පුංචි දූගේ කන විදිද්දී කළයුතු, නොකළ යුතු මේ දේවල් ගැන සිතා බලන්න

පුංචි දූගේ කන විදිද්දී කළයුතු, නොකළ යුතු මේ දේවල් ගැන සිතා බලන්න

බැංගලෝරයේ කොලොම්බියා ඒෂියා රෝහලේ චර්ම රෝග වෛද්‍ය සලෝනි කාටෝච් බබාගේ කන විදින විට සැලකිය යුතු මේ කරුණු ගැන කතා කළා.

ඔබට ඉන්නේ පුංචි දෝනියෙක් නම් ඔබ මේ වෙන කොටත් බබාගේ කන විදීම  ගැන හිතලා ඇති.

හුඟක් දෙනෙක් දූ පැටියා දකිනකොට කන විදලා නැද්ද කියලා ඇහුවත් ඔබ ඒ ගැන එතරම් කලබල වෙන්න එපා. ඊට හේතු තියෙනවා.

ඇමරිකාවේ ළමා රෝග වෛද්‍ය ඇකඩමියේ මතයට අනුව අවුරුදු 8 ක් පමණ වූ විට බබාගේ කන විදීම සුදුසු බව පවසන්නේ ඒ වන විට ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම්පුර්ණයෙන්ම වැඩී අවසන් වන නිසයි. වෛද්‍ය සලෝනි කාටෝච් මෙසේ පවසන අතර ඇය කොලොම්බියා ඒෂියා වයිට්ෆිල්ඩ් බැංගලොර්හි චර්ම රෝග විශේෂඥයෙකු ලෙසද කටයුතු කරනවා.

පුංචි දූගේ කන විදිද්දී කළයුතු, නොකළ යුතු මේ දේවල් ගැන සිතා බලන්න

බබාගේ කන විදීම: සුදුසුම වයස

ලාංකික දෙමාපියන් බබාගේ කන විදීම ඉතා ඉක්මනින් කරන නිසා වෛද්‍යවරිය පවසන්නේ අඩුම වශයෙන් ඊට මාස 6 ක කාලයක් වත් සිටීම වැදගත් බවයි.

"මම හිතන්නේ මාස 6 වන විට ටෙටර්නස් වැනි එන්නත් ලබා දෙන නිසා ආසාදන ඇතිවීමේ අවධානමක් නැහැ. ඒ නිසා මාස 6 ක් වත් යන තුරු එය නොකර සිටීම හොඳයි", වෛද්‍යවරිය පවසනවා.

වෛද්‍යවරිය තවදුරටත් පැවසුවේ බබාගේ කන විදීම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු ලවා සිදුකිරීම යෝග්‍ය වන්නේ නිසි ක්‍රමවේදයන් එහිදී අනුගමනය වන නිසයි.  එහිදී විෂබීජ වලින් තොර පිරිසිදු පරිසරයකදී එය සිදුවෙනවා.

චර්ම වෛද්‍යවරුන් හෝ ළමා වෛද්‍යවරුන් විද්‍යානුකූලව අත්වැසුම්, අත් පිරිසිදු කිරීමේ ඛාරක, ජීවානුහරණය කළ උපාංග ආදිය භාවිත කරන නිසා එය ආරක්ෂිතයි. නමුත් නිල නොලත් අය අතින් එය හරියටම සිදුවේදැයි සිතන්න බැහැ. ඔබට මෙවැනි වෛද්‍යවරයෙකු ළඟට යාමට නොහැකි නම් සුදුසුකම් ලත් කෙනෙකු ලවා එය සිදු කර ගැනීම වැදගත් බව ඇය පවසනවා.

පුංචි දූගේ කන විදිද්දී කළයුතු, නොකළ යුතු මේ දේවල් ගැන සිතා බලන්න

කළයුතු නොකළ යුතු දේවල්

දියණියගේ කන් විදීමෙන් පසු එය ආසාදනය නොවී තබා ගැනීමට ඔබ කළයුතු දේවල් තියෙනවා. මේ අතර වෛද්‍ය කාටෝච් ඔබ කළයුතු නොකළ යුතු දේවල් සඳහන් කරනවා.

  1. කන් විදීම කළ පසු ඒ අවට පිරිසිදු බව අත්‍යවශ්‍යයි. ඔබේ අත් සෝදා දිනකට දෙවරක් පමණ පිරිසිදු ජලයෙන් සෝදා ඉතා හොඳින් තෙත මාත්තු කරන්න.
  2. ආසාදනය වීම වැළකීමට වෛද්‍යවරයා විසින් ලබා දෙන ක්‍රීම් වර්ගය ගල්වන්න.
  3. හුඟක් අයට කන් විදීමෙන් පසු තවත් කරාබුවක් මාරු කරන්න හදිසි වුනත් ඊට මාස 8 ක කාලයක්වත් හිඳිම වැදගත්. මන්ද කන සුව වීමට ඇත්තටම මාස 8 ක වත් කාලයක් ගතවීම ඊට හේතුවයි.
  4. නිකල් මුසු කරාබු දැමීමෙන් වැළකීමද සුදුසු වන්නක්. ඉන් අසාත්මිකතා ඇතිවීමට හැකි නිසාත් බොහෝ විට සර්ජිකල් ස්ටෙන්ලස් ස්ටීල් කරාබු පළමු වරට යෙදීම සුදුසු වන්නේ නැහැ. නැතිනම් ප්ලැටිනම් ටයිටේනියම් කරාබු හෝ කැරට් 14-18 කරාබු කන විදීමෙන් මාස දෙකක කාලයකින් පසු දැමීම එතරම් වරදක් නැහැ.
  5. නිතරම කන විදින ලද ස්ථානය ගැන අවධානයෙන් සිටිය යුතු අතර අසාත්මිකතා ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් පතන්න.
  6. පිරිසිදු නොකරන ලද දෑත් වලින් එම ප්‍රදේශය අල්ලන්න එපා.
  7. මෘදු ලෙස කරාබුව කැරකීම මගින් එහි කුණු බැඳීම හා කනේ හිල පිරිසිදුවීම සිදුවෙනවා.
  8. දරුවාට අවුරුදු දෙකට අඩු නම් සුදුසුකම් නොලත් අයෙකු ළඟට දරුවා රැගෙන යාමෙන් වළකින්න.

බබා ආදරය පෙන්වන ක්‍රම

එදා පටන්ම කන් විදීම සිරිතක් වුනත් නවීන ලෝකයේ සොයාගැනීම් සමග මුසුවී මේ සිරිත වඩාත් ආරක්ෂාකාරී ලෙස සිදු කරගන්න මේ තොරතුරු ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka සොයා ආවා.

theInduParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ