theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කුස තුල සිටින දරුවාගේ ඉක්කාව සාමාන්‍යද?

5 අවම කියවීම
කුස තුල සිටින දරුවාගේ ඉක්කාව සාමාන්‍යද?කුස තුල සිටින දරුවාගේ ඉක්කාව සාමාන්‍යද?

බබාට මව්කුස තුලදීද ඉක්කා යන බව ඔබ දන්නවාද? මේ එය සාමාන්‍ය හා අසාමාන්‍ය වෙන අවස්ථායි.

ගැබ් ගැනීම ඔබ සහ ඔබේ වැඩෙන දරුවා යන දෙදෙනාටම නිරන්තරයෙන් වෙනස්වීම් හා අත්දැකීම් ඇතිවෙන කාලයකි. බබාගේ සියළුම දැගලීම් අතර ඔබට සමහර විට බබාගේ ඉක්කාව දැනෙන විට එය සමාන්‍යය දැයි ඔබ කල්පනා කරනවා වෙන්න පුළුවන්.

ඇත්තටම එය සාමාන්‍ය තත්වයක්ද නැතිනම් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යද?

කුස තුල සිටින බබාගේ ඉක්කාව ආරම්භ වෙන්නේ කවදාද?

ඔබේ පුංචි දරුවා කුස තුල විවිධ වර්ධන සංධිස්ථාන පහු කරනු ලබයි.

සති 18 සිට සති 20 දක්වා ඔබේ කුඩා දරුවාගේ චලනයන් ඔබට අත්විදින්න පුළුවන්. 

කුළුදුලේ ගැබ් ගන්නා මවකට මෙම චලනයන් දැනීම ටිකක් පහු වෙන්නත් පුළුවන්.

නමුත් මවගේ බර හා වැදෑමහ පිහිටීම යන කරුණු ආකාරය අනුව වෙනස් වෙනවා.

දෙවන , තෙවන දරු උපත් වලට යොමු වෙන මව්වරුන්ට එය ඉක්මනින් දැනෙන්න පුළුවන්.

කෙසේ වෙතත් ඔබේ පුංචි පැටියාගේ පා පහරවල්, පෙරලීම් හැ නැවීම් වැනි චලනයන් ඔබට ප්‍රථමයෙන් අත් දකින්න ලැබේවි.

රිද්මයානුකූලව ඇඹරීම වැනි වෙනත් චලනයක් සමහර විට ඔබ අත්දකින්න පුළුවන්. 

මෙය මාංශ පේශි චලනයක් හෝ භ්‍රණයේ ඉක්කාව වෙන්න පුළුවන්.

ඔබේ දෙවන හෝ තුන්වන ත්‍රෛමාසිකයේ භ්‍රෑණ ඉක්කාව ඔබට දැනෙන්න  පුළුවන්.

බොහෝ මව්වරුන්ට ගර්භනීභාවයේ හයවන මාසයේදී මෙම චලනයන් අත්විදින්න ලැබෙන අතර එය දැනෙන කාලය සෑම මවකටම සමාන නැහැ.

සමහර භ්‍රෑණ වලට දිනකට කිහිප වතාවක් ඉක්කාව ඇති වෙන අතර අනෙක් භ්‍රෑණ ඉක්කාව ඇති නොවන්න පුළුවන්. 

මෙලෙස ඉක්කාව ඇතිවීමට හේතුව හොඳින් තවම හොදින් අනාවරණය කරගෙන නැහැ.

සමහර විට පෙනහළු මේරීම සඳහා භ්‍රෑණ ඉක්කාව කාර්යයක් ඉටු කරනවා වෙන්න පුළුවන්.

ඒ වගේම මෙම ක්‍රියාව සාමාන්‍ය දෙයක් වන අතර ගර්භනීභාවයේ එක් තත්වයක් පමණයි.

ගැබිනි මවට 32 වන සතියෙන් පසුව, භ්‍රෑණ ඉක්කාව අත්විඳීම අඩුවෙනවා.

නමුත් එහිදි ඔබේ දරුවාට දිනපතා ඉක්කාව දිගටම ඇතිවේ නම්, එය විනාඩි 15 කට වඩා වැඩි නම් හෝ ඔබේ දරුවාට දිනකට ඉක්කාව තුනක් හෝ වැඩි ගණනක් ඇති වේ නම් ඔබ ඔබේ වෛද්‍යවරයා හමුවීම සුදුසුයි.

ඉක්කාවද හා පයින් ගැසීම වෙන් කර හදුනා ගන්නේ කෙසේද?

කුස තුල සිටින දරුවාගේ ඉක්කාව සාමාන්‍යද?

ඔබේ දරුවාට කුසේ සිටින යම් ඉරියව්වක් අපහසු වුවහොත් හෝ ඔබ සීතල හෝ උණුසුම් පානයක් ගත හොත් ඔබේ දරුවා චලනය වෙන්න පුළුවන්.

ඔබ චලනය වෙන විට ඔබට දරුවාගේ චලනයන් අත් විදින්න පුළුවන්.

ඔබේ කුසේ  විවිධ කොටස්වල (ඉහළ සහ පහළ, දෙපැත්තට) සිදු වෙන මෙම චලනයන් පයින් ගැසීමකි.

ඔබ සම්පූර්ණයෙන්ම නිශ්චලව වාඩි වී ඔබේ බඩේ එක් ප්‍රදේශයකින් ස්පන්දනය වන හෝ රිද්මයානුකූලව ඇදී යන බවක් දැනේ නම්, මේවා ළදරුවන්ගේ ඉක්කාව වෙන්න පුළුවන්. 

ඔබත් ගැබිණි වියේදි මේ අත්දැකීම විදිනවා ඇති නේද?

ඇත්තටම බබාගේ ඉක්කාව ගැන සැලකිලිමත් විය යුතූද?

ඉක්කාව සාමාන්‍යයෙන් සාමාන්‍ය ප්‍රතීකයකි. නමුත් මෙය ගර්භණිත්වයේ අවසාන කාලයේ නිතරම ඇතිවීම ගැටළුවක් වෙන්න පුළුවන්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

පෙකණි වැල පීඩනයට පත් වීම හෝ ප්‍රසාරණය, රුධිරය හා ඔක්සිජන් සැපයුම අඩු වීම  වන විට හෝ එය නතරවීම , ගර්භනී සමයේ හෝ දරු ප්‍රසූතියේදී සිදුවෙන්න පුළුවන්.

පහත පෙකණිවැලේ ගැටළුද පවතින්න පුළුවන්

  • ළදරුවාගේ හෘද ස්පන්දන වේගය වෙනස් කිරීම
  • ළදරුවාගේ රුධිර පීඩනය වෙනස් කිරීම
  • දරුවාගේ රුධිරයේ CO2 සෑදීම
  • මොළයට වන හානියවීම
  • මළ දරු උපත්

දරුවාගේ චලනයන් ගණන් කිරීම

බබාගේ ඉක්කාව

ඔබේ දරුවා කුස තුල වර්ධනය වෙත්ම ඔහු චලනයන් ඇති කරනවා.

ඔබට මෙම චලනයන් ප්‍රමාණය නිවැරදිදැයි ගැටළුවක් වෙන්න පුළුවන්.

මේ හේතුව නිසා, ගර්භණී සමයේදී දරුවන්ගේ චලනයන් සටහන් කිරීමට චාර්ට් එකක් ඔබට ලබා දෙනු ලබනවා.

ඔබට දරුවාගේ චලන සටහන සලකුණු කරන්න දන්නේ නැතිනම් ඒ ගැන මිඩ් වයිෆ් මිස් ගෙන් අහලා දැනුවත් වෙන්න පුළුවන්.

ශ්‍රී ලංකාවේ නම් සාමන්‍යයෙන් ගම් මට්ටමින් පවත්වනු ලබන සායන වල මිඩ් වයිෆ් මිස්ලා මේ ගැන හොයලා බලනවා.

ඔබ දවස පුරා මෙම චලනයන් ගැන අවධානයෙන් සිට ඒවා සලකුණු කරගත යුතුයි.

එය එතරම්ම අපහසු දෙයක් නොවෙයි.  අවශ්‍ය වන්නේ ඔබ අවධානයෙන් සැලකිලිමත්ව කටයුතු කිරීමයි.

දරුවාගේ චලනයන් කරන ආකාරය 

ඔබගේ තුන්වන ත්‍රෛමාසිකයේ සිට ( ඔබ ඉහළ අවදානමක් තිබේ නම් ඊට පෙර), ඔබේ දරුවාට සියලුම චලනයන් 10 ක් කිරීමට කොපමණ කාලයක් ගතවේදැයි ගණනය කරන්න.

නිරෝගී ළදරුවෙක් සාමාන්‍යයෙන් පැය දෙකක කාලයක් තුළ බොහෝ වාරයක් චලනය වෙනවා.

මෙම පරීක්ෂාව සදහා සෑම දිනකම එකම වේලාවක් තෝරා ගැනීම සුදුසු වෙනවා.

ඔබට බබා චලනය නොවෙි යැයි සිතෙනවා නම් සීතල වතුර වීදුරුවක් පානය කරන්න. 

සමහර මව්වරු නම් ටිකක් උණුසුම් පානයක් පානය කර බලන වේලාවල් තියෙනවා.

එහෙම නැතිනම් ඔබේ  කුස මත මෘදු තට්ටුවක් යොදා බලන්න.

බොහෝ කාන්තාවන්ට මිනිත්තු 30 ක් තුළ චලනයන් 10 ක් විතර දැනෙනවා. ඔබ සාමාන්‍යයෙන් මෙම චලන පැය දෙකක් තුල සිදුවෙනවා දැයි බලන්න.

මෙම භ්‍රෑණ චලන වල යම් අසාමාන්‍යතාවයක් දුටුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ගන්න.

මේ නිතර ඇති වෙන භ්‍රෑණ චලන නිසා ඇති වෙන කැක්කුම, වේදනාව සහ ආතතිය සමනය කිරීම සඳහා පහත දේවල් උත්සහා කරන්න.

ගර්භණි සමයේ නින්ද

 

  • කොට්ටයක් තබා ඔබේ වම් පැත්තේ වැතිරීමට උත්සාහ කරන්න, විශේෂයෙන් ඔබට හොඳ රාත්‍රී නින්දක් අවශ්‍ය නම් එසේ කරන්න. 
  • සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කරන්න.
  • ජලය සහ වෙනත් දියර පානය කරන්න.
  • නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් මඟින් ඔබට අමතර ශක්තියක් ලබා ගත හැකි අතර මානසික ආතතිය දුරු කරයි.
  •  සෑම රාත්‍රියකම එකම වේලාවක නින්දට යන්න.
  •  දිවා කාලයේදී කුඩා නින්දක් ලබා ගන්න.

ගර්භණි සමයේ කුස තුල සිටින දරුවාට ඇතිවෙන දෙවන ත්‍රෛමාසිකය තුල ඉක්කාව සාමාන්‍ය තත්වයකි.

නමුත් මෙහි අසාමාන්‍යතා මෙන්ම තෙවන ත්‍රෛමාසිකය තුල ඇති වෙන ඉක්කාව ගැන සැලකිලිමත් වෙන්න.

එය දරුවාගේ යම් ගැටළුකාරි තත්වයක් නිසා වෙන්න පුළුවන්.

ඔබට මේ ගැන ගැටළුවක් ඇති නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

ගැබිනි කාටත් ඇතිවෙන්න පුළුවන් තත්වයක් ගැන තමයි අපි අද මේ ලිපිය ගෙන ආවේ.  එහි අඩංගු කාරණා ඔබේ දැනුම ඉහළ නංවන්න වැදගත් වේවි කියා අපි සිතනවා.

ඔබටත් මේ ගැන අදහසක් තියෙනවා නම් අපහා බෙදා ගන්න.

මුලාශ්‍ර : www.healthline.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • කුස තුල සිටින දරුවාගේ ඉක්කාව සාමාන්‍යද?
බෙදාගන්න :
  • දරුවාට ඉක්කා යාම සාමාන්‍ය දෙයක්ද?

    දරුවාට ඉක්කා යාම සාමාන්‍ය දෙයක්ද?

  • ගැබිනි සමයේ ඇති විය හැකි මුත්‍රා ආසාදන (UTI) ගැන ඔබ දත යුතු සියල්ල

    ගැබිනි සමයේ ඇති විය හැකි මුත්‍රා ආසාදන (UTI) ගැන ඔබ දත යුතු සියල්ල

  • දරුවාට ඉක්කා යාම සාමාන්‍ය දෙයක්ද?

    දරුවාට ඉක්කා යාම සාමාන්‍ය දෙයක්ද?

  • ගැබිනි සමයේ ඇති විය හැකි මුත්‍රා ආසාදන (UTI) ගැන ඔබ දත යුතු සියල්ල

    ගැබිනි සමයේ ඇති විය හැකි මුත්‍රා ආසාදන (UTI) ගැන ඔබ දත යුතු සියල්ල

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it