුර්ගන්ධයක් හෝ දරුවා වමනය කිරීම වුවත් ඇතිවෙන්න පුළුවන්. හැකි ඉක්මනින් ඔබේ ළමා රෝග වෛද්‍යවරයා මුණගැසීම වැදගත්.
කළයුතු දේ
වෛද්‍ය නිර්දේශයට අනුව ප්‍රතිජීවක ඖෂධ ලබාදීම කළයුතු වෙනවා.
පීනයිල් ඇඩීෂන් (penile adhesion)
ශිෂ්ණයේ පෙර සම හරියාකාරව වෙන් නොවීම නිසා හා එහි හිස නිරාවරණය නොවීම නිසා මේ තත්වය ඇතිවෙන්න පුළුවන්.
කළයුතු දේ - මෙය ශිෂ්ණයේ වර්ධනය සමග පහව යන තත්වයක්. සමහර විටෙක මෘදු ස්ටෙරොයිඩ් ක්‍රීම් වර්ගයක් ආලේප කිරීමෙන් මේ තත්වය පහව යන බව හාවර්ඩ් වෛද්‍ය පාසලේ ළමා රෝග වෛද්‍ය නියෝජ්‍ය කථිකාචාර්ය වික්ටෝරිය මැක්වෝයි පවසනවා.
අලුත් දෙමාපියන්ට තරමක් සංකීර්ණ ලෙස හැඟිය හැකි මේ ගැටළු ගැන මේ ලිපිය මගින් theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය ඔබට අවබෝධය ලබාදෙන්නට සිතුවා.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නිසංසලා ලියනගේ