ඇදෙන් වැටිලා මොළයට හානි වු බබාගේ අම්මා කියන අනුවේදනීය කථාව

ඇදෙන් වැටිලා මොළයට හානි වු බබාගේ අම්මා කියන අනුවේදනීය කථාව

ඔබත් දරුවා ඇදක අනාරක්ෂිතව නිදි කරවනවාද? එහෙනම් ‌මේ ලිපිය ඔබ කියවිය යුතුම ලිපියක්.

දරුවාගේ හිස වැදීම දැන් අම්මලා එච්චර ගණන් ගන්නේ නැහැ. අයිස් තියන්න ‌ගෙඩි ගැ‌හෙන්නේ නැහැ.

පැය විසිහතරක් බලලා වමනය ගියේ නැත්තම් හරි. ඔඩික්ලෝන් ටිකක් දාන්න.

ඔය වගේ දහසක් කතා කියලා හා අහලා අපි හිත සනසගත්තාට ඇත්තටම මිනිසාගේ සියළු ශරිරාංග ‌‌මෙහෙයවන ‌මෙහෙයුම් මැදිරියට ‌මෙලෙස සිදුවෙන සුළු හානියක් වුවද අනාගතයට විශාල අදුරු පැල්ලමක් ‌වෙන්න පුළුවන්.

‌දෙයක් සිදු වුවාට පසු පසුතැවීමට වඩා එය වළක්වාගැනීමට කටයුතු කිරීම වැදගත් බව මතක තබාගන්න. ‌මේ තවත් කටුක ඉරණමක් උරුම කරගත් ‌කොල්ටන් බබාගේ දුක්බර කථාවයි.

දරුවාගේ හිස වැදීම නිසා මොළයට හානි වී ඇති බව දැනගත්ත මේ අම්මා සමස්ථ දෙමව්පිය ප්‍රජාවටම අනතුරු අගවනවා.

ඇත්තටම දෙමව්පියන් වශයෙන් අපි අපේ  දරුවන් රැකබලා ගැනීමට සියල්ල කල යුතුයි.

ඇස පිය හෙළන සැනින් ජීවිත වෙනස් කරන බොහෝ අනතුරු සිදුවෙන්න පුළුවන්.

රැජින ප්‍රමාණයේ ඇඳකින් වැටී මොළයට හානි වූ කොල්ටන් පුංචි පැටියාට සිදුවුනෙත් එයයි. 

පුංචි පුතු ඇදෙන් බිමට වැටී දරුවාගේ හිස වැදීම නිසා මොළයට සදාකාලීක හානී සිදුවෙයි

මේ ඛේදනීය සිදුවීම සිදුවෙන කොට 26  හැවිරිදි බබාගේ අම්මා වන පේජ් ෆර්ගියුසන් සහ ඇගේ පෙම්වතා වන 31 හැවිදිරි බ්ලේක් ලින්ටන් එක්සත් ජනපදයේ ආකැන්සාස් හි පිහිටි ඔවුන්ගේ නිවසේ සිටියා..

ෆර්ගියුසන් මහත්මිය තම පිරිමි දරුවා කුවීන් ප්‍රමාණයේ ඇඳක් මත තබා  ඉවත් වී මොහොතකට පසු ඇයට විශාල ශබ්දයක් ඇසි ඇති බව People වාර්තා කරනවා

“දරුවා ඒ එක්කම  අඩ න්න පටන් ගත්තා. මම කවදාවත් දැකලා නැහැ එයාගේ තාත්තා එච්චර වේගයෙන් එහාට මෙහාට යනවා . බ්ලේක් හැම දෙයක්ම අතහැරලා දරුවා අරගෙන යන්න කාමරයට දිව්වා.” ඇය People වෙත පැවසුවා. ඒ වගේම දරුවාගේ හිසෙහි පැත්තක ගෙඩි ගැසි ඇති බව තමන් දුටු බව ඇය කියා සිටියා.

කුළුදුලේ මවක්වී සිටි ඇය භීතියෙන් පිරී ගියා. ඒ නිසා ඇය හැකි ඉක්මනින් කොල්ටන් බබාව  වෛද්‍යවරයා වෙත ගෙන ගියා.

වහාම දරුවාව සීටී ස්කෑන් පරීක්ෂණයකට භාජනය කල අතර දරුවාගේ හිස් කබල බිදි ගොස් ඇති බව දැනගත් විට දෙමාපියන් භීතියට පත් වුනා.

ඔවුන් දැන ගත් අයුරු  සිහිකරමින් ෆර්ගියුසන් මහත්මිය පවසන්නේ ඇය පාලනයකින් තොරවහඩා  වැලපුණු බවයි. සිදු වූ දෙයට ඇය තමාටම දොස් පවරා ගත්තා.

ඇදෙන් වැටිලා මොළයට හානි වු බබාගේ අම්මා කියන අනුවේදනීය කථාව

ඒ අම්මාගේ අනුවේදනීය ‌ෆේස් බුක් සටහන

මෙම්ෆිස් රෝහලේදි හදිසි මොළ සැත්කමකට මුහුණ දුන් මේ අසරණ දරුවා පසුව හෘද සිරවීමකට ලක් වුවද  ඔහු ආශ්චර්යමත් ලෙස දිවි ගලවා ගත්තා.

මාසයක් රෝහලේ ගත කළ ඔහුට තවත් මොළයේ සැත්කමක් හා රුධිර පාරවිලයනය කිරීම් රාශියකට මුහුණ දුන් අතර අවසානයේදි පුංචි  කොල්ටන් ගෙදර යාමට සූදානම් වුනා.

ඔහු දිවි ගලවා ගත් ආකාරය  ගැන ඔහුගේ දෙමාපියන් ස්තූතිවන්ත වන  ‌වෙනවා.

නමුත්, දරුවාගේ මව වන පේජ්ට අවශ්‍ය වන්නේ අනෙක් දෙමව්පියන්ට මේ පිළිබද  අනතුරු ඇඟවීමටයි.

ඇගේ පුතා දිවි ගලවා ගත්තා. නමුත් ඔහු ජීවත් වන්නේ මොළයේ සදාකාලික හානියක් සමඟයි.

සිදු වූ දේ නිසා, කොල්ටන්ට දැන් දරුණු වලිප්පු ගතියක් ඇතිවී තියෙනවා.

එය  පාලනය කිරීම සඳහා ඔහු බෙහෙත් ලබා ගත යුතුය. ඔහු වැඩෙන විට ඔහුට ඇවිදීමට හා කතා කිරීමටද අපහසු වෙන්න පුළුවන්.

කෙසේ නමුත් මේ පුංචි දරුවා ජිවිතය ගලවා ගත්තා.

ඇදෙන් වැටිලා මොළයට හානි වු බබාගේ අම්මා කියන අනුවේදනීය කථාව

ඒ පුංචි දරුවා ‌කෙසේ ‌හෝ ජිවිතය යලි හිමි කරගත්තා. නමුත් ‌මොළයේ සදාකාලික අබාධයක් ඉතිරි වුනා.

දෙමාපියන් සඳහා ආරක්ෂිත උපදෙස්

එය හදිසි අනතුරක් සිදුවූ දෙයට කිසිවෙකු වරදක් පවරන්න බැහැ.

ඒ වගේම මෙහි  අවදානම දරන සිටියානම් දරුවාගේ මව ඔහුව එම ඇද මතින් තබන්නේ නැහැ.  

මෙහි පෙන්වා දෙන වැදගත්ම දේ වන්නේ වැඩිහිටියන් තබන ඇදක කුඩා දරුවන් තබන්න එපා යන්නයි.

ඔබට ඔබේ දරුවා කාමරයේ නිදි කර යන්නට අවශ්‍ය නම් මෙම ආරක්ෂක මාර්ගෝපදේශ පිළිපැදීමට වග බලා ගන්න.

  • දරුවන් උඩුකුරුව නිදි කරවන්න.(සාමාන්‍යයෙන් ඉතා කුඩා දරුවන් උඩුකුරුව වම් ඇලයට හරවා නිදිකරවනු ලබනවා)
  • හුස්ම හිරවීම වළක්වා ගැනීම සඳහා, ලිහිල් හෝ විශාල නොවන ඇඳුම් අන්දවන්න.
  • හුස්ම හිරවීම සහ ගෙල සිරවීම වැළැක්වීම සඳහා මෘදු සෙල්ලම් බඩු සහ කුඩා කොට්ට ඉවත් කරන්න
  • ජංගම සෙල්ලම් බඩු හා  ලාම්පු වල වයර් දරුවාට ළඟා විය නොහැකි පරිදි තබන්න.
  • හුස්ම හිරවීම වළක්වා ගැනීම සඳහා තොටිල්ලේ ඇතිරිලි තදින් සවි කර ඇති බවට වග බලා ගන්න.
  • තොටිල්ල බම්පර් සහ වෙනත් විශාල මෘදු පෑඩින් භාවිතා නොකරන්න. ඒවායින් විශාල හානියක් වෙන්න පුළුවන්.
  • මෙම ආරක්ෂණ උපදෙස් ගැන වෙනත් රැකබලා ගන්නන්ද දැනුවත් කරන්න.
  • ඔබට කිසියම් ගැටළුවක් ඇත්නම් හෝ රාත්‍රිය පුරාම දරුවෙකු නිදා ගැනීමට නව ක්‍රමවේදයන් අත්හදා බැලීමට ඔබට අවශ්‍ය නම්, ඔබේ දරුවාගේ ළමා රෝග විශේෂ වෛද්‍යවරයා ගෙන් උපදෙස් ලබාගන්න. 

 

ඇදෙන් වැටිලා මොළයට හානි වු බබාගේ අම්මා කියන අනුවේදනීය කථාව

දරුවා නිදන කාමරය තුල අනාරක්ෂිත නොකරන්න.

දරුවාගේ හිස වැදීම නිසා දරුවාගේ හිස ‌ගෙඩි ගැසුනොත් කුමක් කල යුතුද?

පුංචි සරල ගැටිති පවා බරපතල අභ්‍යන්තර බලපෑම් ඇති කළ හැකි වීම මෙහි කණගාටුදායක තත්වයයි.

ළදරුවාගේ මොළය වේගයෙන් වර්ධනය වන බැවින් ඕනෑම තුවාලයක් කල්පවතින ප්‍රතිවිපාක ඇති කරන්න පුළුවන්.

ඔබේ දරුවා හිස ගෙඩි ගැසුන විට, පළමුව සන්සුන් වන්න. ඉන්පසු  ගැටිල්ලේ ස්වභාවය එනම් එහි  බරපතලකම, පෙනුම, පිහිටීම  පරීක්ෂා කරන්න.

ඊළඟට, ක්ලාන්තය හෝ දුර්වල වීම වැනි රෝග ලක්ෂණඇතිදැයි  බලන්න.

දරුවාගේ හිස ගෙඩි ගැසුනු පසු නිදා ගැනීමට දරුවාට ඉඩ නොදෙන ලෙස සමහරුන් උපදෙස් දෙනවා.

නමුත් ඔවුන් සැහැල්ලුවෙන් තැබීම වැදගත් වෙනවා.  ඔබේ දරුවාගේ වෛද්‍යවරයා අමතන්න.

හැකි නම් දරුවා ළඟම ඇති සායනයකට ගෙන යන්න.

හිස වැදි ගෙඩි ගැසීම ළමා කාලයේ සාමාන්‍ය දෙයක් නේද?

දරුවෙකු වැඩෙත්ම ඔවුන්ගේ පරිසරය ගැන වඩ වඩාත් කුතුහලයට පත්වෙනවා. ඔවුන්ගේ කුතුහලය ඔවුන්වම අවදානමට ලක් නොකරන බවට වග බලා ගන්න.

ඔබේ දරුවාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වමින් නිරන්තර අවධානය දරුවා ‌වෙත ලබා දීමෙන් අවාසනාවන්ත අවසානයකින් නිමා වීමට නියමිත ‌ගොඩාක් ‌‌ඛේදවාචක වළක්වාගන්න පුළුවන්. 

 ‌කොල්ටන් බබාගේ අවාසනාවන්ත කථාව වගේම ඉහත උපදෙස් ඔබට යමක් ලබා ‌දෙන්න ඇතැයි අපි සිතනවා. ඔබට‌ ‌මේ  පිළිබද අදහස් දැක්වීමට අවශ්‍ය නම් ‌හෝ ගැටලු ඇත්නම් අප ‌වෙත ලබා ‌දෙන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

කතන්දර ලිපි