theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ට උණ වැළඳුන විට කළයුතු හා නොකළයුතු දේවල්

6 අවම කියවීම
දරුවන්ට උණ වැළඳුන විට කළයුතු හා නොකළයුතු දේවල්දරුවන්ට උණ වැළඳුන විට කළයුතු හා නොකළයුතු දේවල්

දරුවන්ට උණ හැදුනහම දෙමාපියන් ඉතාමත් කලබලයට පත් වෙනවා. නමුත් ඔබ මේ තොරතුරු වලින් දැනුවත් වුනොත් ඔබටත් දරුවාටත් සහනයක් ලබාගන්න පුළුවන් වේවි.

ඇඟ වෙනදාට වඩා උණුසුම් වෙලා, බබාගේ ඇස් දෙක විඩාබර වෙලා, වේදනාවෙන් අඬනවා. ශරීර උෂ්ණත්වය ඉහළ ගිහින් බව දැන් ඔබ දන්නවා.  දරුවන්ට උණ හැදෙන විට ලොව පුරා හැම අම්මා කෙනෙකුටම මේ වේදනාව එක වගේ දැනෙනවා. නමුත් ඔබ මේ තොරතුරු ටික දැනගත්තොත් ඔබට උණ හුඟක් දුරට සමනය කරගන්න පුළුවන්.

දරුවන්ට උණ: උණ කියන්නේ මොකක්ද ?

සාමාන්‍ය මිනිසෙකුගේ ශරීර උෂ්ණත්වය 35c°-37c ° (98-100F) අතර වුනත් එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නට පුළුවන්. මෙය කරන ක්‍රියාකාරකම් එනම් ව්‍යායාම, කෑම, නින්ද හා දවසේ වේලාවන් අනුවත් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ශරීරයේ උෂ්ණත්වය සවස 6 පමණ වන විට ඉහළ යන අතර උදෑසන 3 පමණ වන විට අඩු වෙනවා.

සිංගප්පුරුවේ Gleneagles රෝහලේ ළදරු හා ළමා සායනයේ වෛද්‍ය රත්න ශ්‍රීද්ජාජා ට අනුව අපගේ ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය ඉහළ යාමෙන් උණ ඇතිවෙන බව පැවසුවා.

“ශරීර අභ්‍යන්තරයේ මොලයේ උෂ්ණත්ව පාලකය ඉහළ යාම නිසා මේ බව ශරීරයෙන් පිටතට දැනෙන්න ගන්නවා” ඇය විස්තර කරන ආකාරයට ශරීර උෂ්ණත්ව පාලකය මොලයේ කොටසක පිහිටා ඇති අතර එය හයිපොතැලමස ලෙස හඳුන්වනු ලබනවා. මෙය මගින් ශරීරයේ උෂ්ණත්වය නිසි ලෙස පාලනය කරමින් තබා ගන්නවා.

ඔබේ දරුවා ආසාදනයට ලක්වී හෝ අසනීපයෙන් පසුවන විට ඊට ප්‍රතික්‍රියා කරමින් හයිපොතැලමස මගින් උෂ්ණත්වය වැඩි කරනවා.

වෛද්‍ය ශ්‍රීද්ජාජා පවසන ආකාරයට පර්යේෂණ වලට අනුව ශරීර උෂ්ණත්වය මගින් පෙන්වන්නේ ශරීරය තුළ ඇති විෂබීජ සමග ශරීරය සටන් කරන බවයි. ඉන් ශරීරයට වැඩි පහසුවක් ලබාදෙන්න උත්සාහ කරනවා.

දරුවන්ට උණ හැදුනු විට, නොහොත් දරුවාගේ ශරීර උෂ්ණත්වය වැඩිවීමෙන් දරුවා තුළ ඇති ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් බවත් විෂබීජ වලට එරෙහිව ශරීරය තුළ සටන් වදින බවත් හැඟෙනවා.

නමුත් ඔබ දරුවාගේ ශරීර උෂ්ණත්වය ගැන වද වෙනවා නම් සාමාන්‍ය උණ නම්  (37.5-37.7c°) දරුවා මාස 6 ට වැඩි නම් එය එතරම් බිය විය යුතු නැහැ. මන්ද විෂබීජ වලට එරෙහිව ශරීරය ක්‍රියාත්මක වෙමින් තිබෙන බවට ඉන් හෝඩුවාවක් ලැබෙනවා.

වැදගත් - උණ කියන්නේ රෝග ලක්ෂණයක් මිස රෝගයක් නොවේ. එය ආසාදනයක හෝ රෝගයක ලක්ෂණයක් විය හැකියි.

දරුවාගේ ශරීර උෂ්ණත්වය දැනගන්නේ කොහොමද?

WebMD මගින් දරුවෙකුගේ ශරීරයේ උෂ්ණත්වය දැනගතහැකි ක්‍රම කිහිපයක් සඳහන් කරනවා. ඒ අතර ගුද මාර්ගය හරහා මුඛයෙන්, කිහිල්ලෙන්, නළලෙන් ආදී ස්ථාන වලින් උෂ්ණත්වය පරික්ෂා කළහැකි බව පැවසෙනවා.

වයස අවුරුදු එකට අඩු දරුවන්ගේ ශරීර උෂ්ණත්වය වඩාත් නිවැරදිව ලබාගත හැක්කේ ගුදයෙන් බව පැවසෙනවා. WebMD ට අනුව එය කරන්නේ කෙසේද?

හොඳින් පිරිසිදු කරගත් ඩිජිටල් උණ කටුවක් ගෙන දරුවා මුණින් අතට තැබීම හෝ බඩ යට අතට තබා කකුල් නවා පෙට්‍රෝලියම් ජෙලි ස්වල්පයක් උෂ්ණත්වමානයේ බල්බයේ ගල්වා අඟලක් පමණ ප්‍රමාණයක් ගුදමාර්ගයට ඉතා පරෙස්සමින් ඇතුල් කරන්න. බීප් ශබ්ධය නැගීමෙන් පසු උෂ්ණත්ව මානය එළියට ගන්න.

මෙම උෂ්ණත්ව මානය ගුද මාර්ගයෙන් ඇතුල් කිරීමට පමණක් වෙන්කර තබා ගන්න අමතක කරන්න එපා.

දරුවාට වයස අවුරුද්දට වැඩි නම් වෛද්‍ය කාරා බ්රෝන්ට අනුව කන හා සම්බන්ධ උෂ්ණත්වය මානයක් හෝ මුඛයට දැමිය හැකි උෂ්ණත්ව මානයක් පාවිච්චි කරන්න පුළුවන්. ඇය තවදුරටත් පවසන ආකාරයට

  • 38c (100.4 F) ගුදමර්ගයෙන් පරික්ෂා කිරීමෙන්
  • 5c (99.5 F) මුඛයෙන් පරික්ෂා කිරීමෙන්
  • 37c (99 F) අත යටින් පරික්ෂා කිරීමෙන්

වෙනස් විය හැකි ආකාරයන් දක්වනවා.

දරුවන්ට උණ වැළඳීමට බලපාන හේතු

සීටල් ළමා රෝහලින් ලබාගත් තොරතුරු ඇසුරෙනි.

බැක්ටීරියාවන්ට වඩා දස ගුණයකින් වෛරස් නිසා උණ තත්වයන් ඇතිවිය හැකි බව පැවසෙනවා. ඊට අමතරව

  • වෛරස් ආසාදන - සෙම්ප්‍රතිශ්‍යාව සමග හට ගන්න උණ තත්වය ළදරුවන් අතර හුඟක් වැඩියි. ඊට අමතරව දරුවා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක රඳවනවා නම් විවිධ වෛරස් ආසාදනයන්ට ලක්වීම පෙන්නුම් කරනවා. සමහර විට පළමු පැය 24 තුළ උණ පමණක් දකින්නට ලැබේවි. ඉන් පසුව නාසයෙන් සොටු ගැලීම හා කැස්ස වැනි තත්වයන් ඇති වෙන්න පුළුවන්.
  • බැක්ටීරියා ආසාදනය - දෙවනුව වැඩිපුරම දැකිය හැකි බැක්ටීරියා ආසාදන නිසාද උණ ඇති වෙන්න පුළුවන්. විස්තර කළ නොහැකි මෙම උෂ්ණත්වය බැක්ටීරියාවන් නිසා ඇති වන්නක්. ගැහැණු දරුවන්ගේ මුත්‍රාශය ආශ්‍රිත ආසාදන නිසාත් ඇතිවන්න පුළුවන්.
  • සෙම තත්වයන් - මෙය සෙම්ප්‍රතිශ්‍යාව වැඩි වීම සමග ඇති වෙන්න පුළුවන්. මෙහි වේදනාව සමග දින කිහිපයක් උණ තිබෙන්න පුළුවන්.
  • එන්නත් නිසා - හුඟක් එන්නත් ලබාදෙමින් පසු දරුවන්ට උණ හැදෙනවා. විශේෂයෙන් පළමු පැය 12 තුළදී. නමුත් මෙය එතරම් කලබල විය යුතු නැති සාමාන්‍ය තත්වයක් වුවත් ඊට වඩා උග්‍ර රෝග ලක්ෂණ දක්වන්නේ නම් වෛද්‍ය උපදෙස් පැතීම අනිවාර්ය වෙනවා.
  • තාපය අධික පරිසරයක - දරුවා උෂ්ණත්වය පිට නොවන ඇඳුම් ඇන්දවීම හෝ උෂ්ණත්වය අධික පරිසරයක සිටීමත් ඊට හේතු විය හැකියි. ඇඳුම් හා පරිසරය වෙනස් කිරීමෙන් මේ තත්වය මග හරවා ගන්න පුළුවන්. පාන හා ජලය ලබාදීමත් හොඳයි.

දරුවන්ට උණ වැළඳුන විට කනස්සල්ලට පත්විය යුත්තේ කුමන අවස්ථාවන් වලද ?

අලුත් බබාට හැදෙන උණ

ඔබේ දරුවා මාස 3 ට අඩු නම් ශරීර උෂ්ණත්වය 38c වැඩි (100.4 F) නම් වෛද්‍යවරයෙකු වෙත රැගෙන යා යුතු වෙනවා. වෛද්‍ය බ්රෝන් පවසනවා. ඒ වගේ ශරීර උෂ්ණත්ව 35.5c (96 F) අඩු නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න.

ඔබ සැලකිලිමත් විය යුතු රෝග ලක්ෂණ

උණ 39c ට ඇත්නම් හා දරුවාට වයස මාස 3 ට අඩු නම් වෛද්‍ය ශ්‍රීද්ජාජා ට අනුව

  • බීම වර්ග ප්‍රතික්ෂේප කිරීම හා අපහසුතාවයන් පෙන්වීම
  • වමනය හා බඩයාම
  • වෙනදාට වඩා අඩුවෙන් මුත්‍රා කිරීම, ශරීරයේ වියළි ගතිය, අඬන විට කඳුළු නොඒම, මුත්‍රා කරන විට හැඬීම
  • පිළීකා, හෘද, වකුගඩු රෝග පැවතීම
  • පැය 72 කට වඩා උණ පැවතීම
  • සමේ ආසාදන හෝ දද පැවතීම

උණ ශරීරයේ ප්‍රතිශක්තියේ ශක්තිය පෙන්වන්නක් වුවත් එය පාලනය අවශ්‍යයි. මන්ද එය 40- 41c° දක්වා වර්ධනය වීම මගින් දරුවාට ෆිට් එක ඇතිවිය හැකියි.

උණ තත්වය පාලනය කිරීමේදී කළයුතු හා නොකළයුතු දේවල්

  • කරන්න - වයස හා බර අනුව පැරසිටමෝල් මාත්‍රාවන් ලබා දෙන්න. නිසි මාත්‍රාව සඳහා නිවසේ භාවිත කරන හැඳි වෙනුවට බෙහෙත් සඳහා නිර්දේශිත කෝප්ප හෝ හැඳි භාවිත කරන්න.
  • කරන්න එපා - උණ වැළඳීමට හේතුව නොදන්නේ නම් පැරසිටමෝල් හැර වෙනත් බෙහෙත් වර්ග දෙන්න එපා. එය ඩෙංගු රෝගය නිසා ඇතිවූ උණක් නම් රෝගය උත්සන්න විය හැකියි.
  • කරන්න එපා - ඇස්ප්‍රින් ලබාදෙන්න එපා. එය රෙර්ස් සින්ඩ්‍රෝම් (Reye's Syndrome) නැමති භයානක තත්වයකට ඉඩ දෙන්න පුළුවන්.
  • කරන්න - දරුවා මාස 6 ට අඩු නම් හැකි තරම් මව් කිරි ලබාදෙන්න. මව් කිරි වල ඇති ප්‍රතිජීවක මගින් දරුවාට විෂබීජ සමග සටන් කිරීමට වැඩිපුර ශක්තියක් ලැබෙනවා.
  • කරන්න එපා - වෛද්‍ය උපදෙස් වලින් තොරව දරුවා මාස දෙකට අඩු නම් පැරසිටමෝල් ලබා දෙන්න එපා ශ්‍රීද්ජාජා පවසනවා.
  • කරන්න එපා - දරුවා සීතල වතුරෙන් තෙත මාත්තු නොකර ඇල්මැරුණු මද රස්නෙ වතුරෙන් තෙත මාත්තු කිරීම හෝ බාත් ටබ් එකක කෙටි වෙලාවක් තබා (අධීක්ෂණය යටතේ) පමණක් නැවත ගන්න.
  • කරන්න එපා - උණ අඩු කිරීමට මධ්‍යසාර ඇඟෙහි ගලවන්න එපා.
  • කරන්න එපා - අධිමත්‍රාවන් හා නියමිත කාලයට පෙර බෙහෙත් ලබා දෙන්න එපා.
  • කරන්න එපා - දරුවාට බඩගින්නේ ඉන්න දෙන්න එපා. කැමති දෙයක් කෑමට දීම හා හැකි තරම් දියර වර්ග පානයට දෙන්න.
  • කරන්න - හැකි තරම් සරල මෘදු ඇඳුම් ඇන්දවීම හා උවමනාවට වඩා වසා තැබීමෙන් උෂ්ණත්වය ඉහළ යාම වැඩිවිය හැකියි.
  • කරන්න - දරුවා හැකි පමණ විවේකයෙන් තබන්න.
  • කරන්න එපා - දරුවාට පැය 24 ක් පමණ උණ ඇත්නම් දිවා සුරැකුම් මධ්‍යස්ථානයට හෝ පාසලට යවන්න එපා.

නමුත් මේ කරුණු සමග දැනුවත් වුවත් රෝගය ගැන සැකයක් ඇත්නම් වෛද්‍ය උපදෙස් ගන්න.

දරුවන්ට උණ වැළඳුන විට අම්මලා කොහොමත් බයයි. එහෙත් ඔබව ඊට සුදානමින් තබන්න theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය මේ කරුණු ගෙන එන්නට සිතුවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • රෝග සහ අසාත්මිකතා
  • /
  • දරුවන්ට උණ වැළඳුන විට කළයුතු හා නොකළයුතු දේවල්
බෙදාගන්න :
  • බබාට උණ හැදුන වේලාවට මේ ආහාර දීලා බලන්න

    බබාට උණ හැදුන වේලාවට මේ ආහාර දීලා බලන්න

  • හිතුවක්කාර පුංචි ගවේශකයා ලෙඩ වෙලා

    හිතුවක්කාර පුංචි ගවේශකයා ලෙඩ වෙලා

  • බබාට උණ හැදුන වේලාවට මේ ආහාර දීලා බලන්න

    බබාට උණ හැදුන වේලාවට මේ ආහාර දීලා බලන්න

  • හිතුවක්කාර පුංචි ගවේශකයා ලෙඩ වෙලා

    හිතුවක්කාර පුංචි ගවේශකයා ලෙඩ වෙලා

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it