theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කුසේ ඉන්න බබා දගලනව අඩු උනොත් මොකද කරන්නේ?

3 අවම කියවීම
කුසේ ඉන්න බබා දගලනව අඩු උනොත් මොකද කරන්නේ?කුසේ ඉන්න බබා දගලනව අඩු උනොත් මොකද කරන්නේ?

baby kicking chart එක ගැන සැලකිමත්වීමත් වැදගත්

බබාගේ චලනය ගැන ගැබිනි සමයේ අවසන් මාස කිහිපයේදි අපි කවුරුත් සැලකිලිමත්. ඒ නිසාම baby kicking chart එකක් අපි ගොඩාක් සැලකිලිමත්ව සටහන් කරනු ලබනවා.

බබාගේ චලනය අඩුයි කියන්නේ නැතිනම් බබා දගලන්නේ නැහැ කියන්නේ ලොකු අවදානම් තත්වයක්.

මේ ප්‍රසව හා නාරි වෛද්‍ය සමන් හේවා මහතා‌ ඒ ගැන අපිට උපදෙස් ලබා දෙන ලිපියකි.

මවගේ කුස තුල දරුවා නීරෝගිව ඉන්නවද කියල අම්මට දැනගන්නට පුළුවන් ලේසිම විදිය තමයි බබාගේ මේ දැගලිල්ල.

හැම අම්ම කෙනෙක්ම මේ ගැන බොහොම අවදානයෙන් තමයි ඉන්නේ.

හදිසියේ බබා දගලන එක අඩු උනොත් , බබා දගලන එක නතර උනොත් කරන්න ඔන මොනවාද ඒ ගැන ඔබව මේ ලිපියෙන් දැනුවත් කරන්නම්.

මවගේ කුසතුල දගලන්න බොහෝවිට දරුවා ඉතා කුඩා කාලයේ ඉදන් පටන් ගන්නවා.

මුලින්ම ස්කෑන් කරන අවස්වේදීම වෛද්‍යවරයකු හට මෙය දැනගන්නට පුළුවන්.

ඒත් පැටියා චූටි නිසා ගර්භාෂයේ බිත්ති හා උදරයේ බිත්තිය හරහා මේක අම්මට දැනෙන්නේ නැහැ.
හෙමින් හෙමින් පැටියා වැඩෙද්දී තමයි අම්මට මේ දගලන බව දැනෙන්නට ගන්නේ.

ගොඩක් අය අහයි අම්මට මේක දැනෙන්නට ගන්නේ ගන්නෙ කොයි කාලෙද කියලා.

කුසේ ඉන්න බබා දගලනව අඩු උනොත් මොකද කරන්නේ?

බබාගේ චලනය දැනෙන්නේ කවදාද?

ඔව් අම්මට මේක දැනෙන්නට ගන්නේ දරුගැබට සති 20ක් විතර යද්දී තමයි.

ඒත් දෙවන තුන් වන දරුවා කුස දරාගෙන ඉන්න අම්ම කෙනෙකුට මේක සති 20ට කලින් ඉදන්ම දැනෙන්නට පුළුවන්.

ඒකට හේතුව මුලින්ම බබාහේ චලනය අවබෝධ කරගන්න පලමු වරට දරුවෙක් බිහිකරන මවට ටිකක් කල් යන නිසයි.

සෑම දරුවෙක්ම එක වගේම නැහැ . ඒ නිසා චලනය වීම කෙනින් කෙනාට වෙනස්. ඒ හින්ද යාලුවො හෝ වෙනත් අය සමග සසදා හිත අවුල් කරගන්න එපා.

කුසේ ඉන්න බබා දගලනව අඩු උනොත් මොකද කරන්නේ?

කාලයත් එක්කම අම්මට තමන්ගේ පැටියා දගලන රටාව හදුනාගන්න පුළුවන් වෙනවා.බබා නීරෝගී නම් මේ රටාව එක දිගටම පවතිනවා.

අම්මට බබා පුරුදු පරිදි දගලන්නෙ නැහැ කියල දැනුනොත් මොකද කරන්න ඕන කියල බලමු.

බෝහෝවිට බබා දගලනව දැනෙන්නේ නැත්තේ පැටියා නිදා සිටින විටයි. සමහර දරුවන් වැඩිවෙලාවක් නිදාගෙන ඉන්න පුළුවන්.

කලාතුරකින් දරුවා අසනීප තත්ත්වයක් නිසාත් දැගලිල්ල අඩුවෙන්න පුළුවන්.

මවගේ කුස තුල දරුවා මියයාම මුලින්ම දැනෙන්න ගන්න ලක්ෂණය තමයි දරුවා දැගලීම නතර වීම.

නමුත් මෙය ඉතා කලාතුරකින් ඇතිවන දෙයක් නිසා අනවශ්‍ය බියක් ඇතිකරගන්න එපා.

ඒ නිසා තමයි අම්මලාට බබා දගලන එක ගැන අවධානයෙන් ඉන්නට කියල උපදෙස් දෙන්නේ.

සමහර අම්මලාට මෙය ගනන් කර වගුවක් සකස් කරගන්න සමහර අම්මලාට උපදෙස් දෙන අවස්තා තියෙනවා.

මෙලෙස දරුවාගේ චලනය සටහන් කරගැනීමෙන් එය යම් වෙනසක් උනොත් ඔබට වහාම රෝහලට ගොස් පරීක්ෂා කර ප්‍රතිකාර ගන්න පුළුවන්.

එවිට TCG පරීක්ෂණය මගින් දරුවාගේ හර්ද ස්පන්දනය පරීක්ෂා කිරීම සිදු කරනවා.

එම පරීක්ෂණය සාමාන්‍ය නම් දරුවා නීරෝගීව ඉන්න බව දැනගන්නට පුළුවන්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ගර්භනී සමයේ ඇතිවෙන රෝග

ඒ නිසා නැවත බබාගේ දැගලීම දැනෙන විට ඔබට රෝහලෙන් පිටව යන්න පුළුවන්.

සමහර අවස්තාවලදී ස්කෑන් පරීක්ෂණක් කරන්න සිදුවන අවස්තා තියෙනවා.

ඒ පරීක්ෂණය මගින් දරුවාගෙ චලනය වෛද්‍යවරයකු හට දැනගන්නට පුළුවන්.

ඒ වගේම දරුවාගේ වර්ධනය හා පෙකනිවැල තුලින් සිදුවෙන රුධිර ගමනාගමනය පිලිබඳව මේ සමගම පරීක්ෂා කරගන්න පුළුවන්.

මේ පරීක්ෂණ වල යම් අසාමාන්‍ය බවක් තිබුනොත් දරුවා කලින් බිහි කිරීමට නිර්දේශ කරන අවස්තා තියෙනවා.

දරු ප්‍රසූතියකට ආසන්න වනවිට වරින් වර උදරය තදවීමට ලක් වෙනවා. මෙය සිදුවන්නේ ගර්භාෂයේ මාංශ පේශි සංකෝචනය වන නිසා.

එහෙම වෙලාවට දරුවා දැගලුවත් අම්මට නොදැනෙන්නට පුළුවන්.

ඒ වගේම පැටියා වැඩිවෙලාවක් නිදාගෙන ඉන්නවානම් ඒ අවස්තාවකදී බබාගේ චලනය මවට දැනෙන්නේ ඉතා අඩුවෙන්.

ඒ වගේ අවස්තාවකදී දරුවාගේ චලනය ඉතා අඩුවෙන් දැනෙන්නේ රෝගී තත්ත්වයක් නිසාම නෙමෙයි.

ඒනිසා පරීක්ෂණ වාර්තා සාමාන්‍ය නම් කලබල වෙන්න එපා.

නමුත් ඔබට යම් සැකයක් ඇතිනම් ඔබේ වෛද්‍යවරයා හමුවී අවශ්‍ය උපදෙස් ලබාගැනීම වැදගත්.

වෛද්‍යතුමන්ගේ මුල් ලිපියට

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • කුසේ ඉන්න බබා දගලනව අඩු උනොත් මොකද කරන්නේ?
බෙදාගන්න :
  • කුසේ ඉන්න පුංචි පැටියාගේ පා පහරින් මරණය පෙනී පෙනී ජීවත් වුනු අම්මා

    කුසේ ඉන්න පුංචි පැටියාගේ පා පහරින් මරණය පෙනී පෙනී ජීවත් වුනු අම්මා

  • ගැබිණි සමයේ ගත යුතු ආහාර ගැන ඔබ දැනුවත්ද?

    ගැබිණි සමයේ ගත යුතු ආහාර ගැන ඔබ දැනුවත්ද?

  • කුසේ ඉන්න පුංචි පැටියාගේ පා පහරින් මරණය පෙනී පෙනී ජීවත් වුනු අම්මා

    කුසේ ඉන්න පුංචි පැටියාගේ පා පහරින් මරණය පෙනී පෙනී ජීවත් වුනු අම්මා

  • ගැබිණි සමයේ ගත යුතු ආහාර ගැන ඔබ දැනුවත්ද?

    ගැබිණි සමයේ ගත යුතු ආහාර ගැන ඔබ දැනුවත්ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it