පෙනුමින් තාත්තා වගේ ඉන්න පොඩ්ඩන් සෞඛ්‍ය සම්පන්නයිලු

පෙනුමින් තාත්තා වගේ ඉන්න පොඩ්ඩන් සෞඛ්‍ය සම්පන්නයිලු

තම පියවරුන්ගේ පෙනුමට සමාන ළදරුවන් සිය පියවරුන් සමඟ වැඩිපුර බැඳිමක් ඇති කරගන්නවාද?

බබාගේ පෙනුම ගැන අපූරු තොරතුරක් නව අධ්‍යයනයකින් අනාවරණය වුනා. එනම් තම පියවරුන්ගේ පෙනුමට සමාන ළදරුවන් සිය පියවරුන් සමඟ වැඩිපුර බැඳිමක් ඇති කරගන්නා බව හා ඒ නිසා ජීවිතයේ පළමු වසර තුළ දරුවා සෞඛ්‍ය සම්පන්න වීමට වැඩි ඉඩක් ඇති බවයි.
 
"ඔහු හරියට ඔහුගේ තාත්තා වගේමයි," ඔබේ කුඩා දරුවා ගැන ඔබ කී දෙනෙක් ගෙන් මෙය අසා තියෙනවාද? ළදරුවෙක් ඉපදුණු පසු, පවුලේ අය සහ මිතුරන් දරුවා  අම්මා වගේ හෝ තාත්තා වගේයැයි පැවසීම ස්වාභාවිකයි. 
 
ළදරුවා වැඩෙන විට මුහුණේ පෙනුම මෙන්ම පෞරුෂයද වෙනස් වීමට පටන් ගන්නවා. අම්මා හෝ තාත්තා මෙන් පෙනීම ජානමය සාධක නිසා ඇති වූවක් යැයි විශ්වාස කරනවා. නමුත් එහි ප්‍රතිඵල ඉන් ඔබ්බට යනවා .
 
එය දෙමව්පියන් වීමට පවා බලපෑම් කළ හැකි අතර වැදගත් වන්නේ ළදරුවාගේ සෞඛ්‍යය වැඩි දියුණු වීම බව නවතම අධ්‍යනයක් අනාවරණය කරනවා.
බබාගේ පෙනුම තාත්තා වගේද?
ඔන්න එහෙනම්  තාත්තා ඔහුව වඩාත් හොදින් රැකබලා ගැනීමට පෙළඹෙනවා. මේ සියල්ල අම්මාගේ සහ තාත්තාගේ මව්පියන් වීමේ දායකත්වය  හා ධනාත්මක උත්සාහයන් සඳහා බලපෑමක් ඇති කිරීමට බොහෝ සේ වැදගත් වෙනවා. 
 
ළදරුවන් හා කැපී පෙනෙන සමානකමක් ඇති පියවරුන්ට ඔවුන් දරුවන් හදා වඩා ගැනීමේ කාර්යය තුල කෙතරම් නියැලෙනවාද යන්නට එය බලපෑම් කරන බව අධ්‍යයනයේ පර්යේෂකයන් පෙන්වා දෙනවා.
 
"බබාගේ පෙනුම තමන් වගේ බව වටහා ගන්නා පියවරුට දරුවා තමන්ගේම බව විශ්වාසයක් ඇතිවෙනවා. එම නිසා දරුවා සමඟ වැඩි කාලයක් ගත කරනවා,” යනුවෙන් මහාචාර්ය සොලමන් පොලචෙක් (Solomon Polachek ) Medical Daily පුවත්පතට පැහැදිලි කරනවා.
 
දරුවන් ඇති දැඩි කිරීමේදී පියවරුන් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවට සැකයක් නැහැ.
ඔවුන් දරුවෙකු ඇති දැඩි කිරීමට සම්බන්ධ වෙන විට, එය “දරුවාගේ සෞඛ්‍යය තුළින් විදහා දැක්වෙන” බව පොලචෙක් විශ්වාස කරනවා.
 
තම දරුවන් රැකබලා ගැනීමටත් අධීක්ෂණයටත් සඳහා පියාගේ දායකත්වය තුලින් දරුවෙකුගේ සෞඛ්‍යය වැඩි දියුණු කරන්න පුළුවන්.
 
බිඳෙනසුලු පවුල් සහ ළමා යහපැවැත්ම (FFCW) විසින් ලියාපදිංචි කරන ලද පවුල් 715 ක් අධ්‍යනයකදී පරීක්ෂකයෝ නිරීක්ෂණය කලා. මෙම පවුල්වල මවුවරුන් සමඟ පමණක් ජීවත් වූ දරුවන් සිටියා. 
පියවරුන් ඔවුන්ගෙන් වෙන්ව ජීවත් වුවද, ඔවුන්ගේ සමාන පෙනුම “පීතෘමූලික ඉඟියක් "ලෙස සේවාවක් ඉටු කලා.
 
එය විශේෂයෙන් කාල දායකත්වය තීරණ කිරීම සඳහා පිරිමින් විසින් භාවිතා කරනු ලැබුවා. දරුවා පියාගේ පෙනුමෙන් යුක්ත වු විට දරුවෙකුගේ සෞඛ්‍ය දර්ශක වැඩිදියුණු වන බව අධ්‍යයනයේ පර්යේෂකයෝ පැහැදිලි කලා. 
 
නිතර නිතර පියා පැමිණීම නිසා දරුවන් රැකබලා ගැනීම සහ අධීක්ෂණය සඳහා හොඳ රැකබලා ගැනීමේ කාලයක් ලැබෙනවා. ඒවාගේම ළමා සෞඛ්‍ය හා ආර්ථික අවශ්‍යතා පිළිබඳ තොරතුරු එකතු වීමක්ද සිදුවෙන බව එහිදි ප්‍රධාන වශයෙන් විස්තර කෙරුනා.

තාත්තලා ඔවුන්ට සමාන නැති දරුවන්ට ආදරය නොකරන බව මින් අදහස් කරන්නේ නැහැ .
නමුත් සමහර තාත්තලාට අභිප්‍රේරණයක් අවශ්‍ය බව අධ්‍යයනය විශ්වාස කරනවා.
 
මව්වරුන් නම් තම දරුවාගේ පෙනුම කුමක් වුවත් ඔවුන් ස්වාභාවයෙන්ම දරුවන්  රැකබලා ගන්නවා.
රැකවරණය ලබා දිය යුතුද යන්න තීරණය කිරීම සඳහා කාන්තාවන්ට මුහුණේ සමානකම් අවශ්‍ය වන්නේ නැහැ.
 
ඒ බැවින්,  දරුවන්ගේ සංවර්ධන ප්‍රතිඵල කෙරෙහි දරුවන්ගේ ප‌ෙනුම බලපෑම් කරන්න‌ේ තාත්තාග‌ේ දායකත්වය තුලින් පමණක් බව බලාප‌ොර‌ොත්තු ව‌ෙන බව අධ්‍යයනය පවසනවා.
 
තාත්තා කෙනෙක් සිටීමම හොඳ ළමා කාලයක එකම නිර්ණායකය වෙන්නේ නැහැ .
ඒත් එය නිසැකවම හොඳ ළමා කාලයකට දායක වෙනවා. එපමණක්ද නොව, රටවල් හා සංස්කෘතීන් අතර පවුල් ගතිකතාවයන් වෙනස් වන බැවින් දෙමාපියන්ගේ දායකත්වය පිළිබඳ සාමාන්‍යකරණය කිරීම අසාධාරණයි.
 
සම-මාපිය පුහුණුව ලබන අය සඳහා, මෙම අධ්‍යයනය දරුවෙකුගේ ජීවිතයට සම්බන්ධ වීමට වඩා වැඩි උත්ප්‍රේරණයක් වෙන්න පුළුවන්.
 
මෙම අධ්‍යයනයේ ස‌ොයා ගැනීම ඔබ විශ්වාස කරන්නේද යන්න දන්නේ නැහැ. නමුත් ප්‍රායෝගික වීම සහ ආදරණීය දෙමාපියෙකු වීමේ කල්පවත්නා බලපෑම් ගැනන සම්පූර්ණයෙන් විස්තර කරන්න පුළුවන් විද්‍යාත්මක පර්යේෂණ නැහැ .
 
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි. 
 
පරිවර්තනය: නදීශා ලක්මිණි
 
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.