theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවාට ඉක්කා යාම සාමාන්‍ය දෙයක්ද?

4 අවම කියවීම
දරුවාට ඉක්කා යාම සාමාන්‍ය දෙයක්ද?දරුවාට ඉක්කා යාම සාමාන්‍ය දෙයක්ද?

ඉක්කාව වටා ගෙතුණු සුන්දර කවි කතා ඇතත්, අලුත උපන් බිළිඳුන්ගේ ඉක්කාව ගැන ඔබ සැලකිලිමත් විය යුතුද? එය නතර කිරීමට හෝ වළක්වා ගැනීමට ඔබට කුමක් කළ හැකිද?

“ඉක්කයි මායි ගමේ ගියා. ඉක්ක හිටිය, මං ආවා..." අපේ අම්මලා ආච්චිලා පුංචි කාලේ මේ පද මුමුනන්නේ අලුත උපන් දරුවාගේ ඉක්කාව ඉන් නවතිනවා යැයි විශවාස කරමින්.

වෛද්‍යමය වශයෙන් මෙහි සත්‍යතාවක් නැතත් ඉක්කා යාම ළදරුවන්ට පමණක් නොව දරුවන්ට හා වැඩිහිටියටත් එක සේ බලපෑ හැකි තත්වයකි.

ඉතින් අලුත උපන් දරුවාගේ ඉක්කාව බලන් ඉන්න හුරතල් වුවත්, මෙය ළදරුවන්ට සාමාන්‍ය දෙයක්ද? මෙය මැඩ පැවැත්වීමට කල හැකි යමක් වේද?

අලුත උපන් දරුවාගේ ඉක්කාව ඇති වීමට හේතු මොනවාද?

ඉක්කාව යනු ප්‍රාචීරයේ ඇති වන වේගවත් සංචලනය හේතු කොටගෙන පෙනහළුවල මාංශ පේශිවල වේගවත් ලෙස සංක්ෂිප්ත වීම නිසා ශබ්ද කෝෂයේ ස්වර තන්ත්‍ර වල කම්පනයකින් හට ගන්නා ශබ්දයකි.

අලුත උපන් දරුවාගේ ඉක්කාව ඇති වවීමට මුලික වන හේතු කිහිපයක් තිබෙනවා.

1. වාතය ගිලීම

සාමාන්‍යයෙන්  ළදරුවන් මව්කිරි හෝ බෝතල් කිරි උනා බොන අතරතුර සැලකිය යුතු ප්‍රමාණයකින් වාතයද ගිල දමනවා. එමෙන්ම දරුවෙකු හැඬීමේදීද වාතය ගිල දැමීම සිදු වන අතර දරුවකු අසනීප ගතියක් නිසා හෝ කුසගින්න නිසා හෝ නිදිමත ආදී නොයෙක් හේතුන් නිසා හඬන විට වාතය සැලකිය යුතු ප්‍රමාණයක් ගිල දැමෙනවා.

2. කුස පිරි සතුටින්

දරුවෙකුගේ උදරය ඉතා කුඩායි. මේ නිසා දරුවෙකුගේ කුස ඉක්මනින් පිරෙන අතර උවමනාවට වඩා කුස පිරි ඇත්නම් උදරයේ ඇති වන ප්‍රසාරණය නිසා ප්‍රාචිරයේ සංතුලන ඇති වන්නට පුළුවන්. මෙයින් ඉක්කා හට ගන්නට පිළිවෙන.

3. දැවිල්ල සහිත හෝ කුළුබඩු අධික ආහාර

දරුවාට කුඩා කාලයේදී සැර ආහාර නොදෙන බව අප දන්නා මුත් ඔබ මව්කිරි දෙන මවක් නම්, ඔබ සර ආහාර අනුභව කළහොත් මව්කිරි ඔස්සේ එම සැර ගතිය දරුවාට සම්ප්‍රේෂණය විය හැකි අතර එය එක්කා ඇති වීමට තුඩු දෙනු ඇත.

දරුවාගේ ඉක්කා නවත්වාගන්නේ කෙසේද?

ඉක්කාව සාමාන්‍යයෙන් මිනිත්තු කිහිපයකට පසුව ඉබේම ඇරී යන මුත් ඔබ එය නවත්වාගැනිමට උත්සාහ කල අවස්ථාත්, ඒවා සාර්ථක වූ අවස්ථාත් තිබෙනවාට  නිසැකයි. කෙසේ නමුත් වැඩිහිටියන් සඳහා සුදුසු විය හැකි ඇතැම් පිළියම්, කුඩා දරුවන්ට නුසුදුසු විය හැකි බව සිහි තබාගත යුතුය.

කල යුතු දෑ

  • දරුවාට මව්කිරි හෝ බෝතලයෙන් කිරි පානය කරන්නට දෙන්න. මෙම කිරි ගිලීමේ ක්‍රියාවලිය ප්‍රාචීරය යළි යතා තත්වයට පත් කිරීමට උදව් විය හැක.
  • දරුවාට සූප්පුවක් උරන්නට දෙන්න. එය දරුවාට යම් සහනයක් ගෙන දී ඉක්කාව සමනය කරනු ඇත.
  • අලුත උපන් බිලිඳා ඔබේ දෑතේ නලවාගන්න.
  • ඇයගේ පිට හෙමින් පිරිමදින්න. මෙය ඉක්කාවන් නැවත්වීමට උපකාර වනවා.
  • දරුවාට ගුඩුස් යවන්න. මෙයින් උදරයේ තැන්පත් වූ වැඩිපුර වාතය පිට කල හැක.
  • දරුවාට කුස ගිනි වැඩි වන තුරු නොසිට නිසි වෙලාවට කෑමහෝ බිම ලබාදෙන්න. දරුවා කුසගින්නේ හඬන තුරු සිටීම වළක්වාගන.

ඉක්කා යාම: නොකළ යුතු දෑ

  • තත්පර කිහිපයකට හෝ බිලින්දාගේ නහය මිරිකා සිටින්නට එපා. එය අහිතකර ප්‍රතිපල ගෙන දේවි.
  • ඉක්කා යන විට ජලය පානය කරන්නට දෙන්න එපා. විශේෂයෙන් මාස 6ට අඩු දරුවෙකු නම් එය වඩාත් හානිදායක වන්නට පුළුවන්.
  • දරුවාගේ නාසය් හෝ කට හෝ වසා කඩදාසි මල්ලකට හුස්ම ගන්නට දෙන්න එපා. මෙය විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ හුස්ම හිරවීමක් ඇති කරන්නට පුළුවන්.
  • දරුවාට පෙපර්මින්ට්, ලෙමන්, විනාකිරි, රටකජු බටර් හෝ අච්චාරු යුෂ වැනි දේ ලබා දීමෙන් වැළකියා යුතුයි. මෙය දරුවාගේ උදරයේ සංකුලතා සහ අජීර්ණ තත්ව ඇති කරාවි.
  • දරුවා මවිතයට පත් කොට හෝ කම්පනයට පත් කොට "හිසකෙස් ඉවතට හරවන්න" උත්සාහ නොකරන්න. මෙය තත්වය තවත් උත්සන්න කරන්නට පුළුවන්.
  • ඔබට කල හැකි ලොකුම දෙය නම් ඉවසිලිවන්ත වීමයි. ඉවසිලිවන්තව, ඉක්මනින් සුව විය හැකි ඉක්කාව පහව යන තුරු  දරුවාට යම් සැනසීමක් දෙන්න, අස්වසාලන්න.

ඔබ මේ ගැන කලබල විය යුතුද?

ඉක්කාව සාමාන්‍යයෙන් විනාඩි කිහිපයක් පැවතිය හැකි අතර පැයකට අධ්ක කාලයක් හෝ පය කිහිපයක් ඉක්කාවක් පවතී නම් වහාම වෛද්‍ය සහය පැතිය යුතු වනවා.

මෙය සාමාන්‍ය, කලබල නොවිය යුතු උගුර බැරැන්ඩි වීමක් හෝ කනේ යමක් කන් බෙරයේ වැදීම නිසා ඇති වූ තත්වයක් බවට ඔබේ වෛද්‍යවරයා නිගමය කල හැකි මුත් එක් විටකදී දිගු කාලයක් ඉක්කාවක් පවතී නම් එය සෞඛ්ය ගැටලු කිහිපයක ප්‍රතිපලයක් වන්නටද පිළිවෙන.

අලුත උපන් දරුවාගේ ඉක්කාව දිගුකල් පවතින්නට ඉවහල් විය හැකි හේතු කිහිපයක්

  • Gastroesophageal Reflux (GERD) තත්වය
  • උගුර හෝ ගුද මාර්ගයේ උගුරේ
  • වකුගඩු ගැටළු
  • දියවැඩියාව
  • වසංගතයක්

ආහාර ගැනීමේදී, නින්දට යාමේදී ආදිය ඇති විය හැකි හැසිරීම් රටා වල වෙනස්කම් හෝ නිදාගැනීමේ පුරුදු වල වෙනසක් ඇති වුනි නම් මේ දේවල් ඔබේ වෛද්‍යවරයාට සඳහන් කල යුතු වනවා. මේ දත්ත ඔබේ වෛද්යවරයාට ගැටලු නිරාකරණය කර ගැනීමට සහය වනවා.

දරුවාට එක දිගටම ඉක්කාව පවතී නම් හෝ ඉක්කාව නිතර නිතර සිදු වේනම් හෝ ඊට හේතු විය හැකි ගැටළු නිරාකරණය කරගැනීම සඳහා වෛද්‍ය සහය පැතීම වැදගත් වනවා.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • දරුවන්
  • /
  • දරුවාට ඉක්කා යාම සාමාන්‍ය දෙයක්ද?
බෙදාගන්න :
  • ඉක්කා ගැසීම: අලුත උපන් දරුවන්ට ඉක්කා ගැසීම  සාමාන්‍යද?

    ඉක්කා ගැසීම: අලුත උපන් දරුවන්ට ඉක්කා ගැසීම සාමාන්‍යද?

  • කුස තුල සිටින දරුවාගේ ඉක්කාව සාමාන්‍යද?

    කුස තුල සිටින දරුවාගේ ඉක්කාව සාමාන්‍යද?

  • ඉක්කා ගැසීම: අලුත උපන් දරුවන්ට ඉක්කා ගැසීම  සාමාන්‍යද?

    ඉක්කා ගැසීම: අලුත උපන් දරුවන්ට ඉක්කා ගැසීම සාමාන්‍යද?

  • කුස තුල සිටින දරුවාගේ ඉක්කාව සාමාන්‍යද?

    කුස තුල සිටින දරුවාගේ ඉක්කාව සාමාන්‍යද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it