ඔබේ කුසතුල වැඩෙන පැටියා දුවෙක් ද? පුතෙක් ද?

ඔබේ කුසතුල වැඩෙන පැටියා දුවෙක් ද? පුතෙක් ද?

දරුවා දුවෙක්ද පුතෙක්ද යන්න තීරණය වන්නේ ඔබගේ ජාන අනුවයි.

දරුවාගේ ස්ත්‍රී පුරුෂ බව ගැන සමහර දෙමව්පියන් දක්වන්නේ පුදුමාකාර උනන්දුවක්.

නමුත් සමහර අය පුතෙක් බලාපොරොත්තු වෙන විට දුවෙක් ලැබීමත්, දුවෙක් බලාපොරොත්තු වෙන විට පුතෙක් ලැබීමත් සිදුවෙනවා.

ඇත්තටම අපිට ලැබෙන්න ඉන්න දරුවා දුවෙක්ද පුතෙක්ද  කියලා තීරණය වෙන්නේ ජාන අනුවයි.

ඒ ගැන නාරි හා ප්‍රසව වෛද්‍ය සමන් හේවා මහතා ඉදිරිපත් කරන ලද ලිපියක් අපි ඔබ වෙත ගෙන එනවා.

ඔබේ කුසතුල වැඩෙන පැටියා දුවක් උනත් පුතෙකුන් උනත් එය ඔබගේ ජීවිතය එලිය කරන මිනි පහනක් බව නොරහසක්.

එහෙත් පැටියා උපදින්නට පෙර දුවක්ද පුතෙක්ද දැනගන්න එක ඔබේ සිහිනයක්.

කුසතුල වැඩෙන පැටියාගේ ලිංගය නිර්නය කිරීමට වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ කිහිපයක් තිබෙනවා.

ඔබේ කුසතුල වැඩෙන පැටියා දුවෙක් ද? පුතෙක් ද?

ලැබෙන්න ඉන්නේ දුවෙක්ද පුතෙක්ද

දරුවාගේ ගැහැනු පිරිමි බව තීරණය වන්නේ මෙහෙමයි.

දරුවෙකු ලෙස වැඩෙන කලලයක් කුස තුල හටගන්නේ සරු ඩිම්බයක් හා ශුක්‍රාණු එක් වීමෙන්.

ඩිම්බයේ x (ගැහැනු) වර්ණදේහ එකක් තිබෙන අතර ශුක්‍රාණුවක ගැහැනු වර්ණදේහයක් හෝ පිරිමි වර්ණදේහයක් තිබිය හැකියි.

ඒ නිසා ශුක්‍රාණුවේ තිබෙන වර්ණදේහය අනුව තමයි දරුවගේ ස්ත්‍රී පුරුෂ බව තීරණය වන්නේ.

වරකට පිටවෙන ශුක්‍රාණු වලින් 50% ක් ගැහැනු වර්ණදේහ සහිත වන අතර 50% ක් පිරිමි වර්ණදේහ සහිත වන නිසා දරුවා පිරිමි වීමටටත් ගැහැනු වීමට සමාන අවස්තවක් තියෙනවා.

මෙය සම්පූර්ණයෙන්ම අහඹු ක්‍රියාවලියක් වන නිසා කිසිවිටෙක ඖෂධයක් හෝ ක්‍රියාවලියක් මගින් වෙනස් කරන්න බැහැ.

ඔබේ කුසතුල වැඩෙන පැටියා දුවෙක් ද? පුතෙක් ද?

දරුවාගේ ස්ත්‍රී පුරුෂ බව තීරනය වන කාලය 

දරුවා පිලිසිද ගැනීමත් සමගම ජානමය වශයෙන් දරුවෙන් පිරිමි දරුවෙක්ද ගැහැනු දරුවෙක්ද යන්න තීරණය වී අවසානයි.

නමුත් භාහිර ලිංගේන්ද්‍රය නිර්මාණය වීමට කලක් ගතවෙනවා. ඒ නිසා ස්කෑන් පරීක්ෂණයක් මගින් මෙය දැනගන්නට කාලයක් ඉන්නට වෙනවා.

දරුවාගේ ස්ත්‍රී පුරුෂ බව දැගන්නේ මෙහෙමයි.

මේ සදහා පරීක්ෂණ කිහිපයක් තියෙනවා. ඉන් පහසුම හා වැඩිම පිරිසක් භාවිතා කරන ක්‍රමය නම් ස්කෑන් පරීක්ෂණයයි.

සාමාන්‍යයෙන් සති 20කදී කරන ස්කෑන්පරීක්ෂාවක් මගින් ඔබට ඔබේ පැටියා දුවෙක්ද පුතෙක්ද කියල දැනගන්නට පුළුවන්.

නමුත් නවීන ස්කෑන් යන්ත්‍රයක් මගින් සති 16කදී කරන ස්කෑන් පරීක්ෂාවක් මගින් විශේෂ දැනුම ලත් වෛද්‍යවරුන් හට මෙය දැනගන්නට පුළුවන්.

මෙහිදී දරුවාගේ ලිංගේන්ද්‍රිය විකසනය වී ඇති ආකාරය ස්කෑන් යන්ත්‍රය මගින් පරීක්ෂා කරල තමයි ඔබට මේ බව දැනුම් දෙන්නේ.

දරුවාගේ ලිංගිකය බලා ගැනීම ස්කෑන් පරීක්ෂණයේ මූලික අරමුණ නෙමෙයි.

ඔබේ කුසතුල වැඩෙන පැටියා දුවෙක් ද? පුතෙක් ද?

දරුවාගේ වර්ධයේ කිසියම් අසාමාන්‍ය තත්වයක් ඇතිද යන්න තමයි අප මෙහිදී වැඩි අවධානයට ලක් කරන්නේ.

ඒ නිසා සමහරවිට කාර්ය බහුල සායනයකදී කරන ලද ස්කෑන් පරීක්ෂණයකින් මෙම තොරතුරු දැනගන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්.

සති 11දී කරන රුධිර පරීක්ෂණය මගින් දරුවාගේ DNA පරීක්ෂා කරන්න පුළුවන්.

මේ මගින් දරුවාගේ ලිංගිකත්වය හා දරුවාට තිබිය හැකි ජානමය රෝගී තත්ත්වයම් සති 11න් දැනගන්නට පුළුවන්.

නමුත් මෙය ඉතා මිල අධික පරීක්ෂණයක් බව මතකයේ තබාගන්න. ඒ නිසා මෙය අනිවාර්යයෙන් කරන්න ඕන නැහැ.

ඉතා කලාතුරකින් සිහින් කටුවක් ගර්භාෂයට ඇතුල්කර සිදු කරන ඇම්නියෝසෙන්ටසිස් පරීක්ෂණය දරුවාගේ අසාමාන්‍ය තත්වයන් පරීක්ෂා කරගන්නට සිදු කරන අතර මෙම පරීක්ෂණය මගින්ද දරුවාගේ ස්ත්‍රී පුරුෂ බව බලන්නට පුළුවන්.

වෛද්‍යතුමන්ගේ මුල් ලිපියට

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය