theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ දරුවාගේ පළමු අවුරුද්ද තුල නොකල යුතු දේවල් 10 ක්

5 අවම කියවීම
ඔබේ දරුවාගේ පළමු අවුරුද්ද තුල නොකල යුතු දේවල් 10 ක්ඔබේ දරුවාගේ පළමු අවුරුද්ද තුල නොකල යුතු දේවල් 10 ක්

බබාගේ පළමු අවුරුද්ද තුල ඇත්තටම ‌‌නොකල යුතු ‌දේවල් ‌මොනවාද?

බබාගේ පළවෙනි අවුරුද්දේ කරන්න අවශ්‍ය ‌දේවල් ව‌ෙගේම ‌නොගල යුතු ‌දේවල් ‌ගොඩාක් තියෙනවා.

විවිධ අය කියන විවිධ කතා වගේම ඔබ අන්තර්ජාලයෙන් ‌හොයා ගත්ත ‌තොරතුරු එක්ක ඔබ අතරමං ‌වෙලාද? ඔබට පුංචි මගපෙන්වීමක් අවැසියි ‌නේද?

ඉතින් ඔබ අලුත් අම්මෙක් විදියට බබාව රැකබලා ගැනීම ගැන ටිකක් පීඩනයෙන් යුක්තයි වගේම අවුල් සහගතයි නේද?

කුමක් කළ යුතුද යන්න පිළිබඳව ඔබට බොහෝ උපදෙස් ලැබේවි. ඒ අතරින්  ඔබේ කුඩා දරුවාගේ පළමු වසර තුළ කල යුතු දේවල් විශේෂයි.

අපි අද ඔබේ දරුවාගේ රැකවරණය, උපතේ සිට ඔහුගේ පළමු උපන් දිනය දක්වා නොකළ යුතු දේ පිළිබඳ වැදගත් උපදෙස් 10 ක් ලබා දෙනවා. ඔන්න බබාගේ පළමු අවුරුද්ද තුල මේ දේවල් කරන්න එපා.

  1. බබාගේ පළවෙනි අවුරුද්දේ ඉක්මනින්ම නිදාගැනීමේ රටාවක් බලාපොරොත්තු වෙන්න එපා

ඔබේ දරුවාගේ පළමු අවුරුද්ද තුල නොකල යුතු දේවල් 10 ක්

තම පුංචි දරුවා රාත්‍රිය පුරා නිදාගන්නවාට අලුත් අම්මා කැමතියි. නමුත් අවාසනාවකට බොහෝවිට එසේ නොවේ.

ළදරු නින්ද පිළිබඳ විශේෂඥයන්ට අනුව වයස අවුරුදු දෙකක ළමුන්ගෙන් 50% ක් තවමත් රාත්‍රියේ අවදිවෙයි. ඒ නිසා ඔබේ අලුත උපන් දරුවා මුළු රාත්‍රියේම නිදා ගනී යැයි බලාපොරොත්තු වෙන්න එපා.

  1. බබාගේ පළවෙනි අවුරුද්දේ බේබි වෝකර්ස් භාවිතා කරන්න එපා

ඔබ සිතන්නේ ඔබ මෙම උපකරණයෙන් ඔබේ  දරුවාට ඇවිදීමට උදව් කරන බව නේද? නමුත් ඇත්ත වශයෙන්ම ඉන් යහපතට වඩා වැඩි හානියක් සිදුවෙන්න පුළුවන්.

බේබි වෝකර්ස් ලිස්සා ගොස් ඔබේ දරුවාට අනතුරක් වීමට ඇති හැකියාව එහි ඇති ප්‍රධානතම අවදානමයි. 

අම්මේ පමණට වඩා වඩා කරදර වෙන්න එපා.  ඔබේ පුංචි පැටියා ඇවිදින්න සුදානම් වු විට පළමු පියවර තියාව්.

  1. අලුත උපන් දරුවාගේ උණ නොසලකා හරින්න එපා

ලොකු බබාලාට උණ හැදුනාහම එක්කෝ අම්මලා අත්බෙහෙත් දීලා උණ පාලනය කිරීමට නැඹුරු වෙනවා නැතහොත් දරුණු උණක් නොවේ නම් නොසලකා හරිනවා.

අලුත උපන් බිළිඳකුගේ උණ සමග එලෙස කටයුතු කරන්න එපා. ඔබේ අලුත උපන් බිළිඳාට තරමක උණ තත්වයක්  තිබේ නම්, ප්‍රමාදයකින් තොරව වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

  1. බබාගේ පළවෙනි අවුරුද්දේ නිවැරදිව ස්ථාපනය නොකල කාර් සීට් භාවිතා කරන්න එපා

ඔබේ දරුවාගේ කාර් සීට් නිසියාකාරව සවිකරන්න ඔබ දන්නේ නැතිනම් එහි නිෂ්පාදකයාගේ හෝ දැනටමත් කාර් සීට් එකක් භාවිතා කරන මිතුරු මවකගේ උපදෙස් ගන්න.

ඔබ රිය අනතුරකට ලක් වුවහොත් එය නිසි ලෙස සවිකර තිබීමෙන් ඔබේ දරුවා බරපතල හානිවලින් බේරා ගන්න පුළුවන්

  1. බබාගේ පළවෙනි අවුරුද්දේ වැඩිපුර ඇඳ ඇතිරිලි භාවිතා කරන්න එපා

2

කුඩා ළදරුවන් කොට්ට, බ්ලැන්කට් සහ මෘදු සෙල්ලම් බඩු වලින් පිරුණු විට හරිම හුරුබුහුටියි නේද?

නමුත් විශේෂඥයන්ට අනුව මෙසේ කිරීමෙන් ඔබේ දරුවා හදිසි ළදරු මරණ සින්ඩ්‍රෝමය (SIDS) අවදානමට ලක්වෙන්න පුළුවන්.

ඔබේ දරුවාට අවම වශයෙන් අවුරුද්දක්වත් වන තුරු කොට්ට සහ බ්ලැන්කට් භාවිතා කිරීමෙන් වළකින්න.

එවිට අවදානම අඩු කරගන්න පුළුවන්. දරුවාගේ ශරීර උෂ්ණත්වය පාලනය කරගන්න ආරක්ෂිත සහ සුදුසු නිදි ඇඳුම් ඇන්දවීම සහ වායු සමීකරණ හෝ විදුලි පංකා හරහා කාමරයේ උෂ්ණත්වය පාලනය කිරීම කරන්න.

  1. මවක් ලෙස ඔබේ සහජ බුද්ධිය නොසලකා හරින්න එපා

අළුත් මවක් විදියට ඔබ තරමක් ව්‍යාකූල සහ පීඩනයෙන් යුක්ත වෙන්න පුළුවන්.

නමුත් ඔබ නොදැන සිටියද, ඔබේ දරුවා ඉපදුණු මොහොතේම ඔබට සුවිශේෂී තෑග්ගක් ලැබී තියෙනවා.  එය නම් මවගේ සහජ බුද්ධියයි.

ඔබේ දරුවා කුමක් හෝ වැරැද්දක්  ඔබට හැඟේ නම්, අනෙක් අය කුමක් කිව්වද ඔබගේ සහජ බුද්ධිය විශ්වාස කරන්න. එවැනි අවස්ථාවන්හිදී හැකි ඉක්මනින් ඔබේ දරුවාගේ වෛද්‍යවරයා හමුවන්න.

  1. බබාගේ පළවෙනි අවුරුද්දේ ඔබේ දරුවාගේ කතාව ගැන ඕනෑවට වඩා කරදර වෙන්න එපා

ඔබේ දරුවා පළමු අවුරුද්ද තුල කතා කල යුතු යැයි ඔබ බලාපොරොත්තු වෙනවාද? නැතිනම් ඔබේ නැදෑයින් ඔහු තවම කතා කරන්නේ නැද්දැයි අසනවාද? කලබල වෙන්න එපා.

ඇවිදීම මෙන්ම, ඔබේ දරුවා කථාව සඳහා සූදානම් වන විට කතා කරාවි. ඔබ ඒ පිළිබද තවදුරටත් ගැටළු ඇත්නම් ඒ හා සම්බන්ධ ලිපි කියවන්න.

  1. බබාගේ පළවෙනි අවුරුද්දේ උගුරට ඒම හා වමනය ව්‍යාකූල වෙන්න එපා

ඔබේ දරුවාගේ පළමු අවුරුද්ද තුල නොකල යුතු දේවල් 10 ක්

ළමයින් සම්බන්ධව කටයුතු කරන හෙදියක් වන ජෙනිෆර් වෝකර් පවසන්නේ "උගුරට ඒම හා වමනය  අතර වෙනස සංඛ්‍යාතය මිස බලහත්කාරය නොවන බවයි.

ඔබේ දරුවා උදර රෝගයක් නිසා  වමනය කරන්නේ නම්, මව්කිරි දීම නොතකා සෑම විනාඩි 30 කට හෝ 45 කට වරක්ම වමනය ඇතිවෙනවා. උගුරට ඒම නැත්නම් කිරි වමනය මව්කිරි දීම හා සම්බන්ධයි.

  1. බබාගේ පළවෙනි අවුරුද්දේ දත්වල රැකවරණය නොසලකා හරින්න එපා

ඔබේ දරුවාට තවමත් දත් නැති වුනත් ඔබ ඔහුගේ මුඛ සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුතුයි.

කුඩා දරුවාගේ විදුරුමස් සහ දිව තෙත් ගෝස් කැබැල්ලකින් පිරිසිදු කරන්න. ඔහුගේ පළමු දත මෝදු වු පසු නිසි දත් බුරුසුවක් භාවිතා කිරීමට පටන් ගන්න.

ඔබේ දරුවාගේ පළමු දත් රැකබලා ගැනීම පිළිබඳ තොරතුරු අඩංගු ලිපි කියවන්න.

  1. ඕනෑවට වඩා තොරතුරු සොයන්න එපා

දරුවෙකුව ඇති දැඩි කිරීම පිළිබඳ ඕනෑවට වඩා තොරතුරු නෑදෑයින් ගෙන් සහ අන්තර්ජාලයෙන් අලුත් මවකට දැනීම පිඩාකාරී වෙන්න පුළුවන්. විස්තර සෙවීමට උත්සාහ කරන්න, ඔබට අවශ්‍ය යැයි  සිතන දේ රැගෙන ඉතිරි දේ ඉවතලන්න. 

ඉහත කාරණා 10 පිළිපැදීම ඔබගේ දරුවාගේ ආරක්ෂාව ඉහළ නැංවීම මෙන්ම ඔබගේ මානසික පීඩනය අවම කිරීම සදහා ඉතා වැදගත් වෙනවා.

අනතුරකට වුවත් පසුව පසුතැවීමට වඩා වළක්වා ගැනීම හොදයි නේද? මවක් විදියට අපි ජිවිතය ආරම්භ කරද්දි අපි කවුරුත් සියල්ල දත්ලා නෙමෙයි.

ඒ නිසා තමයි මේ  වගේ පුංචි පුංචි කාරණා පිළිබද දැනුවත් වීම අපිට වටින්නේ. ‌මේ වැදගත් ලිපිය අපි ඔබ ‌වෙත ‌ගෙන ආවේ අන්න ඒ නිසයි 

ඔබේ දරුවාගේ පළමු වසර සම්බන්ධයෙන් මෙවැනි නොකල යුතු  දේ ගැන ඔබ දන්නා තවත් යමක් ඇති නම් අප හා බෙදාගන්න.  පහත සටහන් ‌යොදන තීරුවේ ඔබගේ සටහන් හා ‌යෝජනා එක් කරන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • ඔබේ දරුවාගේ පළමු අවුරුද්ද තුල නොකල යුතු දේවල් 10 ක්
බෙදාගන්න :
  • දරුවාගේ පළමු අවුරුද්ද ගතකරන කාලය තුළ ඔබ නොකළ යුතු දේවල්

    දරුවාගේ පළමු අවුරුද්ද ගතකරන කාලය තුළ ඔබ නොකළ යුතු දේවල්

  • ඔබේ පුංචි පැටියාට අවුරුද්දක් සම්පුර්ණ වීමට පෙර කලයුතු දේවල් 6ක්

    ඔබේ පුංචි පැටියාට අවුරුද්දක් සම්පුර්ණ වීමට පෙර කලයුතු දේවල් 6ක්

  • දරුවාගේ පළමු අවුරුද්ද ගතකරන කාලය තුළ ඔබ නොකළ යුතු දේවල්

    දරුවාගේ පළමු අවුරුද්ද ගතකරන කාලය තුළ ඔබ නොකළ යුතු දේවල්

  • ඔබේ පුංචි පැටියාට අවුරුද්දක් සම්පුර්ණ වීමට පෙර කලයුතු දේවල් 6ක්

    ඔබේ පුංචි පැටියාට අවුරුද්දක් සම්පුර්ණ වීමට පෙර කලයුතු දේවල් 6ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it