ඔබේ දරුවා දක්ෂයෙක් කරන්න නම් ගැබිනි වියේදි මේ දේවල් 6 කරන්න

ඔබේ දරුවා දක්ෂයෙක් කරන්න නම් ගැබිනි වියේදි මේ දේවල් 6 කරන්න

දක්ෂයෙක් බිහිකරන්න නම් දරුවා මව්කුස තුලදී ඔබෙන් ලැබිය යුතු සත්කාරයි ‌මේ.

ගර්භණි සමයේදී බබාගේ ‌මොළය ඇතුළු බබාගේ සියල්ලටම අපි කරන දේවල් බලපානවා . ඒක නිසා අපි ඒ සමයේදි නොකල යුතු දේවල් වලින් වලකින අතර කල යුතු දේවල් අනුගමනය කරනවා. ඉතින් අපේ ‌මේ අද සුදානම ඔය ‌නොකල යුතු ‌දේවල් කතා කරන්න නම් ‌නෙමෙයි. ඔබේ දරුවා දක්ෂයෙක් කරන්න ඔබ ඔහුව කුස තුල ‌හොවා ‌ගෙන කල යුතු ‌දේවල් කිහිපයක් පුළුල්ව කතා කරමු.

 මේ දේවල් ළදරුවාගේ ශාරීරික වර්ධනයට පමණක් නොවෙයි ඔවුන්ගේ මානසික වර්ධනයට ද බලපානවා.

නූපන් දරුවා සමග ඔබේ අන්තර්ක්‍රියා, ඔබේ හැඟීම්, ඔබ ගන්නා ආහාර හා ඔබ කරන ඕනෑම දෙයක් සමග ඔබේ දරුවාගේ මොළයේ සංවර්ධන ක්‍රියාවලියේ සම්බන්ධයක් තියෙනවා.

ඒ වගේම ගර්භණී සමයේදී ඔබේ ජීවන රටාවට ඔබේ දරුවාගේ මොළයටද බලපෑ හැකි බව හා එයට ඔහුගේ බුද්ධි මට්ටම තීරණය කළ හැකි බව ඔබ දන්නවාද?

 “දරුවෙකුගේ බුද්ධිය තීරණය කිරීම සඳහා ජාන විශාල  කාර්යභාරයක් ඉටු කරනවා, නමුත් ගර්භණී සමයේදී නිවැරදි ජීවන රටාව, මෙම ජාන වලට ගර්භාෂය තුලදී හොඳින් ක්‍රියාකිරීමට ඉඩ සලසා දෙනවා.”

‘Better Baby Book’ නම් ග්‍රන්ථයේ  කතුවරයා වන වෛද්‍ය ලනා ඇස්ප්‍රි පවසනවා.

ඔබේ පුංචි පැටියාට හොඳ බුද්ධියක් ලබා දෙන්න නම් ගර්භණී සමයේදී අනුගමනය කළ යුතු හොඳ පුරුදු 6 ක් මෙන්න.

  1. ගර්භණී සමයේදී  බබාගේ මොළය වර්ධනයට  නිතර ස්පර්ශ කරන්න

ගර්භණී සමයේදී බබාගේ මොළය

ගර්භණි සමයේදී බබාගේ ‌මොළය

බබාට දැනෙන පළමු හැගීම ස්පර්ශය බව ඔබ දන්නවාද? ඒත් කුස තුල සිටින පැටියා ස්පර්ශ කරන්නේ කොහොමද කියලා ඔබට හිතනවා වෙන්න පුළුවන්.

ඔබේ කුසේ වැඩෙන මේ පුංචි ප්‍රණියා ඔබට ස්පර්ශ කරන්න වෙන්නේ  ඔබේ කුස හරහායි. ඔබේ දරුවාට ඔබේ මේ ස්පර්ශය දැනෙනවා.

මේ මගින්ද ස්නායු පද්ධතිය සන්සුන් කරන අතර ඔබේ බැඳීම වැඩි කරනවා. ඔබේ කුස සුමටව පහළට සිට ඉහළට නිතර ස්පර්ශ කරන්න. ඒ ආදරණිය ස්පර්ශයන් ඔබේ දරුවා කුස තුල සිට ආදරයෙන් විදිවි.

  1. ගර්භණී සමයේදී  බබාගේ මොළය වර්ධනයට  හොඳ සංගීතයට සවන් දෙන්න

ඔබේ දරුවා දක්ෂයෙක් කරන්න නම් ගැබිනි වියේදි මේ දේවල් 6 කරන්න

අධ්‍යයනවලට අනුව ගර්භාෂයේ සිටියදි දරුවන්ට පිටත ශබ්ද වලට සවන් දෙන්න පුළුවන්.  හොඳ සංගීතයට සවන් දීමෙන් ඔබට සහනයක් ලැබෙනවා පමණක් නොව ඔබේ දරුවාද සන්සුන් වෙනවා.

සන්සුන් හා මෘදු සංගීතයට සවන් දීමෙන් ඔබේ මානසික පීඩනය නැති වී යනවා. ඒ වගේම සංගීතය ඔබට සහ ඔබේ දරුවාට  ප්‍රීතිමත් සහ සන්සුන් වටපිටාවක් ගොඩනඟනවා.

  1. ඔබ  ධනාත්මක වෙන්න

ඔබේ දරුවා දක්ෂයෙක් කරන්න නම් ගැබිනි වියේදි මේ දේවල් 6 කරන්න

ඔබ අසන හෝ දකින ඕනෑම දෙයක් ඔබේ දරුවාට බලපානවා. ඒනිසා, ඔබ කිසිදු ප්‍රචණ්ඩකාරී වැඩසටහන් හෝ චිත්‍රපටයක් බලන්න එපා.  ගර්භණී සමයේදී අධ්‍යාත්මික වැඩසටහන් නැරඹීම සුදුසු වෙනවා. ඔබ දෙදෙනාම ධනාත්මක පරිසරයක් ගොඩනඟා ගැනීමට හොඳම ක්‍රමය භාවනාවයි.

  1. ගර්භණී සමයේදී  බබාගේ මොළය වර්ධනයට ඔබ  උදය වරුවේ හිරු එළියේ ඇවිදින්න

ගර්භණි සමයේදී බබාගේ ‌මොළය

ඔබේ දරුවාගේ අස්ථි වර්ධනය හා වර්ධනය සඳහා විටමින් D වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. විටමින් D ස්වාභාවික ගත හැකි ක්‍රමය හිරු එළියයි.

ඔබේ දරුවාට උපතට පෙර විටමින් D ලබා දීමෙන් ඔහුට / ඇයට දිගු කාලීනව ප්‍රතිලාභ ලබාගන්න පුළුවන්. ඔබට දවසට අවශ්‍ය විටමින් D ප්‍රමාණය ලබා ගැනීම සඳහා අවම වශයෙන් විනාඩි 20 ක්වත් දිනපතා උදය වරුවේ හිරු එළියේ ඇවිදින්න.

  1. දිනපතා කියවන්න

ඔබේ දරුවා දක්ෂයෙක් කරන්න නම් ගැබිනි වියේදි මේ දේවල් 6 කරන්න

ඕනෑම වේලාවක කියවීම හොඳ පුරුද්දකි. ධනාත්මක හැඟීම් සහ සිතුවිලි ලබා දෙන පොත්පත් කියවන්න. ඔබට අධ්‍යාත්මික පොත් කියවන්න පුළුවන්. දිවා කාලයේ කියවීමට අමතරව ඔබ නින්දට යාමට පෙර කියවන්න. කියවීමෙන් ඔබේ දරුවාගේ මොළයේ වර්ධනයට සුදුසු හෝමෝන නිකුත් වෙනවා.

  1. ගර්භණී සමයේදී  බබාගේ මොළය වර්ධනයට ඔබ පෝෂ්‍යදායි ආහාර ලබාගන්න

ඔබේ දරුවා දක්ෂයෙක් කරන්න නම් ගැබිනි වියේදි මේ දේවල් 6 කරන්න

ඔබ තුළ වර්ධනය වන ජිවියා සම්පූර්ණයෙන්ම ඔබ මත රඳා පවතින බව ඔබ අමතක කරන්න එපා.. ඔබේ ආහාර පුරුදු ඔබ තුළ සිටින දරුවාගේ ජීවිතයට සෘජුවම බලපානවා. සමබර ආහාර වේලක් ලබා ගන්න. මත්පැන් හා කුළුබඩු සහිත ආහාර ගැනීමෙන් වළකින්න. සෞඛ්‍ය සම්පන්න සහ නැවුම් ආහාර අනුභව කරන්න.

මේ සම්බන්ධව ඔබට ගැටළු ඇත්නම් ඒවා හෝ ඔබේ අදහස් පහතින් සටහන් කරන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

කතන්දර ලිපි